Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රෝගී කාන්තාවක හලාවත මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති අතර ඇය මියගොස් ඇත්තේ පිළිකා රෝගය හේතුවෙන් බව අනාවරණය වී ඇත. නමුත් කැස්ස සහ සෙම
    තත්වයක් සහිතව කොවිඩ් 19 රෝග ලක්ෂණ සහිත බවට ඇය ගැන වැරදි වැටහීමක් ඇතිව තිබේ.


    ප්‍රතිකාර ලබමින් සිටියදී රෝග විනිශ්චය සඳහා රුධිර සාම්පලයක් රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය වෙත යවා රුධිර සාම්පල ලැබීමෙන් පසු ඇයට එවැනි රෝගයක් නොතිබූ බව අනාවරණ වී ඇත.ඊයේ ඇය මියයාමත් සමඟ රෝහල තුල මහත් නොසන්සුන්තාවක් ඇතිවූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.මෙසේ හලාවත රෝහලේදී ප‍්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත්තේ බිංගිරිය වීරපොකුණ දංවිල්ල පදිංචි දීපා සඳමාලි නැමති 47 හැවිරිදි කාන්තාවකි.

    ඇය ශරීරයේ උරස්ප‍්‍රදේශයේ ඇතිව තිබෙන පිලිකාවක් සඳහා මහරගම පිළිකා රෝහලෙන් ප‍්‍රතිකාර ලබන රෝගියෙක් බවට අනාවරණය වී ඇති අතර එම රෝගී තත්වය උත්සන්න වීමෙන් අනතුරුව ඇත්වූ කැස්ස සහ සෙම තත්වයක් හේතුවෙන් මෙම රෝගියා හලාවත රෝහලට ඇතුලත් කර ඇත. අතර එහිදී රෝගී තත්වය උත්සන්න වීමෙන් අනතුරුව මරණයට පත්ව ඇත.

    හලාවත දිසා රෝහල් අධ්‍යක්ෂ කේ. පී. මල්ලවාරච්චි මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා හලාවත රෝහලේ අධිකරණ වෛද්‍ය නිළධාරී රුමේෂ් අලගියවන්න මහතාගේ රෝග විනිශ්චය තීරණය පිළිබඳව අධීක්ෂණයකින් පසු හලාවත රෝහල් හදිසිමරණ පරීක්ෂක වසන්ත ගීකියනගේ මහතා මෙම මෘත ශරීරය අවසන් කටයුතු සඳහා ඥාතීන්හට භාර දීමට කටයුතු කළේය.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (2) රාත්‍රී හතරවැනියා ලෙස මරණයට පත්වූ පුද්ගලයා ගැන විස්තර කිහිපයක් මේ වනවිට වාර්තාවේ.
    58 හැවිරිදි පුද්ගලයෙකුවූ ඔහු වාසය කළේ රත්මලාන වෙඩිකන්ද පාරේය. ඔහු සහ ඔහුගේ බිරිය
    පසුගිය පෙබරවාරි මාසයේ අග දඹදිව වන්දනාවක නිරතවූ අතර පසුගිය මාර්තු 3 වන දින ලංකාවට පැමිණි පසු මෙම යුවළටම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන්ගෙන තිබේ. කොළඹ අයිඩීඑච් රෝහලට ඔවුන් ඇතුළත්වූ පසුව මාර්තු 18 හා 19 වන දිනවල ලැබුණ


    වෛද්‍ය වාර්තා අනුව දෙන්නාටම කොරෝනා වැළඳී ඇති බවට හඳුනාගෙන ඇත.

    ඔවුන් දඹදිව සංචාරය අතර එරටදී රෝගය සම්ප්‍රේෂණය වන්නට ඇති බවට සැක කෙරිණි.
    ගුවන් තොටුපොලේ දී ඉතාලියෙන් ආ පිරිසකට ඔවුන් මැදිවූ බවටද තොරතුරු තිබේ.
    වෛරස ආසාදනය මෙම පුද්ගලයාගේ බිරියට දරුණු ලෙස පීඩාකළේ නැති අතර ඇය පසුගිය සතියේ රෝගය සුවවීම නිසා රෝහලින් පිටව ගිය නමුත් මියගිය පුද්ගලයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුනේ රෝගයේ පීඩාව වර්ධනය වූ නිසයි.

    අවසානය වනවිට නිව්මෝනියා තත්වයට පත්ව ඔහු ඊයේ (2) රාත්‍රී මියගියේය. අවසන් කටයුතු අද (3) උදෑසන සිදු කරන්නට නියමිතව තිබුණි.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉයේද පෙරෙදද අයේ කිව නේද ඔක දෙන්නේ දේකට කඩලා 5000 ගනේ දේපාරකට කියලා. හුගක් තැන්වල දීලා තිබ්බ හින්දා හම්බවෙයි ඔකනම්. මේවාගේ එක සෙටෙකක් දුන්නා දුන්නා කියලා උඩපනිනවා තව සෙටෙකක් දුන්නේ නෑ කියලා උඩපනිනවා. අන්තිමට ලැබිය යුතු මිනිස්සු අසරන වෙනවා. බැන්කු නය ලීසින් එකටත් ඔය ටික තමා.


    othana una de umbala danne nathuwa kiyanne ethanath deshapalana game ekak giye kada kapal karanna eth godak than wala hariyata wade wela thibba othana habai mehema ekek una boruwata salli ganna balan hitapu aya godakata salli labune na ewage aya thamai okata godak kagahuwe kisima karamyak 100% sarthaka wenne na mokada ewa kiryathmaka karana minisunta ewa wens karanna puluwan wena nissa.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් මම දන්නෙ නෑ. ඉන්ටනෙට් එකේ තිබ්බ එක දැකලයි කිව්වෙ. උබ හරියටම ඕක කියන්නෙ 8000ක් එකවුන්ට් එකේ නැතුව උබලට සමෘධියෙන් 10000ක් ලැබුනද?


    8000 one na dena ayata dunna BTW mata labune na mage family eke 2nek smarudi bank eke wada ekai man meka gana danne umba ithin me karadara aseth karanne minisu ausana ekane boru news dala account eke salli one na habai smrudi samthiye inna one oya godak ka gahanne samithiyeh nathuwa eka parata awith salli ganan gehin dunne nathi aya.:rolleyes::rolleyes::rolleyes:


    BTW oya 8000 kathawanam meheai samrudi bank eken naya denawa gewal hadanna habai naya ganna 8000 thiyenna one ekai mekai dekak.
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,853
    6,988
    113
    අපේ දිහෑ
    කොරෝනා වෛරසය ආසාදනය වී ඊයේ (2) රාත්‍රී හතරවැනියා ලෙස මරණයට පත්වූ පුද්ගලයා ගැන විස්තර කිහිපයක් මේ වනවිට වාර්තාවේ.
    58 හැවිරිදි පුද්ගලයෙකුවූ ඔහු වාසය කළේ රත්මලාන වෙඩිකන්ද පාරේය. ඔහු සහ ඔහුගේ බිරිය
    පසුගිය පෙබරවාරි මාසයේ අග දඹදිව වන්දනාවක නිරතවූ අතර පසුගිය මාර්තු 3 වන දින ලංකාවට පැමිණි පසු මෙම යුවළටම රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන්ගෙන තිබේ. කොළඹ අයිඩීඑච් රෝහලට ඔවුන් ඇතුළත්වූ පසුව මාර්තු 18 හා 19 වන දිනවල ලැබුණ


    වෛද්‍ය වාර්තා අනුව දෙන්නාටම කොරෝනා වැළඳී ඇති බවට හඳුනාගෙන ඇත.

    ඔවුන් දඹදිව සංචාරය අතර එරටදී රෝගය සම්ප්‍රේෂණය වන්නට ඇති බවට සැක කෙරිණි.
    ගුවන් තොටුපොලේ දී ඉතාලියෙන් ආ පිරිසකට ඔවුන් මැදිවූ බවටද තොරතුරු තිබේ.

    වෛරස ආසාදනය මෙම පුද්ගලයාගේ බිරියට දරුණු ලෙස පීඩාකළේ නැති අතර ඇය පසුගිය සතියේ රෝගය සුවවීම නිසා රෝහලින් පිටව ගිය නමුත් මියගිය පුද්ගලයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබුනේ රෝගයේ පීඩාව වර්ධනය වූ නිසයි.

    අවසානය වනවිට නිව්මෝනියා තත්වයට පත්ව ඔහු ඊයේ (2) රාත්‍රී මියගියේය. අවසන් කටයුතු අද (3) උදෑසන සිදු කරන්නට නියමිතව තිබුණි.


    මේ නිවුස් එකේ ඉතාලියෙන් ආ පිරිසක් කියන්නෙ නිරෝදායනයට යන්න බෑ කියලා එයාපෝට් එකේ පිස්සු නටපු ලංකාවේ මී හරක් ටිකක්ලු....අනිල් ජාසිංහ නිවුස් වලට කිව්වා...:angry::angry::angry:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..
    April 3, 2020 at 3:00 pm | lanka C news
    කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..
    කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කරයි.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    බදුල්ලේ සමෘද්ධිලාභීන්ට රුපියල් මිලියන 344ක්



    කොරෝනා අර්බුදය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සමෘද්ධිලාභී පවුල් සඳහා ලබාදෙන අරුණළු සහන ණය යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 69,013 ක් සඳහා රුපියල් මිලියන 344 ක ගෙවා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය සදහන් කළාය.

    කොරෝනා ගැටළුවට බදුල්ල දිස්ත්‍රික්යේ පවතින තත්වය සම්බන්ධයෙන් මාධ්‍යය දැනුවත් කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය දී අද (03) පැවැති හමුවකදී පැවසුවාය.

    බදුල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන සමෘද්ධිලාභී පවුල් 76,351 න් පවුල් 69,013 ක් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පළමු අදියර ලෙස රු.5000.00 ක් බැගින් මෙම සහන ණය ගෙවා ඇති අතර සෙසු පවුල් සඳහා ඉදිරි දෙසතිය තුළ එම මුදල් ලබාදීමට පියවර ගන්නා බවද ඒ මහත්මිය සඳහන් කළාය.

    ඒ අනුව මේ වන විට ගෙවා ඇති මුදල රු.343,927,500.00 ක් වන අතර වර්තමානයේ පවතින අවදානම් තත්ත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි කාර්ය මණ්ඩලය මෙම මුදල් දින කිහිපයක් ඇතුලත නිවෙස් වෙතටම ගොස් ලබාදීමට පියවර ගෙන තිබේ.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,354
    2,923
    113
    මාතර
    he gives three reasons why we should wear masks. Anyway now the debate is over, and we know that we SHOULD wear a mask when going out.

     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    Erozan මේ site එකේ දාල තියෙනවා
    "මුස්ලිම් දේහයන් භූමදානය කිරීමට අගමැතිගෙන් විශේෂඥ කමිටුවක්! - වළවල් කොන්ක්‍රීට් කිරීමට යෝජනාවක්!"
    කියල .
    ඔබතුමා මේ thread එකේම කලින් තැනක සදහන් කරා
    මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ නෙවෙයි මුස්ලිම් අයට නටන්න දෙන්නේ නැහැ කියල .
    එතකොට මේ Fake news එකක් නේද .
    මුස්ලිම් අයට විශේෂයෙන් සල්ලි වැය කරලා වලවල් හදල දෙන එකක් නැහැ නේද ?
    අපිට කලින් news ඔයාට එන නිසා මේක ගැන දන්නවා ඇති කියල හිතනවා .
    https://theleader.lk/news/2546-pm-a...Mlq-vkpf-8NnHzO2NSC4AfwXNcniRPt7ToVjJNt_fVYIA
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    තමන්ගේ රට බලා යන්න : වීසා බලපත්‍ර හිමිකරුවන්ට ඕස්ට්‍රේලියානු අගමැති කියයි



    කොරෝනා වෛරසය හමුවේ පැන නැගී ඇති අර්බුධය හමුවේ පැන නැගී ඇති ගැටළු වලට තමන්ටම විසඳුම් සොයා ගත නොහැකි විදේශීය සිසුන් සහ තම රටට පැමිණ සිටින පුද්ගලයින්ට යළි ඔවුන්ගේ මව් රටවල් බලා යන්නැයි ඕස්ට්‍රේලියාවේ අගමැති ස්කොට් මොරිසන් ප්‍රකාශ කර සිටිනවා.

    මේ අවස්ථාවේදී සිය රටේ පුරවැසියන්ට සහ පදිංචිකරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

    "ශිෂ්‍ය සහ වෙනත් වීසා ක්‍රමවේදයන් යටතේ රටට පැමිණ සිටින පුද්ගලයින් ඕස්ට්‍රේලියාවේ අනිවාර්යෙන් සිටින අය නොවේ. මේ අවස්ථාවේදී ඔවුන්ට ඔවුන් ගැන බලා ගන්න බැරිනම් හොදම අවස්ථාව තමයි යලි ඔවුන්ගේ රටට යන එක.

    මේ වන විට රට තුල විශාල පිරිසක් සංචාරය කිරීම සඳහා පැමිණ තිබෙනවා. නමුත් යලි තමන්ගේ මව් රටවල් කරා යාමට අවශ්‍ය නම් මේ වන විට ඇති අවස්ථා වලින් ප්‍රයෝජන ගත හැකි" ඕස්ට්‍රේලියානු අගමැතිවරයා කැනබරා හිදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබුණා.



    Neth
     
    Status
    Not open for further replies.