Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Just News

    කොරෝනා වෛරසය 2019 ඔක්තෝබර් මාසයේ චීනයට වැටුණ උල්කාපාතයක් ඔස්සේ පැතිරුණ විෂබීජ නිසා ලෝකයට ආ බවට කීර්තිමත් ශ්‍රී ලාංකිකයකු වන තාරකා ජීවවිද්‍යාව පිළිබඳ බකිංහැම් මධ්‍යස්ථානයේ මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහ මතයක් පළ කර තිබෙන අතර මේ වනවිට එම කාරණාව ජාත්‍යන්තර මාධ්‍ය තුළ ආන්දෝලනයක් ඇති කර තිබේ.
    මෙම උල්කාපාතය වැටෙන දර්ශනද අදාළ දිනයේ චීනයේ ස්ථානගත සීසීටීවී කැමරා ගණනාවක
    වීඩියෝ ගතවී ඇත. ඔක්තෝම්බර් මාසයේදී චීනය පුරා පුපුරා ගිය අභ්‍යවකාශයේ සිට ආ උල්කාපාත වෛරස් අංශු සුළං මගින් රෝගය දැඩි ලෙස පීඩාවට පත් රටවලට ව්‍යාප්තවී ඇති බව ඔහු පැහැදිලි කර තිබේ.
    වෛරසය දැඩිව බලපා ඇති රටවල් සැලකීමේදී එම සුළං අංශු ගමන් කළ දිශාවට සමානුපත යයිද ඔහු පවසයි.
    පෘථිවියට වැටී හෝ පෘථිවිය වටා ගමන් කරන ආන්තික


    ගෝලාකාර වායු ධාරාවන්ට වෛරසය හසු වූ බව ඔහු ලන්ඩනයේ පළවන ඩේලි මේල් පුවත්පතට පවසා තිබේ.
    වැටුණ ස්ථානයේ සිට වෛරසය 'උතුරු අක්ෂාංශ 40-60 අතර ගෝලීය කලාපයක්' පුරා පැතිරී ඇති බවත්, පසු විමර්ශනය සැලකීමේදී සියලු 'ප්‍රධාන ප්‍රබල අවස්ථා' හරියටම 'එම පරාසය දිගේ' දිස්වන බවත් ඔහු පැවසීය.
    කෙසේ වෙතත්, බෝවන රෝග විශේෂඥයන් මහාචාර්ය වික්‍රමසිංහගේ ප්‍රකාශය නිෂ්ප්‍රභ කර ඇත්තේ, COVID-19 වෙනත් දන්නා කියන වෛරස වලට සමාන බව සඳහන් කරමිනි.
    මෙය මිනිසුන්ට සම්ප්‍රේෂණය වූයේ සතුන්ගෙන් මිස මෑත උල්කාපාත වැටීමකින් නොවන බව ඇතැමෙකු පැහැදිලි කර තිබේ.
    මහාචාර්ය වික්‍රමසිංහ ගෙන එන මෙම අදහස 'පැන්ස්පර්මියා' සංසිද්ධියක් ලෙස විද්‍යාත්මකව පැහැදිලි කර ඇත. තාරකා ජීව විද්‍යාඥයෙකු වූ ඔහු මීට ඉහත සාර්ස් වෛරසය චීනයේ පැතිර ගිය අවස්ථාවේදීද මෙබඳු අදහස් ගෙන ආවේය.
    කොරෝනා තත්වය ඇති කරවූ උල්කාපාතය 2019 ඔක්තෝබර් 11 වන දින අළුයම 12: 16 ට පමණ චීනයේ ඊසාන දෙසින් අහස හරහා පියාසර කරන දීප්තිමත් ගිනි බෝලයක් ලෙස දැකගත හැකි විය.
    අහස දීප්තිමත් ලෙස බැබළුණු බව වාර්තා වන අතර එය රාත්‍රී අහස මොහොතකට දවාලක් බවට පත් කළේය - එය වැටුණ තැනක් නැති අතර වායුගෝලයේ බිඳී ගොස් ඇතැයි සැලකේ.
    ආසාදිත වෛරස් අංශු ට්‍රිලියන සිය ගණනක් සියුම් කාබනීක දූවිලි ස්වරූපයෙන් මුදා හැරීමට ඇති බව පෙනෙන්නට තිබෙන බව මහාචාර්යවරයා දක්වයි.
    බෝවන රෝග කාරක අභ්‍යවකාශයේ බහුලව පවතින බවත්, වල්ගා තරු රැගෙන යන බවත්, නිවර්තන කලාපය හරහා පෘථිවිය දෙසට ඇද වැටිය හැකි බවත් මේවා අතීතයේ දී මිනිස් රෝග වසංගත ඇති කිරීමට හේතුවූ බවද ඔහු පෙන්වා දෙයි.
    කෙසේ වෙතත්, විද්‍යාත්මක ප්‍රජාව බොහෝ දුරට මහාචාර්ය වික්‍රමසිංහගේ ප්‍රකාශ ප්‍රතික්ෂේප කර ඇත.
    “SARS-CoV-2 උල්කාපාතයකින් නොපැමිණි බවට ඇති වඩාත්ම ප්‍රබල සාක්ෂිය නම් එය වෙනත් දන්නා වෛරස් සමඟ සමීපව සම්බන්ධ වී තිබීම බව” ලන්ඩන් විශ්ව විද්‍යාල විද්‍යාලයේ බෝවන රෝග විශේෂඥ ඩොමිනික් ස්පාර්ක්ස් IFLScience වෙත පවසා තිබේ.


    “එය 2000 දශකයේ මුල් භාගයේ පුපුරා යාමට හේතු වූ SARS (දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝම්) වෛරසය හා දැනට රෝග ඇති කරන MERS (මැද පෙරදිග ශ්වසන සින්ඩ්‍රෝමය) වෛරසය සමඟ සමීපව සම්බන්ධ වේ,” ඔහු තවදුරටත් පැවසීය.
    'SARS යනු වවුලන්ගේ වෛරස් අංශු බළලුන්ට මිනිසුන්ට මාරු කිරීමේ ප්‍රතිපලයක් බව සොයා ගත් අතර MERS ඔටුවන්ගෙන් මිනිසුන්ට ලබා දුන් බවද ප්‍රකටවූ කරුණක් එබැවින්, මේවාට සමීපව සම්බන්ධ කොරෝනා වෛරසය වෙනස් ආකාරයකින් මිනිසුන්ට ලබා දී ඇතැයි උපකල්පනය කිරීමේ සම්භාවිතාවය අවමය' යනුවෙන් ඔහු දන්වා ඇත.
    කෙසේ වෙතත් මහාචාර්ය වික්‍රමසිංහ මෙම තර්ක ප්‍රතික්ෂේප කර ඇති අතර, මිනිසුන් සහ වවුලන් වැනි සතුන් තුළ ඇති කිරීටක අනුක්‍රමික අනුපිළිවෙලෙහි ඇති සමානකම 'අතිශයින්ම සැක සහිත' බවත් එය 'නැවත විශ්ලේෂණය කෙරෙමින් පවතින බවත්' කියයි. ඒවා සමාන වුවත් මෙය සනාථ නොවනු ඇත වෛරසය අභ්‍යවකාශයෙන් පැමිණි බව මා කියන්නේ ඒ නිසාය යනුවෙන් ඔහු නැවත පවසයි.
    මහාචාර්ය වික්‍රමසිංහගේ අදහස තවත් තැනකින් පුතික්ෂේප වන්නේ සුළගින් බෝවන කතාව අනුවය.
    කොරෝනා වයිරසය සුළඟින් පැතිරෙන්නේ නැති බව විශේෂඥයන් මීට පෙරද සඳහන් කර ඇත.
    “වෛරසය වාතයෙන් පැතිර යා හැකි වුවත්, එය කිලෝමීටර් කිහිපයක් ගමන් කිරීමෙන් පසු මිනිසුන්ට නොසලකා හැරිය හැකි තරමට එය තුනී වනු ඇත,” කාලගුණ විද්‍යාඥ ලැම් චියූ-යින් පසුගිය මාසයේ පවසා තිබේ.
    "මේ ආකාරයේ විකාර සමඟ ඇති කරදරය නම්, එය ආසාදනයන් සොයා ගැනීමට, ඒවාට මුහුණ දීමට සහ වැළැක්වීමට දැනට සිදු වෙමින් පවතින පර්යේෂණ වලට බාධා කිරීමය“ ලැම් චියූ-යින් පවසා තිබේ.


    :D
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    gedara hal atayak na ban, elawaluwath thambala kanawa :(

    pickme එකෙන් order කරලා ගෙන්න ගනින් . සඳුදාට පුළුවන් .සතොසේ තියෙන price ම තමා
    අපි CBL food order කාරා ගෙදරටම ඇවා
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,147
    72,309
    113
    මාලඹේ
    Rathamalana sathosa , all sold out now :sorry:

    ආයෙත් සඳුදාට තමා මම දන්න විදියට මචං .උදේම තමා order කරන්න ඕනේ. හෙට පොඩ්ඩක් try කරලා බලන්න
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    gedara hal atayak na ban, elawaluwath thambala kanawa :(

    අඩෝ සිරාවටද කියන්නේ?

    :shocked::sorry:wihiluwata bn kiwwe.politics ona naha me welawe.api okkoma minissu:sorry:.uba koheda inne?


    මුගේ පච..ඕක තමයි කිරියේ ඉන්න ලොකුම සල්ලිකාරය ...dharatha පොන්ස් දුවන් එයි දැන්
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,905
    3,456
    113
    Pls wear a MASK
    මුගේ පච..ඕක තමයි කිරියේ ඉන්න ලොකුම සල්ලිකාරය ...dharatha පොන්ස් දුවන් එයි දැන්

    Dhartha නම් මොන පොන්නයෙක්ද බං..:rofl:මට උෟත් ඵක්ක තියෙනව දෙයක් බේරගන්න.මේ වෙෙරස් ප්‍රශ්නයක් අාවනේ..උෟ මහලොකු සල්ලිකාරයෙක් කියලනේ හිතන් ඉන්නෙ..උෟ හිතන් ඉන්නෙ උෟට විතරයි සල්ලි තියෙන්නෙ කියල..බලමු..බලමු..:rofl:..
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෝනා අස්සේ අලුත් ලික් එක දැක්කෙයි
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    91540011_2577434412497012_5686286324785479680_n.jpg


    කෝවිඩ් 19 මාරයා විසින් බිලිගත් ශ්‍රී ලංකාවේ පස්වැනි ....බිල්ල...

    ඔහු ඉතාලියෙ සිට ලංකාවට එන්නේ ඉකුත් මාර්තු 12 වෙනිද.. හතලිස් හතර හැවිරිදි උදය දිනේෂ් දෙදරු පියෙක්..
    ඔහු ලක්බිමට පා තබද්දී ඉහෙන් බහින රෝගාබාධයක් තිබුනෙ නෑ. ඔහුත් සමඟ පැමිණි කණ්ඩායමේ ඇතැම් අය ඉතාලි සිට පැමිනි මේ පිරිස නීරෝධායනයට ලක් කිරීම පිලිබඳව තම විරෝධතා පල කලත් පසුව මේ සියලු දෙනාම පොලොන්නරුව කන්දකඩුව පුනරුත්තාපන ඒකකයට රැගෙන එනු ලැබුවා..

    ඔහු හා දිනපතාම හෝමාගම පදිංචි බිරිඳ දරුවන් දුරකතන් මඟින් කතා බහකලා.. ඒ විතරක් නොවෙයි වට්ස් ඇප් ,ඉමෝ තාක්ෂණය ඔස්සේ තමන් ඉතා නිරිපද්‍රිත බැව් තම අඹු දරුවන් නෑ සිය හිතවතුන්ට පෙනී සිට කතා කල වාර ගනන අපමණයි.

    කන්දකඩුව පීඩාකාරි තැනක් වෙතැයි සිතුවද දින කිහිපයකින්ම ඔහුත් එම කන්ඩායමත් මේ තත්වයට අනුගත උනා..

    උදය ට වෙනත් ශාරීරික අපහසු තා හෝ වෙනත් සෞඛ්‍යමය දුර්වලතා තිබුනේ නෑ. ඔහුත් ක්‍රියාශීලී තරුණයෙකු ලෙස දිනපතා පෙරවරුවේ ක්‍රීඩා පිටියේ ශාරීරික සුවතා අභ්‍යාස වලත් නිරත උනා. ඉඳහිටකවොහු හා ඉතාලියේ සේවය කල හිතවතුන්ද ඉතාලියේ සිට උදය හා කතා බහ කලා..
    " නෑ මචං කිසි අවුලක් නෑ තව දවස් පහකින් විතර මගේ නීරෝධායන කාලෙ ඉවරයි. ගෙදර ගියෑකි.."

    ඔහු බිරිඳටද එසේ කතා කරන්නට ඇත තව දින හතර පහකින් වසර ගණනාවකට පසු අඹු දරුවන් හමුවන සතුට ඔහු තනිවම විඳිමින් සිටින්නට ඇත්තේ.. " යන්තම් ඒ අවධානමෙනුත් මිදුනා " සිතා විය යිතුය. එහෙත් මාර්තු 19 දින උගුරේ දැවිල්ලක් හටගත් නමුත් ඔහුට පසු දින පෙරවරුවේ ශාරීරික අභ්‍යාසයක නිරත වන්නට ගියේය. එහෙත් තම ගතට උණ ගැනෙන්නට එන්නෙකු ගේ පරිදි දැනෙන කෙඩෙත්තු ගතියක් සහ දැඩි සීතල ත් හේතුවෙන් කන්දකඩුව පාලන අධිකාරිය උදයව වැලිකන්ද රෝහලට ඇතුලත් කරනු ලබනව.
    22 වන විට ඔහුගේ පෙනහලු බරපතල ලෙස ආසාධනයට ලක්වන අතර කොවිඩ් 19 වෛරස් රෝගයේ ලකුණු පෙන්වූ ඔහු එදිනම වැලිකන්ද රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කරනව.
    එහෙත් වෛද්‍ය්වරුන්ගේ උත්සාහයන් නිශ්පල කරමින් ඒ අභාග්‍යසම්පන්න අප්‍රේල් 3 දා ඔහු මිය යනව.

    අද එනම් අප්‍රේල් 04 දා ඔහුගේ දේහය පිලිබඳ අවසන් කටයුතු වැලිකන්දට නුදුරින් පිහිටි අරලගංවිල ආදාහනාගාරයක දී සිදුකිරීමට නියමිතව තිබුනා.

    ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ( එහෙම කියන්න බෑ. යාන්තමින් ඇත සිට දේහය දැක බලා ගන්න විතරයි පුලුවනි ) ඔහුගේ ආදරනීය බිරිඳටත් දරුවෙකුටත් අද ඒ අවස්තාව ලැබෙන්නට ඇති.

    ඉහින් බහින රෝගයක් තිබුනෙ නැති ඉතා යහපත් ශරීර සෞඛ්‍යයක් තිබුනු තරුණ උදය දිනේෂ් .. තමන් කවදාවත් ලංකාවේ වැලිකන්ද වැනි පෙදෙසක මුලු ලොවම සෙලවූ බිහිසුනු වෛරසයකින් රෝගාතුරව මියයාවියැයි හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.

    ඔහුගේ දෙමාපියන්ටවත් නෑ හිතවතුන්ටවත් ඔහුගේ දේහයට අවසන් ගෞරව දක්වන්න ලබුනේ නෑ.

    මේ තරුණයා ලංකාවට ලොකු පණිවිඩයක් දීලයි මියගියේ.. රටේ ඇඳිරි නීතියක් ප්‍රකාශ කලේ සාමාන්‍ය ජනතාව එලි මහනට නොගෙන සිටීමේ උපක්‍රමයක් ලෙසටයි. එහෙත් අපේ රටේ විශේෂයෙන් තරුණයො කොතෙකුත් එලි මහනේ.. මේ සටහන මම ලියන මිහොතේ මගේ ගම්බද නිවස ඉදිරිපිටින් ඇති මාවතේ ගමන් කල යතුරු පැදි හා ත්‍රි රෝද සංඛ්‍යාව හතක්. ..
    ප්‍රධාන මාවතෙත් එහෙමයි.. ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීම අත හැරෙන්නයි යන්නෙ. ඒකෙන්ම අපි ඉන්නෙ බරපතල අඩියක කියල වටහාග්න්න ඕන .. මේ වෛරසය කිසිම මිනිහෙක් බලහත්කාරයෙන් තමන්ගෙ සිරුරට ඇතුලත් කර ගන්නේ නෑ. එහෙම ශරීරගත කරගෙන තව පිරිසකට හිතාමතා බෝ කරන්න යන්නෙත් නෑ. හොඳම දේ කරුණාකරල ගෙදරට වෙලා ඉන්න.. තමුන්ගේ අඹු දරුවන් නෑසිය හිතවතනුත් මරාගෙන මැරෙන ත්‍රස්තවාදියෙකු නොවී ගෙදරට වෙලා ඉන්න..
    එහෙම උනාම කාටවත්ම අනතුරක් නෑ..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    Kawru hari 119 ekata call ekak dila kiyapallako apita wadata enna ba ban mehema :(
    e dunnath wadak na laga,a police ekke unwa dannawa mehen un
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    Kawru hari 119 ekata call ekak dila kiyapallako apita wadata enna ba ban mehema :(
    e dunnath wadak na laga,a police ekke unwa dannawa mehen un




    uba koheda wada karanne


    119 neme health sector paththe ihala kenekta kiyanna weyi


    nathnam labour department
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,811
    3,844
    113
    Delaware
    CNEWS නිවුස් එක ඇත්ත වගේ


    https://www.facebook.com/FaiszerMusthapha.lk/posts/2747435835370242
    මුන් නම් මහා පුකේ දෙස්තරලා ඉස්සෙල්ලා කිව්වා මාස්ක් දාන්ඩ එපා කියලා
    දැන් කියනවා වැලලුවට අවුලක් නැ කියලා
    මේ වගේ උන්ට රජයෙන් වියදම් කරලා ඉගැන්නුවට වඩා හොදයි හරක් පට්ටියක් ඇති කරානම්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    #006# ගහල ඩයලොග් වලින් 1Gb ඩේට නිකන් ගනිල්ල මාත් දැනගත්තෙ දැන් මම වගේ නොදන්න උන් ගනිල්ල...
     
    Status
    Not open for further replies.