Lockdown නොකරන ස්වීඩනය

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Lockdown නොකරන ස්වීඩනය

    newswede-1115x630.jpg

    Lockdown නොකරන ස්වීඩනය
    SATURDAY, 4 APRIL 2020· 5 Minute Read


    ස්වීඩනයේ ඇත්තේ කුඩා ජනගහනයක් වන අතර, ජනාකීර්ණ නගර 3ක් පමණි. ස්වීඩනයේ වෛද්‍ය පහසුකම් සහ රජයේ මූල්‍ය හැකියාව, ලංකාවට වඩා බෙහෙවින් ඉහල බැවින් සංසන්දනය කිරීම ඵල රහිතය. ස්වීඩනයේ සමාජ රටාවද නිතැතින්ම COVID-19 පැතිරීම වලක්වන, සාම්ප්‍රදායිකවම මීටර ගණනක පුද්ගලික අවකාශයක් රඳවාගන්නා ජීවන රටාවකි. එය එසේ වුවද, ලංකාවේ ජනගහණයෙන් අඩක් පමණක් වාසය කරන ස්වීඩනය දිනකට මරණ 50කට වැඩි ප්‍රමාණයක් දිනපතා වාර්ථා වන රටක් බවට මේ වන විට පත්ව ඇත.
    වෙනත් කිසිම රටක් මෙන් නොව, ස්වීඩනය COVID-19 වසංගතයට එරෙහිව, සාපේක්ෂව ලිහිල් උපාය මාර්ගයක් අනුගමනය කරන අතර, වසංගතයට එරෙහිව දැඩිව ප්‍රතිචාර දැක්වීම වඩා හානිකර යැයි උපකල්පනය කරන එකම රට බවටද පත්ව ඇත.
    විශ්ව විද්‍යාල සහ උසස් පාසල් වසාදමා, 50 කට වැඩි පිරිසකගේ රැස්වීම් රජය විසින් තහනම් කර ඇතත්, ප්‍රාථමික පාසැල්, අවන්හල් සහ ජිම් වැනි ස්ථාන විවෘතව පවතී. නගර වල හිතේ හැටියට සැරිසැරීමට කිසිදු තහනමක් නැත.
    පුද්ගලයන් 6000කට වැඩි ප්‍රමාණයක් COVID-19 ආසාදිතයන් බව තහවුරු වෙද්දීත් ඔවුන් මෙම ලිහිල් ප්‍රතිපත්තියම අනුගමනය කරයි.

    පූර්වාදර්ශයක් නැත
    මේ තරම් රටවල් ගණනක, මේ තරම් කෙටි කාලයක් තුල පැතිරුන ගෝලීය වසංගතයක අත්දැකීම් මින් පෙර කිසිවෙකුත් ලබා නැති හෙයින්, ඉදිරියේදී සිදුවන්නේ කුමක්දැයි කිසිවෙකුත් නිශ්චිතවම නොදනී.
    එසේ වුවත්, COVID-19 මගින් ඉදිරියේදී සිදුවන සමාජ හා ආර්ථික බලපෑම් තක්සේරු කිරීමට සහ රෝහල්වල ධාරිතා අවශ්‍යතා තක්සේරු කිරීමට, ලොව මෙතෙක් ඇතිවූ වසංගත හා සම්බන්ධ දත්ත එකතු කර ගොඩ නගාගන්නා පුරෝකතන ආකෘති (Prediction models) උපකාර කර ගනී. එම ගොඩනගා ගන්නා පුරෝකතන ආකෘති වලට ලැබෙන තොරතුරු 100%ක් නිවරදි නොවන බැවින්, ගොඩනැගෙන ආකෘති ද 100%ක්ම නිවැරදි නොවේ. ("Garbage in --> Garbage out" යනුවෙන් data science වලදී මෙම තත්වය සාමාන්යෙන් හඳුන්වයි)
    වර්තමාන බොහෝ COVID-19 පුරෝකථන ආකෘතීන් චීනයේ සහ ඉතාලියේ COVID-19 වසංගත තත්වයන් විකසනය වූ ආකාරය අනුව සහ සහ ඉබෝලා, ඉන්ෆ්ලුවෙන්සා සහ අනෙකුත් කිරීටක වෛරස් (SARS සහ MERS) වැනි බෝවන රෝග අතීතයේ පැතිර ගිය ආකාරය සම්බන්ධ දත්ත භාවිතයෙන් ගොඩ නගා ඇත. එහෙත් සමාජ අන්තර්ක්‍රියා වල සංඛ්‍යාලේඛන හා රටාවන් රටින් රටට වෙනස් වේ.
    රෝගීන් රෝහල්ගත නොවීම, රෝගය සඳහා පරීක්ෂාවකට භාජනය නොවීම, රෝගය නොදැන මිය යාම හෝ රෝගය නොදැන සුව වීම වැනි තත්ව යටතේ, රෝහල් ගතවීන සංඛ්‍යාව, රෝගීන් වාර්ථා වන සංඛ්‍යාව හා මරණ වාර්ථා වන සංඛ්‍යාව සම්බන්ධ සියළු රටවල නිල තක්සේරුව නිවැරදි නොවූවත්, ඒ ලබා ගන්නා රජයේ නිල දත්ත භාවිතා කරමින්, ආසාදිතයින් අතර මරණ සංඛ්‍යාව ආසන්න වශයෙන් කොපමණ වේද යන්න පිළිබඳ ඉඟියක් ලබාගත හැකිය. නමුත් රෝග විනිශ්චය මරණය අතර සති දෙකක පමණ ඉතා කෙටි වෙනසක් ඇති අවස්ථාවක, තීරණ ගැනීම සඳහා මග පෙන්වීමට මෙය ඉතා නොපැහැදිලි මූලාශ්‍රයකි.

    අනාවැකි වල වෙනස
    ස්වීඩනයේ මහජන සෞඛ්‍ය අධිකාරියෙන් “ඉහළ නගින අවශ්‍යතා” (Surge Requirements) සඳහා මග පෙන්වීමට පුරෝකතන ආකෘති ඇසුරින් සමාකරණ (simulations) ගොඩනගා ඒවා රෝහල් සහ අදාල වෙනත් පාර්ෂව වෙත නිකුත් කර ඇත. සෑම ස්වීඩන් රෝහලකටම, සෑම ඉදිරි සතියකදීම විශේෂ ප්‍රතිකාර අවශ්‍ය විය හැකි දැඩි සත්කාර COVID-19 රෝගීන් සංඛ්‍යාව මේ මගින් ගණන් බලා ඇති අතර එම රෝගීන් සඳහා රෝහල්වලට ඔවුන්ගේ ධාරිතාව ඉහළ නැංවීමට අවශ්‍ය ප්‍රමාණය මෙයින් දක්වා ඇත.
    නෝර්වේ, ඩෙන්මාර්කය සහ එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් රටවල පුරෝකථනය කර ඇති ප්‍රමාණයට වඩා ජනගහනයෙන් ලක්ෂයකට ප්‍රමාණයක් රෝහල් ගත කිරීමට ස්වීඩන් රජය අපේක්ෂා කරන බව මෙම නිකුත් කර ඇති සමාකරණ මගින් පැහැදිලි වේ.
    එක්සත් රාජධානිය සමාකරණයක් භාවිතා කරමින් පුරෝකථනය කර ඇති ස්වීඩනයේ අනුරූප මරණ සංඛ්‍යාව ස්වීඩන් රජයේ පුරෝකතනය වඩා බෙහෙවින් වැඩි ය. හේතුව වන්නේ, ස්වීඩන් බලධාරීන් විශ්වාස කරන්නේ රෝග ලක්ෂණ නොමැති බොහෝ ආසාදිත පුද්ගලයින් සිටින බවත්, සායනික අවධානයට ලක්වන අයගෙන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් රෝහල් ගත කිරීම අවශ්‍ය බවත් වීම ය. ඒ අනුව රෝහල් ගතවන සංඛ්‍යාවත්, ස්වීනයේ අනුරූප මරණ සංඛ්‍යාවත් ස්වීඩනය විසින් අඩුවෙන් තක්සේරු කර ඇත.
    මෙම අවස්ථාවෙහිදී, ස්වීඩනයේ රට පුරා විහිදුණු පරීක්ෂණ ක්‍රමවේදයක් ආරම්භ කර නොමැති අතර, COVID-19 වැලඳී එයින් සුවය ලැබුවේ කවුරුන්ද යන්න පරීක්ෂා කිරීම සඳහා ප්‍රතිදේහ පරීක්ෂණයක් නොමැති බැවින් කොපමණ පිරිසක් රෝග ලක්ෂණ නොමැති දැයි දැන ගැනීමටද නොහැකි අතර රෝහල් වල "ඉහල නගින අවශ්‍යතා" නොසලකා හැරීමද විනාශයකට අත පෙවීමක් වනු ඇත.

    අසමාන පැතිරීම
    වෙනත් බොහෝ රටවල මෙන්, COVID-19 පැතිරීම ස්වීඩනයේ තරමක් අසමාන ය. අගනුවර ප්‍රදේශයේ සීග්‍ර පැතිරීමක් වාර්ථා වුවද දෙවන සහ තෙවන විශාලතම නගර වන ගොතන්බර්ග් සහ මැල්මෝ නගර වල පැතිරීමේ පැහැදිලි අඩුවක් දක්නට ඇත.
    92169593_2737767972939345_8165251790594375680_n.jpg

    COVID-19 cases in Sweden by Region
    වසංගතය පැතිරෙනු ඇති බවට සැකයක් නැත, නමුත් මෙහි වේගය විවාදාත්මක ය. රටේ බොහෝ ප්‍රදේශවල අගුලු දැමීමේ අවශ්‍යතාවය පිළිබඳව ජාතික මහජන සෞඛ්‍ය බලධාරීන් ද සැක පහළ කරන නමුත් අගනුවර ප්‍රදේශය තුළ එවැනි මැදිහත්වීමක් ක්‍රියාත්මක කිරීම සඳහා සාකච්ඡා දැන් සිදු වෙමින් පවතී.
    අගුළු දැමීමක් (Lockdown) නොකර කටුයුතු කරන ස්වීඩනයේ වත්මන් උපාය මාර්ගයට සහාය දක්වන තර්ක කිහිපයක් තිබේ. සෞඛ්‍ය සේවා, ප්‍රවාහන හා ආහාර සැපයුම් මාර්ගවල ප්‍රධාන රැකියාවල නියුතු දෙමාපියන්ට රැකියාවෙහි රැඳී සිටීමට ඉඩ දීම සඳහා පාසල් විවෘතව තැබීමේ අවශ්‍යතාව මෙයට ඇතුළත් ය. ළමුන් අතර වේගයෙන් බෝවන වෙනත් බෝවන රෝග තිබියදීත්, COVID-19 සංකූලතා ළමුන් තුළ සාපේක්ෂව දුර්ලභ බව ඔවුන් සළකා බලා ඇත.
    දිගු කාලීන අගුලු දැමීමකදී ඇතිවන ආර්ථික බලපෑම හේතුවෙන්, අනාගත සම්පත් හිඟවීම සෞඛ්‍ය සේවයටත් හානියක් විය හැකි යැයි ඔවුන් උපකල්පනය කරයි. එවැනි තත්වයක් යටතේදී COVID-19 වසංගතය මගින් මිය යනවාට වඩා වැඩි ප්‍රමාණයක් Lockdown හේතුවෙන් මරණයටත්, අනියම් පීඩනයටත් පත්වන බව ඔවුන් තර්ක කරයි. මේ වන විට මිය ගොස් ඇති අයගෙන් 88%ක් ම වයස අවුරුදු 70ට වැඩි අය වන අතර 61%ක්ම වයස අවුරුදු 80ටත් වැඩි අය බවට වාර්ථා වී ඇත.
    92097796_2737765829606226_4198469422492418048_n.jpg

    COVID-19 cases and death in Sweden by age

    කණ්ඩායම් ප්‍රතිශක්තිය (Herd Immunity)
    ස්පාඤ්ඤ උණ (Spanish Flu) වෛරසය වසංගතයක් වශයෙන් ලොව පුරා පැතිරුන අතර ස්වීඩනයටද් බලපෑම් ඇති කර ඇත. මෙහිදී උගත් පාඩම් ඇසුරෙන් ස්වීඩනය COVID-19 වසංගතයට මුහුණ දෙන ආකාරය සැලසුම් කර ඇත. ස්පාඤ්ඤ උණ වසංගතය මූලික වසංගතයෙන් පසු, සෑම රටකම අවම වශයෙන් අතිරේක වසංගත දෙකක් වත් තිබී ඇත. ස්වීඩනයේද අවුරුද්දක් ඇතුළත ඇති වූ ස්පාඤ්ඤ උණ දෙවන ආසාදන රැල්ල පළමු රැල්ලට වඩා මරණ අනුපාතය වැඩි කරවීය. පළමු වසංගතෙයින් වැඩි වශයෙන් රෝගීන් ඇති වූ ප්‍රදේශ වල දෙවන රැල්ල ඇති වීමේ අවස්ථාව අවම වූයේ සමාජයේ වැඩි පිරිසක් එය වැලඳී ප්‍රතිශක්තිය ගොඩනගාගෙන සිටි නිසාවෙනි.
    මෙයින් පාඩම ඉගෙන ගනිමින් ස්වීඩනයේ බොහෝ අය කණ්ඩායම් පිටින් ප්‍රතිශක්තිය ලබා ගත හැකි බවට දැන් සුබවාදීව බලා සිටිති. ස්පාඤ්ඤ උණ (Spanish Flu) සමඟ සසඳන විට, COVID-19 අඩු ප්‍රථිශතයකට උත්සන්න තත්වයක් දක්වන අතර බොහෝ ආසාදිත පුද්ගලයින් රෝග ලක්ෂණ නොමැති බව විශ්වාස කෙරේ.
    COVID-19 වාර්ථා වූ සිද්ධි ගණන සහ මරණ අතර අනුපාතය (CFR) පිළිබඳ ස්වීඩනයේ ඇස්තමේන්තුව අනුව දැනටමත් සියයට 5.5% වන අතර, 1918 සිට 1919 දක්වා පැතිරුන ස්පාඤ්ඤ උණ (Spanish Flu) වසංගතය ස්වීඩනයේ උපරිම වශයෙන් පැතිරුන උතුරු ස්වීඩනයේ CFR උපරිමය 3%කට සීමා විය. එවකට ශතවර්ෂයකට පෙර ස්වීඩනය පළමුවන ලෝක සංග්‍රාමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද රට ස්ථාවරව පැවතුණි. අභ්‍යන්තර ප්‍රවාහන හා සන්නිවේදන පද්ධති එකල වෙනත් බොහෝ රටවලට වඩා අඩුවෙන් සංවර්ධනය වූ අතර එනිසාවෙන් වසංගතය පැතිරීමද මන්දගාමී විය.
    කණ්ඩායම් ප්‍රතිශක්තිය ලබාගැනීමේ ක්‍රමවේදය වසංගතය වඩාත් වේගයෙන් ව්‍යාප්ත වීමට දායක වන අතර එමගින් “කණ්ඩායම් ප්‍රතිශක්තිය” සඳහා සියයට 50 ක් පමණ නිරාවරණය කිරීම ස්වීඩනයේ බලාපොරොත්තුව විය. දැඩිව මර්දනය කිරීමේ උපාය මාර්ග නොමැති රටවල මෙම කණ්ඩායම් ප්‍රතිශක්තිය වඩාත් ඉක්මණින් සාක්ෂාත් කරගත හැකිය.
    කණ්ඩායම් ප්‍රතිශක්තිය ලබාගැනීම වසංගතයේ තවදුරටත් රැළි ඇතිවීමේ අවදානම ද අඩු කළ හැකිය. එබැවින් අනාගතයේ දී COVID-19 වසංගතයෙන් ඉගෙන ගත් පාඩම් පිළිබඳව සොයා බලන විට, ස්වීඩනයේ සාපේක්ෂව ලිහිල් ආරම්භක ප්‍රවේශයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කෙරෙහි වැඩි අවධානයක් යොමු වනු ඇත. මෙහිදී වසංගතයෙන් ජීවිත අහිමිවීම පමණක් නොව, දිගු කාලීන සමාජ හා ආර්ථික සෘණාත්මක ප්‍රතිවිපාක සහ ඔවුන් විසින් සිදුවිය හැකි මරණ ද සැලකිල්ලට භාජනය කොට ඇත.
    අවසානයේදී, මේ වන විට ස්වීඩනයේ වෛරසය අසමාන හා සාපේක්ෂව පැතිර ඇති විට, එහි ආරම්භක උපායමාර්ගය අඩපන නොවීම ඔවුන්ගේ ස්ථාවර භාවය විදහාපානු ඇත. නමුත් ඉදිරියට යන විට, ස්වීඩනයට වෛරසය පැතිරෙන ආකාරය, විශේෂයෙන් නාගරික ප්‍රදේශවල හෝ සෞඛ්‍ය සේවා පද්ධතිය දැඩි පීඩනයකට ලක්ව ඇති ආකාරය මත දැඩි සීමාවන් පැනවීමට සිදුවනු ඇත.

    විශේෂ පසු සටහන:
    ස්වීඩන් වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් වැඩි සංඛ්‍යාවක් COVID-19 වෙත ස්වීඩන් රජය ගෙන ඇති ප්‍රවේශය ගැන අනතුරු අඟවයි.
    පසුගිය පැය 24 තුල වැඩිම COVID-19 මරණ සංඛ්‍යාව අතින් 12 වෙනි තැනට ස්වීඩනය පත්ව ඇත. ( 2020-04-03 දිනය තුල මරණ 50ක් )

    Sources:
    https://www.folkhalsomyndigheten.se...a-utbrott/covid-19/bekraftade-fall-i-sverige/
    http://cid.oxfordjournals.org/content/52/7/911.full
    https://www.cnbc.com/2020/03/30/swe...s-very-different-from-the-rest-of-europe.html
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,271
    113
    33
    Kalutara
    බෙලරුසියාවෙත් ඔහොමනෙ. වොඩ්කා බීලා කාල බීල සැපේ ඉන්න කියල තමා ඒ රටේ අගමැති කියල තියෙන්නේ. කිසිම විදිහකින් රට වහලවත් social distancing වත් නෑ.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,949
    6,289
    113
    බෙලරුසියාවෙත් ඔහොමනෙ. වොඩ්කා බීලා කාල බීල සැපේ ඉන්න කියල තමා ඒ රටේ අගමැති කියල තියෙන්නේ. කිසිම විදිහකින් රට වහලවත් social distancing වත් නෑ.

    :lol::lol::lol::lol:oyatharam ikamna wenna epa russia wath ohoma thama kiwwe..:D
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කොරෝනාවෙන් ගැලවිය හැකි ආකාර ඇත්තේ 3ක් පමණි.

    1. ප්‍රතිශක්තිකරන බෙහෙතක් (vaccination) නිපදවීම
    2. කණ්ඩායම් වශයෙන් රෝගී වී ප්‍රතිශක්තිකරණය ගොඩනගාගැනීම (Herd Immunity)
    3. සදාකාලිකවම නිවසට කොටුවී සිටින ආරක්ෂාකාරී ජීවන රටාවක් ගොඩ නගාගැනීම (Permanent Isolation)

    මේ ක්‍රමවේද තුන යටතේ සිදු වන්නේත් පැතිරීම පාලනය කිරීමක් පමණි. රෝගී වී ඇතිදැයි දැනගැනීමට නිරන්තරයෙන් සහ උපරිම ප්‍රදේශයක් ආවරණය වන පරිදි රෝගය වැලඳී ඇති දැයි පරීක්ෂා කිරීම අත්‍යවශ්‍ය ය.

    මේ ක්‍රම තුනේ වර්ථමාන ප්‍රගතිය

    1. ප්‍රතිශක්තිකරන ලබාදීම.
    ප්‍රතිශක්තිකරනයක් යනු යම් නීරෝගී පුද්ගලයෙකුට එය ලබා දුන් විට, එම ප්‍රතිශක්තිය හේතුවෙන් COVID-19 වෛරසයට නිරාවරණය වුවද රෝගී වීමක් සිදු නොවන ආකාරයේ එන්නතකි. රසායනික අත්හදා බැලීම් සිදුකර COVID-19 වෙනුවෙන් ප්‍රතිශක්ති කරණයක් නිපදවීමට තවත් අවුරුද්දක වත් කාලයක් ගතවනු ඇත. 😐
    මේ අතර ජපානයේ ෆූජි ෆිල්ම් යටතේ ඇති රසායනික ආයතනයකින් නිපදවන අවිගන් (Favipiravir) බෙහෙත COVID-19 ආසාදනය වූ අයට ලබාදුන් විට සුව වීම ඉක්මන් වන බව ජපානයේ, චීනයේ සහ කොරියාවේ කරන ලද අත්හදා බැලීම් වලින් පෙනී ගොස් ඇතත් එහි බලපෑම, අතුරු ආබාධ සහ සාර්ථකත්වය පිළිබඳ තවමත් 100%ක් විශ්වාස කල නොහැක.

    2. රෝගයට ගොදුරු වීමෙන් ප්‍රතිශක්තිය ගොඩ නගාගැනීමේ ක්‍රමවේදයට අත ගසා තිබුනේ ස්වීඩනය පමණි. ස්පාඤ්ඤ උණ වසංගතයෙන් උගත් පාඩම් ඇසුරෙන් යමින්, දෙවන වසංගත රැල්ල වැඩි මරණ ගෙන දේවි යන විශ්වාසය ඇතිව, ස්වීඩන් රජයේ මෙම තීරණයට සහය දෙමින් රට වැසියන්ද COVID-19 වැලඳගැනීමේ බලාපොරොත්තුවෙන් සිටියහ. නමුත්, මරණ අනුපාතිකය ඉහල යෑම සහ වයස 80ට වැඩි ජනගහනය වැඩි රටක් වීම යන කරුණු සළකා තරමක් දුරට ආරක්ෂිත පියවර වැඩි කිරීමට ඔවුන්ද පියවර ගෙන ඇත.

    3. රජයෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් වරින් වර දෙන උපදෙස් පිළිපදිමින් හැකි තරම් තනි වී සිටීම සියළුම රටවල් අනුගමනය කරන ක්‍රමවේදයක් වී ඇතත්, මේ මගින් වසංගතය පාලනය කිරීමට කොපමණ කාලයක් ගත වේදැයි නිශ්චිතව කිව නොහැක. එබැවින් රාමුවෙන් පිට දකින නව විද්‍යාත්මක අනාවරණයන් සහ සොයාගැනීම් අවැසි කාලයක් බවට මෙය පත්වනු ඇත.
     
    • Like
    Reactions: tha123

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    good post. rep +

    Denmark and Norway got better results with LOCKDOWN approach.
     
    Last edited:

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    Time will tell whether this is a good approach.
    But seems logical.
    This approach is different and long term.

    Good post bro. උඹ ඉන්නේ ස්වීඩන් ද?