Coronavirus (Covid19) Megathread #2

Status
Not open for further replies.

Suitcase

Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරසය ආසාදනය වී ශ්‍රී ලංකාවේ උපන් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකු එරට මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ
    වයස


    අවුරුදු 52ක් වූ සුමිත් ප්‍රේමචන්ද්‍ර නමැති අයෙකි. කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි සිසුවෙකු බව කියන ඔහු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද සේවය කර ඇති බවත් ඕසේට්‍රේලියාවේ දී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී සිටි අයෙකු බවත් සඳහන්වේ.
    ඔහු පදිංචිව සිට ඇත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර යි.
    කොරෝනා ආසාදනය නිසා මේ වනවිට ඕස්ට්‍රෙලියාවේ 34 දෙනෙකු මියගොස් ඇති අතර අද මියගිය 4 දෙනෙකු ඊට ඇතුළත් විය. එරට මේ වනවිට කොරෝනා ආසාදිතයින් ගණන 5687 කි.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ලෙඩක් හාදාගෙන පරිස්සන් වෙන එකද කරන්න ඔන, හාදා ගන්නෙ නැතුව ඉන්න එකද මොකක්ද හොදම විදිය

    උබ කියන්නෙ තිබ්බ දේවල් එහෙම එව්ව නන් හැමෝටම කියන්න පුළුවන් ඒත් කරන්න ගියාම තත්වෙ වෙනස්.
    හැමෝටම කටින් බතල හිටවන්න පුළුවන් උනාට ඇත්තටම හිටවන එකා තමා දන්නෙ අමාරුව.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හෙට (6) සිට ලබන සිකුරාදා (10) දක්වා සතිය රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස රජය දන්වා ඇත. මීට ඉහත පසුගිය සතියේ සිකුරාදා තෙක් එය නම් කළද නිල වශයෙන් ලබන සතියට එය දීර්ඝ කිරීම
    කර තිබුනේ නැත.


    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය ඇඳිරි නීතිය දින නියමයක් නැතිව පැනවීම සහ සෙසු දිස්ත්‍රික්ක වල හෙට (6) පමණක් විරාමයක් ලබාදීම තුළ මෙම වැඩ කරන සතිය නැවත පනවා තිබේ.
    6-10 සතියේ යෙදෙන 7 වන අඟහරුවාදා පොහොය දිනයක් වන අතර 10 මහ සිකුරාදා දිනයයි. මහ සිකුරාදා වෙළෙඳ නිවාඩු නොවන නිසා පුද්ගලික අංශ වැඩ කළ යුතු දිනයකි.

    10 වැනි දායින් පසු එළැඹෙන 13-17 වැඩ කරන සතියේ මුල් දින 2 එනම් 13-14 සිංහල අවුරුදු උත්සවය වෙනුවෙන් නිවාඩු ලැබෙන දින වන අතර ඒ සතියේ 15-17 දිනවල වැඩ කෙරෙන ආකාරය පසුව නිවේදනය කරනු ඇත.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    මොකක්ද බන් කොට්ටාවේ සීන් එක නිරොදායනයට 45ක් අරන් ගියා කියලා නිවුස් වල තියෙන්නේ, කොයි හරියෙද හේන වත්ත පාර තියෙන්නේ.දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කෝවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ පැන නැගී ඇති සමාජ - ආර්ථික ගැටලු හේතුවෙන් මෙරට ජනතාව තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය නිසි ලෙස පවත්වාගෙන යාම අර්බුදයක් බවට පත්වීමේ අවදානමක්
    ඇතැයි ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ (IPS) පර්යේෂක මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.
    විශේෂයෙන්ම රටෙහි බොහෝ ප්‍රදේශවලට පනවා ඇති ඇඳිරි නීතියත්, පවතින ආහාර නිසි ලෙස බෙදී යාමේ ගැටලුවත් යන කාරණා නිසා මෙම තත්ත්වය හට ගෙන ඇති බව ඒ මහතාගේ අදහස වී තිබේ.



    වසර 10කට ආසන්න කාලයක් ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරන තිබ්බටුවාව මහතා, කෘෂිකාර්මික ආර්ථිකවිද්‍යාව, කෘෂිකාර්මික වෙළෙඳාම, ආහාර සුරක්ෂිතතාව සහ පරිසරය හා ස්වාභාවික සම්පත් ආර්ථිකවිද්‍යාව යන ක්ෂේත්‍ර තුළ පර්යේෂණ සිදු කරයි. එසේම අවස්ථා කිහිපයකදීම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ රජයේ උපදේශකවරයෙකු ලෙසද ඔහු කටයුතු කර තිබේ.

    ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ අර්ථ දැක්වීම අනුව ආහාර සුරක්ෂිතතාව යනු අවශ්‍ය
    ප්‍රමාණයට ආහාර ලබා ගෙන ඉන් සෞඛ්‍යමත් ජිවිතයක් ගත කිරීමට ඇති හැකියාවයි. මෙහිදී එය සම්පූර්ණවීමට තිබිය යුතු මූලික කරුණු හතරකි. ආහාරවල උපයෝග්‍යතාව, ආහාර සඳහා වන ප්‍රවේශය,
    ආහාරවල උපයෝගීතාවය සහ ආහාරවල ස්ථායිතාව එම කරුණු ලෙස සැලකෙයි.

    ඒ අනුව, වර්තමානයේදී රට තුළ තවත් මාස ගණනාවකට ප්‍රමාණවත් සහල් සංචිතයක් තිබුණත්, එළවලු සහ පළතුරු ඵලදාවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් වෙළෙඳ පොළේ තිබුණත් මෙම සියලු ආහාර නිසි ලෙස බෙදී නොයෑම සහ අතමිට ඇති අය පමණක් මේවා මිලදී ගැනීමත් යන කාරණා ආහාර සුරක්ෂිතතාව පිළිබඳව ගැටලු ඇති කරවීමට ප්‍රධානවම හේතු වී ඇතැයි මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.

    “ලංකාවේ අපගේ ප්‍රධාන ආහාරය වෙන්නේ බත්. ඒ සඳහා අවශ්‍ය වන සහල් ප්‍රමාණවත් තරමින් දැන් ගබඩා කරලයි තියෙන්නේ. රජය ගිය අවුරුද්දේ මහ කන්නයෙන් වී මෙට්‍රික් ටොන් මිලියන 2.8 ක වී නිෂ්පාදනයක් බලාපොරොත්තු වුණා. ඉන් 70%ක් පමණ හාල් කිරීමේ අනුපාතයක් පවතිනවා. එය හාල් මෙට්‍රික්ටොන් මිලියන 1.9 ක්. සාමාන්‍යයෙන් අපේ රටේ පුද්ගලයෙකුගේ වසරකට සහල් පරිභෝජනය
    කිලෝග්‍රෑම් 104ක් පමණ වෙනවා. ඒ කියන්නේ මිලියන 22ක් වන රටේ ජනතාවට තවත් මාස අටක් -
    නවයක් ප්‍රමාණයකට සෑහෙන්න සහල් දැන් රටේ තියෙනවා.”


    එහෙත් මෙහි ගැටලුව බවට පත්ව ඇත්තේ ගබඩාවල ඇති එම සහල් නිසි ලෙස ජනතාව අතරට පත්වීම සඳහා අවශ්‍ය සැපයුම් දාමය සාර්ථකව ක්‍රියාත්මක නොවීම බව හෙතෙම පවසයි. එසේම තනි තනි පුද්ගලයන් කරන අනවශ්‍ය ගොඩගැසීම් නිසාද රට තුළ සහල් අර්බුදයක් හට ගෙන ඇතැයි ඔහු සඳහන් කරයි.

    “මේ අනවශ්‍ය ලෙස ගොඩගසා ගැනීම කියන දේ විශාල ගැටලුවක්. සල්ලි තියෙන කෙනා කොහොම හරි
    කරලා සහල් ඇතුළු ආහාර ගොඩ ගසා ගන්නවා. සතියකට හාල් කිලෝ එක - දෙක අරගන්න කෙනාට ඒ දේ
    කරන්න බැහැ. එය එම ජනතාවගේ ආහාර සුරක්ෂිතතාවට සහ පෝෂණයට බලපානවා.


    එසේම රටෙහි එළවලු සහ පළතුරු ඵලදාවද නිසි ලෙස බෙදී නොයෑමද මෙම ආහාර සුරක්ෂිතතාවට සහ
    ජනතාවගේ නිසි පෝෂණයට බලපා ඇතැයි මනෝජ් තිබ්බටුවාව මහතා සඳහන් කර සිටියි.

    “කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දත්ත අනුව මේ වනවිට රටෙහි සමස්ත එළවලු සහ පළතුරු පලදාවන්ගෙන්
    60%කට ආසන්න ප්‍රමාණයක් නෙලාගෙන අවසන්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව සාමාන්‍ය
    පුද්ගලයෙකුගේ දෛනික එළවලු සහ පළතුරු පරිභෝජනය ග්‍රෑම් 400ක් විය යුතුයි. ඒත් 2017 – 2018
    කාලසීමාවේදි සිදුකළ පර්යේෂණයකට අනුව අපේ රටේ ජනතාවට දෛනිකව පරිභෝජනයට ලැබෙන්නේ ග්‍රෑම්
    200ක විතර එළවලු සහ පළතුරු ප්‍රමාණයක් බවට හඳුනාගත්තා.”



    කෙසේ වෙතත් කෝවිඩ්-19 වසංගත තත්ත්වයත් සමගම සිදුව ඇති මෙම එළවලු සහ පළතුරු බෙදී යාමේ
    ගැටලුව නිසා මෙම දෛනික එළවලු සහ පළතුරු අවශ්‍යතාව අද ග්‍රෑම් 100ක් පමණ මට්ටමටත් වඩා
    පහත වැටී ඇතැයිද මනෝජ් තිබ්බටුවාව මහතා පවසයි.

    “මෙතැනදී සැපයුම් දාමයේ පවතින ගැටලුවත් ප්‍රධානයි. අද වෙන කොට ගොවීන්ට තමන්ගේ
    නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලබා ගන්න නොහැකි වෙලා තිබෙනවා. ඒ වගේම නාගරික ජනතාවට එම
    ගොවි නිෂ්පාදනවලට වඩා ඉහළ මිලක් ගෙවන්න වෙලා. උදාහරණයක් විදියට ගොවීන්ට අද එළවලු කිලෝවක්
    රුපියල් 20කටවත් විකුණන්න බැරි වෙලා. ඒ නිසා ඔවුන් ඒවා අලෙවි කිරීමට අධෛර්යමත් වෙලා. ඒ
    හේතුවෙන් අද නාගරිකව එළවලු සහ පළතුරු සුලභ නොවන තත්ත්වයට පත්වෙලා. ඒ හරහා පාරිභෝගිකයන්ට
    එළවලු කිලෝවකට රුපියල් 200ක් වගේ මුදලක් ගෙවන්න සිදු වෙලා.”

    එසේම අන්තර්ජාලය හරහා නිවෙස් වෙත ඇනවුම් කරන එළවලු සහ පළතුරු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය
    මිලදී ගැනීමේදීද ඉතා වැඩි මුදලක් ගෙවීමට සිදුව ඇතැයිද හෙතෙම සඳහන් කරයි.

    ඒ අනුව දැනට මෙම ගොවි නිෂ්පාදන පාරිභෝගිකයන් වෙත ගෙන යන යාන්ත්‍රණය අර්බුදයට ලක්ව ඇති
    බවත්, එය හැකි ඉක්මණින්ම නිවැරදි කළ යුතු මට්ටමේ පවතින බව ඔහු පෙන්වා දෙයි. ඒ හරහා මෙම
    ගොවි නිෂ්පාදන සාධාරණ මිලකට නාගරික සහ අර්ධනාගරික මෙන්ම දැනට කෝවිඩ් -19 නිසා වසා දමා
    ඇති ප්‍රදේශ වෙත සැපයීම අනිවාර්යය වී ඇති බවත් මනෝජ් තිබ්බටුවාව මහතාගේ අදහස වී තිබේ.

    මේ අතර, රජයේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මකව පවතින ගෙවතු වගා වැඩසටහනද මේ මොහොතේදී රට තුළ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පවත්වාගෙන යාමට ඉතාමත් අත්‍යවශ්‍ය කරුණක් බවද හෙතෙම සඳහන් කරයි. විශේෂයෙන්ම මෙම වසංගත තත්ත්වයෙන් අනතුරුව රට තුළ උද්ගතවිය හැකි ආහාර අර්බුදයට යම් තරමකින් හෝ සහනයක් ලබා දීමට මෙම ගෙවතු වගා වැදගත් බව හෙතෙම පවසයි.

    “කොහොමත් මේ වසංගත තත්ත්වයෙන් පසුව උදාවන අවස්ථාවන් නිසා රටේ ජනතාවගේ ආහාර සුරක්ෂිතතාව
    තවත් අඩුවෙනවා. දැනට ක්‍රියාත්මක කරන මේ ගෙවතු වගා ව්‍යාපෘතිය මීට පෙර සිටම පැවතුණු
    දෙයක්. ඒත් මේ කෝවිඩ්-19 වසංගතයත් සමගම එය තවත් ජනතාව අතර ව්‍යාප්ත වෙලා තියෙනවා.
    විශේෂයෙන්ම ගොඩක් පිරිසක් නිවෙස්වල කල්ගත කරන නිසා මෙය සාර්ථක කරගන්න පුළුවන් කියන තත්ත්වය ඇති
    වෙලා. මොන අභියෝගය මැද වුවත් මෙය ඉදිරියටත් පවත්වාගෙන යාම තමයි වැදගත් වෙන්නේ.” මනෝජ්
    තිබ්බටුවාව මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    කෙසේ වෙතත් රජයේ මැදිහත්වීමෙන් මෙරට කෘෂිකාර්මික ක්ෂේත්‍රය නංවාලීමට බොහෝ පහසුකම් ලබා
    දුන්නද, කෝවිඩ්-19 නිසා පහත වැටී ඇති සංචාරක කර්මාන්තය සහ ආහාර සහ පාන වර්ග නිෂ්පාදන
    අංශයන්හි පවතින අඩු ඉල්ලුම නිසා එම ක්ෂේත්‍රය යම් කඩා වැටීමකට ලක්වීමේ අවදානමක්
    පවතින බවත්
    හෙතෙම පවසයි. එසේම දැනට පවතින දේශසීමා වසා දැමීම් නිසා ආනයන සීමාවීමෙන් කෘෂිකර්මාන්තයට
    අවශ්‍ය පොහොර, කෘෂි රසායනික යනාදිය හිඟවීමේද ගැටලුවක් පවතින බවත්, දිස්ත්‍රික්කයක සිට තවත්
    දිස්ත්‍රික්කයක් දක්වා සිදුකරන සංචරණයද සීමාවී ඇති නිසා කෘෂි ක්ෂේත්‍රය වෙත අවශ්‍ය සේවක
    හිඟයක්ද ඇතිවීමේ අවස්ථාවක් පවතින බවද මනෝජ් තිබ්බටුවාව මහතාගේ අදහස වී තිබේ.
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙළයෙක්;25285455 said:



    උතුරු කොරියාව විතරයි දැනට බේරෙන්න ඉඩක් තියෙන එකම රට. උබ කියන විදියට නන් උන් බේරෙනව නන් වයිරස් එකක් එන්න කලින් ඉදලම උන් ඉන්න විදියටම ඉන්න වෙනව. මේව්ව මේ කලින් ප්‍රෙඩික්ට් කරල එන දේවල් නෙවෙයි. එහෙනන් ඔච්චර තාක්ශණයක් තියෙන ඇමරිකාවත් දැන් නාගෙන ඉන්නෙ.

    කලින් කියලා නෙවෙයි එන්නෙ , අපි දන්නෙ නැතුව නෙවෙයි චිනෙ මෙ වගෙ වයිරස් එක පැතිරෙනවා කියන දෙ එවගෙම අනිත් රටවලත් පැතිරෙන්න පටන් අරන් කියන දෙ උත්තරය බොහොම සරලයි එ රටවල මිනිස්සු ලන්කාවට ගන්නවද නැද්ද කියන දෙ විතරයි, උබලා ඔය කියවන්නෙ මෙ ආන්ඩුවෙ වැරැද්දක් නැ කියන්නෙ , ගොටාබට තමයි මමත් චන්දෙ දුන්නෙ , කලින් එයාර්පෝර්ට් එක වැහුවා නම් හරි කියලා කියන්නෙ එක කියන්න චන්දෙ දුන්නා කියලා බැරි කමක් නැ
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා අසාදිත මවක් කළුතර මහ රෝහලේදී ප්‍රසූත කළ දරුවාට කොරෝනා අසාදනයවී නොමැති බව
    පරීක්ෂණවලදී තහවුරුවී තිබේ.

    බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය වරුණ සෙනෙවිරත්න මහතා පැවසුවේ, ඔවුන් දෙදෙනාම නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
    බේරුවල, පන්නිල ප්‍රදේශයේ පදිංචිකාරිණියක වූ මෙම මව කළුතර නාගොඩ රෝහලට ඇතුලත් වී තිබුනේ තමන් අලුත්ගම දර්ගා නගරයේ පදිංචි බව පවසමින් වන නමුත් පසුව පවුල් සෞඛ්‍ය සේවිකාවක් ඇයගේ සායනික කාඩ් පත පරික්ෂා කිරීමේදී ඇය බේරුවල පන්නිල ප්‍රදේශයේ පදිංචි කාරියක් බව තහවුරු විය. ඒ වනවිට පන්නිල ප්‍රදේශය කොරෝනා සැක පුද්ගලයෙකු නිසා ප්‍රසිද්ධවී තිබූ නිසා ඇය නිවැරදි තොරතුරු වසන් කළේ යයි ආන්දෝලනයක් පැනනැගී තිබුණි.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹට තේරෙන්නෙ නෑ බන් කියන්න හදන එක :dull:

    ලෙඩේට බෙහෙත් දුන්නෙ දැන් තියෙන symptoms දිහා බලල මිසක් අනාගතේ එන symptoms දිහා බලල නෙමෙයි

    ඔස්ටියෝආතරයිටිස් කියපු ගමන් Knee joint එක replace කරන්නෙ නෑනෙ

    උබත් උත්තර නැති උනහාම ඉරොසන් වගෙමයි උබලා කරන්නෙ ගවමන්ට් එක ප්‍රොටෙක් කරන එක, ප්‍රශ්නෙ ප්‍රශ්නෙ විදියට දකින්නෙ නැ
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,758
    16,872
    113
    Kottawa
    මොකක්ද බන් කොට්ටාවේ සීන් එක නිරොදායනයට 45ක් අරන් ගියා කියලා නිවුස් වල තියෙන්නේ, කොයි හරියෙද හේන වත්ත පාර තියෙන්නේ.දන්න කෙනෙක් පොඩ්ඩක් කියන්නකො

    https://www.google.lk/maps/place/He...8ff1cf762167860b!8m2!3d6.8476221!4d79.9599186
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,478
    2
    53,978
    113
    උබත් උත්තර නැති උනහාම ඉරොසන් වගෙමයි උබලා කරන්නෙ ගවමන්ට් එක ප්‍රොටෙක් කරන එක, ප්‍රශ්නෙ ප්‍රශ්නෙ විදියට දකින්නෙ නැ

    ඔයා මාර්තු ප්‍රශ්නෙට අප්‍රේල් values ආදේශ කරල උත්තරේ අරන් මාර්තු values ආදේශ කරල ගවමන්ට් එක ගත්ත උත්තරේ විවේචනය කරන එක අසාධාරණයි කියල කිව්වෙ, ප්‍රොටෙක්ට් කිරීමක් නෙමේ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙළයෙක්;25285477 said:

    උබ කියන්නෙ තිබ්බ දේවල් එහෙම එව්ව නන් හැමෝටම කියන්න පුළුවන් ඒත් කරන්න ගියාම තත්වෙ වෙනස්.
    හැමෝටම කටින් බතල හිටවන්න පුළුවන් උනාට ඇත්තටම හිටවන එකා තමා දන්නෙ අමාරුව.

    ඔවු එක හරි වයිරස් එකක් රටක් ඇතුලට අරන් කොන්ට්‍රෝල් කරන්න කන කට්ට පෙනවානෙ, පැතිරෙන වයිරස් එකකුයි හිටවන බතලයි අතර වෙනස උබලට තෙරුම් ගන්න බැ තාම
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,583
    98,582
    113
    ඔවු එක හරි වයිරස් එකක් රටක් ඇතුලට අරන් කොන්ට්‍රෝල් කරන්න කන කට්ට පෙනවානෙ, පැතිරෙන වයිරස් එකකුයි හිටවන බතලයි අතර වෙනස උබලට තෙරුම් ගන්න බැ තාම
    තීරණගන්නෙ මිනිස්සු මිසක් අනාගතේ පේන මැජික් කාරයෝ නෙවෙයි කියන එකත් උබට තේරුම්ගන්න බැරි හැටි ඕක මෙච්චර දරුණුයි කියල මොකෙක්වත් දන්නෙ නෑ චාල්ස්ට හැදුනනන් අපේ ජනාදිපතිලට හැදෙන එක මහ දෙයක්ද ඉල්ලන් කන්න කවුරුවත් කැමති නෑ. හැමෝම කරන්න පුළුවන් උපරිමයෙන් කරා.

    තිබ්බනන් කරානන් කිය කියා ඉන්න ගොඩක් අය කටින් බතල හිටවන ජාතියෙ අය තමා.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔයා මාර්තු ප්‍රශ්නෙට අප්‍රේල් values ආදේශ කරල උත්තරේ අරන් මාර්තු values ආදේශ කරල ගවමන්ට් එක ගත්ත උත්තරේ විවේචනය කරන එක අසාධාරණයි කියල කිව්වෙ, ප්‍රොටෙක්ට් කිරීමක් නෙමේ

    උබ කියන විදියට හිතන්න බැරි කමක් නැ පැතිරුන් නැත්තන් අපරාදෙ වගෙ එයාර්පෝර්ට් එක වැහුවෙ එක නෙවෙයි ඇත්ත පොයින්ට් එක රටවල් කෙලව ගත්තෙ එ රටවල ආර්තික ගැන හිතලා වයිරස් එක පැතිරෙන එක ගැන හිතලා නෙවෙයි වැඩ කරෙ, වයිරස් එකක් පැතිරෙන්නෙ නැ කියන ගොන් බුරු තැන ඉදලා නම් හොදයි තාම ටයිම් එක නෙවෙයි කියන්න , ඔවා වැඩක් නැ දැන් ලන්කාවෙ ඇතුලට වයිරස් එක අරන් ඉවරයි වැඩෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ දැනුම ආකාල්ප මත තමයි රටෙ ආනාගතය තිරනය වෙන්නෙ
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හෙළයෙක්;25285594 said:

    තීරණගන්නෙ මිනිස්සු මිසක් අනාගතේ පේන මැජික් කාරයෝ නෙවෙයි කියන එකත් උබට තේරුම්ගන්න බැරි හැටි ඕක මෙච්චර දරුණුයි කියල මොකෙක්වත් දන්නෙ නෑ චාල්ස්ට හැදුනනන් අපේ ජනාදිපතිලට හැදෙන එක මහ දෙයක්ද ඉල්ලන් කන්න කවුරුවත් කැමති නෑ. හැමෝම කරන්න පුළුවන් උපරිමයෙන් කරා.

    තිබ්බනන් කරානන් කිය කියා ඉන්න ගොඩක් අය කටින් බතල හිටවන ජාතියෙ අය තමා.

    උබෙ පොයින්ට් එක පැතිරෙයිද නැද්ද කොහොමද දන්නෙ, චින්නු නගර වාහාගෙන දැගලුවෙ ආසාවට නෙවෙයි කියන සරල කාරනෙ වත් නොදන්න උබට උත්තර දෙන එක තෙරුමක් නැ, කරන්න පුලුවන් උපරිමෙ කරලා වැඩක් නැ වාහා කැවට පස්සෙ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔයා මාර්තු ප්‍රශ්නෙට අප්‍රේල් values ආදේශ කරල උත්තරේ අරන් මාර්තු values ආදේශ කරල ගවමන්ට් එක ගත්ත උත්තරේ විවේචනය කරන එක අසාධාරණයි කියල කිව්වෙ, ප්‍රොටෙක්ට් කිරීමක් නෙමේ

    ඒක හරි , අනික ඔය කුරුකුරු ගාන හුත්තල මොකත් දැන ගන්ඩ ඕනෙ මේක ලෝකෙ රටවල් 206කත් වඩා පැතිරුන වියසනයක්..රටක් විදිහට අපි හොද තැනක ඉන්නව ඒකම ඇති ආණ්ඩුවෙ වැඩ පිලිවෙල හොදයි කියන එකට උදාහරනෙකට..මොකෑ නැ කියන්ඩද
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    උබ කියන විදියට හිතන්න බැරි කමක් නැ පැතිරුන් නැත්තන් අපරාදෙ වගෙ එයාර්පෝර්ට් එක වැහුවෙ එක නෙවෙයි ඇත්ත පොයින්ට් එක රටවල් කෙලව ගත්තෙ එ රටවල ආර්තික ගැන හිතලා වයිරස් එක පැතිරෙන එක ගැන හිතලා නෙවෙයි වැඩ කරෙ, වයිරස් එකක් පැතිරෙන්නෙ නැ කියන ගොන් බුරු තැන ඉදලා නම් හොදයි තාම ටයිම් එක නෙවෙයි කියන්න , ඔවා වැඩක් නැ දැන් ලන්කාවෙ ඇතුලට වයිරස් එක අරන් ඉවරයි වැඩෙ තියෙන්නෙ මිනිස්සුන්ගෙ දැනුම ආකාල්ප මත තමයි රටෙ ආනාගතය තිරනය වෙන්නෙ

    Virus eka mechchara wegen spread wenawa kiyala kawuruth hithuwe na ban. aduma gane WHO ekenwath katawath warning kale na. anith ratawalata sapekshawa lankawa tikak ikmanin wahuwa. ekai ape spread eka tikak adu. eth tama hariyata kiyanna ba. china walath tama hariyata control wela na. virus eka tiyena leda pen nathi aya tama china wala hamba wenawa.
     
    Status
    Not open for further replies.