ඩොලරය_199යි

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඩොලරයේ විකුණුම් මිල රු. 199 ඉක්මවයි

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (06) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 193.35 ක් හා විකුණුම් මිල රු. 199.40 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර අද දින එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative US Dollar SPOT Exchange rate) රු. 194.80 ක් ලෙසින් සටහන් විය.

    2020 ජනවාරි මාසයේ මෙන්ම මාර්තු මස පළමු සතිය දක්වා පුළුල් ලෙස ස්ථාවරව පැවති ශ්‍රී ලංකා රුපියල, කොරෝනා වෛරසය පැතිරීමත් සමඟ වෙළෙඳපොළ තුළ සමපේක්ෂණාත්මක හැසිරීම හේතුකොටගෙන එතැන් සිට තියුණු ලෙස අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ඒ අනුව 2020 වසරේ මාර්තු 30 දින වන විට රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 4.7කින් අවප්‍රමාණය වී තිබේ
    .


    Ada derana BIZ