එන්ජින් මවුන්ට්ස් (ENGINE MOUNTS), ටෝර්ක් මවුන්ට්ස් (TORQUE MOUN
එන්ජින් මවුන්ට්ස් (ENGINE MOUNTS), ටෝර්ක් මවුන්ට්ස් (TORQUE MOUNTS) එහෙම නැත්නම් මොටර් මවුන්ට්ස් (MOTOR MOUNTS)
ටික දවසකට කලින් මවුන්ට්ස් දැම්මා. කොරොනා එන්න කලින්.... එදා ඉදලා මේක ගැන ලියන්න හිත හිතා හිටියා. අද තමා ලියා ගන්න පුලුවන් උනෙ. කවදවත් ෆීල්ඩ් එකේ subject matter එකක් ගැන ලියලා නැ. මේ පලවෙනි එක.
Engine මවුන්ට්ස් වලට මොටර් මවුන්ට්ස් කියලත් කියනවා. මේක හුගක් වෙලාවට ෆීල්ඩ් එකේ ඉන්න අය කියන වචනයක්. අපි සාමන්යෙන් engine එකටත් මොටර් කියල තමා කියන්නෙ. පෙට්‍රල් engine එකට පෙට්‍රල් මොටර් කියලයි ඩීසල් engine එකට ඩීසල් මොටර් කියලයි කියනවා.Engine එකෙ TRASMISSION BOX or DIFFERENTIAL එකට FIX කරන MOUNTS වලට TRASMISSION MOUNTS කියලා කියනවා.
මම අද වෙනකන් cars වල දැකලා තියෙන ව්දිහට සමහර cars (front wheel driven) වල engine මවුන්ට්ස් 3ක් තියෙනවා සමහර cars වල 4ක් (rear wheel driven) තියෙනවා. සමහර rear wheel driven වල engine එකට 3යි differential එකට 2යි. Power plant frame එකක් තියෙන car වල engine එකට 2යි differential එකට 2යි තියෙනවා. ඊට වඩා වෙනස් විදි වලට engine mounts තියෙන කාර් තියෙනවද මම දන්නෙ නැ හරියටම කියන්න.
Engine මවුන්ට්ස් වර්ග තුනක් තියෙනවා.
වැඩියෙන්ම තියෙන්නෙ රබර් මවුන්ට්ස් (අපි මෙවාට කියනවා රෙසිලියන්ට් මවුන්ට්ස් කියලා).
ඊලගට නිතරම දකින වර්ගය තමා හයිඩ්‍රොලික් මවුන්ට්ස්. දැන් නම් රබර් මවුන්ට්ස් ආපු වාහන වලටත් සමහර වාහන අයිතිකාරයො හයිඩ්‍රොලික් මවුන්ට්ස් දානවා. ගාන වැඩියි හැබයි engine එක crank කරනකොටයි engine එක stop කරනකොටයි හොදටම වෙනස බලා ගන්න පුලුවන්. Engine එක warm up වෙලා එනකොට engine sound එකයි VIBRATION එකයි දෙකම පැහැදිලිවම අඩුයි කලින්ට වඩා. මේ මවුන්ට්ස් වර්ගය ගැන තියෙන ප්‍රසිද්ධ රහසක් තමයි වැඩිකල් තියෙන්නෙ නැ කියන එක. එක manufacturer ලා උනත් කලින් කියලා තියෙනවා. හැබයි ගේවන ගානට ගොඩක් වටිනවා.
අනිත් වර්ගය තමා ඇක්ටිවු ඉලෙක්ට්‍රොනික් (active electronic) engine මවුන්ට්(electronic controlled engine mounts). මේකෙ තියෙනවා මොටර් එකක් මවුන්ට් එක අතුලේ තියෙන වෑල්ව් එකක් ඔපරේට් කරන්න. මේ වෑල්ව් එකෙන් මවුන්ට් එක අතුලේ තියෙන හයිඩ්‍රොලික් fluid (hydraulic fluid or vacuum, mostly vacuum) එකේ ෆ්ලොව් (FLOW) එක control කරලා වයිබ්‍රෙශන් (VIBRATION) එක control කරනවා. මේ මොටර් එකේ කන්ට්‍රොලර් එක බැටරි එකටයි ECM එකටයි connect වෙන්නෙ. Engine RPM එක එක්ක මවුන්ට් එකේ tenderness/stiffness එක වෙනස් වෙනවා. RPM එක අඩු වෙන වෙලාවට මොඋන්ට් එක ගොඩක් සොෆ්ට් soft. නමුත් RPM එක වැඩි වෙනකොට මවුන්ට් එක ස්ටිෆ් (stiff) වෙන්න ගන්නවා.
Engine මවුන්ට්ස් මොකටද?
Engine මවුන්ට්ස් වලින් තමා engine එක engine bay (engine bay/ motor bay) එකට fix කරලා තියෙන්නෙ. ඊට අමතරව මේවගෙන් වෙන වැදගත්ම දේ තමයි bouncing සහ vibration ඩෑම්ප් කරන එක. Bouncing (low frequency high amplitude) එන්නෙ පාරේ තියෙන වලවල් නිසා සහ ඇක්සලරේට්/ඩීසලරේට් කරනකොට. Vibration (high frequency low amplitude) එන්නෙ engine එකෙන්. Unbalanced engine forces, imbalances in rotating and reciprocating parts and from the firing pulses නිසා.
Engine මවුන්ට්ස් ගැන වැඩිය කතා නොකලට මේක ගොඩක් ලොකු subject එකක්. Automobile කරන කට්ටිය දන්නවා NVH (noise, vibration and harshness) කියලා වෙනමම ෆීල්ඩ් එකක් තියෙනවා.
Engine මවුන්ට්ස් කැඩුනා කියලා දැනගන්නේ කොහොමද?
• වාහනෙ කලින්ට වඩා දෙදරනවා.
• යකඩ කෑලී දෙකක් එකට වදිනවා වගෙ සද්ද එන්න පුලුවන් Engine bay එකෙන්(අපි මේකට ඉම්පැක්ට් නොයිස් IMPACT NOISE කියලා කියන්නේ).
• Engine එක පැත්තකට ඇල වෙලා වගෙ පේනවා (ගොඩාක් ලොකු ඈන්ගල් එකක් නෑ පොඩ්ඩක් ඇල වෙලා තියේවි. (අනිවාර්යෙන් ඇල වෙනවා කියලා එකක් නෑ, ඇල වෙලා තියෙනව නම් බඩු ශුවර්)
• හූඩ් එක ඇරල බලන්න ඔනේ ගියර් ඩ්‍රයිව් එකට දාල engine එක කොයි තරම් එහා මෙහා යනවද කියලා.මවුන්ට් කැඩුනාම engine එක ගොඩක් උඩ පහල යනවා ගියර් ශිෆ්ට් කරනකොට ඩ්‍රයිව්-නියුට්‍රල්-ඩ්‍රියිව්
• රේඩියෙටර් හොර්ස්, කේබල්, බ්‍රැකට්, එයාර් මැනිෆොල්ඩ් එහෙම පුපුරන්නත් පුලුවන්.
• Engine බ්ලොක් එක හීරිලා තියෙනවනම් වටේට, පොඩ්ඩක් බලන්නම ඔනේ.
• Hydraulic mounts නම් මේ වගේ oil ලීක් වෙලාත් තියෙවි
Engine mounts කොහොමද කැඩෙන්නෙ?
එකක වැදගත්ම කොටස හදලා තියෙන්නෙ රබර් වලින්. වයසත් එක්ක කොහොමත් මේක කැඩෙනවා.
Engine mounts වල life span එක ඉක්මනට අඩු වෙනවා oil (engine oil, transmission oil, hydraulic oil), solvent, diesel, petrol වර්ග ගෑඋනාම.
නිතරම Quick ඇක්සලරේට්/ඩීසලරේට් කරනකොට (රේස් පදිනකොට) engine mounts වල stress වැඩියි ඒ නිසා, ඉක්මනට කැඩෙන්න පුලුවන්.
එකක් හරි කැඩිල කියලා දැනුන ගමන් appointment එකක් දාලා check කරගන්න. කැඩිලා නම් ඉක්මනට මාරු කරගන්න. අනිත් එක තමා බාස් ලා කියන්වා 'mounts පොඩ්ඩක් කැඩිලා’ කියලා. ‘තව දුවන්න පුලුවන්’ bla bla……. එහෙම කතාවක් නැ. කඩිලා නම් පොඩ්ඩක් හරි, ඒක කැඩිලා. අලුත් එකක් දාගන්න ඔනේ ඉක්මනටම. දානකොට තුනම නැත්නම් හතරම දාගන්න. එකයි කැඩිලා තියෙන්නෙ කියලා ඒක විතරක් දාගෙන හරියන්නෙ නැ. මම දන්න අය ඉන්නවා කැඩුන mounts repair කරලා දෙනවා. මම නම කවදාවත් recommend කරන්නෙ නෑ repair කරන එකවත් reconditioned එවා දාන එකවත්.
mounts මාරු කරනකොට ලේසිම විදිහ තමයි mounts ටික කලින් ගෙනල්ලා ලග තියාගෙන එකින් එක මාරු කරන එක. Mounts ඔක්කොම ගලවගෙන engine එක jack කරගෙන mounts දාන එක කරදරයි. engine mounts ඉතින් පොඩ්ඩක් ගනන්. labor cost එකත් පොඩ්ඩක් විතර වැඩියි. මොනවා කරන්නද ඉතින් මාරු කරගන්නම වෙනවානෙ.

Last edited:

++