බයිලා නෙමෙයි කිව්වෙ. ඔයා හිතනවා "තර්කය" තමා ඥානවිභාගයට තියන එකම ක්‍රමය කියලා? එහෙම නැතිනම් තර්කයෙන් සියළුම දැනුම ලබාගන්න පුලුවන් කියලා?
ඔය දෙකෙන් මොක හිතුවත් (හිතනවනං) වැරදී, මෝඩයි. ඥානවිභාගීය ක්‍රම ගොඩක් තියනවා ලෝකෙ. ඒවායින් එකක් විදිහට තර්කය සලකන්න පුළුවං. බුදුදහම පිලිගන්නේ ප්‍රත්‍යක්ශය සහ අනුමානය (සිංහල අනුමාන නෙමෙයි inference කියන එක) ඒ ඒ එපිස්ටමෝලොජිකල් ක්‍රම වලිං ලබාගන්න පුලුවන් දැනුම වෙන වෙනම තියනවා. ඕකවත් තේරෙන්නෙ නැතිව විවෘතව මනසකිං හිතන්න බැරිව මේවා කතාකරන්න බෑ. ඔයා කරන්න හදන්නෙ අන්දයෙක් අලියෙක්ගෙ හැඩරුව කිව්වා වගේ අසම්පූර්ණ වැඩක්. සමහරවිට පට්ටම වැරදි ක්න්ක්ලූශන් එකකට යන්න පුළුවං. ඒනිසා තමා අභිධර්මය දේශනා කලායැයි කියන බුදුන්ම මෙහෙම උපදේශයන් දෙන්නෙ.
අචින්ත්‍යෙයිය සූත්‍රය
“මහණෙනි, යම් දෙයක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, නොසිතිය හැකි, නොසිතිය යුතු මේ සතරක් වෙත්. කවර සතරක්ද යත්.
“යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වන්නේද, මහණෙනි, බුදුවරුන්ගේ බුද්‍ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, කර්‍ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය.
ඔයාට ඕක මනුෂ්‍යයාට හැකි උපරිම නිවැරදි අයුරින් ප්‍රත්‍යක්ශ කරගන්න බෑ සර්වඥ නොවී. ඒකට තව කල්ප බොහොමයක් උත්සහ කරන්න වෙයි. එහෙම බැරිනං අනුමානයෙන් පුළුවං වෙයි, ඒකට සූත්‍ර පිටකයේ ඔය කියන ජාතියේ "කන්ටෙක්ස්ට්" තියන සූත්‍ර ස්ටඩී කරන්න.
අභිධර්මය පිළිබඳ මට තියෙන්නෙ බොහොම සරල අදහසක්. රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් දෙක තුන විතරයි කියවලා තියෙන්නෙ. ඊට වඩා සූත්‍ර වල තියන "ප්‍රායෝගික" ක්‍රමය මම අගය කරනවා.
ඉතින් පකෝ, අපිට ආගමක් ඔනෙ වෙන්නෙ මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තමා, මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිනම් මොකද්ද ආගමකින් ඇති වැඩේ? ඔයිට වඩා හොඳයිනෙ බ්‍රහ්මය ඔක්කොම මැව්ව කියල හිත හදාගෙන ඉන්න එක, මොන බූරුවෙක්ද උබ,
අන්ධ භක්තිය,

අභිධර්මයෙන් උත්තතර දීපං.
මේ කර්මයෙදි ඇති වෙන්න පුලුවන් සිත් දෙකයි තියෙන්නෙ, අභිධර්මයට අනුව,
1. සෝමනස් සසහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංකාරික සිත( ත්‍රිහේතුක මහා කුසල සිතක්)(අලෝභ, අද්වේශ. අමෝහා
2. සෝමනස්ස සහගත ඤාණ විප්‍රයුක්ත අසංකාරික සිත, (අලෝභ, අදෝස )
මේ සිත් දෙකෙන් කෝකද ඇතිවෙන්න පුලුවන්? නැත්තන් අකුසල් සිත් 12ක් තියනවනෙ, ඒ දොලහෙන් මොන සිතද මෙතනදි ඇතිවෙන්නෙ?

සෙක්ස් දුන්නොත් කියලා අදහස් කලේ මොකක්ද මචන්?


. ඊට අදාළ අවයව ක්‍රියාකරවීමට ලෝභමූල සිත් අවශ්‍යයි. ඒ සිත් ඇතිවෙනකොට කාමාවචර විපාක වශයෙන් අදාල අවයව ක්‍රියා කරනව.ඉතින් ඒක අකුසලයක් වන්නේ ඒ නිසා.

