කෝවිඩ් - 19 ශීඝ්‍ර පරීක්ෂණ කට්ටල භාවිතය තාවකාලිකව නවත්වයි (India)
http://www.lankadeepa.lk/latest_new...ීක්ෂණ-කට්ටල-භාවිතය-තාවකාලිකව-නවත්වයි/1-570699
චීනයෙන් ගෙන්වූ කොවිඩ් - 19 ශීඝ්‍ර පරීක්ෂණ කට්ටල භාවිතා කිරීම තාවකාලිකව නවත්වන ලෙස ඉන්දියාවේ ප්‍රධාන වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය ප්‍රාන්ත රජයන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
කොරෝනා වයිරස පරීක්ෂණ වේගවත් කිරීම සඳහා ඉන්දියාව චීනයෙන් කට්ටල මිලියනයක් පමණ ආනයනය කර ඇති අතර එම කට්ටල වලින් සිදුකළ පරීක්ෂණ වලදී සාවද්‍ය ප්‍රථිපල ලැබී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
නිසි ලෙස පරීක්ෂා කරන තෙක් දින දෙකක කාලයක් සඳහා ඒවා භාවිතයට නොගන්නා ලෙස ඉන්දියානු වෛද්‍ය පරීක්ෂණ කවුන්සිලය දැනුම් දී ඇත.
රුධිර සාම්පල වල කොවිඩ් - 19 සඳහා ප්‍රතිදේහ තිබේදැයි පරීක්ෂා කිරීම මෙහිදී අනුගමනය කරන ක්‍රමවේදය වන අතර කොරෝනා ආසාදිතයින් තහවුරු කරගන්නා විද්‍යාගාර ක්‍රමයට වඩා ඉක්මන් ප්‍රථිපල ලබා දේ.
මෙම කට්ටල අක්‍රීය බවට ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයකින්ම පැමිණිලි ලැබී ඇතැයි සඳහන් වේ.
අපි නම් ඔය රැපිඩ් ටෙස්ට් බල්ලට දැම්මෙ,රටට ආව දවසෙමයි..ඉන්දියාවට සපේක්ශව අපේ වැඩ පිලිවෙන සාර්තකයි කියන්ඩ මේව හොද උදාහරන අපේ සෞඛය අoශ බොහොම ඉදිරියෙන්..




