Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    උඹට sure ද

    ලොකු වෙනසක් නැ. එකම දේ තමයි කලුතර ඇරියත්. මොකද හත් ගවුවක් දුරද? අනික කොලබට ඇතුල්වෙන මංකඩ ඇතිවෙන්න තියනවා කලුතරිනුත්
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    අපි දවස් 4කට සැරයක් වැඩට යනව. curfew ද නැද්ද කියල අදාල නෑ:lol:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    Chathura ekka wada gmoa and anil jasinghe athulu consuntant la athara tyenne wenama matha getumak.. harith aluthgee kiwwa dekata dwasak dr. Seetha arambepola kiynwa eka ekkena kiyna widiyata krnna behe, api experts lagen ahalai mewa krnne kiyla.. othana yanne wena scene ekak..
    And wht chathura said was correct in a way.. extreme yanna hnda nehe..
    මචං බෙහෙත් මදි කමක් තියෙනවා නේද .
    වෙනදට අපි ගන්න බෙහෙත් බ්‍රෑන්ඩ් කිහිපයක්ම pharmacy වල ඉවරයි .
    දැන් සති දෙකකට විතර කලින්
    මාසෙටම rs. 200ක් විතර යන බෙහෙත් ජාතියක් නැතුව
    වෙන brand එකකින් ගන්න rs .1900ක් විතර ගියා .
    මට pharmacy එකෙන් කිව්වා මේකත් ඉස්සරහට නැති වෙන්න පුළුවන් කියල .
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මචං බෙහෙත් මදි කමක් තියෙනවා නේද .
    වෙනදට අපි ගන්න බෙහෙත් බ්‍රෑන්ඩ් කිහිපයක්ම pharmacy වල ඉවරයි .
    දැන් සති දෙකකට විතර කලින්
    මාසෙටම rs. 200ක් විතර යන බෙහෙත් ජාතියක් නැතුව
    වෙන brand එකකින් ගන්න rs .1900ක් විතර ගියා .
    මට pharmacy එකෙන් කිව්වා මේකත් ඉස්සරහට නැති වෙන්න පුළුවන් කියල .

    india pakistan bangladesh curfew nisa supply adu athi
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බොලා දැක්කාද අර පොලොන්නරුවේ නේවි එකේ කොවෙිඩ්පොසිටිව් කෙනා ඇවිදලා තියන ඇවිදිල්ලල.

    නොගිය තැනක් නැ, බැංකු ගිහිනි,බාර් ගිහින්, පොලට ගිහින්, පාටි දාලා තියනවා, ප්‍ර.ලේ ගිහින්. මාර තොගයක් කන්ටැක්සස්
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පොළොන්නරුවේ ආසාදිතයා අනුරාධපුර ඩිපෝවේ රියදුරෙක් ඇසුරු කළ බවට තොරතුරු
    වැඩි විස්තර:- http://ow.ly/wdqh50zm9Oi

    මරනාදාර සමිතියේද කොහෙද ට්‍රෙෂරර් ලු. සල්ලි බෙදන්නත් ගිහින් ගෙවල්වල
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බුකියෙන් ඉස්සුවේ.ඉන්දුමති ජයසේන කියලා කෙනෙක් දාලා තිබ්බේ


    හදිසියේ පොලොන්නරුවට කඩා වැදි කොරෝනා බිය.....

    කොවිඩ් 19 වසංගතය නගර බද ඇවිල යද්දි පොලොන්නරුව දිස්ත්‍රික්කය ට එම අවදානම පිලිබඳ බිය මුලින්ම ඇති වූයේ කන්දකඩුවේ ස්ථාපිත කල නීරෝධායන මධ්‍යස්තානයෙනි. ඒ එහිදී රෝගීවන ආසාධිතයින් ගෙනෙන ලද්දේ පොලොන්නරුව මහ රෝහලට බැවිනි. එහෙත් රෝහලේ කටයුතු මනාව සංවිධානය වී තිබුනෙන් ඔවුන් වෙනමම වාට්ටුවකටත් ඒ සඳහා වෙනමම කාර්‍ය මණ්ඩලයකුත් සකසා ගැනීමෙනුත් පොලොන්නරුව මහ රෝහලෙන් රෝග ව්‍යාප්තියක් සිදුවෙතැයි පහල වූ බිය සාමාන්‍ය ජනතාවගෙන් බැහැර විනි. අනතුරුව කොරෝනා ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙ විශේෂ ප්‍රතිකාර ඒකකයක් වැලිකන්ද රෝහලේ ස්තාපිත කෙරිනි. ඒ අනුව කන්දකඩුවෙන් රෝගී වන ආසාධිතයින් පොලොන්නරුව මහ රෝහලට නොයවා කෙලින්ම වැලිකන්ද රෝහලට මාරු කොට යැවිනි.

    ඉඳ හිටෙක එවැනි ආසාධිතයෙකු පිලිබඳව පොලොන්නරුව රෝහලෙන් වාර්තා වුවද එවැනි අවස්තා තුනක්ම රෝගියා ගේ වෛද්‍ය පරීක්ෂණ වාර්තා සෘනාත්මක වීමෙන් පොලොන්නරුවේ ජනතාව සැනසුම් සුසුම් හෙලූහ.

    අප්‍රේල් 14 වන් විට පොලොන්නරුව සහතික වශයෙන්ම කොරෝනාවෙන් වැලකුනු ප්‍රදේශයක් බවට තහවුරු වී තිබුනේ ඒ වන විට පිටස්තර පුද්ගලයන් හෝ පිටස්තර වාහන පොලොන්නරුවට පැමිනීම වැලකී තිබූ හෙයිනි.

    ඇඳිරි නීතිය පවතින වකවානුවක් බැවින් මාවත් හි ගමන් කල උදවිය පොලිස් අවසර පත් ගත් අය වූහ . එහෙත් ඉඳ හිටෙක එවැනි අවසර පතක් අනුග්‍රහයෙන් වෙනත් පෞද්ගලික ගමන් බිමන් ගිය අයද සිටියේය.සෑම ගමක්ම ආවරණය කරමින් එලවලු මස්,මාලු, බේකරි කෑම අලෙවි කල වාහන ඒ මේ අත යෑම සිදුවිය. ජනතාව ඉතා ප්‍රවේශමෙන් ඔවුන් හා ගනුදෙනු කලහ.

    20 වෙනිදින ඇඳිරි නීතිය ඉවත් කිරීම සහ සුරාසැල් විවෘත කල දින පොලොන්නරුවේ මෙතෙක් සිරවී සිටි ජනතාව නිදහසේ ඇවිද යනු දුටුවෙමි .. දිස්ත්‍රික්කයේ සෑම සුරාසැලක් අසලම මහා දිග පෝලිම් විය..කදුරුවෙල නගරය දිස්වූයේ පොසොන් මහ පෙරහැර දවස මෙනි. ඒ අතරේ අවුරුදු නෑ ගමන් යන උදවියද සිටියෝය.

    22 වෙනි දින පොලොන්නරුවේ ඇතැමුන් කෙතරම් නිර්භීත වූයේද යත් වැඩි පිරිසක් මුව වැසුම් ආවරණ ඉවත් කොට සිටියෝය. පොලොන්නරුව මහ රෝහලේ බාහිර රෝගී අංශයේ මීටරයක් දුරින් සිටින් නැයි අංක පිලිවෙලට අසුන් පනවා තිබුනද රෝගීන් එකපොකුරේ ගොඩගැසී පේලී ගැසී සිටියෝය. වෙනදා සාමාන්‍ය යෙන් මීටරයක් දුරින් වෙළඳසැල් වල සිටියෝ මෙදා බියෙන් සැකෙන් තොරව එකිනෙකා ලඟ ගැවසිනි.
    කොටින්ම 22 වන දින වන විට පොලොන්නරුවේ ජනතාවගෙන් කොරෝනා බිය සහමුලින්ම පහව ගිය බවක් දක්නට ලැබිනි.

    මෙවැනි තත්වයක් යටතේදියි 22 දින දහවලේදි පොලොන්නරුවේ ප්‍රථම කොරෝනා රෝගී ආසාධිතයා ගැන වාර්තා වන්නේ...
    පුලස්තිගම පූමාඩිය ගම්මානයෙ පදිංචි නාවික සෙබලෙකු වන මහේෂ් තමන් සේවයේ සිටි වැලිසර නාවික හමුදා නීරෝධායන මධ්‍යස්තානයෙන් පිටවන්නේ ඉකුත් 18 වන දිනයි.. ඔහු සමඟ 12 දෙනෙකු එහි සිට පිටත් වූ බව බුද්ධි තොරතුරු වල සඳහන් වේ.. මේ පිරිස අතුරින් පොලොන්නරුව දක්වා ගමන් කරන්නට මහේෂ් සමඟ මැදිරිගිරියේ සහ අත්තනකඩවල පදිංචිකරුවන් දෙදෙනෙකුද එක්ව තිබේ.. තවමත් ඇඳිරි නීතිය බලපවත්නා ප්‍රදේශ හරහා බස් රථ වෙනත් ප්‍රවාහන මාධ්‍ය නොතිබුනෙන්...අඹේපුස්සේ සිට අත්‍යවශ්‍ය සේවා ලොරි හෝ වෙනත් වාහන කිහිපයක් නැගී ආ ඔවුන් අතුරින් මහේෂ් මින්නේරියේ සී පී පිලිරුව අසලින් හිඟුරක්ගොඩ මාවතේ ටික දුරක් පයින් සහ යතුරු පැදි .ත්‍රී රෝද ආදියෙන් පුලස්තිගම තම නිවසට පැමින තිබිනි.

    18 හා 19 දෙදින ඔහු පුලස්තිගම නගරයේ බැංකුවක ATM යන්ත්‍රයකින් මුදල් ගනුදෙනුවක්ද ..එහිම බාබර් සාප්පුවකටද ගොස් තිබිනි. තඹාල නගරයේ සතිපොල, ටත් අනතුරුව ගැබිනි බිරිඳගේ පෝෂණ කාඩ් පත ලබා ගැනීමට ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලටත්..ගිය බව සඳහන් වේ.

    19 දින පුලස්තිගම ප්‍රදේශයේ සුරාසැලකින් මිලදී ගත් මත්පැන් බෝතලයක්ද සහිතව ඔහු ජයන්තිපුර සතිපොල භූමිය ඉදිකරන තැන සේවයේ නියුතු ගුවන් හමුදා මිතුරන් රැසක් වෙත පැමින තිබේ... එහි සේවයේ නියුතු ගුවන් භටයෝ උදෑසන සේවයට විත් සවස නිවසට හෝ හිඟුරක්ගොඩ කඳවුරට යන්නෝය. ඔහු එහිදී ඔහුගේ මිත්‍රයින් හා ගැවසී අනතුරුව ඔහුගේ තවත් මිත්‍රයෙකු සිටින කඩවලවැව ප්‍රදේශයේ නිවසකට ගොස් එහිදී මිත්‍රයා සමඟ මත්පැන් පානය කල බව සඳහන් වේ.

    ඊයේ වන විට පොලීසිය හා යුධ හමුදාව අදාල ස්තාන හා පුද්ගලයන් සොයා පරීක්ෂණ කටයුතු අරඹා තිබේ.

    මේ අතර සිරිපුර ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලාගේ බිරිඳගේ ඥාතිපිරිසක් ද ඔහුගේ නිවසට පැමින ගොස් තිබේ.. සිරිපුර ඥාතිවරයෙක් ප්‍රදේශයේ අවමංගල්‍යාධාර සමිතියක භාන්ඩාගාරික යි. . ඔහු නාවික සෙබලාගේ නිවසට ගොස් පැමිනීමෙන් පසු සිරිපුර තම ගම්මානයේ ග්‍රාමීය බැංකුවෙන් ගත් මුදල් සමිතියේ සාමාජිකයින්ගේ නිවෙස් කිහිපයකටම ගෙන ගොස් දී තිබෙනැයි ලද තොරතුරක් මත ඊයේ වන විට සෞඛ්‍ය අංශ සිරිපුර ප්‍රදේශයේද සෝදිසි මෙහෙයුම් දියත් කොට ඇතැයි වාර්තාවේ.

    20 වන දින තමන් දැඩි හිසරදයකින් පෙලෙන බැව් පවසා නාවික සෙබලා පුලස්තිගම රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමින තිබේ. එහිදී තොරතුරු විමසීමෙන් අනතුරුව රෝගියා පොලොන්නරුව රෝහලට එවා ඇත. 22 දින ඔහුගේ රෝගී වාර්තාව ධනාත්මක බැව් තහවුරු වී ඇති අතර ඔහු දැනට වැලිකන්ද රෝහලට ඇතුලත් කොට තිබේ.ගැබිණියක වූ ඔහුගේ බිරිඳ දරුවන් ඇතුලු ගම්මාන කිහිපයක වැසියන් 48 දෙනෙකු නීරෝධායනයට ලක් කොට තිබෙන අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන 12 ක් මේ වන විට වසා දමා තිබේ.

    මේ අතර 22 වන දිනම ඇලැහැර දියබෙදුම ප්‍රදේශයට ( වී එකතු කිරීමට) මරඳන්කඩවල සිට ආ ලොරියක පැමිනි රිය සහායක කොරෝනා රෝග ලක්ෂන පහලකොට ඇති බැවින් මේ වනවිට ඔහු පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කොට සිටී.ඔහු පිලිබඳ රෝග වාර්තාව අද පෙරවරු 11 වන විට ලැබීමට නියමිතව තිබුනි.

    මේ ලිපියේ අරමුණ දිස්ත්‍රික්කයේ එවැනි කොරෝනා රෝගියෙකු හෝ එවැන්නෙකු ඇසුරු කල අයෙකු පිලිබඳ යම් සැකයක් හෝ වේ නම් තමන්ගේ ප්‍රවේශමටත් යම් තොරතුරක්වේ නම් ආරක්ෂක අංශ දැනුවත් කිරීමටත් කටයුතු කිරීමට බව කාරුණිකව සලකන්න.

    ඉන්දුමතී ජයසේන
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    මචං බෙහෙත් මදි කමක් තියෙනවා නේද .
    වෙනදට අපි ගන්න බෙහෙත් බ්‍රෑන්ඩ් කිහිපයක්ම pharmacy වල ඉවරයි .
    දැන් සති දෙකකට විතර කලින්
    මාසෙටම rs. 200ක් විතර යන බෙහෙත් ජාතියක් නැතුව
    වෙන brand එකකින් ගන්න rs .1900ක් විතර ගියා .
    මට pharmacy එකෙන් කිව්වා මේකත් ඉස්සරහට නැති වෙන්න පුළුවන් කියල .

    Api beheth mainly genne Bangladesh walin bro. Ekai case eka.. ehe case me tike..
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 334 දක්වා ඉහළට
    1.45PM

    පොලොන්නරුව කන්ටැක්ට් එක්ක නෙවෙයි කියපං හොදේ
     
    Status
    Not open for further replies.