Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මගේ යාලුවෙක් තව 4 දෙනෙක් එක්ක ජා-යල sir කෙනෙක්ගේ ගෙදර ගිහිල්ල .
    එතන එකෙක් army එකේ ඉන්නේ . උගේ pass එකෙන් ගිහින් තියෙන්නේ .
    හැමෝම එකම mic එකෙන් සින්දු කිව්වලු .
    දැන් උගේ උගුර රිදෙනවලු .
    මේක උගේ හිතේ බයට ඇතිවෙච්ච placebo effect එකක් උනොත් හොදයි .:dull::dull:

    බය වෙන්න එපා කියපං. ගෙදරට බරක් වෙන්නැ කොහොමත්. ඔක්කෝම රජයෙන් කරන්නෙ
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    protective gears kiyanne machan un danne mask eka vitharaine.
    Anith ekka patients lath ekka contacts thiyenawa bn unta. Onna okai case eka.

    Phi ලා ගොඩකට අවම පහසුකම් වත් නැ
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කඩවත ඉන්න අය එළියට බහින්න එපා
    අතුරු පාරවල් වලත් පොලිසියෙන් එනවලු, මගේ යාලුවෙකුත් මඟදි අරන් ගිහින්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    protective gears kiyanne machan un danne mask eka vitharaine.
    Anith ekka patients lath ekka contacts thiyenawa bn unta. Onna okai case eka.

    Itin ban system eka fail ne.PHI ta full suit eka denna onene
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Itin ban system eka fail ne.PHI ta full suit eka denna onene
    එහෙම දෙන්නෙ නැහැ බන්
    දොස්තරට දුන්නට නර්ස්ලටවත් ඇඳුමක් නැහැ
    උන් නිකම් බල්ලෝ බලල්ලු ගානට දාලා තියෙන්නෙ :(
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    Ow bns... Mage gewal laga ekek aragena giya ada ude.
    Uth ekka thawa 8k innawalu results positive una PHI la.
    ගෙවල් ගාව එකා මොන ජොබ් එකක් කරන එකක්ද? :eek:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    එහෙම දෙන්නෙ නැහැ බන්
    දොස්තරට දුන්නට නර්ස්ලටවත් ඇඳුමක් නැහැ
    උන් නිකම් බල්ලෝ බලල්ලු ගානට දාලා තියෙන්නෙ :(

    Then what is the point of curfew:oo: virus doesnt go away
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,715
    5,661
    113
    එහෙම දෙන්නෙ නැහැ බන්
    දොස්තරට දුන්නට නර්ස්ලටවත් ඇඳුමක් නැහැ
    උන් නිකම් බල්ලෝ බලල්ලු ගානට දාලා තියෙන්නෙ :(

    කොහොද බන්? හෝමාගම ඉස්පිරිතාලේ අපේ අයියා කෙනෙක් ඉන්නවා ඇටෙන්ඩන්ට් පුල් කිට් එක ගහන් ඉන්නේ.
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    එහෙම දෙන්නෙ නැහැ බන්
    දොස්තරට දුන්නට නර්ස්ලටවත් ඇඳුමක් නැහැ
    උන් නිකම් බල්ලෝ බලල්ලු ගානට දාලා තියෙන්නෙ :(

    Nurse lata denethi hospital eka mkdda mchn..?? Mama danna hema thenama nam ehema awulak nehe . Ow ppe aduwak tynwa.. namuth mehema case ekak nehe . Mkda corona unith wala weda krnne seemitha pirisak, shift ekata IDH arenna anik then wala.. ehema krnne nehe nurse lata..
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    Yako PHi kakai kit denda epa kiyapalla kassipu bona evanui parana evanui duwala marenawa baya wela
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,217
    66,622
    113
    manදman;25341438 said:
    Yako PHi kakai kit denda epa kiyapalla kassipu bona evanui parana evanui duwala marenawa baya wela

    Wedi tiyala danna tiyenne
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    කොහොද බන්? හෝමාගම ඉස්පිරිතාලේ අපේ අයියා කෙනෙක් ඉන්නවා ඇටෙන්ඩන්ට් පුල් කිට් එක ගහන් ඉන්නේ.


    qBjvJAQ.jpg

    ලාංකීය හෙද සේවයේ අද තත්වය හා කොරෝනා වසංගතය.



    කොරෝනා රෝගීන් ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙනවා , තවමත් ලෝකයේ කිසිදු රටක් covid 19 සහමුලින් ම තුරන් කර නැහැ. ඒ වගේම නිශ්චිත ඖෂධයක් හෝ නික්ශේපනයක් සොයා ගෙන නැහැ. සමහර රටවල් වල තවම තියෙන්නේ නිවෙස් ඒකකවලින් රෝගීන් හමු වන කාලයයි. එය ඉදිරියේ දී සමාජය තුළින් ම රෝගීන් හමු වන කාලය දක්වා ව්‍යාප්ත වේවී. ශ්‍රී ලංකාව වැනි රටවල් දැන් සිටින්නේ ඒ කාලයන් දෙක අතර සංකාන්ති කාලයක යැයි උපකල්පනය කල හැක. ඉදිරියේදී රෝගීන් සමූහ වශයෙන් වාර්තා නොවේවි යැයි නිගමනය කළ හැකි ද ? ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මෙම වසංගතය ගමන් කරන ආකාරය අනුව අප රටට එසේ නොවේ වී යැයි උපකල්පනය කිරීම ද උපකල්පනය කළ නො හැක. මේ සඳහා අපගේ සෞඛ්‍ය සේවාව සූදානම් ද ?
    හෙද සේවාවේ අපි ඒ අභියෝගය ජයගන්න සූදානම් ද ? යන ප්‍රශ්නය පැන නැගේ .
    මෙය බරපතළ ගැටළුකාරී තත්වයකට ගමන් කරමින් සිටී. ඉදිරියේදී සේවය කරන අපට ද මේ ගැටලුකාරී තත්ත්වය බලපෑමක් නොවේ වී යැයි වගකීමක් දිය හැක්කේ කාට ද ?
    මේ අවස්ථාවේ දී මූලික අවශ්‍යතාවය වන්නේ රෝගීන් රැක බලා ගැනීමට අවශ්‍ය ය ආරක්ෂක ඇඳුම් සහ උපකරණයි. ඒ වගේම ජාත්‍යන්තරව භාවිතා වන ආරක්ෂක උපක්‍රම විධිවිධාන යි. දිවයින පුරා රෝහල්වලින් වාර්තා වන තත්ත්වය අනුව වසංගත තත්වයක් සදහා මුහුණ දීමට අවශ්‍ය මූලික ආරක්ෂක ඇඳුම් සහ උපකරණ වල උග්‍ර හිඟයක් දක්නට ලැබේ. විධිමත් ආරක්ෂක උපක්‍රම විධි විධාන සමස්තයක් ලෙස භාවිත වීම අඩුය. මෙය බරපතළ තත්ත්වයකි . දැනට ඒ පහසු කම ඇත්තේ Covid 19 ආසාදිතයන් ඇතුලත් කරන රෝහල් සහ ඒකක වල පමණි. ඉදිරියේදී රෝගීන් ප්‍රමාණය වැඩි වුව හොත් තවත් රෝහල් සහ ඒකක වලට ඒ පහසුකම් සපයා දිය යුතුය. දැනට එවැනි තත්ත්වයක් නො පෙනේ. මේ තත්ත්වය යටතේ සේවය කරන හෙද නිලධාරීන් ගේ ජීවිත බරපතළ ලෙස අවදානමක යොදා ඇත. හෙද නිලධාරින් විසින් ඔවුන් විසින්ම සකසා ගත් උපකරණ හා ආරක්ෂිත ඇඳුම් ඇඟලා ගෙන සේවය කරන අයුරු අප දැක ඇත. ඒවායේ ප්‍රමිතීන් සම්බන්ධයෙන් වගකීමක් දිය හැක්කේ කාටද ? තත්ත්වය යම්තාක් දුරට බරපතළ බව වැටහෙන්නේ නැති නම් ඔබට අද ලෝකයේ තත්වය හෝ වසංගත වේදය ගැන අවබෝධයක් නොමැත.
    හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් 300 කට වැඩි ප්‍රමානයක් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් සමඟ ඍජුව සම්බන්ධ වූ වේ යැයි සැක පිට නිරෝධායන සඳහා යොමු කර ඇත ? එයින් සියයට අසූවකට ( 80%) වඩා වැඩි පිරිසක් හෙද නිලධාරීන් වේ . මේ තත්ත්වය පෙන්නුම් කරන්නේ හෙද නිලධාරින් ඉතා අවදානම් තත්වයක පසුවෙන සෞඛ්‍ය කණ්ඩායමක් වන බව ය. එය එසේ වුවත් ඒ සඳහා අවශ්‍ය ය ඉදිරි ක්‍රියා මාර්ග මෙතෙක් ගෙන ඇති බවක් නොපෙනේ. මෙහි වගකීම ගන්නේ කවුද ?
    සෘජු උපදෙස් ලබා නොදීම නිසා සමහර සෞඛ්‍ය ආයතන ප්‍රධානින්ගේ ක්‍රියා කලාපයන් ඉදිරියේ දී හෙද සේවාවට බරපතළ ලෙස බලපාන බවට ඉඟි ප්‍රකාශ වෙමින් පවතී. තවමත් යල්පැන ගිය ක්‍රමවේද භාවිත කරමින් සිටී උදාහරණයක් ලෙස හෙද නිලධාරින් විශාල ප්‍රමාණයක් එක පොතක අත්සන් කිරීම දැක්විය හැක. හෙද කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නිසි ලෙස කළමනාකරණය නොවුණහොත් ඉදිරියේදී අනිසි ප්‍රතිඵල ඇති විය හැක.
    සෞඛ්‍ය අමාත්‍යාංශයේ හෙද පරිපාලන ශාකාව මගහරිමින් නිකුත් කරන යම් යම් නියෝග නිසා අද හෙද පරිපාලනය බරපතළ ලෙස ගැටලුකාරී තත්ත්වයකට ඇද දමා ඇත. ඉදිරියේදී එය උග්‍ර ගැටළුවක් බවට පත් වනු ඇත. යම් යම් රෝහල්වල අද දිනය වන විට චක්‍රලේඛ වැරදි ලෙස අර්ථ කථනය කර අත්තනෝමතික තීරණ ගැනීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ද උද්ගත වී ඇත.
    මෙය මෙසේ දිගටම වුව හොත් ඉදිරියේ දී අපට අසන්නට ලැබෙන්නේ වඩාත් සුබදායී තත්ත්වයක් නොවන බව පැහැදිලිය. Covid 19 මර්ධන වැඩපිලිවෙල තුල වර්ග භේද වාදය හා ගෝත්‍ර වාදයේ ලක්ෂණ සමාජය තුළින් ඉස්මතු වී පෙනෙයි. එය රාජ්‍ය යාන්ත්‍රණය තුළ ද , සේවක සුභ සිද්ධිය වෙනුවෙන් කටයුතු කරන වෘත්තිය සමිති තුළින් ද පෙන්නුම් කිරීම අවාසනාවන්ත තත්වයකි. පක්ෂ විපක්ෂ දේශපාලනය තත්ත්වය ද වැඩි වෙනසක් නැත. දැන් තත්වය තමා හිසට තම අතමය සෙවනැල්ල යන කියමන දක්වා කෙමෙන් කෙමෙන් ගමන් කරමින් ඇත.
    සමාජ විනය උපරිමයෙන් ආරක්ෂා කරන හා පිළිපදින යුරෝපාකරයේ රටවල් වලට ද ඇමරිකාව ඇතුළු ලෝකයේ අංක එකේ සෞඛ්‍ය සේවාවන් ඇති රටවල් ද අද අසරණ බව අපගේ හැඟීමයි. එය එසේ වී තිබියෙදි මාළු වෙලෙන්දෙක්, කරණවෑමියෙකු ඇතුලු ආසාදිතයන් සමාජය තුළින් මතු වීම මෙහි ඉදිරිය ගැන බරපතළ ලෙස පුරෝකථනය කළ හැක එය එසේ නම් මෙය කෙසේ විය හැකි ද ? අප යම් අධිතක්සේරුවකින් සිටී යැයි හැඟේ. යකඩ මල්ලට ගුල්ලො ගසා ඇත්නම් හාල් මල්ල ගැන කවර කතා ද ? අවධානමට පෙර සූදානම් වීම ඔබේ වගකීමයි. එය අපේද සාමූහික වගකීම වන අතර උපරිමයක් කිරීමට අප අපේක්ෂා කරන්නේ මු.

    අවසානයේ කීමට ඇත්තේ මෙය හොඳම ජයග්‍රහකයා හෝ පරාජිතයා තෝරන තරගයක් නොව ඔබ අපගේ ජීවිතය බේරා ගැනීමේ තරගයක් පමණක් බවය.
    අමල් ගුණවර්ධන
    ජාතික සංවිධායක
    රජයේ හෙද නිලධාරීන් ගේ සංගමය.

     
    Status
    Not open for further replies.