Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    යාපා තෝ බොරුකාර හුකන්නෙක්
    නේවි 4ක් පොසිටිව් කියලා උදේම කෙබ්බ කෙලියා
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    මෙරට කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ සංඛ්‍යාව 379 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.

    ඒ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 6 දෙනෙකු වාර්තා වීමත් සමඟයි.

    ඒ අනුව අද දිනය තුළ වාර්තා වී ඇති මුළු කොවිඩ්-19 ආසාදිතයින් ගණන 11කි.

    මෙම රෝගීන් 11 දෙනාම නිරෝධායන මධ්‍යස්ථානවල හා නිවාසවල නිරෝධායනයට ලක්වෙමින් සිටි කොළඹ-12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    කොළඹ සිට පොළොන්නරුවට වාහන 6 කින් - තවත් කි.මී. 5 ක් පා ගමනින්


    ( ක.ග.කරුණාරත්න )

    කොරෝනා වයිරසය ආසාදිත බවට පොලොන්නරුවෙන් හමුවූ ප‍්‍රථම රෝගියා වන නාවික සෙබළා ඔහු සේවය කල වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිවාඩු ලැබ පොලොන්නරුවේ පුලස්තිගම පිහිටි සිය නිවෙස දක්වා පැමිණ ඇත්තේ වාහන ගණනාවක නැඟී බව මේ වනවිට අනාවරණය කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

    මොහු ඉකුත් 18 වෙනි දින රාජකාරි කල වැලිසර නාවික හමුදා කඳවුරට අයත් වාහනයකින් කොළඹ කොටුවට පැමිණි බවත් එතැන් සිට මනුවර බලා යන බස් රථයක නැඟී වරකාපොල දක්වා පැමිණි බව ප‍්‍රකාශ කර ඇත.

    පසුව ත‍්‍රිරෝද රථයෙකින් අලව්ව නගරයට පැමිණ තිබේ. අලව්වේ සිට කුරුණෑගල දක්වා තවත් වාහනයකින් කුරුණෑගල නගරය තෙක් පැමිණ ඇති අතර එහිදී එළවලූ මිළදී ගැනීම සඳහා දඹුල්ල දක්වා එන කුඩා ලොරි රථයක පිටපසට ගොඩවී ඇති බව කියා තිබේ.

    ඒ අවස්ථාවේ දඹුල්ලට යාමට තවත් කිහිප දෙනෙකුද ලොරියේ පිටුපස සිටි බව නාවික සෙබළා ප‍්‍රකාශ කර ඇත.

    මේ පුද්ගලයා දඹුල්ල නගරයට පැමිණ එහි ටික වේලාවක් රැඳී සිටින විට මින්නේරිය ප‍්‍රදේශයේ පිහිටි සහල් මෝලකට අයත් සහල් ප‍්‍රවාහනය කරන ලොරියක් පැමිණ තිබේ.

    එම ලොරිය නවත්වාගෙන එහි නැඟී මින්නේරිය නගරයට පැමිණ ඇත. මේ අවස්ථාව වනවිට ඇඳිරි නීතිය ක‍්‍රියාත්මක වෙමින් පැවැතීම නිසා පොදු ප‍්‍රවාහන සේවා බස් රථ ආදිය නොමැති හෙයින් මින්නේරිය නඟරයේ සිට හිඟුරක්ගොඩ දක්වා කිලෝ මීටර් 05 කට වැඩි දුරක් පයින්ම පැමිණි බව නාවික සෙබළා පවසා තිබේ.

    එතැන් සිට පුලස්තිගම අභයපුර පිහිටි සිය නිවෙසට ගොස් ඇත්තේ ත‍්‍රිරෝද රථයෙකින් බවත් නිවෙස ආසන්යට ගොස් නිවෙස දක්වා මඳ දුරක් පයින් ගිය බවද නාවික සෙබළා වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබේ.


    මේ ආකාරයට මෙම නාවික සෙබළා ගමන් ගත් බව කියන රථවාහන අතුරින් ලොරිය සහ ත‍්‍රිරෝද රථය හඳුනාගෙන ඇතැයි පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය.

    එම ත‍්‍රිරෝද රථයේ රියැදුරාත් ලොරියේ රියැදුරු සහ එහි සහායකත් මේ වනවිට නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද ඒ මහතා කීය.
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    95220549_3903009656405850_4125286388109148160_o.jpg
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,415
    6,633
    113
    Gedara
    තව 30ක්ට හැදිලා කෑම්ප් එකේ.අම්බෝ හුත්තෝ
     
    Status
    Not open for further replies.