Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කිරියෙ තෙර්ඩ් එකක Dharatha සහ BloodStorm වයිරස් ලින්ක් ශෙයා කිරීම ගැන GTRZ ට ගහපු PM එක කෙටියෙන් මෙසේය

    Screenshot-11.jpg


    මට කරන්ඩ පුලුවන් දේ හැමෝගෙම ආරක්ශාව සදහා මම කරා.. :yes:


    :lol:nedakin ponaya
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Copied from fb
    කොරෝනා සහ උණ - කරවනැල්ල ඉස්පිරිතාලය

    නිදහස් මාධ්‍යවේදියෙක් විදිහට මම මොනාද කරන්නේ ? මේ දවස් ටිකේම මම ජීවත් වෙන්නේ ගෙදරට වෙලා එලියටවත් බහින්නේ නැ ඒ කිව්වේ ගමේ රවුම් ගහන්නේ නැ හැබැයි වත්තපිටියේ බරටම වැඩ ඔහොම ඔහොම ඉන්නකොට සේනිකව සඳුදා දවල් වෙනකොට මට සහලෝල උන ගන්නවා බඩුම තමා දැන් සුදානම් වෙයන් පුතේ කියල එක පාරටම හිතට අවා කොහොම උනත් ඉවසීමෙන් හවස් වෙනකල් හිටියත් රෑ වෙනකොට උන දරාගන බැරි නිසා පැනඩෝල් දෙකක් පානය කරලා වේදනාව අඩු කරගත්තා . පහුවදා උදේ වෙනකොට ඉවසන්න බෑ ඔලුව රිදෙනවා ඔබලාට කියන්න ගෙදර අයගෙන් මම ඈත් උනා මම දන්නේ නැනේ වැඩේ හරිද කියල එක නිසාම උදේම කල්පනා කළා මොකද කරන්නේ කියල හිතට අවේ 1390 කෙටි දුරකථන අංකයටකතා කරලා කියනවා කියල එතකොට මතක් උනා අම්බුලන්ස් එකක් සද්දේ දාගෙන අවම ඉදල හමාරයි කියල එක නිසාම හැමෝගෙම ආරක්ෂාවත් ගැන හිතල මම ම සුදානම් වෙලා ගියා කරවනැල්ල මුලික රෝහලට

    රෝහලට යනකොට වෙන්න තියන දේවල් මට දැන් මැවෙනවා ගියගමන් ඉස්පිරිතාලේ අය මට උන නිසා බයවෙලා සේවකයෝ කෑගහල මාව වෙනම කාමරේකට දාල වහල ලොකු නාට්‍යක් වෙයි කියා හිතුවේ. හැබැයි උනේ වෙනම දෙයක් මම යනකොට රෝහල මේ හැමදේකටම ඉතාම හොඳින් සුදානම් වෙලා ඉදල තියෙන්නේ යන තැනම ඉන්න කවුන්ටරේ මහත්මයෙක් මගෙන් ලෙඩේ මොකක්ද ඇහුව මම කිව්වා උන කියල එතකොට මට දුන්න රතු නම්බර් එකක්

    අන්න බය උන තැන මම ඇහුව ඇයි රතු කියල අනික් අයට නිල් දැන් තමා රත්වෙන්න ගත්තේ උනත් වැඩි වෙනවා වගේ දනුනා. එත් එක්කම රෝහලේ ආරක්ෂක නිලදරිනියක් කෑගහනව නම්බර් ගත්ත අය බාර්කොඩ් එකක් ගන්න කියල මන් හොල්මන් ඒ මොකටද එන්න හදන්නේ බේත් ගන්න බාර්කොඩ් මොකටද ? ඕනේ එකක් යමුකෝ බලන්න කියල මම ගියා ඒ කවුන්ටරේ ලගට. හෙද නිලදරිනියක් ඉන්නවා ඉතාම හොඳ සුදානමකින් එකියන්නේ හිසේ සිට සියලුම තැන ආවරණය වන පරිදි වසාගෙන ඇය හිටියේ සහ අවශ්‍ය සියලුම පහසුකම් තිබුන ඇයට අත්වැසුම් පලලා එත් එක්කම ඇස් අවාරණ පවා පලන්දලයි හිටියේ මගෙන් අසුව මොකක්ද ලෙඩේ කියල මම කිව්වා උන කියල ඊට පස්සේ මට දැනුන අගේ මුහුණ ටිකක් වෙනස් වෙනවා කියල මොනවා උනත් අපි හැමෝම මිනිස්සු නේ හිතන්න ඇති බැරි වෙලාවත් මේ ඇවිල්ල ඉන්නේ එයාගේ මාරයද කියල ඊට පස්සේ මගෙන ඇහුව හැඳුනුම්පත් අංකය සහ ලිපිනය වයස වගේ විස්තර ට්කක් ඔන්න ඊට පස්සේ මගේ අතට එනවා බාර්කොඩ් එකක් තියන මුද්‍රණය කරපු කාඩ්පතක් ඔන්න එතකොටම ආක්ෂක නිලදරිනිය කෑ ගහනවා අත තියන්න එපා මේසෙට... මගේ අත මෙසේ ගෑවෙන්න ඔන්න මෙන්න , ඇත්තනේ කතාව මට කොරෝනා නොතිබ්බත් තියන කෙනෙක් ඇවිල්ල මෙසේ අල්ලාල් ගිහිල්ල නම් ඉඅවරයිනේ මම ගැස්සිලා අත අරගෙන කොලේ අතට ගත්ත.

    එත් එක්කම මට අදාල නම්බර් එක කිව්ව නිසා මම ගියා පරීක්ෂණ කාමරයකට එක ඇතුලට ගියාම ඇත්තටම මට හිතින් කියවුනා වාව් කියල ඒ වෙන මුකුත් නෙමෙය් ඒ කාමරයේ ඇතුලේ සැකැස්ම දැකල දොස්තර මහත්මය වගේ කියල හිතන්න පුළුවන් කෙනෙක් ඉන්නවා ආරක්සාහක ඇඳුම් ගොඩාක් ඇඳගෙන ඊට ඉසරහින් වීදුරුවක් වීදුරුව ඉදිරියෙන් පුටුවක් තියල තියනවා ඒ කාමරේ දොස්තර මහතා සහ මම අතර දුර මීටර් 3 විතර උනා මම වාඩි වෙනවත් එක්කම දොස්තර මහත්මය කිව්වා නම්බර් එක dust Bin එකට දාන්න කියල එතකොට කිසිම විදිහක Contact එකක් වෙන්න නෑ හරි දැන් පපුව ගැහෙන වේගේත් වැඩී දොස්තර මහත්මයා මගේන් අහනවා මොකක්ද ලෙඩේ? මම - උන , Doctor - කැස්ස , හෙම්බිරිස්සාව, උගුරේ අමාරුව තියද ? මම - නැහැ Doctor- ඔලුවේ කැක්කුමක් තියනවාද මම - නැහැ , හරි බයවෙන්න දෙයක් න අපි දවස් තුනකින් ලේ එකක් චෙක් කරමු ගිහින් බෙහෙත් බොන්න.දොස්තරට ලෙඩ හංගන්න බෑ කියනවනේ ඒ වගේම පළපුරුදු දොස්තර කෙනෙකුට ලෙඩාගේ හැසිරීම දැක්කම කියන්න පුළුවන් ලෙඩේ මොකක් ද කියල කොහොම කෙසේ වෙතත් අම්ම තාම පුටුවේ දොස්තර මහත්මය කිවා හරි දැන් යන්න කියල මාර වැඩේ දැන් මට බෙහෙත් තුන්දුවකුත් නෑ අතට බෙහෙත් දුන්නෙත් නෑ කමක් න යන්නනේ කිව්වේ යනවා එලියට එන තැන කොලපාටින්ම ඇඳගත්ත තවත් කෙනෙක් ඉදල කිව්වා ඉස්සරහ කවුළුවෙන් ගිහින් බෙහෙත් ගන්න කියල. දැන් ලොකුම ප්‍රශ්නේ කෝ වෙනදට දොස්තර මහතමය දෙන වැල් අකුරු පිරුණු තුණ්ඩුව එක්කෝ මට ඉල්ලගන්න බැරි උනාද කමක් නෑ කෝකටත් යනවා කවුන්ටරේට කියල ගිය එතනත් දෙතුන් දෙනෙක් නම් හිටිය බෙහෙත් ගන්න හැබැයි අපේ මෙතන ඉන්න කීපදෙනා අතර නම් දුර 50Cm වත් නෑ මම කෝකටත් අතේ දුරින් උන්න මගේ වාරේ ආව ඔන්න දැන් නානයි යන්නේ මහත්මය බර්කොඩ් එක දෙන්න ආහ එක සාක්කුවේ දෙන්නම් කියල උඩ පැනල දුන්නේ. එක අතට ගත්ත ඒ බෙහෙත් දෙන කෙනා බර්කොඩ් එක ආයේ මගේ අතට දුන්න ඔන්න එතකොට තම මට වැඩේ තේරුනේ මේ ඔක්කොම system කරලා තියෙන්නේ කියල. අනික මම දැක්ක දොස්තර මහත්මයත් ලැප්ටොප් එකක මොනවද කොටනවා. ඔන්න සිරා වැඩේ වෙන කොහෙවත් නෙමේ යකෝ අපේ ගමේ ඉස්පිරිතාලේ බෙහෙත් දෙන්නේ System එකකින්.

    මේ සිදුවීමත් එක්ක අපේ ලංකාවේ සෞක්‍ය ක්ෂත්‍රයේ දියුණුව ගැන සහ මේ වගේ වස්න්ගතයකදී ක්‍රියාත්මක වෙන ආකාරය දැක්කම පුදුම සතුටක් අතිඋනා ඒ වගේම අප කැපවීමෙන් ජීවිත පරිත්‍යාගයෙන් සේවය කරන සියලුම සේවකයින්ට මේ කරන උපහාරයක්ම වේවා. ජයෙන් ජය ඒ වගේම ඒ බෙහෙත් බීල දැන් මට ඉහෙන් බහින ලෙඩක් නෑ හැබැයි දැනුන හැගීමත් එක්ක නිතරම පරිසම් වෙන එකත් නිවැරදි පුරුදු ක්‍රියාත්මක කරන එකත් ඉතාම වටිනවා කියල දැනෙන නිසා හුලන් වදින්නවත් එලියට බහින්නේ නෑ මන්.

    කරවනැල්ල මුලික රෝහලේ අධ්‍යක්ෂ තුමා ඇතුළු සියලුම දෙනාට මගේ උපහාරය
    එච්චරයි.
    හර්ෂ ප්‍රේමචන්ද්‍ර
    2020 04 24
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තවත් සුබ ආරංචියක්.. කිසිදු කොරෝනා රෝගියෙක් දැඩි සත්කාර ඒකකයේ නෑ..


    මෙරට වාර්තාවන කොරෝනා රෝගීන් අතුරින් අද වන විට කිසිදු රෝගියකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නේ නැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    දැනට රෝගීන් වැඩිම රෝගීන් ප‍්‍රමාණයක් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු පැවසීය.

    ඊට අමතරව මුල්ලේරියාව රෝහල, ඉරණවිල රෝහල, වැලිකන්ද රෝහල, කාත්තන්කුඩි රෝහල යන රෝහල්වල සෙසු රෝගීන් ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරියෙ තෙර්ඩ් එකක Dharatha සහ BloodStorm වයිරස් ලින්ක් ශෙයා කිරීම ගැන GTRZ ට ගහපු PM එක කෙටියෙන් මෙසේය

    Screenshot-11.jpg


    මට කරන්ඩ පුලුවන් දේ හැමෝගෙම ආරක්ශාව සදහා මම කරා.. :yes:

     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Last edited:

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,971
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    Na e whatsapp ne.

    දන්නෑ බන් මම ඩිස්කෝඩ් ඇරෙන්න ඔය දේවල් මුකුත් පාවිච්චි කරලා නෑ..කොටින්ම ෆේස්බූක් වත් නෑ..පුලුවන්නම් ඔය ලින්ක් දෙක තුනක් PM කරනවද,:rolleyes:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දන්නෑ බන් මම ඩිස්කෝඩ් ඇරෙන්න ඔය දේවල් මුකුත් පාවිච්චි කරලා නෑ..කොටින්ම ෆේස්බූක් වත් නෑ..පුලුවන්නම් ඔය ලින්ක් දෙක තුනක් PM කරනවද,:rolleyes:


    කැමති කට්ට් යම එන්න අලුත් සෙට් එකක් වට්ස් ඇප් වලට වඩා හොදයි ටෙලිගැම් ඇප් එක ගන්න පිසි වලට ඇන්ඩ්‍රොයිඩ් අයත්

    Capture.png


    https://desktop.telegram.org/

    app eka metanin ganila :nerd:
     
    Status
    Not open for further replies.