Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා ඕස්ටේ‍්‍රලියා රජය විසින් නිර්මාණය කරනු ලැබූ ජංගම දුරකතන යෙදුම සමග අතිවිශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

    එය හදුන්වාදී පැය කිහිපයක් ඇතුළත ඕස්ටේ‍්‍රලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීම විශේෂත්වයක්.
    කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිය තොරතුරු මෙම ජංගම දුරකතන යෙදුමට ඇතුළත් කළ යුතු වනවා. ඒ හරහා අඩි 5 ක දුරක තිබියදී මෙම ජංගම දුරකතන යෙදුම භාවිත කරන පුද්ගලයාට තමන් ඉදිරියෙන් සිටින පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇත් දැයි තහවුරු කර ගත හැකියි.

    australia wage rata wala karanna puluwan. ape puluwanda ban mewa karanna? ape mechchara udaw karana Saharange bomba kale hamudawe manushshayek dakkat nikan deyyo dakka wage hitiya minishshu dan e ayata karana de balanpanko
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    australia wage rata wala karanna puluwan. ape puluwanda ban mewa karanna? ape mechchara udaw karana Saharange bomba kale hamudawe manushshayek dakkat nikan deyyo dakka wage hitiya minishshu dan e ayata karana de balanpanko

    ඔව් බන් මහලොකුවට ජාතිආලේ කතාකරට අපේ උන් තරම් කුහකයෝ තව නෑ.කෑම්ප් වලට යන්න බැරුව ෆෝසස් වල කොල්ලො පාරේ රස්තියාදු වෙනවා වහනයක් වත් නෑ උන්ට යන්න හාමුදුරුවෝ කෙනක් ඇවිත් පොඩි ක්‍රීම් කැරැකර් බිස්කට් එකක් අල්ලනවා.කොල්ලන්ට අනිත් වෙලාවට රණවිරුවෝ කියලා වැලලෙන්න හදන එවුන් එකක් වත් නෑ අද:oo:
     
    • Like
    Reactions: danzka

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඔව් බන් මහලොකුවට ජාතිආලේ කතාකරට අපේ උන් තරම් කුහකයෝ තව නෑ.කෑම්ප් වලට යන්න බැරුව ෆෝසස් වල කොල්ලො පාරේ රස්තියාදු වෙනවා වහනයක් වත් නෑ උන්ට යන්න හාමුදුරුවෝ කෙනක් ඇවිත් පොඩි ක්‍රීම් කැරැකර් බිස්කට් එකක් අල්ලනවා.කොල්ලන්ට අනිත් වෙලාවට රණවිරුවෝ කියලා වැලලෙන්න හදන එවුන් එකක් වත් නෑ අද:oo:

    :yes::yes:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හමුදා කඳවුරුවල සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට බස්නාහිර ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවා ඇති බව
    ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

    ත්‍රිවිධ හමුදා කඳවුරු ඇතුළත සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග හඳුනා ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්‍රාමික ආරක්ෂක ප්‍රධානීන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණ.

    ආරක්ෂක ලේකම්වරයාගේ සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ මගපෙන්වීම ඇතිව හමුදා කඳවුරු ඇතුළත පූර්ණ සෞඛ්‍ය සුරක්ෂිතතාව සහතික කිරීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කොට, එය ක්‍රියාත්මක කිරීමේ සහ අධීක්ෂණ කාර්යය නව ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකායට පවරා ඇත.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ලොව පුරා පැතිර යන කොවිඩ් – 19 වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ අතරමං වී සිටි ශ්‍රී ලාංකික සිසුන් 73 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (27) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය .

    රාත්‍රී 9.00 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1423 දරන විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

    මෙම සිසුන් ඩකා නුවර රැදී සිටි ආකාරයට කුඩා කණ්ඩායම් වශයෙන් ගුවන් යානය තුළ ද අසුන් ගන්වා තිබූ අතර , ඔවුන් ගුවන් යානයෙන් පිටතට ගැනීම ද ඒ ආකාරයටම සිදු කෙරුණි .

    ගුවන් තොටුපළ තුළ දී විශබීජ හරණයට ලක් කළ මෙම සිසුන්, පසුව කොවිඩ් – 19 රෝග ලක්ෂණ මෙම සිසුන් තුළ තිබේදැයි විමසා බැලීම ද සිදු කෙරුණි .

    ඉන් පසුව ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා විශේෂ බස් රථ මගින් මෙම සිසුන් රැගෙන යෑම සිදු කෙරුණි
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ලංකාවේ ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් පසුගිය දිනවල නාවික හමුදාවේ කොරෝනා ආසාදිතයෙකු ආගිය තැන්වල සීසීටීවී දර්ශන පෙන්වූ සිද්ධිය මෙන්ම නිරෝධායනය වන ඇතැම් අයගේ නිවෙස් පෙන්වමින් රෝගීන්ගේ හා රෝගී සැක පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය දැඩි ලෙස උල්ලංඝනය කළ අයුරු විවේචනයට ලක්ව තිබේ. මෙම පසුබිම තුළ
    කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්, සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ නිවාස පරීක්ෂා කරන විට ඔවුන්ගේ දර්ශන රූගත කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලමින් ආරක්ෂක අමාත්‍යාංශය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඇතැම් රූපවාහිනී නාලිකාවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් කොරෝනා ආසාදිතයින් සොයා ගැනීම හා ඔවුන්ට සෞඛ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන අයුරු ප්‍රවෘත්ති විකාශන,
    වෙනත් ප්‍රවෘත්ති ආශ්‍රිත වැඩසටහන් මගින් හා පුවත්පත්වල විශේෂාංග ලිපි මගින් ප්‍රචාරයන් ලබා දීම සිදුකරන නමුත් පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය නොකරන ලෙස එම නිවේදනයෙන් ඉල්ලා ඇත.

    කොරෝනා වෛරස් ආසාදිත බවට සැක සහිත පුද්ගලයින් සොයා ගැනීමේදී සෞඛ්‍ය නිලධාරීන් සමඟ එක්ව එම ස්ථාන වලට යාමෙන් හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන මෙන්ම මාධ්‍යවේදීන්ගේද සෞඛ්‍යආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන එවැනි දර්ශන වීඩියෝ ගත කිරීමෙන් වළකින ලෙස අදාළ මාධ්‍යවේදීන් දැනුවත් කරන මෙන් ආරක්ෂක ලේකම් වරයා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා තිබේ.

    කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍යවේදීන් විසින් ඉටුකරන විශිෂ්ට කාර්යභාරය අගය කරන අතරම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තුලින් ඔවුන් සෞඛ්‍ය පරීක්ෂණයන් සඳහා ඉදිරිපත් වීම දිරිමත් කරනු ඇතැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා තිබේ.

    මාධ්‍ය මගින් මෙවැනි සිදුවීම් ආවරණය කිරීම තුලින් රාජකාරියේ යෙදී සිටින සෞඛ්‍ය නිලධාරීන්ද අපහසුතාවයට පත් වන බව අමාත්‍යාංශයේ අදහසයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    hiru derana maha chater yakku :angry:
    meka dakkada, paw me minissu

    දෙරණ, හිරු පට්ටපල් බොරු පුවත් නොකියන්න..මාගේ සැමියා යුද හමුදා සීදූව කදවුරේ සේවය කරන්නෙකි..මා වැලිසර නාවික කදවුරේ සේවය කරන නිලධාරිණියකි..අප ගම්පහ බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචි වී සිටිමු..මේ දිනවල පැතිරෙන covid 19 රෝගයට මාගේ සැමියා අවාසනාවන්ත ලෙස ගොදුරු වීම දුකකි..නමුදු පුවත් වලට පැවසුවේත් යුධ හමුදාපති කියූ මාගෙන් ඔහුට වෛරසය ගොස් ඇතැයි මාද ආසාධිත යැයි කියාය..එය පටටපල් බොරුවකි..මාගේ සියලුම pcr පරීක්ෂණ negative වන අතර මට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත..එය මාස 8ක් වයස මාගේ දරුවා ගැන සිතමින් දුක් වූ මට මහා අස්වැසිල්ලක්මි..මාගේ දරුවාද සුවෙන් පසුවේ..සමාජ මාධය හරහා මෙන්ම ගොන් දෙරණ හා හිරු හරහා කල බොරු පුවත නිසා මාගේ මාතලේ පදිංචි පියාට අසනීප විය..නෑදෑයින් කලබල විය..ඊටත් වඩා ලග ගෙදර ජරා මිනිස්සු මට බැන වදින්නටද විය..රණවිරුවන් තුට්ටු දෙකට දාන කෙලෙහිගුනයක් නැති මිනිසුන් සිටින රටක එය නම් මා මායිම් නොකලෙමි..නමුත් ඒ බොරු කරමින් ආසාධිත නොවන අයද කටවල්වලින් ආසාදනය කරමින් මානසිකව වට්ටන දෙරණ හා හිරු බූරුවන්ට කුමක් කල යුතුද?

    source : https://www.facebook.com/shyamalipriyoma.chandrasiri/posts/3458896460803498
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,373
    1
    3,141
    113
    නගරසභාවේ
    ලංකාවේ ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් පසුගිය දිනවල නාවික හමුදාවේ කොරෝනා ආසාදිතයෙකු ආගිය තැන්වල සීසීටීවී දර්ශන පෙන්වූ සිද්ධිය මෙන්ම නිරෝධායනය වන ඇතැම් අයගේ නිවෙස් පෙන්වමින් රෝගීන්ගේ හා රෝගී සැක පුද්ගලයින්ගේ පුද්ගලිකත්වය දැඩි ලෙස උල්ලංඝනය කළ අයුරු විවේචනයට ලක්ව තිබේ. මෙම පසුබිම තුළ
    කොරෝනා වෛරසය ආසාදිත රෝගීන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන ලෙසත්, සෞඛ්‍ය බලධාරීන් ඔවුන්ගේ නිවාස පරීක්ෂා කරන විට ඔවුන්ගේ දර්ශන රූගත කිරීමෙන් වළකින ලෙසත් ඉල්ලමින් ආරක්ෂක අමාත්‍යාංශය මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලින් ඉල්ලා නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඇතැම් රූපවාහිනී නාලිකාවන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් විසින් කොරෝනා ආසාදිතයින් සොයා ගැනීම හා ඔවුන්ට සෞඛ්‍ය උපදෙස් ලබා දීම සිදු කරන අයුරු ප්‍රවෘත්ති විකාශන,
    වෙනත් ප්‍රවෘත්ති ආශ්‍රිත වැඩසටහන් මගින් හා පුවත්පත්වල විශේෂාංග ලිපි මගින් ප්‍රචාරයන් ලබා දීම සිදුකරන නමුත් පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය නොකරන ලෙස එම නිවේදනයෙන් ඉල්ලා ඇත.

    කොරෝනා වෛරස් ආසාදිත බවට සැක සහිත පුද්ගලයින් සොයා ගැනීමේදී සෞඛ්‍ය නිලධාරීන් සමඟ එක්ව එම ස්ථාන වලට යාමෙන් හෝ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන මෙන්ම මාධ්‍යවේදීන්ගේද සෞඛ්‍යආරක්ෂක හේතූන් සැලකිල්ලට ගෙන එවැනි දර්ශන වීඩියෝ ගත කිරීමෙන් වළකින ලෙස අදාළ මාධ්‍යවේදීන් දැනුවත් කරන මෙන් ආරක්ෂක ලේකම් වරයා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා තිබේ.

    කොරෝනා වෛරස් වසංගතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍යවේදීන් විසින් ඉටුකරන විශිෂ්ට කාර්යභාරය අගය කරන අතරම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම තුලින් ඔවුන් සෞඛ්‍ය පරීක්ෂණයන් සඳහා ඉදිරිපත් වීම දිරිමත් කරනු ඇතැයි ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න පවසා තිබේ.

    මාධ්‍ය මගින් මෙවැනි සිදුවීම් ආවරණය කිරීම තුලින් රාජකාරියේ යෙදී සිටින සෞඛ්‍ය නිලධාරීන්ද අපහසුතාවයට පත් වන බව අමාත්‍යාංශයේ අදහසයි.

    මේක නම් හොඳ වැඩක්. මාධ්‍ය කාරයෝ හැම මගුලටම ගියාම කොරෝනා තියන උනුත් හැන්ගෙනවා :angry::angry:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,787
    16,901
    113
    Kottawa
    කොරෝනා ආසාදිතයින් හදුනා ගැනීම සඳහා ඕස්ටේ‍්‍රලියා රජය විසින් නිර්මාණය කරනු ලැබූ ජංගම දුරකතන යෙදුම සමග අතිවිශාල පිරිසක් සම්බන්ධ වී තිබෙනවා.

    එය හදුන්වාදී පැය කිහිපයක් ඇතුළත ඕස්ටේ‍්‍රලියානුවන් මිලියනයකට වැඩි පිරිසක් ඊට සම්බන්ධවීම විශේෂත්වයක්.
    කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් සිය තොරතුරු මෙම ජංගම දුරකතන යෙදුමට ඇතුළත් කළ යුතු වනවා. ඒ හරහා අඩි 5 ක දුරක තිබියදී මෙම ජංගම දුරකතන යෙදුම භාවිත කරන පුද්ගලයාට තමන් ඉදිරියෙන් සිටින පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇත් දැයි තහවුරු කර ගත හැකියි.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,210
    72,389
    113
    මාලඹේ
    බේරුවල, අටලුගම, අකුරණ, යාපනය, මීගමුව, රත්නපුර කොරෝනා පොකුරු සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන්..
    April 28, 2020 at 12:02 am | lanka C news
    බේරුවල, අටලුගම, අකුරණ, යාපනය, මීගමුව, රත්නපුර කොරෝනා පොකුරු සම්පූර්ණයෙන්ම පාලනය කර අවසන්..
    කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ 06ක පොකුරු අද වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

    මෙසේ පාලනය කර ඇත්තේ බේරුවල, අටලුගම, අකුරණ, යාපනය, මීගමුව හා රත්නපුර යන ප්‍රදේශවල ඇති වූ රෝගී පොකුරු බවත් ඔහු පැවසීය.

    තවමත් කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වීමේ තත්ත්වයක් පෙනෙන්නට නොමැති වුවද තවත් තවත් වර්ධනය වුවහොත් සමාජගත වීමේ අවදානම වැඩි වන බවද ඔහු සඳහන් කළේය.

    කෙසේ වෙතත් යම් යම් ප්‍රදේශවල රෝගීන් වැඩි වීම හොඳ දෙයක් නොවන බව බව ඔහු තවදුරටත් කියා සිටියේය.
     
    Status
    Not open for further replies.