නිල වෙබ් සහ සමාජ මාධ්‍ය පිටු පමනක් බලන්න

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,792
    35,650
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිල වෙබ් සහ සමාජ මාධ්‍ය පිටු පමනක් බලන්න

    තම මාධ්‍ය අංශය බවට හඟවමින් සාවාද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවළ පළකර ඇති බවත් එම ක්‍රියා තරයේ හෙළා දකින බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් පිටුවෙන් සඳහන් කරයි.

    'මහජනතාව වෙත කරන කෙරෙන විශේෂ නිවේදනයයි' යනුවෙන් සඳහන් කරමින් එම නිවේදනය නිකුත් කර ඇති අතර තම නිල වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය පිටුවල පළකරන තොරතුරු පමණක් පරිශීලනය කරන ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    "දැනට අප රටේ පවතින COVID-19 ව්‍යසන තත්ත්වය නිසා බොහෝ ශ්‍රී ලාංකිකයින් විවිධ අන්දමේ අපහසුතාවයන්ට ලක්ව ඇති බව මම දනිමි.

    ජනතාවගේ ගැටළු උපයෝගී කර ගනිමින් බොරු ප්‍රචාර පැතිරවීම ඔස්සේ නොයෙකුත් අයුතු වාසි බලාපොරොත්තු වන යම් යම් කණ්ඩායම් විසින් මා සහ මාගේ මාධ්‍ය අංශය විසින් නිකුත් කළ බව හැඟවෙන සාවද්‍ය පුවත් කිහිපයක් සමාජ මාධ්‍ය පිටුවල පළකර ඇති බව මාගේ නිරීක්ෂණයට ලක්විය.

    ජාතියක් ලෙස අප ව්‍යසනයකට මුහුණ දෙන මෙම මොහොතේ සිදුකරන මෙවැනි ක්‍රියා තරයේ හෙළාදකින අතර මාගේ නිල වෙබ් සහ සමාජ මාධ්‍ය පිටු ඔස්සේ මුදාහරින පණිවිඩ පමණක් පරිශීලනය කරන මෙන් මම කාරුණිකව ඉල්ලමි."
     
    • Like
    Reactions: hiranlahiru2015

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,121
    113
    මැයි පඩිය ඉල්ලපු එකා නන්දරේගෙන් පත්වීම අරන්ද දන්නෑ. ඕවත් බොරු පත්වීම් වෙන්න පුළුවන්.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රුචිර වගේ එකෙක්ගේ කුහක වැඩක් වගේ :angry::angry::angry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,121
    113
    රුචිර වගේ එකෙක්ගේ කුහක වැඩක් වගේ :angry::angry::angry:
    තියෙන කුහක කමට බොලව ටිකක් ඇවිස්සුවට ඕව්වා පොටෝසොප් කරන්න මට දැනෙන්නෙ නෑ බන් :sorry::sorry:
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    President needs IT experts support here. FAKE NEWS makers must be punished no matter which politician he followed