ජීවීතේ පසු තැවීමක් II

mastersir

Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    මචන්ලා මම කලින් දාපූ ත්‍රෙඩ් එකට මේක සම්භන්දයි. https://elakiri.com/threads/ජීවිතේ-පසු-තැවීමක්-උදව්වක්.1938378/

    මට ගොඩක් කට්ටිය මැසේජ් දාලා ඇහුවා මට වෙච්ච සිද්දිය මොකක්ද කියලා. මන් හිතුවේ නෑ මෙකේ කට්ටිය එච්චරටම උදව් කරන්න කැමැත්තෙන් එලකිරි එකට එනවා කියලා. ඒත් මම කලින් දාපු ත්‍රෙඩ් එක නිසා දැන ගත්තේ ඒක වැරදි වැටහීමක් කියලා. මට වෙලා තිබ්බේ නෑ මචන්ලා පහුගිය දවස් ටිකේ මේක දාන්න ඒක නිසා මම අද දානවා. ගොඩක් ස්තූතී මට කලින් ත්‍රෙඩ් එකෙ මන් ගැන අහපු හැමෝටම. මම ඇත්තටම කලින් හිතුවේ නෑ කවදාවත් මේක දාන්න ඕන කියලා. එත් මාව පුද්ගලිකව දන්න අය මේකේ නෑ කියල හිතනවා. ඒ නිසා මගේ විස්තරෙ දාන්නම්. මම දන්න විඩිහට මේකේ කාවටවත් මට මේ ප්‍රශ්නෙදි උදව් කරන්න බැරි වෙයි.ඒත් කමක් නෑ මම දාන්නම්.

    මගේ ප්‍රශ්නේ ගැන මම කලින් ත්‍රෙඩ් එකේ දැම්මා. මම මේකේ ඒකට උන් හේතුව දාන්නම්.

    මට මේක වුනේ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 21. මම හෙන ආසයි පොඩි කාලේ ඉන්දන්ම ට්‍රැවල් කරන්නා. විශේශයෙන් පිට රට වල. පොඩි කාලේ ඉන්දන්ම ආසාවක් තිබ්බ පිටරටක පදින්චියට යන්න. මාව මුලින්ම පිටරටකට එක්කන් ගියේ අපේ තාත්තා. එයා ඒකාලේ හිටියෙ ලිබියාවේ. දැන් වගේ නෙමෙයි ලිබියාව ඉස්සර හොදයි. ලන්කාවේ අය ගොඩක් හොද ජොබ් කලා එහේ. ඉස්කොලේ නිවාඩුවකට අපිව තාත්තා එහෙ එක්කන් ගියා. ඒක තමා මගේ පලවෙනි පිටරට ටුවර් එක. එදා ඉන්දන් අද වෙනකන් මම ආසියාවේ අප්‍රිකාවේ ඇතුලු රවටවල් 12 ට වඩා ගිහින් තියනවා.
    මගේ වයසත් යද්දී සහ කරපු රස්සාවත් එක්ක මට ටිකක් අමතක වුනා පිට රට පදින්චියට යන එක. මොකද තාත්තත් ලන්කවට ආවා අවුරුදු 12 ට විතර කලින් ලිබියාවේ කේස් නිසා. තාත්තට මැද පෙරදිග රට වලින් ජොබ්ස් ආවත් ගියේ නෑ. මොකද ඒ වෙනකොට එයා හොදට හම්බ කරලා තිබ්බේ. තාත්තා අනන්තවත් ඇහුවා මාව පිටරටකට යවලා උගන්නන්න්ද කියලා. මන එපාම කිව්වා මොකද දැන් මගේ බිරිද එක්ක යාලූ වෙලා හිටිය කාලේ නිසා වෙන දේවල් ඔලුවෙ තිබ්බෙ නෑ.
    ඔහොම ටික කාලයක් යනකොට අපි දෙන්න කසාද බැදලා ඉන්න කොටා. මට ආයිත් ආසාවක් ආවා අපි පිටරට පදින්චියට ගියොත් හොදයි නේද කියලා. ඒත් වයිෆ් කැමති කරවගන්න බැරි වුනා. ඔහොම කාලයක් ගියා. අපිට දරුවෙකුත් ලැබුනා. දැන් අවුරුදු එකහාමාරකට විතර කලින්. ඔහොම ඔහොම කාලේ ගෙවිලා ගියා.
    හරියටම ගිය අවුරුද්දේ ඔක්තොම්බර් වල වගේ මට ආයිත් රට ටුවර් එකක් යන්න උනක් ආවා. ඒත් ලමයා නිසා වයිෆ් අදි මදි කලා. කොහොම හරි මම තනියෙන් හරි යනවා කියලා තනියෙම වීසා වලට ඇප්ලයි කලා. මම ඉතාලියට තමයි ඇප්ලයි කලේ ශෙනගන්. වීසා ගැන මම හොදට දන්න නිසා කලින් ට්‍රැවල් කරලා තියන නිසා මට නිකන්ම ආවා ඉතාලි වීසා. මගෙ පලවෙනි යුරෝපා ටුවර් එක තමයි ඒක. මම දෙසැම්බර් 20 ලන්කාවෙන් ගියා 21 තමා මිලාන් වලට බැස්සේ. බැස්සම තමා මෙ ඔක්කොම වුනේ.

    මම ඉතලි ඉමිග්‍රේශන් එකට පොලිමේ ඉන්දලා මගේ වාරේ ආවම මම කවුන්ටරේට පාස්පොර්ට් එකයි බොඩින් පාස් එකයි දෙකම දුන්නා. හොදට පාස් පෝට් එක බැලුවා හරව හරව.පලවෙනි පාරද මෙහෙ ආවේ ඇහුවා මම ඔව් කිව්වා. මෙහෙ ඇවිත් කොහෙද නවතින්නෙ ඇහුවා. ඒ ඩොකියුමන්ට්ස් පෙන්නන්න කිව්වා. මන් ඉතින් ඒවා අරන් ගියා ඔක්කොම. මන් ඉතින් කිසි බයක් නැතුව ඔක්කොම දුන්නා විස්තර.

    දැන් තමයි හොදම හරියට ආවේ. ඉමිග්‍රේශන් පොලිසියෙන් කතා කලා හොටෙල් එකට. මේ හොටෙල් එක තමා මම විසා ගන්නකොටත් බුක් කරලා තිබ්බෙ ඒක නිසා කිසි බයක් නැතුව හිටියා. උන්ගෙ භාශාවෙන් මොනවද මන්ද ෆෝන් එකෙන් කතා කලා. ෆෝන් එක තියලා පොලිස් කාරය මට කියපි මම හොටෙල් එක කැන්සල් කරලලූ. මන් නෑමයි කිව්වත් මුන් මට යන්න් දුන්නෙ නෑ. මාව එයාපොට් එකේ ඇතුලෙ පොලිසියකට ගෙනිච්චා. මන් ගැන විස්තර ඇහුවා. මම කොච්චර කිව්වත් පිලිගත්තෙම නෑ. යන්න දුන්නෙ නෑ මට. මගේ සල්ලී පෙන්නන්න කිව්වා මම ඒකත් පෙන්නුවා. ඒවත් ගානට තිබ්බේ. මුන් කියනවා අපි ඔයාව දවස් 3 ක් තියාගන්නවා ඊට පස්සෙ ඔයාව උසාවියට ඉදිරිපත් කරනවා කියලා. මොකද මම ඉන්න තැනක් නැතුව රටට ඇතුල් වෙන්න හැදුවලු. එහෙම් ඇතුල් වෙන්න බැහැ අපේ නීතියට අනුව කියලා. ඔයා උසාවියට කියන්නලු ඔයගේ සල්ලි වලින් මම අලුත් හොටෙල් එකක් බුක් කරනවා කියලා එතකොට ජජ් යන්න දෙයිලූ.
    මටත් ඉතින් හෙන මලත් එක්ක මුන් එක්ක ඒත් ඉතින් යන්න දෙන්නෙ නැත්තම් මොනවා කරන්නද. මුන් මාව ගෙනිච්චා හොටෙල් එකක් වගේ එකකට ඒකේ රෙඩ් ක්‍රොස් ඔෆිස් එකකුත් තිබ්බා ඒකෙන් මට කාමරයක් දුන්නා දවස් තුනක් ඉන්න්.හැබැයි එලියට යන්න බෑ පොලිසිය ඇතිලේ ඉන්නේ. මට හැම පහසුකමක්ම තිබ්බා. මන් වගේ තව ඇෆ්‍රිකන් සිරියන් අය ගොඩක් ඒකේ හිටියා අනවසර සන්ක්‍ර්මිකයන් උන්ගේ ගොඩට මාවත් වැටිලා තියෙන්නෙ. උන්ට වීසා එකක්වත් නෑ නට විසා ටිකට් ඉන්ශුවරන්ස් ඔක්කොම තියනවා.
    කෑම බීම ඔක්කොම උන් නිකන් දෙනවා. ඔහොම ඉතින් දවස් තුනක් හිටියා.
    නඩු දවස ආවා නඩුව කතා කලා. මම අලුත් හොටෙල් එකකුත් බුක් කරන් හිටියේ. ඒවගේම මගේ ටුවර් එකේ විස්තරත් මුන් අරන් තිබිලා ශෙන්ගන් සිස්ටම් එකෙන්. අපේ එම්බසි එකෙන් සිස්ටම් එකට දානවා කියල දන්නෙ එතකොට. මගේ වාරේ ආවා. මට ඉන්ග්ලිශ් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් තමයි දුන්නේ. මොකද නඩු කතා කරන්නෙ ඉතලික් වලින්. මන් ඉතින් මට වෙච්ච දේ නඩු කාරයට කිව්වා. ට්‍රාන්ස්ලේටර් කොන්වර්ට් කරලා අරූට කියනවා. ඉමිග්‍රේශන් පොලිසිය පැත්තෙනුත් කරුනු ඉදිරිපත් කලා ඇයි මාව අල්ලුවේ වගේ දේවල්. ඔහොම ඔහොම නඩුව ගියා. මාත් මගෙ දේවල් කිව්වා. එතන හිටපු කල්ලොන්ගෙන් සිරියන් එවුන්ගෙනුත් නඩු එවලෙම ඇහුවා. පැයක් විතර ගිහින් කට්ටියගේ තීන්දු කිව්වා. මගේ එක කිව්වා. ජජ් කියනවා ඔයා ඔයාගෙ ටුවර් එකේ අද රෝම් ඉන්නවා කියලා තියෙන්නේ ඇයි එහෙනම් මිලාන් හොටෙල් එකක් බුක් කරක තියෙන නිසා ඔයාට එලියට යන්න දෙන්න බෑ කිව්වා. මට මරු ජුවල් නැග්ගා. යකෝ මම මිලාන් වෙලින් අද එලියට ගියොත් රෝම් යන්නෙ කොහොමද නිසා තමයි මිලාන් වල හොටෙල් එකක් බුක් කලේ. මුන් තීන්දුවක් දීලා ඉවරයි ඒක වෙනස් කරන්න බෑ කිව්ව තව දවස් තුනකින් ඇපිල් කරන්න කිව්වා. මට ඒ වෙලාවේ ආපූ කෙන්තියට මම කිව්ව මට ආයිත් ලන්කාවට යන්න ඕන කියලා. මට ඒවෙලාවේ හිතුනෙම මුන් මම මේ හොරෙන් පනින්න ආපු එකෙක් ගානට දාලා කියලා.

    අයිත් මාව අර කලින් හිටපු තැනටම යවලා දවසකින් විතර මාව ලන්කාවට එව්වා. මට මගේ පාස්පොට් එකවත් අතට දුන්නෙ නෑ ලන්කාවෙන් බහිනකම්ම. එයා හොස්ට්ස්ලා අතේ තමා ඒක තිබ්බේ. මාව පිටුවහල් කරපු එකෙක් ගානට දාල මාව එහෙන් එව්වේ. මගෙ පාස්පොට් එකේ ක්‍රොස් සීල් එකක් ගහලා උන්.
    ලන්කවට බැස්සම දුන්නෙත් නෑ. මාව අපේ ඉමිග්‍රේශන් එකෙන් ප්‍රශ්න කෙරෙව්වා. නඩු තීන්දුව මම අපේ උන්ගේ අතට දුන්නම උන්ට ඉතලි බැරි නිසා මාව සී අයි ඩී එකට යැවුවා ලන්කවේ එයාපොට් එක ඇතුලේ තියන. රටකින් පිටුවහල් කරාම ලන්කවෙන් අපිව ආයිත් චෙක් කරලලු ගන්නේ මගේ පෙර වැරදි තියනවද කියලා බලලා. සී අයි ඩී එකෙන් මාව චෙක් කලා උන. මගේ පෙර වැරදි නැති නිසා ලන්කාවෙත් උසාවි දාන්නේ නැතුව රිලීස් කලා. එත් SIS එකට මගේ ඩීටේල් දැම්මා මම පිටුවහල් කරපු එකෙක් කියලා. දැන් ආයිත් පිට රට යනකොට අනිවා මෙහෙ ඉමිග්‍රේශන් එකෙන් මගෙන් ප්‍රශ්න කරනවා. මාර නෝන්ඩියා.

    ඒවගේම මට ආයිත් යුරෝපේ ටුවර් යන්න බෑ. මන් ඉන්ටනෙට් එකෙ දැක්ක විදිහට අවුරදු 15,20 යනකන් මට ඇතුල් වෙන්නෙ බෑ. මම මෙහෙ ඉතලි එම්බසි එකෙන් ඇහුවාම උන්ට මොකුත් කරන්න බැහැලූ ඉතලි ඉමිග්‍රශන් එකෙන් දුන්න තීන්දුවකට. මම පට්ට අසරන උනා. මට ආයිත් වෙන රටකට වීසා වදින එකකුත් නෑ මේ වැඩේ නිසා.මන් පොඩි කාලේ ඉන්දන් පෙරුම් පිරුවේ රට රට වෙල ඇවිදින්න්. මට ආයිත් යන්න බැරි වෙයි කියලා බයක් තියනවා. හරිම අවාසනාවන්ත හැගීමක් දැනෙන්නෙ. යුරෝපෙට ගිහිල්ලත් මට කකුල තියාගන්න බැරි වෙච්ච එකට. මගේ වයිෆ් විතරයි මේ කතාව දන්නේ.

    ලන්කාවේ වෙන කාටවත් මේවගෙ වැඩක් වෙලා තියනවා කියලා මම හිතන්නෙ නෑ. මෙ ත්‍රෙඩ් එක කියවලා ඔයාලගේ අදහසක් තියනවනම් කියලා යන්න මගේ කලින් ත්‍රෙඩ් එකේ මගෙ හැගීම් විස්තර කරලා ඇතී.
     

    Eng_man

    Active member
  • Apr 15, 2018
    224
    73
    28
    ගණන් ගන්න එපා මචං හැම දේම වෙන්නේ මනුස්සයෝන්ටනේ.
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ගණන් ගන්න එපා මචං හැම දේම වෙන්නේ මනුස්සයෝන්ටනේ.
    ඒත් මචන් මගේ ජීවිතේ මම ගොඩක් ආස කලා රට වල ඇවිදින්න මගේ අවාසනාවක් මචන් මේක නම්.
     
    • Like
    Reactions: gamerlk

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    apith italy giyane ban.. apen ohoma wisthara ahuwewath accomodation chek keruwewath nane.. visa eka balala yanna dunna ne..
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    lankawe ewun pissu kelala passport eka chora wela tiyenne
    indala hitala oya wage scene wenawa athi, ape ewun ohoma awith paninawa athi

    ochchara case nam itin hari nam visa nodi inna tibbane. uba travel agent kenek gen nemeida book kale hotels? booking.com da?

    anika ohe yanna kalin ube passport eke kohe ratawal wala visa da wadila tiyenne :D
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    lankawe ewun pissu kelala passport eka chora wela tiyenne
    indala hitala oya wage scene wenawa athi, ape ewun ohoma awith paninawa athi

    ochchara case nam itin hari nam visa nodi inna tibbane. uba travel agent kenek gen nemeida book kale hotels? booking.com da?

    anika ohe yanna kalin ube passport eke kohe ratawal wala visa da wadila tiyenne :D

    ඔන්න ඔක තාමා අවුල බං
    අනික උබ බුක්කරපු හොටේල් එක මොකක්ද බං
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ara book karapu hotel eke kalakanninnata call karama un oyata mokkda kiwwe? (policiyata newei)
     

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    A welawe hotel eka ta katha kale nadda bn? Parakku nadda kiala hoyala dan katha kala th kamak na booking wala monada une kiala ahanda. Book kala kianne legally un ekka uba agreement ekak sign wenawa un ekka
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ උන් පනින්න බලාගෙන වෙන්න ඇති යන ඔක්කොම යන්නේ ... එකයි ..
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    apith italy giyane ban.. apen ohoma wisthara ahuwewath accomodation chek keruwewath nane.. visa eka balala yanna dunna ne..
    මගෙත් කලින් අහලා නෑ බන් කොහෙන්වත්. මම තනියම නිසා වෙන්න ඇති අහුවේ.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,288
    5,413
    113
    europewitharaye atawal thiyenne asia, south america, africa, middleast yaman. eta wada mehe inna eka hodai me yana widiyata
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    lankawe ewun pissu kelala passport eka chora wela tiyenne
    indala hitala oya wage scene wenawa athi, ape ewun ohoma awith paninawa athi

    ochchara case nam itin hari nam visa nodi inna tibbane. uba travel agent kenek gen nemeida book kale hotels? booking.com da?

    anika ohe yanna kalin ube passport eke kohe ratawal wala visa da wadila tiyenne :D
    බුකින් එකෙන් බන් වීසා දෙන වෙලාවේ ඔක්කොම හරි නිසාන වීසා වැදුනේ. 14ක් විතර තිබ්බා පාස්පොට් දෙකක් මචන් මට තියනවා. කලින් එකයි අලුත් එකය්හී. දැන් ඉතින් ඔවා වැඩක් නෑ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,694
    113
    33
    Kalutara
    උඹ දැන් අර පොස්ට් එකේ අච්චර ඇඩුවේ ඕකටද? උඹට දැන් දුක ආයේ වෙන රටකට යන්න බැරි එකටද? ඒකත් අවුරුදු 15-20කට? මම හිතුවේ උඹේ කලින් පොස්ට් එකේ හැටියට උඹ ලංකාවේ පුරවැසිකමෙනුත් අයින් කරලා කියල.

    යකෝ ඔව්වද ප්‍රශ්න. ඔය දේම නම් වෙන උන්ට වෙලා තියෙනවද නැද්ද දන්නේ නෑ. හැබැයි ඔයිට වඩා දේවල් නම් වෙලා තියෙනවා. පෞද්ගලිකව මට. උඹට ඕක ඔඡ්චාර දෙයක් නම් මට වුන දේවල් උඹට වුනා නම් උඹ බෙල්ලේ වැල දාගනියිනේ. :rolleyes:
     
    • Haha
    Reactions: lahiruls24

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    එහෙම වෙන්න බෑනෙ බන්.. උන් booking cancel කරානම් උබට mail එක එනවනෙ අනිවා... උබ මොකෙන්ද booking දැම්මේ.. :rolleyes2:
     

    mastersir

    Well-known member
  • Sep 27, 2015
    1,346
    59
    48
    ara book karapu hotel eke kalakanninnata call karama un oyata mokkda kiwwe? (policiyata newei)
    නෑ බන්. පොලිසියෙන් ෆෝන් ගන්නවා මචන් යනකොට ආපහු දෙන්නේ. රෙඩ් ක්‍රොස් එක හරහා තමයි කෝල් ගන්න පුලුවන්. ඕවා මතක් විනේ නෑ බන් ඒ වෙලාවේ.
    Adoo mara seen 1k ne 😕
    ඔව් බන්
    A welawe hotel eka ta katha kale nadda bn? Parakku nadda kiala hoyala dan katha kala th kamak na booking wala monada une kiala ahanda. Book kala kianne legally un ekka uba agreement ekak sign wenawa un ekka
    ඒ වුනාට උන් නෑ කිව්වම උන්ගෙ පොලොසිය ඒකනේ බන් පිලිගන්නේ. මන් මොනවා කිව්වත් වැඩක් නෑ බන්
    europewitharaye atawal thiyenne asia, south america, africa, middleast yaman. eta wada mehe inna eka hodai me yana widiyata
    ඒත් මචන් අර සීල් එක වැදුනම වෙන රටවල් වලින් මට වීසා දෙන්නෙ නෑ බන්.
    ලංකාවේ උන් පනින්න බලාගෙන වෙන්න ඇති යන ඔක්කොම යන්නේ ... එකයි ..
    ඔව් බන් ශික්
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    මගෙත් කලින් අහලා නෑ බන් කොහෙන්වත්. මම තනියම නිසා වෙන්න ඇති අහුවේ.

    unta nikan saka hithenna athi.. naththan ohoma waatha wenne na samannen.. anith eka machan ape un yana thana chora karanawane.. eka nisa ape passport eka gananganne na kohomatawath.. api giyapu ratawal walin Japan wala witharai sri lanka kiwwama place ekak thiyanne..
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    Ayyo, oka ganan ganna epa ban. ubata yanna thawa kochchara ratawal thiyanawada

    anith ratawal walata visa apply karaddi kalin wadila thiyana visa balanawa ban.. godak welawata kalin visa wala awul thiyanawa nan un explanation illanawa.. hondama wade passport eka nathi una kiyala aluth ekak ganna eka..
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,984
    113
    උඹ දැන් අර පොස්ට් එකේ අච්චර ඇඩුවේ ඕකටද? උඹට දැන් දුක ආයේ වෙන රටකට යන්න බැරි එකටද? ඒකත් අවුරුදු 15-20කට? මම හිතුවේ උඹේ කලින් පොස්ට් එකේ හැටියට උඹ ලංකාවේ පුරවැසිකමෙනුත් අයින් කරලා කියල.

    යකෝ ඔව්වද ප්‍රශ්න. ඔය දේම නම් වෙන උන්ට වෙලා තියෙනවද නැද්ද දන්නේ නෑ. හැබැයි ඔයිට වඩා දේවල් නම් වෙලා තියෙනවා. පෞද්ගලිකව මට. උඹට ඕක ඔඡ්චාර දෙයක් නම් මට වුන දේවල් උඹට වුනා නම් උඹ බෙල්ලේ වැල දාගනියිනේ. :rolleyes:

    දාපන්කෝ 1ක් බලන්න