Next gen hand sanitizer 🤖

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,842
    35,726
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අරාබිවරුන් විසින් සමස්ත මැදපෙරදිග සහ ගල්ෆ් කලාපය පුරාවටම දකුණු ආසියානුවන්ගේ දරිද්‍රතාව ගසාකමින් පවතින ආකාරය පෙන්වීමට මෙම ඡායාරූප දෙක හොඳාකාරවම සාක්ෂි සපයයි. සමහර අවස්ථාවන්වල ඔවුන් දුප්පත් දකුණු ආසියානු කම්කරුවන්ට සළකන්නේ සතුන්ටත් වඩා අන්ත දරුණු ලෙසයි.

    මෙම දකුණු ආසියානු කම්කරුවාට මෙය ඔහුගේ අලුත්ම රැකියාවයි. මෙමගින් උපයන මුදළින් ඔහු සිය පවුල නඩත්තු කරයි.

    නමුත් පොඩ්ඩක් සිතන්න මෙම ක්‍රියාව කොතරම් නින්දිත සහ අමානුෂිකද කියලා. මිනිසෙකු විසින් තම ඇඟ තුළ රඳවාගෙන සිටින අත් පිරිසිදු කාරක සනීපාරක්ෂක යන්ත්‍රයක්. සමහරවිට ඔහු මෙය පැය ගානක් හෝ මුළු දවසම හෝ මෙසේ මෙය තම ශරීරයේ රඳවාගෙන සිටිය යුතු විය හැක. මෙය ඔසවාගෙන තැනින් තැනට යායුතුව ඇත. ප්‍රභූවරුන් සහ උසස් ලොක්කන් කවදාවත් ඔහු ලඟට පැමිණ තම කාර්‍ය්‍ ඉටු කර නොගනියි. ඔහුට, ඔවුන් අසලට මෙහි බර දරාගෙනම මෙය ඔවුන් වෙත රැගෙන යා යුතුව ඇත.

    තමන්ගේ, තම පවුලේ දූදරුවන්ගේ අනාගත යහපත වෙනුවෙන් සියළුම වේදනාවන්, මහන්සියන් ඉවසාගෙන මෙම රාජකාරියේ යෙදීමට ඔහුට සිදුවී ඇත. ඔහුට මෙයට විරුද්ධ වීමට ඉඩක් නොමැත. අකමැතිනම් ඔහුට මෙය අතහැරදා යෑමට පුළුවන. මේ ක්‍රියාවෙන් ඔහුගේ ඉවත්වීම හාමිපුතුන්ට කිසිදාක ගැටළුවක් වන්නේද නැත. ඔහු මෙය අතහැර ගියොත් දරිද්‍රතාව විසින් තවකෙකු මේ රැකියාව වෙනුවෙන් බලාගෙන සිටීමට පොළඹවා ඇත. මෙයට අකමැති වූ විට ඔහුට නැතිවන්නේ ඔහුගේ රැකියාවයි. දූදරුවන්ගේ බඩගින්දරයි ඔවුන්ගේ අනාගතයයි. මේ හැමදේම ගැන සිතා ඔහු, ඔහුගේ දුක වේදනාවන් මුඛ ආවරණයෙන් වසාගෙන තම දෙනෙතින් අනුන්ට සතුට අපෙන්වා තම රාජකාරිය අකුරටම ඉටු කරයි.

    මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අරාබියේ පිහිටා ඇති සුප්‍රසිද්ධ ඇරම්කෝ (Aramco) ආයතනයේ ප්‍රධානියා තම සනීපාරක්ෂාව උදෙසා මෙම මිනිස් සනීපාරක්ෂක යන්ත්‍රය භාවිතා කරන ආකාරයයි...

    - ධම්මික සමරතුංග -
    D4F119F7-1335-456C-8810-10B67BA44D10.jpeg

    2E425A20-3C92-434E-97FC-0250F89DAFB2.jpeg
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    This is an old news. It was Aramco and they issued an apology saying that this was done to emphasize the importance of using a sanitizer - not intended to be an insult.:rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,750
    1
    100,091
    113
    33
    Kalutara
    This is an old news. It was Aramco and they issued an apology saying that this was done to emphasize the importance of using a sanitizer - not intended to be an insult.:rolleyes:
    fb එකේ උන් මාර විදිහට මිනිස්සුන්ව අන්දනවා නේද බන්? :lol:
     
    • Like
    Reactions: D_Mad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,831
    8
    35,352
    113
    fb එකේ උන් මාර විදිහට මිනිස්සුන්ව අන්දනවා නේද බන්? :lol:
    True. That's why I call it the Fakebook.. But this incident should not have happened. The management should have thought about the act & the repurcussions before the apology.
     
    • Haha
    Reactions: Heshan Daminda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,842
    35,726
    113
    වොන්ඩර් ලැන්ඩ්
    This is an old news. It was Aramco and they issued an apology saying that this was done to emphasize the importance of using a sanitizer - not intended to be an insult.:rolleyes:

    i know this is an old news and posted thread that time.
    aramco fucked when this went viral then they apologized, but this is the bitter true bruh...
    as usual stupid Arabs and poor Asians.
     
    • Like
    Reactions: imhotep

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,254
    1
    59,528
    113
    Mother Earth
    හිතපන් මූ comic character ඇඳුමක් ඇඳලා මොකුත් අතපය ඔළුව පේන්නෙ නැති වෙන්න මෙහෙම sanitizer එක එල්ලන් ඉන්නවා. අපි හිතමු Iron Man ගෙ ඇඳුම වගේ ඇඳල ඉන්නවා. එතකොට මොකුත් කියයිද කට්ටිය ? නෑනේ.
     
    • Like
    Reactions: windows_ubuntu