vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    gRRL7SH.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අපෝ එකම දැකල එපා වෙනව ,ඔක දැන් තැන් කියක දැක්කද ,නැද්ද අලුත් මඩ එහෙම :rolleyes::rolleyes:
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    අපෝ එකම දැකල එපා වෙනව ,ඔක දැන් තැන් කියක දැක්කද ,නැද්ද අලුත් මඩ එහෙම
    :rolleyes:
    :rolleyes:


    ස් ස් .... මේ ඇත්තද බං





    1591020437036.png





    1591020386013.png
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    ඕක ගැලපෙන්නේ නැහැ මෙන්න Orginal එක 😀😀😀
    ඔව් ඔව් ආණ්ඩුව කරන්නේ අනුරය, විපක්ෂේ ඉන්නේ නන්දසේන කියල තම අපටත් හිතෙන්නේ :lol::lol::lol:



    රජයට අයත් මෙරට ප‍්‍රධානතම තොරතුරු සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ICTA හෙවත් තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන සංජීව වීරවර්ණ මහතා සිය තනතුරින් ඉල්ලා අස්වී ඇත. එම ආයතනයේ තීරණ හා කටයුතු රටේ හා ජනතාවගේ අවශ්‍යතා හා වර්තමාන ලෝක තත්ත්වයන්ට හා වර්තමාන තාක්ෂණයට අනුව සිදු නොවන බවත්, ඉතාම ඉහළ මිල ගණන්වලට වසර විස්සකට වඩා පැරණි තාක්ෂණ ක‍්‍රම මිලදී ගන්නා බවත් පවසමින් ඒ මහතා තනතුරින් ඉල්ලා අස්වී තිබේ.
    මොහු මෙම තනතුරට පත් කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවය.මෙරට සියලූම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති හා රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම එම ආයතනය මගින් සිදුකෙරේ. එසේම අදාළ සියලූ කටයුතු තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනට මාස කීපයකට පෙර සියලූම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක් ද සිදු කරන ලදී.

    එහෙත් මේ වන විට එහි කටයුතු සිදුවෙමින් පවතින්නේ රටට, ජනතාවට හෝ රජයට සේවාවක් සිදුවන ආකාරයට නොවන බවත්, යල් පැනගිය තාක්ෂණ ක‍්‍රම භාවිත කරන සමාගම්වලට මෙරට ප‍්‍රධානතම රජයේ ප‍්‍රධානතම ව්‍යාපෘති ඉතාම ඉහළ මිලගණන් යටතේ පිරිනැමීම දැනට සිදුවන අතර, එවැනි දේ අනුමත කළ නොහැකි බවත් ඔහු තම ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.


    ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක‍්‍රමවේද තිබියදී, වසර විස්සක් පැරණි තාක්ෂණික ක‍්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත්, මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ‍්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.

    SOURCE – Divaina