මොහු මෙම තනතුරට පත් කරන ලද්දේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවය.මෙරට සියලූම තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති හා රජයේ දෙපාර්තමේන්තු සහ සියලූ රාජ්‍ය ආයතනවල සියලූ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති අධීක්ෂණය හා මෙහෙයවීම එම ආයතනය මගින් සිදුකෙරේ. එසේම අදාළ සියලූ කටයුතු තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ අවසරය හා අනුමැතිය ඇතිව සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දැනට මාස කීපයකට පෙර සියලූම රාජ්‍ය ආයතනවලට දැනුම් දීමක් ද සිදු කරන ලදී.
එහෙත් මේ වන විට එහි කටයුතු සිදුවෙමින් පවතින්නේ රටට, ජනතාවට හෝ රජයට සේවාවක් සිදුවන ආකාරයට නොවන බවත්, යල් පැනගිය තාක්ෂණ ක්‍රම භාවිත කරන සමාගම්වලට මෙරට ප්‍රධානතම රජයේ ප්‍රධානතම ව්‍යාපෘති ඉතාම ඉහළ මිලගණන් යටතේ පිරිනැමීම දැනට සිදුවන අතර, එවැනි දේ අනුමත කළ නොහැකි බවත් ඔහු තම ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.
ලොව පිළිගත් නවීනතම තාක්ෂණ ක්‍රමවේද තිබියදී, වසර විස්සක් පැරණි තාක්ෂණික ක්‍රමවලට රුපියල් මිලියන නවදහසකට අධික වටිනාකමින් යුත් මෙරට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම හා රුපියල් මිලියන තුන්දහසකට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ටෙන්ඩරය ලබාදීම රටට පාඩු ගෙනදෙන බවත්, මේවා සඳහා දේශීය ආයතනවලට අවස්ථාව ලබා දීම හෝ දේශීයව මේවා සිදු කිරීමකින් තොරව ශ්‍රී ලංකාව දියුණු කළ නොහැකි බවත් ඔහු සිය ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා තිබේ.