elakiri sir lage address makilalu

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,859
    35,759
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගුවන් තැපෑල හරහා මෙරටට එවීමට තිබූ තැපැල් පාර්සල් තොගයක්, නැව් මගින් කන්ටේනර් මාර්ගයෙන් එවීම හේතුවෙන් ඒවා වතුරට හසුවී යා යුතු ලිපින මැකී ගොස් ඇති බවත්, එැබැවින් ඒවායේ අයිතිකරුවන් සොයාගත හැකි තත්ත්වයක් පැන නැඟී ඇති බවත්
    සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (18) පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.


    මේ සම්බන්ධයෙන් සහ තැපැල් දෙපාර්තමේන්තුවේ ඇති වී තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳ කරුණු පැහැදිලි කළ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් මෙසේ කියා සිටියේය.

    “තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ගිය සතියේ, ඇතිවෙලා තිබෙන විශාල මූල්‍ය අර්බුදය යටතේ රාජ්‍ය වියදම් කපා හැරීමත්, ඉතාම පිරිමැසුම්දායක ලෙස මේ ආයතන පවත්වා ගෙන යාමත්, විශේෂයෙන් පාඩු ලබන ආයතන ගෙනයාම සඳහා ඇතිවන තත්ත්වයනුත් වශයෙන් අපි තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල්පතිතුමා ඇතුළු නිලධාරීන් මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව තීරණයක් අරන් තිබුණා, සෙනසුරාදා දිනයේ තැපෑල නැවැත්වීමට.

    එහිදී වෘත්තීය සමිති විසින් ඒ පිලිබඳ එකඟතාවයක් නැති තත්ත්වයක් ඇතිවුණා. එහිදී මම තැපෑලට අදාළ සියලූම වෘත්තීය සමිති දීර්ඝ සකච්ඡාවක් කරලා, ඔවුන් එකඟතාවයකට ආවා ‘සෙනසුරාදා වැඩ කරන්න දෙන්න‘. සෙනසුරාදාට ලැබෙන විශේෂ දීමනාවෙන් සියයට 20 ක් අඩුවෙන් ලබාගන්න කැමති බවත්. සියලූම අතිකාල දීමනාවලින් සියයට 20ක් අවුරා තබන්නත් එකඟ වුණා.

    රජය පත්වෙලා තියෙන මූල්‍ය තත්ත්වය පිළිබඳ ඒ වෘත්තීය සමිති නායකයන් පැහැදිලිව තේරුම් ගත්තා තේරුම් කරපු දේ. මොකද එක සෙනසුරාදා දිනයක් විවෘත කරලා තබන්න, වැටුප් සහ අතිකාල දීමනා වශයෙන් දවසකට මිලියන 21ක්, ලක්ෂ 210ක පමණ වියදමක් දරන්න සිද්ධවෙනවා. මෙයා ඉතාම විශාල පිරිවැයක්, මොකද තැපැල් අංශයේ සේවකයන් 26,000 ක් පමණ ඉන්නවා.ඔවුන් පසුගිය කාලය තුළ දී අගය කළ යුතු සේවාවක නිරත වූ බව සඳහන් කරන්න ඕනේ. අපි ඔවුන් කැඳවලා කීවාම, මේ රට අන්ත දුෂ්කරතාවයට පත්වෙච්ච අවස්ථාවේ දී මුළු රටම වහපු අවස්ථාවේ දී ඖෂධ ටික, බෙහෙත්හේත් ටික ගෙදරට ගෙන ගොස් භාර දෙන්න කියපුවාම, අවදානමක් දරමින් ඔවුන් ඖෂධ ටික ගෙනිහිල්ලා, නිවසට භාර දුන්නා. ඒ නිසා ඉතාමත් හොඳ සේවයක් සලසනවා.“

    “නමුත්, ඒ ආයතනයට විවිධි චෝදනා මේ දිනවල එල්ලවෙමින් පවතිනවා. විදේශවලින් ලැබෙන භාණ්ඩ ගොඩගැහිලා ඒවා හොරකම් කරලා හරි නැති කරලා හරි කියලා. මේක අසාධාරණ චෝදනාවක්. මක්නිසාද යත් පහුගිය කාලේ මුළු ලෝකෙම වැඩ නතර කලා. ගුවන්තොටුපලවල් වැහුවා. නැව් ආවේ නැහැ. ඒ නිසා ගුවනින් එන තැපැල් භාණ්ඩ, නැව්වල එවලා තියෙනවා, පසුගිය සතියේ කන්ටේනරයක්. එහි තියෙනවා භාණ්ඩ, විවිධ පුද්ගලයන්ගේ පාර්සල් 42,000 ක් විතර. ඒ 42,000 ම, ගුවනින් එන භාණ්ඩ මුහුදෙන් ආවට පස්සේ, ඒවාට වතුර වැදිලා ලිපිනයන් නැහැ කොහෙද කියලා. ඉතිං මේ 42,000 ක් ඇවිල්ලා ගොඩගැහුනම කොහොමද බෙදන්නේ, ලිපින නැත්නම්.“

    “ඒ නිසා ඒ භාණ්ඩ එවූ විශේෂයෙන් චීනය හා අනෙකුත් රටවල්වලට, මැලේසියාවෙන් ඒ කන්ටේනරය එවලා තියෙන්නේ. දන්වලා යවලා තියෙනවා, මේ බාර්කෝඩ් එක බලලා ඉවරවෙලා පුළුවන් නම්, ලිපිනයන් තෝරාලා දෙන්න කියලා. එහෙම නැත්තන් ඒ ටික ආපහු, යවලා ඉවර වෙලා කරනවා මිසක්, තැපැල් දෙපාර්තමේන්තුවේ වැරැද්දක් නෙමෙයි. මේ ලෝකයේ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ, ගුවනින් එවන්න ඕන භාණ්ඩ, මුහුදෙන් එව්වාට පස්සේ, ඒ ලිපිනයන් සඳහන් කරලා තියෙන ටික, සම්පූර්ණයෙන් ලිපිනයන් ටික මැරිලා නම්, බැන්නයි කියලා මොකද කරන්නේ, කාටද බෙදන්නේ, කාටද දෙන්නේ කියලා තෝර ගන්නේ කොහොමද?“
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    චීනෙන් ආපු ඒවා විතරද? යුරෝපෙන් එවපුවා ඒ නැවේ ඇවිල්ලා තියෙනවද?
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ow eyala kawadawath apita narakak karanne naha...
    oyage order karapu badut tibbada miture... :(

    May wala wagayak damma mithure.. ewath themilada dan na :sorry:

    "ඒ නිසා ඒ භාණ්ඩ එවූ විශේෂයෙන් චීනය හා අනෙකුත් රටවල්වලට, මැලේසියාවෙන් ඒ කන්ටේනරය එවලා තියෙන්නේ. දන්වලා යවලා තියෙනවා, මේ බාර්කෝඩ් එක බලලා ඉවරවෙලා පුළුවන් නම්, ලිපිනයන් තෝරාලා දෙන්න කියලා. "

    Thani container ekaka siddiyak wage neh.. :baffled: