ජෝන් පුතා

sherlock

Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    104471845_3095804230456495_4836032948279223960_n.jpg

    තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු
    ජෝන් තනිකඩ ජීවිතයක් ගත කලේය.

    ඔහුගේ මව අනෙකුත් නෑයන් සමඟ
    යාබද ගමක විසූහ.

    නමුත් ජෝන් තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේ ම ජීවත් විය....
    එක් පොහොය දවසක ජෝන් තම මවට
    දිවා අහාරයට ආරාධනා කලේය.
    මව තම පුතාගේ ආරාධනය සතුටින් පිළිගත්තාය.
    මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය.
    ජෝන්ගේ මෙහෙකාරිය
    ඉතා ආකර්ෂණීය මෙන්ම...
    හොඳ හැඩකාරියක් ද බව දිවා අහාරය අතරතුරදී ජෝන්ගේ මවට දැකගත හැකි විය.
    මෙහෙකාරිය දුටු වෙලේ සිට
    මවගෙ ඔළුවෙ වද දෙන්නට වූයේ.....
    මොවුන් දෙදෙනා අතර මීට වඩා සම්බන්ධතාවක් තිබිය නොහැකිද යන්නය...
    තම මව....
    තමා දෙසත්,
    තම මෙහෙකාරිය දෙසත්....
    සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් ජෝන් මෙසේ පැවසීය...
    “අම්මා හිතන විදිහෙ කිසිම දෙයක්
    අපි අතරෙ නෑ...!,
    ඒ මගේ වැඩකාරි....එච්චරයි!!!”
    ඊට දින තුනකට පමණ පසු ජෝන් වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය...
    “මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ....
    මහත්තයගේ අම්මා වැරදිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ.....”
    “හ්ම්ම්.. වෙන්න බෑ....
    කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්”
    ජෝන් පිළිතුරු දුනි!
    ජෝන් තම මවට මෙසේ ලිවීය :
    “ ආදරණීය අම්මේ,
    මම කියන්නෑ.....
    අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා...
    ඒවගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ....
    කියලා මම කියන්නෙත් නෑ!
    මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති වුනේ...
    මීට
    - ජෝන් පුතා ”
    දින කිහිපයකට පසුව ජෝන්ට
    තම මව ගෙන් ලියුමක් ලැබිනි.
    ඇය මෙසේ ලියා තිබුණාය,
    “ජෝන් පුතේ...,
    මම කියන්නෑ....
    පුතා වැඩකාර ගෑණිත් එක්ක
    නිදාගන්නවා කියලා...
    ඒවගේම පුතා ඒකිත් එක්ක
    නිදාගන්නෙ නෑ....කියලා
    මම කියන්නෙත් නෑ!
    මොකද...
    මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ
    ඔය වැඩකාර ගෑනි
    තාම එක දවසක්වත්
    ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ....
    නැත්නම් ඔය කියන රිදි හැන්ඳ
    මෙලහකට හම්බවෙලා!
    මීට
    - ආදරණීය අම්මා
    (උපුටා ගැනීමකි)