කුරුණෑගල දර්ශනී පෙර භවයේ දර්ශිකා සොයයි

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113

    math symbols in word

    දෙදහස් එක වසරේ නොවැම්බර් 16 වැනිදා කුරුණෑගල රෝහලේදී උපත ලද දියණියට දෙමාපියන් විසින් නම් දී තිබුණේ දර්ශනී යනුවෙනි. නීරෝගී දැරියක් ලෙස උපත ලැබූ ඇය ඉතා කුඩා අවධියේ සිටම රථවාහනවලට අධික බියක් දක්වන බවක් මවට දක්නට ලැබුණි. කුඩා දරුවන් මගින් ඇතැම් විට දක්නට ලැඛෙන සාමාන්‍ය සිදුවීමක් ලෙස දියණියගේ එම බියපත් වීම සිදු වේ යයි මව සිතුවාය. වයස අවුරුදු දෙකක් පමණ වන විට ඇයට ඉතා හොඳින් කතා කිරීමට හැකියාව ලැබුණි.

    දිනක් මව ඇමතූ දැරිය, " ඔයා මගේ අම්මා නෙවෙයි. මගේ මමා ඔයා වගේ මිටි නෑ. ඒ අම්මා සුදුයි, උසයි. ඒ තාත්තත් මේ තාත්තා වගේ නෙවෙයි. ඒ තාත්තත් උසයි සුදුයි ” යැයි පැවැසුවාය. දියණියගේ මෙම ප්‍රකාශය මවගේ මවිතයට හේතු විය. දියණිය කිසියම් පෙර භවයක ජිවිත තොරතුරු හෙළි කරන්නේ ද යන්න මවට සිතුණි. මින් අනතුරුව දියණියගේ ප්‍රකාශ පිළිබඳව මවුපියෝ අවධානය යොමු කළහ. තවත් දිනක් මව ඇමතූ දර්ශනී දැරිය, * එහෙදී මට අයියා කෙනෙක් හිටියා. ඒ අයියත් මගේ දැන් ඉන්න අයියා වගේමයි ” යනුවෙන් ද පැවැසුවාය.
    දියණිය නියත වශයෙන්ම ඇගේ කිසියම් පෙර භවයක් හෙළි කරන බැව් මවට පැහැදිලි වූවාය. වරින් වර ඇගේ මතකයට නැගෙන පෙර භව තොරතුරු හෙළි කිරීම ඇගේ සිරිත වී තිබුණි. තවත් විටෙක ඇය ජීවත්ව සිටි නිවෙස ගැන ප්‍රකාශ කළේ ඔවුන් ඒ වන විට පදිංචිව සිටි කුඩා නිවෙස සමග සංසන්දනය කරමිනි.
    " අපේ ගේ වගේ නෙවෙයි, ඒ ගෙදර ලොකුයි.මාව ඒ ගෙදරට එක්ක යන්න " යැයි කියන්නට වූවාය. දියණිය නිතර නිතර කරනු ලබන ඉල්ලීම නිසා මව ඇගෙන් තව තවත් තොරතුරු වීමසුවාය.



    " ඔයාගේ ගේ තියෙන්නේ කොහේද ? * දිනක් මව දියණියගෙන් විමසුවාය. එයට පිළිතුරු දුන් දැරිය, "අපේ ඒ ගේ තියෙන්නේ රාජගිරියේ " යැයි පිළිතුරු දුන්නාය. මව පුදුමයට පත්වූවාය.
    එවැනි ප්‍රදේශයක් ගැන මීට ප්‍රථම දියණියට කිසි දිනෙක අසන්නට හෝ නොලැබුණු බවට පැහැදිලිය. ඒ පිළිබඳව තවදුරටත් විමසීමට සිතූ මව ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් මෙසේය.
    ප්‍රශ්නය - රාජගිරියට යන්නේ කොහොම ද?
    පිළිතුර - රාජගිරියට යන්න කොළඹට යන්න ඕනෑ.
    ප්‍රශ්නය - කොළඹට ගිහින් යන්නේ කොහොම ද?
    -රාජගිරියට යන්න වෙනම බස් පිළිතුර තියෙනවා.
    ප්‍රශ්නය - ගේ හොයාගෙන යන්න පුළුවන් ද?
    පිළිතුර - ඔව්, යන්න පුළුවන්.
    එහෙත්, පෙර භවයේ මවුපියන්ගේ හෝ වෙනත් කිසිවකුගේ පුද්ගල නම් ඇගෙන් අනාවරණය නොවීය.
    මේ අතර, ඇය පෙරපාසල් අධ්‍යාපනය සඳහා පෙරපාසලකට ඇතුළත් කළාය. එහිදී ඇගේ නම දර්ශනී ලෙස ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව පෙරපාසලේ ගුරුවරිය ඇය අමතන ලද්දේ දර්ශනී යනුවෙනි. දිනක් පාසලේ සිට නිවෙසට පැමිණි දියණිය මව ඇමතුවාය.
    " අම්මේ, ඇයි මට ඉස්කෝලෙදි දර්ශනී කියන්නේ? මගේ නම දර්ශනී නෙවෙයිනේ. මගේ නම දර්ශිකා යැයි කීවාය. එමගින් ඇය අනාවරණය කළේ ඇගේ පෙර භවයේ නම බැව් ද පැහැදිලි විය. ඇගේ එකම ඉල්ලීම වූයේ පෙර නිවෙසට රැගෙන යන ලෙසය.
    මේ අතර, ඇගේ හැසිරීම් රටාව තුළින් ද අන් දරුවන්ට වඩා වෙනස් ගති සිරිත් දක්නට ලැබුණි. ඇය කුඩා දැරියක වුව ද නිතරම ඉල්ලා සිටියේ තරුණියන් අඳිනු ලබන විලාසිතා ගවුම්ය. අන් දැරියන්ට ඇතැම් විට අන්දනු ලබන කිසිදු ඇඳුම් වර්ගයක් ඇය ප්‍රිය නොකළාය. කුඩා දැරියන්ට ඇතැම් විට අන්දවනු ලබන ඩෙනිම් වර්ගයේ ඇඳුමක් හෝ ඇයට ඇන්දීමට උත්සාහ කළ විට ඒවා ඇය ප්‍රතික්ෂේප කරනු ලැබුවේ " මට ගවුම් ඕනෑ " යනුවෙන් ප්‍රකාශ කරමිනි.
    ඇය හැම විටම මවට කියනු ලැබුවේ, " ඔයා මගේ අම්මා නෙවෙයි, මගේ අම්මා ඉන්නේ රාජගිරියේ " යනුවෙන් වීම ද විශේෂත්වයක් විය.



    දර්ශනී දැරියගේ පෙර භවයේ තොරතුරු සනාථ කර ගැනීමට ඇය මෙන්ම ඇගේ ‍මවත් ඇගේ සොහොයුරාත් දැඩි කැමැත්තක් දක්වති.
    ඇය පෙර භවය පිළිබඳව හෙළි කළ තොරතුරු ලැයිස්තුවක් ලෙස මෙහි සඳහන් කළ හැකිය. ඒවා මෙසේය.
    පෙර භවයේ නම දර්ශිකා.
    * පෙර භව පියා සුදුයි, උසයි.
    * පෙර භව මව උසයි, සුදුයි.
    * අයියා කෙනෙක් සිට ඇත.
    ඔවුන්ගේ නිවෙස විශාලය.
    පදිංචිව සිටියේ රාජගිරියේය.
    රාජගිරියට යන්න කොළඹට යන්න ඕනෑ.
    කැටයක සල්ලි එකතු කළා.
    එහිදී ලොකු ගවුම් ඇන්දා.
    කොළඹට ගියාම රාජගිරියට වෙනම බස් තියෙනවා.
    හරස් පාරකින් යන කොට වෙල්යායවල් තියෙනවා.
    දර්ශනී දැරිය පිළිබඳව පසු ගිය දිනෙක විමර්ශනයක් කිරීමට අපට අවස්ථාව ලැබුණි. එහිදී ඇගේ මව වූ සුරංගනී මහත්මිය සමග කළ සාකච්ඡාවේදී ඇයට ඉදිරිපත් කළ ප්‍රශ්නත් ඇය දුන් පිළිතුරුත් මෙසේය. මේ වන විට දර්ශනී තරුණ වියට පිවිස සිටින්නීය.
    ප්‍රශ්නය - ඔබේ දියණිය පෙර භවය අනාවරණය කිරීම සිදු වූයේ වයස අවුරුදු කීයේදී ද?
    පිළිතුර - වයස අවුරුදු තුනේදී පමණ.
    ප්‍රශ්නය - එයා මුල්ම පෙර භවය ගැන ප්‍රකාශ කළේ මොනවා ද?
    පිළිතුර - මම එයාගේ අම්මා නෙවෙයි කීවා.
    ප්‍රශනය - අම්මා නෙවෙයි කියලා කිව්වේ කොහොම چ?
    පිළිතුර - මම වගේ මිටි නැහැ කිව්වා. ඒ අම්මා
    මට වඩා සුදුයි උසයි කිව්වා.
    ප්‍රශ්නය - පියා ගැන මොනවා ද කිව්වේ?
    පිළිතුර කිව්වා. පියාත් සුදු උස කෙනෙක් කියලා
    ප්‍රශ්නය - පවුලේ හිටි වෙනත් අය ගැන කිව්වා ද?
    පිළිතුර - ඔව්, අයියා කෙනෙක් හිටියා කිව්වා.
    ප්‍රශ්නය - ඒ අයියාගේ නම කිව්වා ද?
    පිළිතුර - නැහැ. දැන් ඉන්න අයියා වගේ අයියා කෙනෙක් කිව්වා. නමක් සඳහන් කළේ නැහැ.
    ප්‍රශ්නය - වෙන පුද්ගලයන්ගේ නම් මොනවත් කිව්වා ද?
    පිළිතුර - නැහැ. එයාගේ නම දර්ශිකා කියලා කිව්වා.
    ප්‍රශ්නය - එයාගේ වෙනත් හැසිරීම් රටා මොනවා چ?
    පිළිතුර - තරුණ වයසේ සිටි කෙනෙක් වගේ ගති සිරිත් තිබුණා. වයසට වඩා පැසුණු ළමයෙක් විදිහට දකින්නට ලැබුණා.
    ප්‍රශ්නය - එයාගේ මරණය සිදු වුණු අයුරු කීවා ද?
    පිළිතුර - ඒවා ගැන එතරම් මතකයක් තිබුණු බව දකින්නට ලැබුණේ නෑ.
    මෙම දැරිය අනාවරණය කළ මෙම කරුණු වලට සමාන කිසියම් පවුලක ජීවිත තොරතුරු සොයා ගැනීමට දර්ශිකාගේ සොහොයුරා ඇතුළු පවුලේ අය දැඩි ආශාවකින් පසු වෙති. දර්ශනී දැරිය හෙළි කළ මෙම තොරතුරු වලට සමාන පවුලක් පිළිබඳව සොයාගත හැකි වුවහොත් මේ පිළිබඳව පර්යේෂණයක් පැවැත්වීමට ඇගේ සොහොයුරා සූදානමින් සිටී.
    (තිස්ස ජයවර්ධන-lankadeepa)
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    මගේ මමා ඔයා වගේ මිටි නෑ. ඒ අම්මා සුදුයි, උසයි. ඒ තාත්තත් මේ තාත්තා වගේ නෙවෙයි. ඒ තාත්තත් උසයි සුදුයි ” යැයි පැවැසුවාය.
    ඒ අම්මයි තාත්තයි එලකිරියෙ මෙම්බර්ස්ල වෙන්න ඕනෙ.හොයාගන්න උදවුවක් කරපල්ලා.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    Can you elaborate more ...
    Holy Moly Guacamole .... 😳

    You had reincarnation / previous life memories, experiences ? Can you please elaborate more on that.
    I had too.Since childhood i recall a red house with red floor with a certain balcony view.Found the same house in fathers birth city with the same view of balcony.Very old house no one lives there now.I clearly remember me watching outside while sitting on that balcony.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,773
    113
    I had too.Since childhood i recall a red house with red floor with a certain balcony view.Found the same house in fathers birth city with the same view of balcony.Very old house no one lives there now.I clearly remember me watching outside while sitting on that balcony.
    How long was the gap between you had memories vs you saw the actual house ?
    Is there a chance you'd seen it before the memories popped in ?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113
    How long was the gap between you had memories vs you saw the actual house ?
    Is there a chance you'd seen it before the memories popped in ?
    I still remember it not so clear as when chilhood.Father didn't want to investigate further and avoided us going there.no the house is around 3km from my fathers house.Havnt seen it before.but i remember sitting on that balcony and looking to the right always.actualy saw the house around 13 years age.
     
    • Like
    • Wow
    Reactions: kandahar and Yeezus

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,908
    1
    6,773
    113
    හදිසි මරණයක් උනොත් ගොඩක් වෙලාවට මතක තියෙනවා
    ඔව් නේද ... පෙර භවයේ නයෙක් වෙලා, මුගටියෙක්ගෙන් මැරුම් කාලා ජීවිතය තොර වෙලා,
    ඒ මතකය ඔස්සේ අදාළ ස්ථානය සොයාගෙන ගිය කතාවක් කියෙව්වා කාලයකට කලින්.

    සමහරවිට මේ වගේ ඒවා බටහිර විද්‍යාවෙන් හිතලම යට ගහනවා ඇති, මොකද ඒ රාමුවෙන් මේ වගේ දේකට පැහැදිලි කරන්න බැරි නිසා.

    I still remember it not so clear as when chilhood.Father didn't want to investigate further and avoided us going there.no the house is around 3km from my fathers house.Havnt seen it before.but i remember sitting on that balcony and looking to the right always.actualy saw the house around 13 years age.
    Thank you for sharing. So you do believes in REINCARNATION right ?
    ------ Post added on Sep 14, 2025 at 7:28 PM
     
    • Like
    Reactions: kandahar

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,565
    67,916
    113


    Thank you for sharing. So you do believes in REINCARNATION right ?
    ------ Post added on Sep 14, 2025 at 7:28 PM
    it can be a brain dream.May be i saw the house before walking age while father driving around the city and constructed a story.But there is a clear video and a memory me sitting there and watching outside.There are other few things also but its a fine line.May be brain hallucinations or previous birth memories
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ඔව් නේද ... පෙර භවයේ නයෙක් වෙලා, මුගටියෙක්ගෙන් මැරුම් කාලා ජීවිතය තොර වෙලා,
    ඒ මතකය ඔස්සේ අදාළ ස්ථානය සොයාගෙන ගිය කතාවක් කියෙව්වා කාලයකට කලින්.

    සමහරවිට මේ වගේ ඒවා බටහිර විද්‍යාවෙන් හිතලම යට ගහනවා ඇති, මොකද ඒ රාමුවෙන් මේ වගේ දේකට පැහැදිලි කරන්න බැරි නිසා.


    Thank you for sharing. So you do believes in REINCARNATION right ?
    ------ Post added on Sep 14, 2025 at 7:28 PM
    තාම එච්චර දියුණු නැහැ හැබැයි ඉතින් කවද හරි ඔප්පු කරලා පෙන්නයි
     
    • Like
    Reactions: Yeezus

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    සමහරවිට මේ වගේ ඒවා බටහිර විද්‍යාවෙන් හිතලම යට ගහනවා ඇති
    එඩ්ගාර් කේසි ගැන කියවල නැද්ද මචන්. many Masions කියල පොතක් තියනව කියවපන්..ඕකෙ translation එක තියනව 'සංසාර මන්දිර' කියලා..
     
    • Like
    Reactions: Yeezus