අද මම අරං ආවේ ෆේස් බුකියෙන් දැකලා, රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකකින් හදපු අඩු වියදම් සෞඛ්‍යයට අහිත නැති/අඩු කොත්‍තු රෙසිපියක්. මෙකෙ කාබ්ස් ප්‍රමාණය හුගක් අඩුයි. මොකද මේක තනිකරම හදන්නේ එළවළු සහ මස් වලින් නිසා. වෙජ් අයට නං මස් වෙනුවට බිම්මල් තම්බල ගත්තම හොඳයි. අපෙ එලකිරියන්ස් ළා හෙල්තිව තියන්න තියෙන උණ හන්දාමයි මේක බෙදාගන්න හිතුවේ. වැඩිය කතා ඕන නෑ. හදන්න ලෑස්තිවෙමු.
මේක හදන්නේ රාබු කියන එලවළුව පදනම් කරගෙන.
ටිකක් අමුතු ඇති අහද්දි. හැබැයි කන්න පුළුවන් කොත්තුවක් මේක. රසත් හොඳයි. බඩට අවුලක් ඇත්තෙම නෑ.
කොත්තුවට අවශ්‍ය දේවල්
0.පොල්තෙල් මේස හැඳි එකහමාරයි.
1.තරමක් විශාල රාබු අල දෙකයි
2.ලූණු, සුදුළුෑණු, රම්පේ,කරපිංචා, ඉඟුරු තේ හැන්දකට අල්ලන ප්‍රමාණ බැගින්
3.තක්කාලි ගෙඩියය් (සැරට කන කෙනෙක්ට මේක ඉවත් කරගන්න පුළුවන්)
4.ලීක්ස් කොල මිටක්
5.කැරට් පුංචි ගෙඩියක්
6.මාළුමිරිිිිිස් පොඩි කරල් දෙකයි
7. කටු ඉවත්කල චිකන් 50g හෝ වෙජ් කෙනෙක් නං බිම්මල් මිටක්
8. ලුණු,කෑලි මිරිස්,බැදපු තුනපහ රස අනුවද, උළුහාල් පොඩ්ඩක් ,කහ ස්වල්පය බැගින්
9. සෝයාසෝස් තේ හැන්දක් (නැතත් අවුලක් නැහැ)
10. කුරුඳු පොතු කෑල්ලක්.
11. නෝ චකන් කියුබ් කැට කාලක් හෝ රසමුසු ස්වල්පයක් (මේක ගන්නෙ රාබු වල රස ටිකක් වෙනස් කරන්න. අකමැති නං නොදා ඉන්න පුළුවන්. හොඳ කරි පවුඩර් එකක් හොයාගන්න හැකි නං මේ 11 ඕන නැහැ.)
හරි මුලින්ම එළවළු/මස් ටික හොඳට සෝඳල හීනී තීරු විදිහට කපා ගන්න. මුලින්ම තාච්චිය රත් කරලා තෙල් දාගන්න.
1. තෙල් රත්වෙද්දි කපපු රාබු සහ ලුණු චුට්ටක් දාල විනාඩි දහයක් ඉදව ගන්න.
2. අංක 2 යටතේ තියෙන දේවල් දාල කලවම් කරන්න. විනාඩි දෙකක් වගේ තියන්න.
3. දැන් ඉතිරි සියල්ල දාල හොඳට කලවම් කරලා තාච්චියෙ වැස්ම වහල හොඳට විනාඩි 15 ක් වගේ උයා ගන්න. (චිකන් නැතිව බිත්තර කන කෙනෙක් නං පහල කමෙන්ට් එකක හදන ක්‍රමේ මම දාල තියේ.)
මේක කන්න චිකන් කරි එකක් හරි වෙජ් කෙනෙක් නං අඹ මිරිසට කරියක් හරි හදා ගන්න. ගෙදර අය මේක හදද්දි මූණ දෙක කරං හිටියේ. ගඳ එයිලු, රස නැතිවෙයිලු, එක එක කතා...
හැබැයි උයල ඉවර වෙලා පෝස්ට් එකක් දාන්න යද්දි ගෙදර අය කුස්සියේ රහ බලනවා. එයාලගෙන් හොඳ ප්‍රතිචාරයක් තිබ්බා. අපේ සහෝලත් නිකං ඉන්න වෙලාවක වෙනසකටත් එක්ක මේක හදල බලන්න. රස වගේම පෝෂණීයයි. වෙනද වගේම ටෙස්ට් කරලයි කිව්වේ.
ජය!
(ත්‍රෙඩ් එක යාවත්කාලීන කරන ලද බව සලකන්න)

Last edited: