Low budget healthy කොත්තු

Bachi Nirosh

Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    අද මම අරං ආවේ ෆේස් බුකියෙන් දැකලා, රියල් ලයිෆ් එක්ස්පීරියන්ස් එකකින් හදපු අඩු වියදම් සෞඛ්‍යයට අහිත නැති/අඩු කොත්‍තු රෙසිපියක්. මෙකෙ කාබ්ස් ප්‍රමාණය හුගක් අඩුයි. මොකද මේක තනිකරම හදන්නේ එළවළු සහ මස් වලින් නිසා. වෙජ් අයට නං මස් වෙනුවට බිම්මල් තම්බල ගත්තම හොඳයි. අපෙ එලකිරියන්ස් ළා හෙල්තිව තියන්න තියෙන උණ හන්දාමයි මේක බෙදාගන්න හිතුවේ. වැඩිය කතා ඕන නෑ. හදන්න ලෑස්තිවෙමු.

    මේක හදන්නේ රාබු කියන එලවළුව පදනම් කරගෙන.

    02473_01_alpine.jpg


    ටිකක් අමුතු ඇති අහද්දි. හැබැයි කන්න පුළුවන් කොත්තුවක් මේක. රසත් හොඳයි. බඩට අවුලක් ඇත්තෙම නෑ.

    කොත්තුවට අවශ්‍ය දේවල්
    0.පොල්තෙල් මේස හැඳි එකහමාරයි.
    1.තරමක් විශාල රාබු අල දෙකයි
    2.ලූණු, සුදුළුෑණු, රම්පේ,කරපිංචා, ඉඟුරු තේ හැන්දකට අල්ලන ප්‍රමාණ බැගින්
    3.තක්කාලි ගෙඩියය් (සැරට කන කෙනෙක්ට මේක ඉවත් කරගන්න පුළුවන්)
    4.ලීක්ස් කොල මිටක්
    5.කැරට් පුංචි ගෙඩියක්
    6.මාළුමිරිිිිිස් පොඩි කරල් දෙකයි
    7. කටු ඉවත්කල චිකන් 50g හෝ වෙජ් කෙනෙක් නං බිම්මල් මිටක්
    8. ලුණු,කෑලි මිරිස්‍,බැදපු තුනපහ රස අනුවද, උළුහාල් පොඩ්ඩක් ,කහ ස්වල්පය බැගින්
    9. සෝයාසෝස් තේ හැන්දක් (නැතත් අවුලක් නැහැ)
    10. කුරුඳු පොතු කෑල්ලක්.
    11. නෝ චකන් කියුබ් කැට කාලක් හෝ රසමුසු ස්වල්පයක් (මේක ගන්නෙ රාබු වල රස ටිකක් වෙනස් කරන්න. අකමැති නං නොදා ඉන්න පුළුවන්. හොඳ කරි පවුඩර් එකක් හොයාගන්න හැකි නං මේ 11 ඕන නැහැ.)

    හරි මුලින්ම එළවළු/මස් ටික හොඳට සෝඳල හීනී තීරු විදිහට කපා ගන්න. මුලින්ම තාච්චිය රත් කරලා තෙල් දාගන්න.

    1. තෙල් රත්වෙද්දි කපපු රාබු සහ ලුණු චුට්ටක් දාල විනාඩි දහයක් ඉදව ගන්න.

    2. අංක 2 යටතේ තියෙන දේවල් දාල කලවම් කරන්න. විනාඩි දෙකක් වගේ තියන්න.

    3. දැන් ඉතිරි සියල්ල දාල හොඳට කලවම් කරලා තාච්චියෙ වැස්ම වහල හොඳට විනාඩි 15 ක් වගේ උයා ගන්න. (චිකන් නැතිව බිත්තර කන කෙනෙක් නං පහල කමෙන්ට් එකක හදන ක්‍රමේ මම දාල තියේ.)

    917f793bf6b8f447c42370c4d54f42e4.jpg


    මේක කන්න චිකන් කරි එකක් හරි වෙජ් කෙනෙක් නං අඹ මිරිසට කරියක් හරි හදා ගන්න. ගෙදර අය මේක හදද්දි මූණ දෙක කරං හිටියේ. ගඳ එයිලු, රස නැතිවෙයිලු, එක එක කතා...

    හැබැයි උයල ඉවර වෙලා පෝස්ට් එකක් දාන්න යද්දි ගෙදර අය කුස්සියේ රහ බලනවා. එයාලගෙන් හොඳ ප්‍රතිචාරයක් තිබ්බා. අපේ සහෝලත් නිකං ඉන්න වෙලාවක වෙනසකටත් එක්ක මේක හදල බලන්න. රස වගේම පෝෂණීයයි. වෙනද වගේම ටෙස්ට් කරලයි කිව්වේ.

    ජය!

    (ත්‍රෙඩ් එක යාවත්කාලීන කරන ලද බව සලකන්න)
     
    Last edited:

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඇයි බන් අපි අපිවම රවට්ටගන්නේ කොත්තු හැඩේට රාබු හදලා.. :lol:
    කවුරු මොනවා කිව්වත් ඔය රාබුම නේ..

    මචං මේක කොත්තු වල පිටි ගොඩට හොඳ විකල්පයක්. මේ දවස් වල බඩ අඩු කරගන්න ගහන ගේමෙන් එලකිරියේ අයටත් සප් එකක් දෙන එක යුතුකමනේ 🙂
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සෝයා සෝස් , Know Cubes නැතුව බැරිද ? Chicken වෙනුවට බිත්තර බැරිද ?
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    🙂
    සෝයා සෝස් , Know Cubes නැතුව බැරිද ? Chicken වෙනුවට බිත්තර බැරිද ?
    පුළුවන්. බිත්තර සුදු මද දෙකට කහමද එකක් ගන්න. මුලින් රාබු ටික තාච්චියෙ පැත්තකට කරල බිත්තර සුදු මද දාල ඒක බැදගන්න. ඉන්පස්සේ ආයිත් ඒක රාබු එක්ක මිශ්‍රකරලා තාච්චියෙ පැත්තකට කරල කහ මදේ බැදගන්න. බිතතර බැදෙනකොට විස්ක් කරන්න අමතක කරන්න එපා. බිත්තර වෙන වෙනම බැද්දම හොඳ රසයක් එනවා. දෙක එකට මික්ස් උණාම එන රස ටිකක් අවුල් බිත්තර බැදෙද්දි තාච්චියෙ මේ වෙද්දි අනෙක් සේරම ඉදිල තියෙන්න ඕන වගේම බිත්තරයි කොත්තුයි බිත්තර බාගෙට බැදිල ඉවරවෙනකං මික්ස් කරන්න එපා.

    සෝයා සෝස් නැතත් අවුලක් නැහැ.

    චිකන් කියුබ් කෑල්ලක් දානවනං හොඳයි. නැත්තං රසමුසු පොඩ්ඩක් දාන්න. රාබුවල පැණි රසක් එන නිසා තමයි ඕක දාන්නේ. ඒත් මිරිස් ටිකක් වැඩිය දාල තක්කාලි අයින් කරාමත් රස හදාගන්න හැකියි.
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    lost it where it says know chicken cubes that shit is poison
    Yeah true. That's why i mentioned to take small amount of it. With comparing කොත්තු කඩේ, its not poisoness at all. But simply it can be replaced with good curry powder which can be make at home. But appreciate emphasizing about that.
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පට්ට ඒත් රාබු වල එන පඩත්තල ගද නිසා මම කවදාවත් කටේ තියන්නෙ නෑ මචං
    රාබු වෙනුවට ගන්න පුළුවන් වෙන දෙයක් නැද්ද?
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඕකෙ අර typical රාබු රහ නෙමේද එන්නෙ?

    රාබු රහ ටිකක් වෙනස් වෙනවා. මොකද ඒක තෙල්වල බැඳෙන නිසා.

    පට්ට ඒත් රාබු වල එන පඩත්තල ගද නිසා මම කවදාවත් කටේ තියන්නෙ නෑ මචං
    රාබු වෙනුවට ගන්න පුළුවන් වෙන දෙයක් නැද්ද?

    අපෙ අම්මත් මට ගඳ ඒවි කියල මුලින් කීවා. ඒත් හදල ඉවරඋණාම ගඳක් ආවේ නැහැ. එනසාල්, උළුහාල් ටිකක් දාන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,018
    165,944
    113
    එකමත් එක රටක
    පට්ට ඒත් රාබු වල එන පඩත්තල ගද නිසා මම කවදාවත් කටේ තියන්නෙ නෑ මචං
    රාබු වෙනුවට ගන්න පුළුවන් වෙන දෙයක් නැද්ද?

    කොස් කොත්තු නම් දැකල තියනවා youtube එකේ.. ;)
     
    • Like
    Reactions: Bachi Nirosh

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    කොස් කොත්තු නම් දැකල තියනවා youtube එකේ.. ;)

    ඔව්. කොස්වලිනුත් හදන්න හැකියි. ඒත් ඒවගෙත් කාබ්ස් තියෙනවා. ඇරත් කඩේ කොත්තු වලට වඩා කොස් කොත්තුව ඇඟට ගුණයි.