ප්‍රහාරකයන්ගේ දෙවන ඉලක්කය දළදා පෙරහැර

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    පාස්කු කොමිසම - ප්‍රහාරකයන්ගේ දෙවන ඉලක්කය දළදා පෙරහැර

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ දෙවැනි ඉලක්කය බවට පත්ව තිබී ඇත්තේ, දළදා පෙරහැර බව පාස්කු ජනාධිපති කොමිසමේ දී අනාවරණය වුණි.

    කොමිසම හමුවේ සාක්ෂි දුන් බුද්ධි නිලධාරියකු පැවසුවේ, ඊට අවශ්‍ය ඇඳුම් පවා ත්‍රස්තවාදීන් සූදානම් කරගෙන තිබූ බවය.

    සයින්දමර්දුහි නිවසේ දී මියගිය පුද්ගලයින් 12 දෙනෙකු මෙලෙස දෙවන ප්‍රහාරයක් සඳහා සුදානම්ව සිට ඇති බවත් අගෝස්තු මස තෙක් සැඟව සිටීමට මොවුන් අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරක්ෂක නිවාස 08ක් මිලදී ගෙන තිබු බවත් බුද්ධි නිලධාරියා ජනාධිපති කොමිසම හමුවේ හෙළිදරව් කළේය.

    පළමු ප්‍රහාරයෙන් පසු රාජ්‍ය බුද්ධි සේවය සිදුකළ මෙහෙයුම් ඔස්සේ දෙවන ප්‍රහාරය වළක්වා ගැනීමට හැකිවු බවත් යම් හෙයකින් දළදා පෙරහැර ඉලක්ක කර දෙවන ප්‍රහාරයක් සිදු වුයේ නම් සිදුවිය හැකිව තිබු විනාශය සිතා ගැනීමට පවා නොහැකි බව බුද්ධි නිලධාරියා සාක්ෂි දෙමින් කියා සිටියේය.

    මේ අතර ප්‍රහාරය පිළිබඳව ඉන්දීය "රෝ" සේවයට තොරතුරු ලබාදී ඇත්තේ, සහරාන් ත්‍රස්ත කණ්ඩායමේ සාමාජිකයෙකු බව ද ඔහු කොමිසම හමුවේ අනාවරණ කළේය.

    සයින්දමර්දුහි වොලිවේරියන් ග්‍රාමයේ නිවසක් තුළ පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින සිදුවු පිපිරීම් මාලාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම සිදුකරන විමර්ශනවලට අදාළව නැගෙනහිර පළාතේ සේවයේ නියුතු රාජ්‍ය බුද්ධි සේවයේ බුද්ධි නිලධාරියෙකු කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

    එහිදී ඔහු සඳහන් කළේ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කළ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ශිබ්ලි ෆාරුක් නැමැති පුද්ගලයා, ජාතික තවුහිද් ජමාත් සංවිධානයට ප්‍රබල ලෙස දේශපාලනිකව ආධාර අනුබල දී ඇති බවය.

    අදාළ මන්ත්‍රීවරයාගේ රියැදුරා ලෙස සහරාන්ගේ ත්‍රස්තවාදී කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු වු ආමි මොහිදින් 2015-2016 කාල වකවානුව තුළ කටයුතු කර තිබේ.

    සාක්ෂිකරු පැවසුවේ, 2017 මාර්තු මස 10 වැනිදා ආලියාර් මංසන්දියේ පැවැති ගැටුමක දී ශිබ්ලි ෆාරුක් විසින් ගැටුමට මැදිව සිටි සහරාන් හෂිම් ආරක්ෂිතව එම ස්ථානයෙන් ඉවත් කොට ආරක්ෂාව සපයා ඇති බවය.

    වැඩිදුරටත් කරුණු අනාවරණය කළ සාක්ෂිකරු සඳහන් කළේ ආලියාර් ගැටුම සම්බන්ධයෙන් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේ දී සහරාන් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙනී සිට ඇති බවය.

    එම නඩුව වෙනුවෙන් කොළඹ සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා කැඳවාගෙන ගොස් ඇත්තේ අබ්දුල් කාදර් අන්සාර් නැමැති සහරාන් හෂිම්ගේ බිරිඳගේ සහෝදරයා බව බුද්ධි නිලධාරියා සඳහන් කළේය.

    මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කර සිටියේ සාරා ජෙස්මින් නැමැත්තියක් හඳුන්නනේද? යන්නයි.

    එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවාගත් අච්චි මුහම්මදු හස්තුන් නැමැත්තාගේ බිරිඳ සාරා ජෙස්මින් බවය.

    කලවන්චිකුඩි, තේතාතිව් ප්‍රදේශයේ උපත ලැබු දමිළ කාන්තාවක් වූ ඇය ඉස්ලාම් ධර්මයට හරවා හස්තුන්ට විවාහ කර දී ඇත්තේ, අබ්දුල් රාසික් නැමැති පුද්ගලයා බව සාක්ෂිකරු කියා සිටියේය.

    ඇයට ජාතික හැඳුනුම්පත් දෙකක් ඇති අතර ඉන් පළමුවැන්න පුලස්තිනි මහේන්ද්‍රන් යන නමට 965672702V අංකයටද, දෙවැන්න සාරා ජෙස්මින් යන නමට 199656702702 යන අංකයටද ලියාපදිංචි වී ඇති බව බුද්ධි නිලධාරියා හෙළිදරව් කළේය.

    මෙහිදී රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසා සිටියේ සාරා ජෙස්මින් සෛයින්දමර්දු පිපිරීමෙන් මියගියේද නැතිනම් ජීවත්ව සිටින්නේද යන්නය.

    සාක්ෂිකරු මෙහිදී පැවසුවේ, එම පිපිරීමෙන් ඇය මියගිය බවට රාජ්‍ය බුද්ධි සේවයද සැක පළ කළත් පසුව සිදුකළ DNA පරීක්ෂණවලදී ඇය මියගිය බවක් අනාවරණය නොවු බවය.

    පසුව ඇය සෙවීම සඳහා කරන ලද පරීක්ෂණවලදී සයින්දමර්දු පිපිරීමෙන් පසුව සාරා ඇසින් දුටුවන්ගේ සාක්ෂි සටහන් කර විශේෂ වාර්තාවක් 2020 මැයි
    මස 31 වන දින රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධාන කාර්යාලයට යොමු කළ බව බුද්ධි නිලධාරියා පැවසීය.

    මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉන්දියාවේ "රෝ" බුද්ධි සේවය අප්‍රේල් 04 සහ 20 වන දින නිශ්චිත බුද්ධි තොරතුරු මඟින් අනතුරු ඇඟවීමක් කර ඇති පසුබිමක එවැනි නිශ්චිත තොරතුරක් ඔවුන් ලබාගන්නට ඇත්තේ කුමන මාර්ගයකින්ද යන්නය.

    ඊට පිළිතුරු දුන් සාක්ෂිකරු කියා සිටියේ ප්‍රහාරයෙන් පසු සහරාන් හෂීම්ගේ ජාතික තවුහිද් ජමාත් සංවිධානයට සම්බන්ධ 97 දෙනෙකුගෙන් පමණ තමන් ප්‍රශ්න කළද, එයින් පාස්කු ප්‍රහාරය පිළිබඳ පෙර දැන සිටියායැයි තහවුරු වූයේ සහරාන්ගේ බිරිද හාදියා සහ සහරාන් සමීපව ඇසුරු කළ නව්ෆර් මව්ලවි පමණක් බවය.

    ඒ අනුව රහසිගතව සැළසුම් කරන ලද මෙම ප්‍රහාරය පිළිබඳ බාහිර පාර්ශවයකට තොරතුරු අනාවරණය කරගත හැක්කේ ප්‍රහාරයට සෘජුවම සම්බන්ධ පුද්ගලයෙකුගෙන් පමණක් බව සාක්ෂිකරු අවධාරණය කළේය.

    ඔහු මෙහිදී පෙන්වා දුන්නේ, වර්තමානය වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන් හෂීම්ගේ බිරිඳ ලබා දී ඇති ප්‍රකාශ අනුව සාරා ජෙස්මින් මෙම ප්‍රහාරය පිළිබද සියලු තොරතුරු දැන සිට ඇති බව අනාවරණ වූ බවය.

    ඒ පිළිබඳ වැඩිදුරත් පැහැදිලි කරමින් සාක්ෂිකරු කියා සිටියේ පාස්කු ප්‍රහාරයෙන් පසු අප්‍රේල් මස 23 වන දින සහරාන්ගේ බිරිඳ හාදියා සහ හස්තුන්ගේ බිරිඳ සාරා, නින්දවුර් නිවසේ දී හමුවී ඇති අතර එහිදී සාරා විසින් හස්තුන් එවා තිබු ප්‍රහාරයට දිවුරුම් දුන් අවස්ථාවේ ලබාගත් ඡායාරූප හාදියාට පෙන්වා ඇති බවය.

    ඒ අනුව හස්තුන් හරහා ප්‍රහාරයේ සියලු තොරතුරු පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් දැන සිටින්නට ඇති බව සාක්ෂිකරු ජනාධිපති කොමිසමේ අවධානයට යොමු කළේය.

    මෙහිදී කොමිසමේ සාමාජිකයෙකු ප්‍රශ්න කළේ, පාස්කු ප්‍රහාරයෙන් පසු ඔත්තුකරුවා නිරුපද්‍රිතව සිටියේ නම් එම පුද්ගලයා බේරාගැනීමට රෝ ඔත්තු සේවය කටයුතු කර ඇත්ද යන්නය.

    එහිදි බුද්ධි නිලධාරියා සඳහන් කළේ, තමන් කිසියම් මෙහෙයුමක් සඳහා ඔත්තුකරුවෙකු යෙදවුවේ නම් අනිවාර්යයෙන්ම මෙහෙයුම අවසානයේ ඔත්තුකරු නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බවය.

    මෙහිදී ජනාධිපති කොමිසම හමුවේ විශේෂ අනාවරණයක් කළ සාක්ෂිකරු කියා සිටියේ පාස්කු දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට ත්‍රස්තවාදින්ගේ පැහැදිලි සැළසුමක් තිබු බව විමර්ශනවලින් අනාවරණ වූ බවය.

    Source
     
    Last edited:

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,187
    1
    28,839
    113
    මෙතන අපැහැදිලි දෙයක් තියෙනවා. සාරා මැරිලා නැද්ද? ඇය තාමත් ත්‍රස්තවාදී ක්‍රියාවකට සැරසෙනවා ද? නැත්නම් ත්‍රස්තවාදී කල්ලියේ සිටි රෝ ඔත්තුකරුවා ඇය වෙන්න බැරිද? ඒ නිසා රෝ එකෙන් ඇයව රහසිගතව රැගෙන ගියාද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බොම්බෙ කැවෙ කුරුසයො සෙට් එකක් නෙ
    බෞද්ධයන්ට නෙමෙ නෙ ගැහැව්වෙ .
    එකෙ වෙදනාවත් තියෙනවා කුරුසයන්ට
    ඔය එරොසන් කියන්නෙත් කුරුසය සම්බන්ධයක් තියෙන එකෙක්

    පර්සි මහෙන්ද්‍ර රාජපක්ෂත් ක්‍රිස්තියානි
    එයාගෙ නොනා ශිරන්ති මාතාවත් ක්‍රිස්තියානි
    පොනිලත් ක්‍රිස්තියානි

    බො ගසෙ කතාව කිව්ව ජොන්ස්ටන් උනත් ක්‍රිස්තියානි

    නිවට සිරා මොනවා උනත් සිංහල බෞද්ධ

    කුරුසයො හිතුවෙ නැහැ තම්බින්වයි බෞද්ධයන්වයි කොටවද්දි උන්ටම කැරකෙයි කියලා.
    තම්බි පන්සලට තිබ්බෙ නැහැ පල්ලියටම තිබ්බා. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    අපෙ බෞද්ධ උකන්නලයි ඝනයො ටිකයි චූන් උනා.
    ඒ තරම් බ්‍රෙන් වොෂ්

    බලන්න ඉතින් මේ උගත් බුද්ධිමත් පිටරට විස්තර අපිට කියන බෲස් වේන් සහෝදරයා කොච්චර ඥානවන්තද කියලා..
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    dan owa wadak na ne da ? dan one hitan & ponil gana legal decision eka ganna

    eke wenne nathi eka thama issue eka
    ara families gana balanath one digatama
     
    • Like
    Reactions: ryandok

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මෙතන අපැහැදිලි දෙයක් තියෙනවා. සාරා මැරිලා නැද්ද? ඇය තාමත් ත්‍රස්තවාදී ක්‍රියාවකට සැරසෙනවා ද? නැත්නම් ත්‍රස්තවාදී කල්ලියේ සිටි රෝ ඔත්තුකරුවා ඇය වෙන්න බැරිද? ඒ නිසා රෝ එකෙන් ඇයව රහසිගතව රැගෙන ගියාද?

    Ooka hariyatama danne ara traffic police OIC, moko dan commission ekata sakki dila thiyana manussayek kiyala thiyanawa anthimara sarawa traffic oic pickup ekaka dagena giya deka kiyala,
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    dan owa wadak na ne da ? dan one hitan & ponil gana legal decision eka ganna

    eke wenne nathi eka thama issue eka
    ara families gana balanath one digatama

    වැඩක් නැත්තෙ නැහැ. මුන් බැරිවෙලාවත් ගැහුව නම් එක මුස්ලිම් එකෙක් හොයන්න වෙන්නෙ නැහැ ලංකාවෙ. රට තනිකර යුධ පිටියක් වෙලා රට ඉවර වෙනවා. දේශපාලුවො ඔක්කොගෙම වැරදි හෙව්වොත් ඔය කවුරුවත් ඉතුරු වෙන්නෙ නැහැ. අර චීනෙ වගේ මරණ දණ්ඩනය දෙන්න ඕනි රාජ්‍ය දේපල විනාශ කිරීම සහ වංචා වලට. ප්‍රසිද්ධියෙ වෙඩි තියලා මරලා දාන්න ඕනි. නැත්නම් එල්ලුම් ගහ ගෙනත් එල්ලා ඉවරයක් කරලා දාන්න ඕනි. නීතිය කාටත් එක වෙන්න ඕනි. මේ රටේ තියෙන හැම ප්‍රශ්නෙකටම මුල නූගත් පාදඩ පට්ට හොර දේශපාලුවො බන්. අන්න උන් අතුගාලා දාපු දවසට ගොඩ. ඒක කරන්න පුලුවන් මේක ඉන්න මිනිස්සුන්ටම තමයි. ෆැමිලීස් ගැන නම් බලන එක වැදගත්. ආපහු ඔය වගේ දේවල් නොවෙන්න ඔක්කොම සුද්ද කරන්න ඕනි.
     
    දේශපාලුවෝ කියන උන් පිටසක්වලකින් එන්නේ නෑ බන්..ඔය කියන සමාජයෙන් තමයි එන්නේ.
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,233
    2
    10,818
    113
    Home Sweet Home
    ko ithin thama mukuth kale na ne

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,023
    2
    116,200
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොටිවත් පෙරහැරට ගහල නෑ මෝඩ තම්බි ඒකත් කරනව බේරිල හිටියනම්
    එහෙම කරානම් සිංහලුත් ෂොට් එක දෙනව තම්බින්ට අරාබියටම දුවන්ඩ
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    දේශපාලුවෝ කියන උන් පිටසක්වලකින් එන්නේ නෑ බන්..ඔය කියන සමාජයෙන් තමයි එන්නේ.

    හොරුන්ට ඡන්දෙ දෙන්න එපා.

    ko ithin thama mukuth kale na ne

    බලය නැතුව කරන්නෙ කොහොම ද බන්
     
    • Like
    Reactions: saja

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    කොටිවත් පෙරහැරට ගහල නෑ මෝඩ තම්බි ඒකත් කරනව බේරිල හිටියනම්
    එහෙම කරානම් සිංහලුත් ෂොට් එක දෙනව තම්බින්ට අරාබියටම දුවන්ඩ

    මං හිතන්නෙ අර කියලා තියෙන්නෙ එහෙම ගැහුවා නම් වෙන විනාශය ගැන හිතාගන්නවත් බැහැ කියලා, පෙරහැරේදි වෙන විනාශෙ ගැන නෙමයි කියන්න ඇත්තෙ ඊට පස්සෙ වෙන දේවල් ගැන
    මොකද පට්ට ටෙන්ශන් එකේ තිබුනු වෙලාවක පෙරහැරට ගැහුවා නම් ඉවරම තමයි
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මං හිතන්නෙ අර කියලා තියෙන්නෙ එහෙම ගැහුවා නම් වෙන විනාශය ගැන හිතාගන්නවත් බැහැ කියලා, පෙරහැරේදි වෙන විනාශෙ ගැන නෙමයි කියන්න ඇත්තෙ ඊට පස්සෙ වෙන දේවල් ගැන
    මොකද පට්ට ටෙන්ශන් එකේ තිබුනු වෙලාවක පෙරහැරට ගැහුවා නම් ඉවරම තමයි

    එහෙනම් තණකොළ කපන හැටි බලන්න තිබ්බා නානලා
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,023
    2
    116,200
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මං හිතන්නෙ අර කියලා තියෙන්නෙ එහෙම ගැහුවා නම් වෙන විනාශය ගැන හිතාගන්නවත් බැහැ කියලා, පෙරහැරේදි වෙන විනාශෙ ගැන නෙමයි කියන්න ඇත්තෙ ඊට පස්සෙ වෙන දේවල් ගැන
    මොකද පට්ට ටෙන්ශන් එකේ තිබුනු වෙලාවක පෙරහැරට ගැහුවා නම් ඉවරම තමයි
    මටත් හිතෙන්නෙ එහෙම කියන්ඩ ඇත්තෙ ඕක උනානම් ගොඩක් අය මැරෙන එකට වඩා රටේ ලොකු කලබලයක් වෙන්ඩ පුලුවන් 83 කළු ජූලිය වගේ.
     
    • Like
    Reactions: XpressM

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    මටත් හිතෙන්නෙ එහෙම කියන්ඩ ඇත්තෙ ඕක උනානම් ගොඩක් අය මැරෙන එකට වඩා රටේ ලොකු කලබලයක් වෙන්ඩ පුලුවන් 83 කළු ජූලිය වගේ.

    එහෙනම් අද නානලා කියලා ජාතියක් ලංකාවෙ නැහැ. පල්ලි ටිකත් බිම. පාස්කු බෝම්බෙ වෙලාවෙත් කාදිනල් හිමි කියපු නිසයි කට්ටිය නිකන් හිටියෙ. පැහැදිලි කෑමක් තිබුනෙ. අපරාදෙ.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    සිරාවට ම කවදාවත් ඉස්පිරිතාලෙකට ගහල නැත්තෙ ඇයි බෝම්බයක් වත්
    එතනට නෙ බං එන්න ලේසිත්
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    තම්බි පොන්සියො ටික වැරදිලාවත් දලදා පෙරහැරට ගැහුවනම් කතෝලික සෙට් එක නිකන් හිටිය වගේනම් සිංහලු ඉන්නෙ නෑ තම්බින්ගෙ අවසානෙ තමා ඉතින්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,187
    1
    28,839
    113
    නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා memma me ponnaya wa gal gahala maranna one
    සම්පූර්ණ ඇත්ත. පර ලෝයර් බල්ලො සල්ලි වලට ගූත් කයි. ඇහුවාම නම් කියන්නේ සැකකරුවන්ට නීතිය ඉදිරියේ සමාන අවස්ථාවක් ලබා දෙන්න ඕනේ නිසා උන් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,909
    23,596
    113
    සාරා ජෙස්මින් කියන කෙනාව මුල ඉදන්ම Raw එකෙන් plant කරල තිබිල තියෙනව වගේ කතාවක් නේහ් කියන්නෙ.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    සම්පූර්ණ ඇත්ත. පර ලෝයර් බල්ලො සල්ලි වලට ගූත් කයි. ඇහුවාම නම් කියන්නේ සැකකරුවන්ට නීතිය ඉදිරියේ සමාන අවස්ථාවක් ලබා දෙන්න ඕනේ නිසා උන් වෙනුවෙන් පෙනී සිටිනවා කියලා.

    oka thamai ara surakimu UNP kiyala sanwidanayak hadagana hitiye u andukarayth kara my3 karaya dan sajith ge langa inne oka.