මේ තෙඩ් එකේ සමහර අය කියලා තිබුනා ඒ ස්වාමින් වහන්සේ සල්ලි අවභාවිතා කරා කියලා. ඒවාගේ ඇත්ත නැත්ත මම දන්නෙ නැ. උන් වහන්සේ කරපු කර්ම උන් වහන්සේම ගෙවයි.
ඒත් මම දන්න තරමින් මේ ස්වාමීන් වහන්සේ ගොඩක් හොද දේවල් කරපු කෙනෙක්. යොවුන් සිතට දහම් සිසිල කියලා ලොකු ප්‍රෝගෑම් එකක් කරා ඉස්සර ටීවි චැනල්වල්. ඒකෙන් තරුණයෝ ගොඩක් හොද මගකට ආවා. හොදවැඩ ගොඩක් කරපු හාමුදුරුවෝ කෙනෙක්. මම දැකපු වැදගත්ම දේ තමයි කිසිම දේශපාලනඥයෙක්ගේ වේදිකා ගානේ බඩ ගෑවේ නැ. තව හොද වැඩ නම් ගොඩක් තියනවා. මොනවා උනත් උන්වහන්සේට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.