පාලු ගෙදර වලං බින්දට විවාදෙකට ගියාම ගූ නාලා එන්නෙ, කට තිබුණට මොලෙ නෑ මුගෙ
පාලු ගෙදර වලං බින්දට විවාදෙකට ගියාම ගූ නාලා එන්නෙ, කට තිබුණට මොලෙ නෑ මුගෙ
ගම්5 ඉන්න කැතලික් උන් ටික තමා දුන්නේ, ඇයි මූ ගහනවනේ බුද්ධාගමට සැරට... කැතලික් හෑමෝම නෙවෙයි බහුතරේ
පාලු ගෙදර වලං බින්දට විවාදෙකට ගියාම ගූ නාලා එන්නෙ, කට තිබුණට මොලෙ නෑ මුගෙ
සුප්‍රකට 'කොටි- ජොන්ස්ටන්' ලිපිගොනුව නැවත "
මේ දක්වා වසර 6 ක් තිස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදිහත්වීම මත, එවකට ඔහු යටතේ පැවති නීතිපති දෙපාර්තමේන්තුව විසින් අතගසා තිබූ AG/45/2010 ලිපිගොනුව නැවත කරලියට පැමිණ ඇතැයි වාර්තා වේ.
AG/45/2010 ලිපිගොනුව ලෙස හැදින්වෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සඳහා පැමිණි මරාගෙන මැරෙන කොටි සාමාජිකයෙකුට හිටපු අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රුපියල් කෝටි 5 ක මුදලකට ආධාර අනුබල හා රැකවරණ ලබාදීමේ චෝදනා ඇතුළත් ලිපි ගොනුවයි.
එම සිද්ධිය සම්බන්ධව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට රහස් පොලීසිය විසින් මුල්වරට බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර ඇත්තේ 2009 වසරේ ජනවාරියේදීය. B/7465/01/2009 පැමිණිල්ලට අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ ඝාතනයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බකරු නතරවී සිට ඇත්තේද ජොන්ස්ටන් ප්‍රනාන්දුට අයත් මාදිවෙල පාර්ලිමේන්තු නිල නිවසේය.
කොටි සංවිධානයේ බුද්ධි අංශයේ නියෝජ්‍ය නායක කබීල් අම්මාන්ගේ උපදෙස් මත සිවරාජා සුභා ක්‍රිෂ්නන්, තවරාජසිංහම් සුභාෂ් සහ ලින්ටන් චන්ද්‍රශාන් නැමැති මරාගෙන මැරෙන කොටි බෝම්බකරුවන් තිදෙනා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ සහයෝගයෙන් විදේශයක පදිංචි රාජේෂ් නැමැති අයෙකුගේ නියෝගයෙන් එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව කොළඹ 07, ග්‍රෙගර් පාරේ අංක 16 නැමැති හිටපු ජනාධිපතිවරයා නිතර යනඑන තැනකදී ඝාතනය කිරීමට මෙම සැලසුම සකස් කර තිබිණ. යම් හෙයකින් එම උත්සාහය අසාර්ථක වුවහොත් ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතාවන ජොහාන් ප්‍රනාන්දු සහ රාජපක්ෂ පුත්‍රයින් රගර් පුහුණුවීම සඳහා පැමිණෙන ස්ථානයකදී මෙම පුහුණුවීම් නැරඹීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන අවස්ථාවකදී ඝාතනය කිරීමට විකල්ප සැලසුමක්ද තිබී ඇත.
මෙම සම්පූර්ණ කොන්ත්‍රාත්තුවට කොටි සංවිධානය ජොන්ස්ටන් ප්‍රනාන්දුට රුපියල් කෝටි 5 ක් ගෙවීමට පොරොන්දු වී ඇති අතර එයින් රුපියල් කෝටියක මුදලක් අත්තිකාරම් වශයෙන් මෙම කොටි බෝම්බකරුවන් රැගෙන යාමට ජොන්ස්ටන් ප්‍රනාන්දු පිටකොටුව බෝගහ අසළට පැමිණි අවස්ථාවේදී ඔහුගේ රථය තුලදී ගෙවා ඇති බවට එකල කරුණු අනාවරණය විය. ඊට අමතරව ජොන්ස්ටන් ප්‍රනාන්දු කොටි බෝම්බකරුවන් හා සිදුකළ දුරකතන සංවාදයත් විදේශයක සිට මෙම ඝාතන සැලැස්ම මෙහෙයවූ රාජේෂ් නැමැත්තා සමග කළ කතාබහත් පටිගත කිරීමට එකල හමුදා බුද්ධි අංශ සමත් වූ අතර එම කාලවකවානුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙම හඬපටය මාධ්‍යට නිකුත් කිරීමට වත්මන් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා කටයුතු කරන ලදී.
මෙම සම්පූර්ණ සිද්ධිය පිළිබඳව 2009 වසරේ අගදී මුල්වරට අනාවරණය කරන ලද්දේ අප වෙබ් අඩවිය මගිනි.
එවක එජාපයේ මන්ත්‍රීවරයෙකුව සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එකතු කරගනු ලැබුවේද මෙම ලිපි ගොනුව පෙන්වා ඔහුව බියට පත් කිරීමෙනි. ඉන්පසු ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුධ හමුදාවේ සිටිමින් දේශපාලනය කළ බවට බොරු සාක්ෂි දීම සඳහා යුද්ධාධිකරණය ඉදිරියට ජොන්ස්ටන් ප්‍රනාන්දු කැඳවන ලද්දේද මෙම සුප්‍රකට ලිපිගොනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් ඔහුට පෙන්වීම මගිනි. තමන් මරා දැමීමට සැලසුම් කළ පුද්ගලයෙකු සමග වුවද පසුව හොඳින් ඇසුරු කිරීමට හා ඔහු සමග බිස්නස් කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙළඹුනේ ‘සතුරාට පවා සමාව දීමේ මහා කරුණා ගුණය' නිසා නොව කොටි සංවිධානයෙන් ජොන්ස්ටන්ට ලබාදුන් රුපියල් ලක්ෂ 100 මහින්ද රාජපක්ෂ මහතා ලබාගැනීමෙන් පසුව බව එකල ප්‍රකට කරුණක් විය.