මේගොල්ලෝ ගොඩක් වෙලාවට ගෙදර ඉඳල තමා වැඩේ කරන්නෙ. දවසක් මෑන් කෙනෙක්ට වැඩක් කරගන්න ඕන උනාම ග්රාමයා ඇද ඇද හිටියලු. ඉතින් පොර ගියාලු ග්රාමෙගේ ගෙදර brown paper එකක ඔතපු බෝතලයක් අරගෙන. ගියපු ගමන් සාලේ මෙසේ උඩ බෝතලේ තියල දුන්නලු වැඩේ කරගන්න. ග්රාමෙත් දඩි බිඩි ගාල වැඩේ කරල දුන්නලු හිනාවක් එක්කම.
මෑන් දැන් යන්න හදල එකපාරට අර බෝතලේ අතට ගත්තලු අරන් යන්න. ග්රාමේ කලබල වෙලා ඇහුවලු කොහෙද කොහෙද ආපහු ඕක ගෙනියන්නෙ කියල?
අරූ කියල “නෑ, මම යනින් ගමන් ලාම්පු තෙල් ටිකක් දාන් යන්න බෝතලේ ගෙනාවේ කියල, හිස් බෝතලේ පෙන්නල මාරු වෙලා ගියාලු.“
අරූට හික් ගෑවෙන්න ඇති.