Mitsubishi Pajero 1992

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,687
    19,581
    113
    ප්‍රිය කුකුල,
    මෙහෙමයි මෙතන අනිත් අය කියල තියන දේවල් ගොඩාක් හරි. Mk2 pajero නැත්තං ලංකාවේ කියන විදිහට කිව්වොත් ඉන්ටර්කූලර් මොඩල් එකක් 45න් පහත ගන්න බෑ. තියනව එත් ඒව එක්කො කාල නැත්තන් ගෙඩි කේස්.
    1991/92 කියන්නේ ඕකෙ ආව පලවෙනි එඩිශන් එක.
    ඒ කියන්නේ ඕකෙ එන්ජින් ඔප්ශන් දෙකක් ආවා.
    1. 4D56 Turbo intercooler
    2. 4M40 turbo intercooler

    ඔකෙන් පලවෙනි එන්ජින් එක ආවෙ පලවෙනි අවුරුදු දෙකතුනෙ විතරයි ඒ ආපු ඒවත් ගොඩක්ම බේසික්. මැනුවල් ගියර්, සන්රූෆ් නෑ ලයින් ඒසී නෑ. පිටිපස්සෙ දුනු. ලංකාවේ අමාත්‍ය්ංශ/ප්‍රොජෙක්ට් දුවන්න ආපුව.
    2500cc එන්ජින් එක මම දකින විදිහට මිට්සුබිෂි ගහපු සාර්ථකම එන්ජින් එකක්. වෙලාවට තෙල් වතුර බැලුවා නම් ගොනා වාගෙ ඔහේ දුවනව. මම දන්න වාහනයක් තියනව කිසි හෙනයක් නැතිව කිලොමීටර් ලක්ෂ 7දුව්පු. ඔය එන්ජිම තාම මිට්සුබිෂි Po5 වෑන්, L200 cab, montero Sport වල එනවා. හැබැයි ඔකෙ පවර් එක ඉන්ටර්කූලර් එකට මදි. මොකද ඕක බර වැඩී. විශෙශයෙන්ම් ඔටෝ ඩුවල් ඒසී ආව මොඩල් එකට. පිකප් මදි ගතියක් තියනව. ඔටෝ නම් ඉතින් එක පාරට් ඔව්ටේක් කරන්න ගියාම ඇඩෙනව.
    ඕක හොඳට තෙල් නම් කරනව. මැනුවල් එකක් 10පැනල කරන්ව.

    4M40 එක ගත්තම ඒක 2800cc. Fuel injection system එක අරකට වඩා පවර්ෆුල්. ඒ නිසා පෙට්‍රෝල් කාර් එකක් වගෙ පිකප්. සද්දෙත් ලස්සනයි. ඕන එකෙක් එක්ක ගෙම ඉල්ලන පුලුවන්. මොඩල් එක 2000 නවත්තනකම් ආවේ ඔය එන්ජින් එක. එකම දේ ඕක හයි පෆොමන්ස් නිසා හීට් වෙනව සහ ප්‍රෙර්ශර් වෙනව වැඩී. ගොඩාක් ලංකාවේ වාහන කිමි ලක්ෂ 150/200 වෙද්දී එන්ජින් ‍ර්‍ර්පයාර් එක ආව. කූලින් සිස්ටම් එක හරියට දිව්වෙ නැත්තං බඩු ඉවරයි. ඔකෙ හෙඩ් එක මලකවගෙ පරිස්සම් කරන්නෝන. පට ගාල හීට් එකට ක්‍රැක් වෙනව. අනිත් දේ ඕක යන්නම හදපු එන්ජින් එකක්. තෙල් හිගන්නොට හරි යන්නේ නෑ. 6-7 කරන්නේ.

    වාහනෙ පට්ටම් සැපයි. ඔය කාලෙ විතරක් නෙමෙයි දැන් මහා ගනන් වලට එන අලුත් ඒවට වඩා සැප හොඳයි. 93 ඉදලා ආපු සුපර් එක්සීඩ් මොඩල් එකෙ තියන ඔප්ශන් දැන් එන ඒවගේ වත් නෑ. ඩුවල් ලයින් ඒසි ෆුල් සයිස් ඉලෙක්ට්‍රික් සන්රූෆ්, කෲස් කොන්ට්‍රොල් වින්ක මිරස්, හීටඩ් ලෙදර් සීට්, ඉලෙක්ට්‍රික් සීට්, ඉලුමිනේශන් ඩෑශ්බෝඩ්. ඕන රෙද්දක්...

    ඕෆ් රෝඩ් පැත්තෙන් ගත්තොත් ඔය කැබලිත්ත වගෙ ඇරෙන්න වෙන ඕන තැනක් යන්න පුලුවන් හොද ටයර් විතරයි ඔනෙ. ඔකෙ එන සුපර් සිලෙක්ට් කියන 4wd සිස්ටම් එක ලෝකෙ මෙතෙක් ආව සුපිරිම සිස්ටම් එකක්. හොයල බලන්න අදටත් ඩකා රැලි එකෙ වැඩිම දිනල රෙකොඩ් එක තියෙන්නෙ. ප්ජෙරෝ එකට.

    ලෙඩ කියල ගත්තම 4M40 head එකෙ කේස් එක ඇරෙන්න වෙන උපන් ලෙඩ නෑ. වයසත් එක්ක ‍රනින් රෙපෙයාර් එනව ඒක් වලක්වන්නට බෑ. බඩු ඕන තරම් තියනව. හැබැයි ප්ජෙරෝ කිව්වොත් මූන බලලා ගාන කියන්නෙ. ලකෙපංකාවනේ🤪 එන්ජින් ඉලෙක්ට්‍රික් රනින් ලෙඩ ගැන ඒ තරම් හිතන්නෙපා. ඒව ගොඩදාන්න අමාරු නෑ. හැබැයි ලොකු දිරුම් තියන ඒව නම් අත ගහන්න එපා. මිට්සුබිෂි තහඩු දිරුම් ආවොත් ගොඩදාන්න අමාරුයි. එකපාරක් වෑල්ඩින් ලාම්පුව ඇල්ලුවොත් කොච්චර වැහුවත් දිරුම් මතුවෙනවා. අනික ගැරිජ් ගානෙ පංචිකාවත්ත ර්වුම් ගහන්න වෙනව. ඒවට ආසාව වෙලා නැත්තං, ගැරිජ් කාරයො එක්ක හැප්පිල වැඩෙ ගොඩදාන්න පුරුදු නැත්තං වාහනෙ එපා වෙයි. ගෙදර වෙන වාහන තිබිලත් නැත්තං පලවෙනි වාහනෙ විදිහට රෙකමන්ඩ් කරන්න අමාරුයි.

    ලංකාවේ ඉතින් මොකක් ගත්තත් ජීප් ගද්දි හරි පරිස්සම වෙන්නෝන. හොර කේස් හැමතැනම. 32,64,65 ජල්තර් වැඩී. හොඳ මැකෑනික් කෙනෙක් එක්ක ගිහින් බලන්න වඩා හොඳයි වැලිවේශන් එකක් ගන්න. ඩි සිල්වා වැලිවේශන් ගොඩ්ක් හොදයි ජිප් වලදි. මොකද ඕකෙ මොඩල් වේරියේශන් ගොඩාක් තියනව. ඔයා බලන්නම යන්නකො ඔයාට තෙරෙයි. මිනිස්සු ගාව මරු මරු හොර බඩු තියෙන්නෙ.

    ආදර කුකුල, ඔබට ඕනෑවට් වඩා දේවල් කියා බය කර වාහනෙ ගැනීමෙ අදහස නෑතිකරා නම් සමාවන්න.

    මමත් ඕකක පදින නිසා හා ලංකාවේ ජල්තර් ජිප් මාර්කට් එකෙ තිත්ත ඇත්ත ගැන හොදින් දන්නා නිසා ඒය ඒ ලෙසින්ම් ලියා තැබූවමි.

    තව මුකුත් දැනගන්න ඕනෙනම් ඉන්බොක්ස් එන්න.

    විත් ලව්
    පජෙරො කුකුලෙක්❤
    Adoo sahenna watinawa bn ubage time eka aragena mata me tika type karapu ekata. Mn kiwwa eke 4D56 engine ekak .uba kiwwa widiyta mama maraalekata wage atha gahanna yanne mama haduwe kabalak hadala araganna tahadu tika ehema gahala et ara weldin laampuwa allana katha tika kiywwama theruna mn ganna hadana eka gattot ledak mokada eke kanut dirala kiyala kiwwa kanu dirapu ekak aragena maawa anaatha wenawa wage ehema unot L200 P akurakwat balannam bn mama eka pajero taran awlk naha neda?
     
    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai

    එන්ජින් වැඩ ඉලෙක්ට්‍රික් වැඩ කොයි තරම් තිබ්බත් කමක් නෑ බන් සල්ලි තියනවනම් හොද බාසෙක් ඉන්නවනම් ගොඩ දාගන්න පුලුවන්. බොඩි විශෙශයෙන් කනු දිරුම් තියන ඒව දිහා බලන්නවත් එපා. වෑල්ඩින් ලාම්පුව කේස් එක තියෙන්නෙ තහඩුව්ක් පාස්සන්න රත් කපු ගමන් ඔය වාහනෙ හදද්දී ගහපු ඇන්ටි කොරොශ්න් ලෙයර් එක ඩැමේජ් වෙන එක. ඒක පේන්ට් එකක් නෙමෙඉ එක ගැල්වනයිස් කරනව ව්ග්‍ර් ඉලෙක්ට්‍රික් ඇනොඩයි සිස්ටම් එක්කට ගහන්නෙ මිට්සුබිශි නිසාන් මැස්ඩ වල ඔය තට්ටුව හීට් එකට ඩැමෙජ් වෙනව වැඩි ඒකයි දිරුම් ආව තැන් තහඩු තියල පාස්සල් වැඩක් නැත්තෙ. ඕව බාස්ල කියල දෙන්නෙ නෑ. අනික ලංකාවේ ගොඩ්ක් බූත් තිය්න් පේන්ට් ගහන් තැන් වලත් ඉක්මනින් වේලෙන්න පෙනුම් එන්න තහඩු හීට් කරනව. එතකොට් ඔරිජිනල් ඇන්ටිකොරොසිව් ලේයර් එක ඉවරයි බන්.
    දිරපුව ගන්නෙපා. එන්ජින් වැඩ තිබ්බට් අවුලක් නෑ
    හොදම දෙ 56 එන්ජින් ආපු පලාත්සභා මොඩ්ල් එකක් ගන්න. ඒක ඉන්ටර්කූලර් එක් තරම් සැප නම් නෑ ඒත් සංකීර්ණ නෑ. වියදම් ලෙඩ අඩුයි හයියයි. පාරෙ යද්දීත් ලේසී බන් ටිපර් එකක් ලේලන්ඩ් එකක් වත් එන්නෑ ඇගට. මම දන්න එකෙක් ගෙ පලාත්සභා එකක් මාතරදි වැදුන ලේලන්ඩ් බස් එකක. වදිද්දි 120යි. මුට හෙනයක් වත් නෑ බඩ දම් පාට වෙලා තිබ්බ ස්ටියරින් වීල් එකෙ වැදිල් වාහනේ ඉස්සරහ පොඩ්ඩක් ලයිට් රෙඩියෙටර් ඩැමෙජ් වෙල තිබ්බ එක විතරයි. බ්ස් ඩ්‍රයිවර් ගෙ කකුල කැඩිලා ලූ..😂
    පට්ට හයියයි.

    ඒකක් ව්ගෙ බලපන්
     
    Adoo thanks machan eka tamai bn arake kanu dirala kiwwa mata eka epa una me katha tika kiyewwta passe. Mata oni bn wadiya maintenance cost ekak yanne nati hadagattata passe paduwe duwanna puluwn ekak ela macho mama balannam wena hoda ekak
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හිතාදර කුකුළ ඕක නං නට්ටං වෙන වැඩක් - 30 ට ගන්න පුලුවං අලුත්ම වාහනේ අරං හිතේ බරක් නැතුව ජීවත් වෙයං වාහන සහ වාහන පාට්ස් වලට වියදං කරන්න හොඳ කාලයක් නෙමෙයි දැන් යන්නෙ. CS2, Tiida වගේ එකක් ගන්න
    :) :) :) :) :yes: :yes: :yes:
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    740
    351
    63
    Gampaha
    Bump, Math ekak gannwa advanced deela awe , Anidda genawa :P

    45 ta ganna be, man jeep 15 witara beluwa. Hoda condition ewa aniwa 50 paninawa.

    44 ta set una 64- ekak 1994, aka hadala ganna inne. Ekama aula tiyenne pothe owners 16 innwa (Gattu hema ekama finance dala). Padinna ganna nisa aulak ne :rofl: