මාළුවලට චූ කරන සීන් එකක් ගැන කතාවක් ගියා මතකයි.
ඒක ඇත්තක් ද?
මාළු ගේන්න යනකොට ඕක මතක් උණා
ඒක ඇත්තක් ද?
මාළු ගේන්න යනකොට ඕක මතක් උණා
උඹ මුහුද කිට්ටුවනේ ඉන්නේ ? උදේම ගියා නම් දාසේ බෝට්ටු වල අලුත් ඒව ගත හැකි නේද ?
එහෙම කියන්න බැහැ බන්, නමුත් එහෙම ලඟ නං ගොඩක් වෙලාවට අලුත් මාලු ගන්න පුලුවන්
මම ඉන්නෙ මිරිස්ස ෆිශරීස් හාබර් එකට විනාඩි 15 දුරින් වගේ,
අලුත්ම මාලු ගන්න උදේ පහ හමාරට විතර එතනට යන්න ඕන
ඒ ගිහිල්ලත් මාලු අලුත් ඒව තෝරගන්න හැටි පොඩි හරි අයිඩියා එකක් තියෙන්න ඕන, පොඩ්ඩක් ගනන් එහෙ මෙහෙ කරගන්නත් හැකියාවක් තියෙන්න ඕන, එතන ලොකුවට ගනන් අඩු කරගන්න නං බෑ නමුත් ටිකක් වැඩිපුර ගන්නවා නං ටිකක් රවුං ගානකට කතා කරගන්න පුලුවන්
මෙතන කෙලවල්ලො එහෙම හොයන්නම නැති තරම්, උදේ පාන්දරම යනවා නං ගන්න පුලුවන් තියෙන්නෙම බලයො වගේ ඒව තමයි
උදේ හය හමාර හත විතර වෙද්දි ඉතිරි වෙන්නෙ පරන තැලිලා පොඩි උනු මාලු තමයි. ගොඩක් අය කියනවා එදාම කනවා නං ඒව ලොකු අවුලක් නැහැ කියලා, සමහර අය ඒව අඩුවට අරන් උම්බලකඩ හදා ගන්නවා
තව ඒ පැත්තෙ නං තැන් දෙක තුනක් තියනවා සමහර දවලට සෙනග පිරිලා මාලු ගන්නවා කියන්නෙ වෙනම මිශන් එකක් වෙන වෙලාවලුත් තියනවා, නමුත් ඒ වෙලාවට ගිහින් කට්ට කන්න පුලුවන් නං අලුත් මාලු අඩුවටම ගන්න පුලුවන්. මං සමහර දවසට කුනු කෙල පෙරාගෙන නිදා වැටි වැටි නිදාගන්න ඇඳපු එක පිටින් බාස්කට් එකකුත් අරන් යනවා මාලු ගන්න, කවදාවත් පාඩුවක් නං වෙලා නැහැ
ඒ කොලිටියේම මාලු හවස හතරට දානවා ධීවර සංස්ථාවෙ මාලු විකුනන තැනක, එතන උදේ වරායෙ තිබුනට වඩා කිලෝ එක රුපියල් 100-400 විතර වැඩි වෙනවා, දවසෙ හැටියට ගනන් වෙනස් වෙනවානේ. හැබැයි එතන ඉතින් පොරයක් මොනවත් නැහැ මාලු තියනවා තෝරලා හෙමීට ගන්න පුලුවන්. එතනත් හොඳම මාලු තියෙනවා, ගනන් වැඩි උනාට පාඩුවක් නැහැ, කෙලවල්ලො එහෙම මෙතන තියනවා සාමාන්යෙන් කිලෝ එකක් 900ක් විතර වෙනවා ඉතින්, ගොඩක්ම හොඳ මාලු තියෙන්නෙ.



කොට්ටාවෙ පොලේ මාළු කොහොමදමොර්ටීන් ස්ප්‍රේ එක වතුරට දිය කරලා ඉහින්නේ.
මම නම් තියෙන freezer ධීවර සංස්තා මාළු විතරයි ගන්නේ. උන්ට අමාරුවක් නෑ අතින් වියදම් කරලා මෝර්ටීන් ගහන්න.
අව්වේ තියාන විකුණන මාළු නම් ගන්න එපා. බයික් වල ගේම මාළුත් හොඳයි උදේම ගන්න පුලුවන් නම්.