paddy field - output box ideas

Ganjakollaa1

Well-known member
  • Dec 11, 2018
    1,238
    516
    113
    Kumburakin karanna puluwan business monada ? Waga karana ewata amatharawa. wena deyak ?

    356107_1595994546_0555.jpg
    ****output box ideas
    👉 out of the box idea
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    හොද පැල් කොටයක් හදල (ගහක් උඩ නම් වඩාත් හොදයි) වී වගාව කාබනික විදියට කරන්න. පාරම්පරික වී වගා කරන්න. ඒවා පිරිසිදුව හාල් කරලා පැකට් හදන්න. වී වගාව එක්ක පොඩියට එළවලු වගාවත් පටන් ගන්න. ඊට පස්සේ මුළු ගොවිබිමම සංචාරක වියපාරයටත් යොමු කරන්න. Agricultural Tourism concept එකට යන්න. වැඩි දියුණු වෙනකොට ඕන නම් පොකුණු තුල මාළු / මිරිදිය ඉස්සන් වගේ දේවල් වලටත් යන්න පුළුවන්.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හොද පැල් කොටයක් හදල (ගහක් උඩ නම් වඩාත් හොදයි) වී වගාව කාබනික විදියට කරන්න. පාරම්පරික වී වගා කරන්න. ඒවා පිරිසිදුව හාල් කරලා පැකට් හදන්න. වී වගාව එක්ක පොඩියට එළවලු වගාවත් පටන් ගන්න. ඊට පස්සේ මුළු ගොවිබිමම සංචාරක වියපාරයටත් යොමු කරන්න. Agricultural Tourism concept එකට යන්න. වැඩි දියුණු වෙනකොට ඕන නම් පොකුණු තුල මාළු / මිරිදිය ඉස්සන් වගේ දේවල් වලටත් යන්න පුළුවන්.
    සුපිරි
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    හොඳ පැල්කොටයක් හදල කබාන එකක් විදිහට කොළඹ පොෂ් කට්ටියට, ෆොරිනර්ස්ලට නවාතැන් දෙන්න.
    කුඹුර හාන්න, වපුරන්න, ගොයං කපන්න ඇක්ටිවිටීස් දෙන්නත් පුලුවන් (වැඩේ නිකං කරගන්නත් පුලුවන්)
    ගමේ කෑම කියල සම්බෝලයි බතුයි මොකක් හරි ගහක කොලේකට බෙදල කන්න දීල ෂේප් වෙන්නත් පුලුවන්.
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    හොඳ පැල්කොටයක් හදල කබාන එකක් විදිහට කොළඹ පොෂ් කට්ටියට, ෆොරිනර්ස්ලට නවාතැන් දෙන්න.
    කුඹුර හාන්න, වපුරන්න, ගොයං කපන්න ඇක්ටිවිටීස් දෙන්නත් පුලුවන් (වැඩේ නිකං කරගන්නත් පුලුවන්)
    ගමේ කෑම කියල සම්බෝලයි බතුයි මොකක් හරි ගහක කොලේකට බෙදල කන්න දීල ෂේප් වෙන්නත් පුලුවන්.
    ඕවා කරන්න තහනම් නේද කුබුරු ඉඩම් වල
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    ඔවා කියන තරන් ලේසිද බන්...ඔය වගේ පෙනුමට තියෙන්නේ එක කාලෙක විතරයි...ඊට පස්සේ කුබුර ඔය වගේ නෙමෙයිනේ..අනික මේ වැඩ කරපු කන්නෙත් අපිට පාඩුයි..වෙන අවුරුදු වල නන් මේ කන්නේ වැඩ කරන්නේ නෑ.කොරෝනා නිසා වැඩ කලේ..එක කන්නයක් කුබුරු බාගයක් වැඩ කලාම හැබයි අවුද්දම කන්න වී හම්බෙනවා අපේ නන්...
     
    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    600
    378
    63
    කුබුරුත් තියෙනවා , කරලත් තියෙනවා . කට්ට බන් - ඉස්සර වගේ මිනිස්ස්සු හොයා ගන්න බැ . යන වියදම ආදායම එකට එකයි. ලොකු ලාබයක් නැ.
    හැබෑයි කඩේ හාල් වලට වඩා රහයි. මාත් ආසයි ආයේ කරන්න තියෙනවා නම්. අදහසක් තියෙනවා ජපන් වල හදන විදියට කරලා try එකක් දෙන්න - වතුර බදින්න වගේ වැඩ වලට ඉන්න ඕන කවුරු හරි -
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,497
    22,589
    113
    අම්බකිස්ස
    කුබුරුත් තියෙනවා , කරලත් තියෙනවා . කට්ට බන් - ඉස්සර වගේ මිනිස්ස්සු හොයා ගන්න බැ . යන වියදම ආදායම එකට එකයි. ලොකු ලාබයක් නැ.
    හැබෑයි කඩේ හාල් වලට වඩා රහයි. මාත් ආසයි ආයේ කරන්න තියෙනවා නම්. අදහසක් තියෙනවා ජපන් වල හදන විදියට කරලා try එකක් දෙන්න - වතුර බදින්න වගේ වැඩ වලට ඉන්න ඕන කවුරු හරි -
    ඒක නන් ඇත්ත බන්..ටැක්ටර හොයන්න ඕනි හාන්න.බිත්තර වී ටික වෙලාවට ගන්න තියෙන්නෙ ඕනි.වී එක හොද වෙන්න ඕනි.මිනිස්සු එන්නෙ නෑ දැන් කුබුරු වැඩට.කුලියට ගන්න ඕනි.පෝර නෑ මේපාර සල්ලි වලට ගන්නවත්..මැස්සන්ට ගහන්න හරි බෙහෙතක් කඩේ ගන්න නෑ දැන්...ඔය ඔක්කොම කලත් වියලි කලාපේ වගේ අස්වැන්නකුත් නෑ.අක්කරේට වී කිලෝ 1000ක් එන්නෙ නෑ.හැබයි ඉතිං රස වෙනස්.කීරි සම්බා වලට රසයි මට ගෙදර කුබුරූ කැකුලූ හාල්.ලාබයක් නෑ..අනිකඑක කන්නයක් වැස්සට යට වෙනවා ඒ කාලෙට් ඔය ටුවරිසම් වගේ ඒවා හබක්...කුබුරු අක්කර දෙකක තියනවා අපෙත්.අක්කරයි වැඩරන්නේ.ඒ කුබුරු යායටම අපි විතරයි වැඩ කලේ.ඔක්කොම කුරුල්ලෝ අපේ එකෙන් වී කන්නේ....ඔහොම වෙලත් කලා ඉතිං
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    ඔය ඔක්කොම කලත් වියලි කලාපේ වගේ අස්වැන්නකුත් නෑ.අක්කරේට වී කිලෝ 1000ක් එන්නෙ නෑ.හැබයි ඉතිං රස වෙනස්.කීරි සම්බා වලට රසයි මට ගෙදර කුබුරූ කැකුලූ හාල්.ලාබයක් නෑ..අනිකඑක කන්නයක් වැස්සට යට වෙනවා ඒ කාලෙට් ඔය ටුවරිසම් වගේ ඒවා හබක්...කුබුරු අක්කර දෙකක තියනවා අපෙත්.අක්කරයි වැඩරන්නේ.ඒ කුබුරු යායටම අපි විතරයි වැඩ කලේ.ඔක්කොම කුරුල්ලෝ අපේ එකෙන් වී කන්නේ....ඔහොම වෙලත් කලා ඉතිං
    අපිත් කුඹුරු කරනවා බන්. ඔයා කියන ප්‍රශ්න ටික අපටත් තියනවා. ඒත් තමන්ගේ කුඹුරකින් වී අරගෙන එකෙන් බත් කනකොට තියන ලල් එක වෙන කිසිම විදියකින් එන්නේ නෑ. අපි කනවා වගේම ලෝභ නැතුව අපි වස /විස අඩු හාල් ටිකක් සමහර වෙලාවට පොඩි ළමයි ඉන්න අයට කැඳ බොන්නත් ඉල්ලුවම දෙනවා. අපේම කුඹුරෙන් ලැබෙන හාල් නිසා ගෙදරත් ලෝස් නැතුව බත ඉදෙනවා. එකෙන් වත්තට එන කුරුල්ලෝ / ලේන්නුන්ටත් බඩ පුරවා ගන්න පුළුවන්. සමහර දවස් වලට කුඹුරේ වතුර බදින්නේ මම. එතකොට කඩෙන් හාල් ගන්න එවුන් "අපෝ ඔච්චර නහින්නේ මොකද කඩෙන් හාල් කෑවනම් ඉවරයිනේ " කියනවා. එතකොට මම උන්ට කියනවා ඔය එක එකා හුල්ල හුල්ල කඩෙන් ගන්නේ අපි වගේ මිනිස්සු මහන්සි වෙල ගොවිතැන් කරපු හාල් තමයි අපි ගොවිතැන් නොකරොත් උන්ට කන්න වෙන්නේ තණකොළ තමයි කියල. ඕක අහගත්තු එවුන් මීක් නැතුව මාරු වෙලා යනවා. කට්ට උනත් මම නම් ගොවිතැනට ආසයි බන්. කුලී වැඩ කරන එවුන් හොයාගන්න පුළුවන් නම්, මම අක්කර 100 කට උනත් ඉන්වෙස්ට් කරනවා.
     
    මම ඉන්නේ රත්නපුරේ නිසා අස්වැන්න අඩුයි මෙහෙ වියලි කලාපෙට වඩා.ගං වතුරටත් අහු වෙනවා.නැත්තං ඉතිං සල්ලි වලිනුත් පාඩුවක් නෑ .කුබුරු කලා කිය්ලා
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    වෙලක් පුරාම මාළු පොකුණක් හදපන්.
    සුදු රෝස කහ දම්එක එක ජාතියෙ නෙළුම් මල් වවපන්. ඒක මැද
    හෝටලයක් හදපන් කොට දාලා පිදුරු සෙවිලි කරලා. පාලම් දාපන් වටේට ම ඇවිද ඇවිද මාළු මල් බලන්න.

    නැත්නම් කංකුං වගේ පලා ජාති කොහිල එහෙම හිටෝපන් වෙල වැහෙන්න ම
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    හොද පැල් කොටයක් හදල (ගහක් උඩ නම් වඩාත් හොදයි) වී වගාව කාබනික විදියට කරන්න. පාරම්පරික වී වගා කරන්න. ඒවා පිරිසිදුව හාල් කරලා පැකට් හදන්න. වී වගාව එක්ක පොඩියට එළවලු වගාවත් පටන් ගන්න. ඊට පස්සේ මුළු ගොවිබිමම සංචාරක වියපාරයටත් යොමු කරන්න. Agricultural Tourism concept එකට යන්න. වැඩි දියුණු වෙනකොට ඕන නම් පොකුණු තුල මාළු / මිරිදිය ඉස්සන් වගේ දේවල් වලටත් යන්න පුළුවන්.

    ඒ වගේම රෑට රෑට සුන්දර ගැමි කෙල්ලක්ව ගෙන්නගෙන හේනේ පැළ උඩම දීලා අරින්න පුලුවන් 😎😎
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,351
    19,451
    113
    Colombo
    ඒ වගේම රෑට රෑට සුන්දර ගැමි කෙල්ලක්ව ගෙන්නගෙන හේනේ පැළ උඩම දීලා අරින්න පුලුවන් 😎😎

    ඒකට නං මරදානෙං හරි කොටුවෙං හරි ඒ කට්ටිය අරං ගිහිං රෙදි හැට්ට අන්දවලා ගන්න බැරියැ
    කලු බුලත් විට කාල එහෙම ඉන්න සෙට් එකක් අරං ගියා නං, එන එවුන්ට කියන්න පුලුවං වැඩ කරලා අවුවට කලු වෙලා ගමේ හින්දා බුලත් විට කාල ඉන්නෙ කියලාත්.

    to OP,
    කුඹුරක් තියනවා නං මොන ප්‍රශ්න තිබුනත් කුඹුර වැඩ කරන එක අත උඩින්ම ලාබයි බන්. කොයි තරම් පාඩු උනත් වියදමට වඩා රුපියලක් හරි වැඩියෙන් හොයන්න පුලුවන්
    හොඳට හරිගියොය් ගොඩක් ලාබයි
    අපේ ගමේ එහෙම කුඹුරු කරන්නෙ හෙන කට්ටක් කාල, කොටලා, දෙවනි සැරේකුත් කොටලා, පෝරු ගාල, වපුරලා වී ඉහින්නෙ, නමුත් වයිපරේගෙ පලාතෙ ඔය මොනවත් නැහැ, කැකුලං ගහනවා කියලා එකක් කරන්නෙ, කෙලින්ම රොටරි ගහලා ඒක උඩ වී ඉහිනවා, සමහරු ඇලවල් කපලා වපුරනවා, නමුත් අස්වැන්නෙ ලොකු වෙනසකුත් නැහැ, සමහර වෙලාවට මේවයෙ අස්වැන්න අපේ පැති වලට වඩා හොඳයි, අනික වැඩේ පට්ටම ලේසියි, කුඹුර හරි ගියේ නැත්තං ලොකු පාඩුවකුත් නැහැ. අපේ ගමේ කුඹුරු කාලෙට ගෙවල් වල මිනිස්සුන්ට වෙන වැඩක් කරන්න වෙලාවක් නැහැ ෆුල් ටයිම් කුඹුරු වැඩ.
    අනි සාමාන්‍යෙන් කුඹුරක් කන්න දෙකක් වැඩ කරද්දි එක කන්නෙයක් හොඳටම හරියනවා අනෙක් කන්නෙ ටිකක් අඩුවෙන්, වතුර අනම් මනම් ප්‍රශ්න නිසා. සේරම දේවල් හොඳටම තියනවා නං තමයි කන්න දෙකම හොඳටම හරියන්නෙ. මේක පැත්ත අනුව වෙනස් වෙනවා මොන කන්නෙද හරියන්නෙ කියලා.
     
    • Like
    Reactions: Ganjakollaa1