කොළඹ වරාය පිවිසුමේ සිට බත්තරමුල්ලට පාපැදි මංතීරුවක්

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    කොළඹ වරාය නගර පිවිසුමේ සිට බත්තරමුල්ල දියත උයන දක්වා විහිදී යන පරිදි නගර රැසක් සම්බන්ධ වන ආකාරයට පාපැදි මංතීරුවක් ඉදිකිරීම සඳහා මූලික සැලැස්ම මේ වන විට සකස් කරමින් පවතී.

    නාගරික සංවර්ධන අධිකාරියේ බස්නාහිර පළාත් අධ්‍යක්ෂ වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතා මේ බව සඳහන් කළේය.

    පාසල් ළමුන්, රැකියාවන්හි නිරත පිරිස්, දෙස් විදෙස් සංචාරකයින් හා පාපැදි ක්‍රීඩාවෙහි නිරතවන පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර, ඉතා ආරක්ෂාකාරී ලෙස ගමන් කිරීමට හැකි පරිසරයක් ද මේ තුළින් ගොඩනැගීමට අපේක්ෂා කෙරේ.

    ප්‍රධාන මාර්ගයට පිවිසෙන රථවාහන අවම කිරීම තුළින් මාර්ග තදබදය අවම කිරීමේ හා පරිසරහිතකාමී ප්‍රවාහන මාධ්‍යයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ඉදිකිරීමට සැලසුම් කර ඇති මෙම පාපාදි මාර්ගයේ දුර කිලෝමීටර 23 කි.

    පළල අවම මීටර 1.5 ක් ද වන අතර උපරිමය මීටර 2.5 ක් වන මෙම පාපැදි මංතීරුව කොළඹ වරාය නගරයෙන් ආරම්භ කිරීමට නියමිතය.

    අදියර 01 යටතේ මේ මාර්ගය තුළ කුලී පදනම මත පා පැදි ලබා ගත හැකි ස්ථාන 11ක් වේ. ඕනෑම ස්ථානයකින්මුදල් ගෙවා පාපැදියක් ලබාගෙන මේ ස්ථාන 11න් ඕනෑම තැනකට යළි පාපැදිය භාර දිය හැකිය.

    මෙම මාර්ගය භාවිත කරන්නන් බොහෝවිට එහි ගමන් කරන්නනේ උදෑසන හෝ රාත්‍රී කාලයේ යැයි උපකල්පනය කරන බැවින් ආලෝකය අඩ අවස්ථාවල භාවිත කළ හැකි ආකාරයේ පහන් හා වර්ණ ගැන්වීම් ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව සිදුකිරීමට බලාපොරොත්තු වේ.

    මෙම පා පැදි මාර්ගය වරාය නගර පිවිසුමෙන් ආරම්භ වේ. අනතුරුව කෙටි දුරක් ගාලුපාරට සමාන්තරව ගමන්කර බාලදක්ෂ මාවතේ බේරේ වැව දෙසට හැරි ගංගාරාමය හා කලම්බො සිටි සෙන්ටර් ගොඩනැගිල්ල අතරින් විහාර මහාදේවී උද්‍යානය දෙසට ගමන් කරයි. අනතුරුව මං තීරුව යොමු වන්නේ උද්‍යානය මැදිනි. උද්‍යානය මැදින් නෙළුම් පොකුණ රඟහල අසලින් නිදහස් චතුරශ්‍රය තෙක් ගමන් කර ආකේඩ් ගොඩනැගිල්ල අසලින් බෞද්ධාලෝක මාවත ඔස්සේ බොරැල්ල කනත්ත වෙත ගමන් කරයි.

    බොරැල්ල කනත්ත පසුකර බේස්ලයින් සීමාවේ ඇති ගොල්ෆ් පිටිය හරහා කෝට්ටේ වගුරු බිම් අතරින් දියත උයන තෙක් පළමු අදියර ගමන් කරයි. එතැන් සිට දියවන්නා ඔය ඔස්සේ පාර්ලිමේන්තු වටා විහිදී නැවත වරක් දියත උයන දක්වා පැමිණේ.

    මෙම ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මීතොටමුල්ල, ශාන්ත බස්තියන් ඇල මාර්ගය, අසලින් අලුත් කඩේ උසාවි සංකීරණය අසලින් ගමන්කර පාවෙන වෙරළ සංකීර්ණය වෙත පැමිණිමට සැලසුම් කර ඇත.

    ව්‍යාපෘතිය මෙම වසර අවසානයේ ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර 2021 වනවිට ඉදිකිරීම් අවසන් කිරීමට අපේක්ෂිතය

    http://sinhala.adaderana.lk/news/143456/කොළඹ-වරාය-පිවිසුමේ-සිට-බත්තරමුල්ලට-පාපැදි-මංතීරුවක්
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සුපිරි....
    නියම වැඩක් නේහ්.. මම ඉතින් දෙනියායෙ ඉදන් මාතරට, දෙනියායෙ ඉදන් ගාල්ලට බයිසිකල් පැදපු මිනිහා.. අර නෙදලන්ඩ් ඇම්බැසඩර් මහත්මිය යන්නෙත් බයිසිකලෙන් නේද මම දැක්ක දවසක් ආකේඩ්1 ලගදි..

    ඇත්තටම ගාල්ල ටවුමටම ආවේ නෑ. හොල්සිම්1 ගාවට ඇවිත් හරවන් යනවා. බයයි ටවුන්1 අතරමන් වෙයි කියල පොඩි කාලෙනේ.. ගල්ලෙ කොටුව පෙනෙද්දි බයයි ඒ පැති ටවුන් නිසා. ආයෙම හරවන් එනවා ඉතින්..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,542
    32,289
    113
    Battaramulla indala Galle face eka athara wahana walin ena un bicycle walin eineda japan wala wage? :rolleyes:

    2020_03_09_88612_1583736922._large.jpg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Battaramulla indala Galle face eka athara wahana walin ena un bicycle walin eineda japan wala wage? :rolleyes:

    2020_03_09_88612_1583736922._large.jpg

    මට හරි අාසයි බයියො හති දාගෙන හොහ් හොහ් ගගා පදිනව බලන්න..ෆොටෝ ගහල FB දාන්නත් පුළුවන් වියත්මග සොයා යන බයියෙක් පුස් බයිසිකලේ වැඩට යනවා කියලා..😂😂😂😂😂😂😂
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    Office - home අතර දුර කිලෝමීටර් පහක් - අටක් වගේ පරාස ඉන්න අයට නම් ෂේප් එකේ බයිසිකලේ එන්න පුලවන් වෙයි. මොනවා උනත් හොඳ වැඩක් වගේ.
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    මට හරි අාසයි බයියො හති දාගෙන හොහ් හොහ් ගගා පදිනව බලන්න..ෆොටෝ ගහල FB දාන්නත් පුළුවන් වියත්මග සොයා යන බයියෙක් පුස් බයිසිකලේ වැඩට යනවා කියලා..😂😂😂😂😂😂😂
    කාගේ දරුවෙක් ද බන් මේ........... අඩාගත්ත ගමන්මයි.....
     

    Similar threads