Coronavirus (Covid19) Megathread #6

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    007.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,713
    98,749
    113
    අහුවෙන අහුවෙන වෙලාවට bump කරා නං හරි නැත්තම් දැන් වෙන එකෙක් පොස්ට් එකක් දාල නැත්තම් ආයේ දාන්නත් බෑනේ.. :oo:
    ඔව් ඔව් එහෙම කරන්න තියෙනෙ හැම තැන නූල් ඇරල කොරෝන වලට එපා වෙනව.
     
    • Like
    Reactions: හෙනයා

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවයේ නියතු සිට නිවසට නිවාඩු පැමිණ හදිසියේ රෝගා බාධයකට ලක්ව දඹුල්ල රෝහලට ඇතුලත් කර සිටී සිටි සේවකයෙකු සිදුකළ PCR පරීක්ෂණයකින් අනතුරුව නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව දඹුල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි ප්‍රදීප් දිසානායක අද (06) තහවුරු කර තිබෙනවා.

    මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ විල්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තහවුරු කරගෙන ඇත.

    මෙම රෝගියා ප්‍රතිකාර ලබාදීම සඳහා සුදුසු රෝහලකට මාරුකර යැවීමට මේ වන විට සූදානම් වන බවයි දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ.

    මෙම පුද්ගලයා පසුගිය 03 වෙනිදා සිය ආයතනය සිට නිවාඩු ලබා මගී බස් රථයකින් දඹුල්ලට පැමිණ දඹුල්ල නගරයේ බස් නැවතුම්පොලේ වේලාවක් ගත කොට වෙනත් බස් රථයකින් විල්ගමුව ප්‍රදේශයේ තම නිවසට ගොස් සිටියදී හදිසියේ රෝගාතුරවී 1990 ගිලන් රථයකින් ඊයේ (5) දින දහවල් දඹුල්ල රෝහලට ඇතුලත් කර තිබේ.

    මෙම රෝගියා කොවිඩ් 19 ආසාධිතයෙකු බවට තහවුරු වීමත් සමග මේ වන වනවිට ලග්ගල, විල්ගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත්කර ඇති බවද වෛද්‍ය අධිකාරිවරයා සඳහන් කළේ. ඔහු ඇසුරු කළ හා පවුලේ පිරිස් පිළිබඳව ඉදිරි කටයුතු කිරීම සඳහා අදාළ බලධාරීන් දැනුවත් කළ බවද වෛද්‍ය අධිකාරීවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

    neth news
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කොරෝනා ආසාදිත කාන්තාවගේ දියණිය ඉගෙනුම ලබන පාසලේ පන්ති කාමරයේ සිසු සිසුවියන් 42 දෙනා ඇතුළු ඇය ඇසුරු කළ සිසුසිසුවියන් 48දෙනෙකුගෙන් කිසිවෙකුට හෝ වයිසරය ආසාදනය වී නැති බව සෞඛ්‍ය බලධාරීන් විසින් පාසලේ විදුහල්පතිවරයාට දැනුම් දී තිබේ.

    එම දියණියගේ පන්තියේ ළමුන් 42දෙනෙකුද, එම පන්තිය අසළ තවත් පන්තියක ළමුන් 6දෙනෙකු ද වශයෙන් ළමුන් 48දෙනෙකු ඊයේ(05) විදුහලේදී පී.සී. ආර්. පරීක්ෂණයට ලක් කෙරිණි. එහි ප්‍රතිඵල අනුව එයින් කිසිවෙකුටත් වයිරසය ආසාදනය වී නැති බව සෞඛ්‍ය බලධාරීන් දැනුම් දී තිබේ.

    පන්තියේ සිසුසිසුවියන් 42 දෙනා මීගමුවේ නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින අතර සෙසු සිසු සිසුවියෝ 6දෙනා ඔවුන්ගේ නිවෙස්වල ම නිරෝධායනය වෙමින් සිටිති.

    විදුහලේ ගුරුවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනා ද පී සී ආර් පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබු අතර ඒවායේ ප්‍රතිඵල වාර්තා මෙතෙක් ලැබී නැත.


    _______________________________________________________________________________________________________________________



    රට තුළ නැවත උද්ගතව පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියලුම උපකරණ පන්ති හෙට (6) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා නියම කළේය.

    උද්ගතව පවතින කොරෝනා වසංගත අවදානම සම්බන්ධයෙන් වයඹ පළාත තුළ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (6)පළාත් සභාවට කැඳවා තිබූ රාජ්‍ය නිලධාරීන්ගේ හමුවකදී ආණ්ඩුකාරවරයා මේ සඳහා වයඹ පළාත් ප්‍රධාන ලේකම් පී.බී.එම්.සිරිසේන මහතාට උපදෙස් ලබා දුන්නේය.

    ඒ අනුව හෙට (7) දින සිට වයඹ පළාතට අයත් කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම, හලාවත, නාරම්මල ආදි ප්‍රධාන නගර ඇතුළු නගරවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.

    වයඹ පළාත් සභාවේදී පැවති මෙම සාකච්ඡාවට වයඹ පළාත් සභාවේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා, වයඹ පළාත සහ කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද සහභාගි වූහ.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    කළුතරටත් කොරෝනා යයි



    කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයෙකු හොරණ කදන වත්ත ප්‍රදේශයෙන් හදුනාගෙන තිබේ.

    කළුතර නාගොඩ රෝහල පැවසුවේ අද දින සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකදී මෙම රෝගියා හදුනාගත් බවයි.

    මොහුගේ බිරිද බැන්ඩ්‍රික්ස් ඇගළුම් ආයතනයේ සේවිකාවක් වන අතර ඇය මේ වන විට හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

    මොවුන්ගේ මවුපියන් සහ දරු දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර තිබේ.

    Code:
    http://www.aruna.lk/%e0%b6%9a%e0%b7%85%e0%b7%94%e0%b6%ad%e0%b6%bb-%e0%b6%af%e0%b7%92%e0%b7%83%e0%b7%8a%e0%b6%ad%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%92%e0%b6%9a%e0%b7%8a%e0%b6%9a%e0%b6%ba%e0%b7%99%e0%b6%b1%e0%b7%8a-%e0%b6%9a/?fbclid=IwAR2Lsf1ygOqNWI0krGDQEedfDNe-CI_NhGjCUwVB8pOwynZ6uEdIyVN7NfY


    කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ තවත් ආසාදිතයින් 05දෙනෙකු හදුනාගෙන ඇතිබව බවට තොරතුරු වාර්තා වේ.

    මොවුන් සියලුදෙනා මිනුවන්ගොඩ බැන්ඩ්‍රික්ස් ආයතනයේ සේවයේ නියුත් සේවිකාවන් වන අතර, මොවුන් සියලුදෙනා පසුගිය 27 වැනිදින ගම්පහ මිරිස්වත්ත මැදවත්ත ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී තිබේ.

    ඇගළුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් හත්දෙනෙකු එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වී ඇති අතර, පසුගිය 4වැනිදා සිදුළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඉන් පස්දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර ගෙන ඇත.

    ඒ අනුව මෙම සේවිකාවන් පිරිස මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

    පසුගිය 27 වැනි දින පැවැති එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වූවන්ට සිය නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක්වන ලෙසට ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් මහජනතාව දැනුවත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

    අවමංගල්‍ය උත්සවය පැවැති මැදවත්ත ප්‍රදේශයේ අදාළ නිවස සහ ඒ අවට නිවාස ද විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබේ.


    120707596_3365235350256641_6066713290922091869_o.jpg
     
    Last edited:

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 139 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

    ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 706ක් වනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝන රෝගීන් සංඛ්‍යාව 4,118 ක් වනවා.
    මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 839ක් වන අතර දැනට සුවය ලැබූ පිරිස 3266ක් වනවා.

    මේ අතර එම ආසාදිත පොකුර විශාල බැවින් සමාජයට එය පැතිරීමේ වැඩි ඉඩක් පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,771
    113
    Home Sweet Home
    huta

    මොරටුවේ ආසාදිතයන් 165ක්

    badu , hutas lock down coming soon :dull: :oo:

    -------------------------------------------

    Will it be a Goooooood News ?

    ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ එක්වෙනවා : සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයි
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    පොඩි පැහැදිලි කිරීමක් කරපං සහෝදරයා... N95 මාස්ක් දාලා තියෙනවද?? N95 දැම්මම හුස්ම ගන්න අමාරුයි. මොකද ඒකෙන් 95%ක්ම ෆිල්ටර් වෙන නිසා.. 3200 Half Face Respirator එකත් මම පාවිච්චි කරනවා.. එවත් එහෙමයි.. හුස්ම ගන්න අමාරුයි.. එතකොට ඔයාගෙ එකේ එහෙම resistance එකක් නෑ කියන්නෙ filtering හරියට වෙනවද කියන එක ගැටළුසහගතයි නේද??


    ගාණත් මෙතන දාන්න..

    Yes.... these filter out 95% of airborne particles, but makes you feel hot and humid on the face. Also you actually breathe in 5% to 20% less oxygen than normal unfiltered air, and higher proportions of the CO2 you exhale. Normally healthy people can adapt to this difference. So get used to it. :yes:
     
    • Like
    Reactions: Awatiyal

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,142
    2
    10,771
    113
    Home Sweet Home
    koheda ban , any idea ?

    source https://www.truenews.lk/kovid-at-the-biscuit-factory-in-ratmalana/

    රත්මලානේ බේකරියක උප පොකුරක් නිර්මාණය වේ


    රත්මලානේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක සේවකයින් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

    එම කර්මාන්ත ශාලාවේ 50ක පමණ පිරිසක් සඳහා අද සිදුකරන ලද පරීක්ෂණවලදී මේ බව හෙළි වී තිබුණා.

    මෙම කර්මාන්ත ශාලාව ශාලාවේ සිට පුරා ආහාර ඇසුරුම් පෙට්ටි ප්‍රවාහනය කරමින් කරන බවද වාර්තා වනවා.

    ආසාදිතයන් හඳුනාගත් එම කර්මාන්ත ශාලාවේ ගබඩා සංකීර්ණයේ සියලුම දෙනා නිරෝධායනයට ලක් කර තිබුණා.