yako rajaye anugrahaya labuna witharai dilanth malagamuwath boru kiyanna patan aran

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    කොවිඩ් වසංගතය පිළිබඳව රටේම කතාබහට ලක්වෙද්දී මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව මහතා පසුගියදා සහභාගි වූ මෝටර් රථ ධාවන තරගයකින් ලෝකයෙන්ම දෙවැනි ස්ථානයට පත්ව ඇති බව ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. ඇතැම් පුවත්වල සඳහන් වූයේ එය ලංකාවට පමණක් නොව සමස්ත ආසියාවටම අභිමානයක් බවයි.

    ආසියාවටම අභිමානයක් බව පවසන මෙම ජයග්‍රහණය පිළිබඳව මෙරට මාධ්‍ය තුළ කතාබහට ලක් වුවද ආසියාවේ වෙනත් රටවල කිසිදු මාධ්‍යයකින් ආවරණය කර නොතිබිණි.

    මෙතරම් කතාබහට ලක්වන මෙම තරගාවලිය පිළිබඳව අප අවධානය යොමුකළ අතර මාලගමුව සහභාගි වී තිබෙන්නේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවති යුරෝපා සුපර් ට්‍රොෆියෝ නමැති මෝටර් රථ තරගාවලියටයි.

    එම සමස්ත තරගාවලියටම සහභාගි වී තිබෙන්නේ මෝටර් රථ ධාවකයන් 17 දෙනෙකු පමණි. කාණ්ඩ හතරකින් තරග පැවති අතර මාලගමුව සහභාගි වූයේ AM CUP කාණ්ඩය සඳහායි. එම කාණ්ඩයේ තරග දෙකක් පැවති අතර ඉන් එක් තරගයකදී මාලගමුව තෙවැනි ස්ථානයට පත් වූ අතර අනෙක් තරගයෙන් දෙවැනි ස්ථානය ලබාගෙන තිබේ.

    image_537ddcb335.jpg


    බැලූ බැල්මට එය සුපිරි ජයග්‍රහණයකි. ඔහු ලෝකයෙන්ම දෙවැනියාය. රටට ආසියාවට පමණක් නොව සමස්ත ලෝකයටම අභිමානයකි.

    image_6997691296.jpg


    AM CUP කාණ්ඩය සඳහා සහභාගි වී ඇති සමස්ත ධාවකයන් සංඛ්‍යාව තුන් දෙනෙකි. ඩිලන්ත මාලගමුව එක් තරගයකදී තුන්වැනියා වන්නේ ධාවකයන් තුන් දෙනෙකු අතරිනි. තවත් විදියකින් කිවහොත් ඔහු එම තරගයේ අන්තිමයාය. අනෙක් තරගයේදී එක් ධාවකයෙකු අවසන් වටයේදී තරගයෙන් ඉවත් වන්නේ ඔහුගේ ලැම්බොගිනි රථය කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙනි. ඒ අනුහසින් මාලගමුවට දෙවැනි ස්ථානය ලබා ගැනීමට හැකියාව ලැබේ.

    තරගාවලියට සහභාගි වූ සමස්ත ධාවකයන් අතරින් මාලගමුවට හිමිව ඇත්තේ 14 වැනි ස්ථානයයි. ඔහුට පිටුපසින් සිටින්නේ තවත් ධාවකයන් තුන් දෙනෙකු පමණි. මාලගමුව මේ බව කියන්නේ නැත. ඔහු කියන්නේ තමන්ගේ කාණ්ඩයේ තුන් දෙනෙකු සහභාගි වූ තරගවල ලබාගත් දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිබඳව පමණි.

    ආසියාවටම අභිමානයක් වූ මාලගමුවගේ සුපිරි ලැම්බොගිනි ධාවනය එසේය.

    මෙම තරගාවලිය පිළිබඳව මෙරට මාධ්‍ය කෙතරම් උදම් ඇනුවද ලෝකයේ එතරම් කතාබහට ලක්වන තරගාවලියක් නොවේ. තරගාවලියට අදාල වෙබ් අඩවියට පිවසීමෙන් එය තහවුරු කරගත හැකිය.

    මාලගමුව මෙම තරගාවලියට පිටත්ව යන්නේ රජයෙන් ලැබුණු විශේෂ අවසරයක් මතයි. ඒ කොරෝනා අවදානම හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට විදෙස්ගතවීමට දැඩි සීමා පනවා තිබීම හේතුවෙනි.

    තරගාවලිය සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන ලෙස මාලගමුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති අතර නාමල් රාජපක්ෂ මහතා ඒ බව අගමැතිවරයාට දැනුම් දී තිබේ. එහිදී අගමැතිවරයා එය ප්‍රතික්ෂේප කරමින් නාමල් රාජපක්ෂ මහතාට පවසා තිබෙන්නේ මෙවැනි ලෝක හොරුන්ට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට තමා සූදානම් නොමැති බවයි. මෙවැනි පුද්ගලයන් නැවත තමා වෙත රැගෙන නොඑන ලෙසටද අගමැතිවරයා සිය පුත්‍රයා වෙත පවසා තිබෙනවා.

    ඩිලන්ත මාලගමුවට නාමල් රාජපක්ෂ මහතා ඇන්දීමට හැකි වූ නමුත් දේශපාලනයේ හසළ අත්දැකීම් ඇති මහින්ද රාජපක්ෂ මහතා ඇන්දීමට මාලගමුව අසමත් වී තිබේ.

    ඩිලන්ත මාලගමුව යනු මීට වසර ගණනාවකට පෙර ජපානය, මැලේසියාව යන රටවල සිටි පුද්ගලයෙකි. ඔහු හදිසියේ අහසින් කඩා වැටුනාක් මෙන් ශ්‍රී ලංකාවට පැමිණ ජාතික කොඩිය සිය මෝටර් රථයේ ප්‍රදර්ශනය කරමින් අමුතු ගමනක නිරත විය.

    මේ පිළිබඳව අදහස් දක්වන මෙරට මෝටර් රථ ධාවන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පවසන්නේ ඔහු කැමැත්තෙන් ශ්‍රී ලංකාවට පැමිණියා නොව ශ්‍රී ලංකාවට පැමිණීම හැර වෙනත් විකල්පයක් ඔහු නොතිබූ බවයි. මාලගමුව ජපානයේ හා මැලේසියාවේ ගසා ඇති ගේම්වල හැටියට ඔහුට නැවතත් එම රටවලට යාමට නොහැකි බවයි එම ප්‍රවීනයන් පවසන්නේ.

    එතැන් පටන් රට ජාතිය විකුණමින් ජාතික කොඩිය අලෙවි කරමින් අමුතු ගේමක නිරත වූ මාලගමුව විටින් විට විදෙස් රටවල සංවිධානය වන ධාවන තරගවලට සහභාගි වන අතර එම කිසිදු තරගාවලියක් පිළිබඳව ඉන් පෙර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු දන්නේ නැත.

    මාලගමුව කරන්නේ ලෝකයේ කොහේ හෝ‍ කොනක ක්‍රීඩකයන් දෙතුන් දෙනෙකු සහභාගි වන තරගාවලියකට සහභාගි වීමයි. එවිට ඔහු අන්තිමයා වුවද රටේ ජනතාවට පෙනෙන්නේ ඔහු තෙවැනියා වී ඇති බවකි. තරගයට සහභාගි වූ ධාවකයන් ප්‍රමාණය ගැන කිසිවෙකු සොයා බලන්නේ නැත.

    ජාත්‍යන්තරය ජය ගත් බව පවසන බොහෝ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්, කලාකරුවන් වැනි අය නිරත වන ගේම් එක මෙයයි. ලොව කුමන හෝ කොනක පැවැත්වෙන ඉසව්වකට, එසේ නැතහොත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කරන ඉසව්වකට සහභාගි වී ලෝකය ජය ගත්තා යැයි උදම් අනයි. මෙවැනි පුද්ගලයන් ඒ හරහා රටම ඇන්දීමට උත්සාහ කළද ඇඳගෙන සිටින්නේ තමාම බව කුමන මොහොතක හෝ ‍තේරුම් යනු ඇත.

    UN

    image_b138a70c80.jpg
    image_3335f0298e.jpg
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,504
    15,874
    113
    111
    Gotham
    batman.com
    oka live yaddi thread ekak dala tibbe. mn qwwe oka etendi. eyage category eke 3n denai hitiye me sare. wayasat ekka bedenaw atte oka. e wayase aya na dan race yana. AM ne
     
    • Like
    Reactions: malakadss

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,405
    5,516
    113
    ow lankawe un udadan htiyata international piliganimak ne. un dannewath ne.
    Meyage hobby eka asawata karana ekak.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඕක අපි මෙකේ එකෙක්ට පින්සිද්ද වෙන්න ලයිව් බෑලුවනේ බන්. කොහෙද ඩිලන්ත කියලා තියෙන්නේ මිනිහා ඉස්සරහින් හිටියා කිය්ලා. මම නම් දෑක්කේ නෑ එහෙම කතාවක් මිනිහා කියලා තියෙනවා
     
    • Like
    Reactions: PHBhagya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,064
    113
    - උඩරට -
    අපිට මොකෝ බන් ඉතින් :lol:
    දැන් උබ ඔච්චර ලොකු විස්තරයක් දැම්මා කියලා මොකෝ ඌ ඕක බලන්න මෙතනට එනවද :lol:
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,616
    113
    Gampaha
    ඒ මනුස්සය අතින් කයිට් කරගෙන කට්ට කාගෙන තට්ට තනියම පාත්එක හදාගෙන රේසින් වලට ගිය මුල් කාලේ දින්නද, පැරදුනාද, අයින් උනාද, හැපුනද, බලන්න එකෙක් හිටියෙ නෑ.
    තැනකට ඇවිත් නමක් හදාගත්තට පස්සෙ දේශපාලකයොයි, මීඩියා වල කුණු හොයන උනුයි, හැම එකාම ලංකාවට ආඩම්බරයක් කියාගෙන පස්සෙ එල්ලුනා.
    දැන් ඒ මනුස්සය තරගෙකින් ටිකක් අඩු රෑන්ක් ගත්තම රට වෙනුවෙන් ලැජ්ජ වෙන්න එවුනුත් ඉන්නව...
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    අපිට මොකෝ බන් ඉතින් :lol:
    දැන් උබ ඔච්චර ලොකු විස්තරයක් දැම්මා කියලා මොකෝ ඌ ඕක බලන්න මෙතනට එනවද :lol:


    u balanna ona ne ban rate misinnsu dena ganna ona dewal,
    ubala wage kisi deyak nodana X gapahu nisa thamai awurudu 78 ratata kela wela thiyenne.
     
    Last edited:
    • Like
    Reactions: actinide