ඇමරිකානු ගුවන් හමුදා යානයක් කටුනායක ගුවන්තොටුපොළට
ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් රැගත් එරට ගුවන් හමුදා වට අයත් ගුවන්යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත අද (23) පැමිණ තිබේ.
ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ගුවන්යානයක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නතරකර තිබීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ මෙරට විද්‍යුත් මාධ්‍ය පක කර තිබූ ප්රවෘත්ති සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ආණ්ඩුව ප්‍රකාශ කර තිබුනේ මෙහි පැමිණියේ ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් බවයි.
මේ අතර අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝද ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය.
එහිදී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමගත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමත් සාකච්ඡා පැවැත්නීමට නියමිත අතර එහිදී විශේෂයෙන් ඩොලර් මිලියන 480ක් ප්‍රදානයක් සඳහා වූ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම පිළිබඳවත් ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර අත්සන් කිරීමට යෝජිත ආරක්ෂක ගිවිසුම් පිළිබඳවත් සාකච්ඡා කිරීමට නියමිත බව මීට පෙර මාධ්‍ය වාර්තා කර තබිණි.