Hina gana kyanna danna ekek innwada

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,700
    19,611
    113
    Heenen kiri attha awith (pora wedek) kandy patthe kollekta kiyala thiyenawa unge patthe tiyena nidanayak gana passe month ago wage pora porage yaluwawa ekkagena ghin meka kiyala heenen kiwwa thana ghin balala pas thattuwak tynawa etana haarala gattata passe gala uda neluma mathu wenawa thawa tikak ehein ira hada pawaa tynawa pokunak hambenawa kendiyak gahapu pokuna issama plate eka mathu wenawa. Habai munta meka goda dagana gurek natuwa inne. (Kollawat uge yaluwawath mama nemei)
     
    • Like
    Reactions: ExamHe

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    Heenen kiri attha awith (pora wedek) kandy patthe kollekta kiyala thiyenawa unge patthe tiyena nidanayak gana passe month ago wage pora porage yaluwawa ekkagena ghin meka kiyala heenen kiwwa thana ghin balala pas thattuwak tynawa etana haarala gattata passe gala uda neluma mathu wenawa thawa tikak ehein ira hada pawaa tynawa pokunak hambenawa kendiyak gahapu pokuna issama plate eka mathu wenawa. Habai munta meka goda dagana gurek natuwa inne. (Kollawat uge yaluwawath mama nemei)
    creed ta kyla blpn
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    Oka nam mata ada aranchi una ekak bn et eeta kalin mage wadakata mama creed ta msg kala pora msg seen karlawat nadda koheda mama hitanne busy manussyekne

    Meke unta kynawa nm sure ekekta kypn
    Cariyo mece inne uben wisthare ahan goda dayi
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,529
    4,310
    113
    අදත් හීනයක් දැක්කා
    shirt එකක් අරන් එක ඇදගන්න බැරුව දගලනවා
    Size එක පොඩි ද මන්දා
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,848
    13,893
    113
    අපි නිදාගත්තා කිව්වට අපේ බ්‍රේන් එක නිදාගන්නේ නැහැ, එකෙන් දවල් ද රෑ ද අදාළ නැහැ අපේ අත්දැකීම් ප්‍රොසෙස් කරනවා,ඒවා තමයි හීන විදිහට පෙනෙන්නේ. දවල්ට නිදාගෙන හිටියත් අවට ශබ්ද වගේ දේවල් වැඩි, නින්දෙන් හිටියත් ඒවා ඇහෙනවා, ආලෝකය වැඩියි. ඒ නිසා දවල් දකින හීන වඩාත් විකාර සහගතයි,
    meka hari,man man type karanna hadalath baluwa kavru hari dalada kiyala.

    meka hoda post ekak.
    ඊනියා මතක සටහන්...
    අපේ මොලේ කියන්නෙ සෛල ගොඩක් හා කෙමිකල් ෆැක්ටරියක්. ඕක ඇතුලෙ අපේ මතකයන් ගබඩා වෙලාඅ තියෙන්නෙ හාඩ් ඩිස්ක් එකක ඩේටා තියෙන විදිහට නෙමෙයි. පොඩි කෙමිකල් සීන්ස් ටිකක් එහෙ මෙහෙ වෙලා අපේ මතකයන් එහෙ මෙහෙ වෙන්න පුලුවන්. අපි පොඩ්ඩක් මේක ඇනලයිස් කරමු.
    අපි හීන දකින්නෙ නිදාගෙන ඉන්නකොට විතරද? හීන දකිනවා කියල අපි කියන්නෙ මොකක්ද කියල හරියටම එකඟතාවයක් නැති උනාට දැනට හීන ගැන තියෙන හොඳම පැහැදිලිකිරීම් අනුව "හීන" කියන්නෙ මොලේ ප්‍රයිමරි ෆන්ක්ෂන් එකක් නෙමෙයි, ප්‍රයිමරි ෆන්ක්ෂන් එකක සයිඩ් ඉෆෙක්ට් එකක්. මොලේ නිතරම බලනවා තමන්ගෙ ඇසෝසියේටිව් මෙමරි එක රී-ඇරේන්ජ් කරන්න මේ රී-ඇරේන්ජ් කිරීල්ලෙදි එක එක සිද්ධීන් ගලපල බලනවා ඒවා පෑහෙනවද බලන්න. මේක අපි නිදා ඉන්න අතරෙ වැඩිපුර වෙනවා. මේකෙ ප්‍රතිපලයක් ලෙස අපේ මොලේ නොයෙකුත් අත්දැකීම් අපිට ලබා දෙනවා. හීන කියන්නෙ ඒවාට. හීන කියන්නෙ අපිට එහෙම අත්දැකීම් ලබාගෙන්න කරන ප්‍රයෝජනවත් ෆන්ක්ෂන් එකක් නෙමෙයි, අර රී-ඇරේන්ජ් කිරීම කියන ප්‍රයෝජනවත් ෆන්ක්ෂන් එකේ සයිඩ් ඉෆෙක්ට් එකක්.
    අපි හීනෙන් යමක් අත්විඳින කොට (දැකීම, ඇසීම, ස්පර්ෂය, ගඳ ) ඒවා අපිට දැනෙන්නෙ අපි ඒක 'හැබැහින්' දකින කොට වඩා වෙනස් ක්‍රමේකටද? වෙනත් වචන වලින් කියනවානම් හීනෙන් යමක් පේනකොට ඒක වෙන්නෙ හැබැහින් යමක් පේනකොට වෙන මොලේ ප්‍රෝසෙස් එකෙන් හෝ ඒ කොටසින් නෙමෙයිද? මේකට උත්තරේ "කිසිම වෙනසක් නෑ ඒ ප්‍රෝසෙස් එකම තමයි" කියන එක. හැබැයි දැන් මේකට ගොඩ දෙනෙක් විරුද්ධ වෙයි. එහෙම වෙන්නෙ කොහොමද දැන් ඇහෙන්, කනෙන්, හමෙන් එන සිග්නල් ප්‍රෝසෙස් කරන මොලේ කොටස ඔය හීන දකින වෙලාවෙ ඇක්ටිව් නෑනෙ කියල සමහරු කියයි. ඔව් ඒක ඇත්ත. නමුත් අපිට යමක් "පේන්නෙ" ඔය ඇහෙන් එන සිග්නල් ප්‍රෝසෙස් කිරීමෙන් ඍජුව නෙමෙයි. ඇහෙන් එන සිග්නල් ප්‍රෝසෙස් කලාට පස්සෙ මොලේ ඒ සිග්නල් ඉන්ට්‍රප්‍රිට් කරනවා. අපි යමක් "දකින්නෙ" අන්න ඒ 'ඉන්ට්‍රප්‍රිටේෂන්' එක නිසා මිසක් ඇහෙන් එන සිග්නල් එකේ අමු (රෝ) දත්ත වලින් නෙමෙයි. මේ ගැන මම මීට කලින් අර එක් එක්කෙනාට එක එක පාටට පේන ගවුමේ හා සපත්තුවෙ මායාව විස්තර කරන්න දාපු පෝස්ට් එකේදි ගොඩක් දුරට පැහදිලි කලා. නිදාගෙන ඉන්නැද්දි හීනෙ දැකීමේදි අර සිග්නල් එන්නෙ ඇහෙන් නෙමෙයි මොලේ වෙනත් තැන් වලින් හැබැයි අපේ "අත්දැකීම" ඔය දෙකේදීම සමානයි. ඇත්තම කිව්වොත් ඔනෑනම් මෙහෙම කිව්වහැකි අපි "ඇහැරිලා" ඉන්නකොටත් දකින්නෙ "හීනයක්ම" තමයි. හැබැයි ඇහැරිලා ඉන්නකොට අපේ හීනෙට වැඩි බලපෑමක් කරන්නෙ අපේ ඉන්ද්‍රිය වලින් එන සිග්නල්. නිදා ඉන්නකොට අපේ හීනෙට වැඩි බලපෑමක් කරන්නෙ මොලයේ දැනටම ගබඩාවී ඇති දේවල්. හැබැයි අපි ඇහැරිලා ඉන්නකොට දකින "හීනය" ඉන්ද්‍රිය වලින් එන සිග්නල් පමණක් යොදාගෙන අත්දකින එකක් නොවන බව නොයෙකුත් දෘෂ්ටි හා ශබ්ද මායාවන් පිටිපස ඇති තියරි එක හැදෑරුවොත් ඔබට පැහැදිලි වෙයි.
    මතකයන් ගැන කියනවානම්, අපිට යම් සිද්දියක් නිසා 'සිද්දිය ගැන මතකයක්' ඇති වෙනවා. හැබැයි මොලේ විසින් නිතරම මතකයන් රී-ඇරේන්ජ් කිරීමෙ ප්‍රතිප්ලයක් ලෙස ටික කාලෙකින් ඔබට තියෙන්නෙ 'සිද්දිය ගැන මතකයේ මතකයක්' තව ටික කාලෙකට පස්සෙ 'සිද්දිය ගැන මතකයේ මතකය පිලිබඳ මතකයක්'..... ඔන්න ඔයාකාරයි අපේ ඊනියා මතකය. හැබැයි හුඟ දෙනෙක් කියයි. නෑ මතකය කියන්නෙ ඔච්චර දියාරු එකක් නෙමෙයි, මට නම් බොහෝ සිද්දීන් අද වාගෙ මතකයි කියල. ඔව් ඔබේ මතකයේ අඩුපාඩු ඔබට කොහොමත් දැන්නෙන්නෙ නෑ. මොලය මතකයන් ගොඩ නගන්නෙ ඔබේ සමස්ත ජීවන අත්දැකීම් එක්ක හැදෙන සිනමාපටය තව තවත් සංගත වෙන විදිහට මිසක් අවුල් වෙන විදිහකට නෙමෙයි. ඒ හින්දා ඔබට හිතෙනවා ඔබේ මතකය හරිම සොලිඩ් කියල. එහෙම හිතෙන විදිහටම තමයි මොලේ මතකයන් සකසන්නෙ. ඔබට යම් සිද්දියක ඔබේ මතකයේ සංගත භාවය ඇත්තටම මනින්න නම් ඒ සිද්දිය පිලිබඳ දන්නා තව සෑහෙන පිරිසකගේ මතකයන් එක්ක සංසන්දනය කරල බලන්න වෙනවා. ඔබ මෙහෙම දෙයක් කවදා හරි කරන්න හදල තියෙනවා නම් ඔබට පෙනී යන්න ඔනෑ එක එක්කෙනා එකම සිද්දිය ගැන කියන්නෙ එකිනෙකට තරමක් වෙනස් දේ කියල. හැමෝම හිතන්නෙ තමන්ගෙ වර්ෂන් එක තමයි හරිම එක කියල.
    වැරදි මතකයන් හෙවත් ෆෝල්ස් මෙමරීස් කියන ඒවා යථාර්තය කියන හැමෝම එකඟවෙන කතාව සමග දරුනු ලෙස අසමපාත වෙන කොට තමයි අඩුගානෙ අපි ඔය 'වැරදි මතක' කියන වචනෙ වත් පාවිච්චි කරන්නෙ. කතාව සමග සංගත වෙන තාක් කල් 'නිර්මාණය කල' මතකයන් වල ඇද පලුද්දක් කවුරුවත් දකින්නෙ නෑ. හැබැයි අපේ බොහොම මතකයන් අපි විසින් 'නිර්මාණය' කරගත් දේවල්. කතාව සමග සංගත වෙන තාක් කවුරුවත් කියන්නෙ නෑ ඒවා 'නිර්මාණය' කරගත් දේවල් කියල.
    ඔබට මෙහෙම අත්දැකීමක් තියෙනවාද? ඔබ හීනයක් දකිනවා. ඒ හීනෙ ඇතුලෙදි ඒ හීනෙ කතාව තුල මීට කලින් දැකපු හීනෙක දෙවෙනි කොටස තමයි යන්නෙ. ඒ කියන්නෙ මේ හීනෙට තේරුමක් එන්න නම් කතාවෙ කලින් කොටසක් ඔබ දැකල තියෙන්නෙ ඔනෑ. එහෙම එකක් දැක්ක කියල ඔබට මතකයි. හැබැයි මේ වෙලාවෙ ඇහැරිලා හරියටම කල්පනා කරල බැලුවොත් එහෙම කලින් කොටසක් ඔබ දැකල නෑ. ඒ කලින් කොටස පිලිබඳ "මතකය" දැන් දකින හීනෙදිම ඇතිවූ එකක්. ඔන්න ඔය දේම අපි ඇහැරිලා ඉන්නැද්දි දකින "හීනෙ" ඇතුලෙදිත් වෙනවා. නමුත් ඒ අපේ මතකයන් යථාර්තය පිලිබඳ අපේ චිත්‍රය තව තවත් සංගත හා ශක්තිමත් කරනවා නම් ඒවා "වැරදි මතකයන්" ලෙස ගැනෙන්නෙ නෑ. ඔන්න ඔය යතාර්ථය පිලිබඳ චිත්‍රය අවුල් වෙන විදිහටත් කලාතුරකින් 'මතකයන්' නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට ඔබ කවදාවත් මීට කලින් අත්දැකල නැති අලුත්ම පරිසරයක අලුත්ම අත්දැකීමක් ලබද්දි ඔබට අර 'Deja vu' කියන හැඟීම ඇවිල්ල තියෙනවද? ඔය 'Deja vu' කියන්නෙ බොහෝ විට එවේලේම after-the-fact ඇතිවූ වැරදි මතකයක්.
    මෙතැන මම කියපු සමහර තියරි විවාදත්මක වෙන්න පුලුවන්. බොහෝ දේ පතපොත ඇසුරින් නමුත් සමහරක් දේ මගේම පෞද්ගලික අත්දැකීම් ඇසුරින් හා සෙස්සන් සමග කතාබහෙන්.
     
    • Like
    Reactions: ExamHe