Vehicle cut and polish - sup

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    machnla podi help ekak one. mage wahane pearl white 2017 aluth ekak. dn itn poddak lawata kaha gahila thiynne.

    meka cut & polish karana eka hodada?

    mkda original paint eka kapala neda ara wurth ewa dala aye polish karanne. ethkkota paint eke thickness eka bahinwa neda?

    danna knk innwa nm idea ekak denna pluwanda?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,633
    2
    115,506
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    200.gif
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    machnla podi help ekak one. mage wahane pearl white 2017 aluth ekak. dn itn poddak lawata kaha gahila thiynne.

    meka cut & polish karana eka hodada?

    mkda original paint eka kapala neda ara wurth ewa dala aye polish karanne. ethkkota paint eke thickness eka bahinwa neda?

    danna knk innwa nm idea ekak denna pluwanda?
    /mkda original paint eka kapala neda ara wurth ewa dala aye polish karanne. ethkkota paint eke thickness eka bahinwa neda?/
    පේන්ට් එක නෙවෙයි කපන්නේ. ඊට උඩින් තියෙන clear coat එක. සාමාන්‍යයෙන් paint කරනකොට clear coat 3ක් විතර ගහනවා. cut & polish කරනකොට කරන්නේ මේ clear coat layers කපල polish කරන එක.

    /meka cut & polish karana eka hodada?/
    මේක වාහනේ බලන්නේ නැතුව කියන්න බැහැ. Cut කරන්න තරම් clear coat එකක් තියෙනවනම් හා තවත් සාධක මත cut & polish කරන එක තීරණය කරන්න පුලුවන්.

    /pearl white 2017 aluth ekak. dn itn poddak lawata kaha gahila thiynne./
    සුදු කියන්නේ සාමානයෙන් colour match කරන්න අමාරු පාටක්. එක panal එකක් polish කරොත් හෝ paint කරොත් අනික් පැනල් එක්ක පාට වෙනස් වෙන්න, කහ වෙන්න ඉඩ තියෙන පාටක්. ඉතින් ඉස්සෙල්ල workshop එකට ගිහින් වාහනේ පෙන්නලා බලන්න.

    View attachment 227134

    වාහනේක painting process එක සරලව කිව්වොත් මුලින්ම තහඩුවේ Primer Surfacer ගානවා. ඊට උඩින් Paint එක ගානවා. ඊටත් උඩින් Clear Coat එක. මේ Paint හා Clear Coat යන දෙකම, coats (layers) 3ක් විතර ගානවා. ඔය දාල තියෙන පින්තුරේ නිකන් උදාහරණයකට ගන්න. හීරුනාම ඒ හීරිල්ල clear coat එකේ නම් තියෙන්නේ බොහෝවිට ආයේ paint කරන් නැතුව අයින් කරන්න පුලුවන්. Clear Coat එක කපාගෙන Paint එකට බැහැල නම් ආයේ paint කරන් නැතුව අයින් කරන්න බැහැ. Compound එකකින් හෝ වෙනත් විදිහකට Clear Coat එකේ අදාල ස්ථාන කපල අයින් කිරීමක් තමයි මෙතැනදී සිද්ද වෙන්නේ. බොහෝ compound සුදු පාටයි. සුදු පාට cream කියල ඔයා කියන්නේ මේක වෙන්න ඕනේ. මෙතනදී අදාල ස්ථානය කැපුවා කියල Paint එකට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මොකද කපන්නේ Paint එකට උඩින් තියෙන Clear Coat එකේ layer එකක්. ඔය විදිහට Clear Coat එකේ තියෙන ඇතැම් සීරුම් යවන්න පුලුවන්. නමුත් එතන paint එක ගොඩක් fade වෙලානම්, කැපුවොත් මතුවෙයි නම්, ආයේ paint කරන් නැතුව අයින් කරන්න බැහැ.

    වාහනයක් Body Cut & Polish කරනකොටත් මේකමයි කරන්නේ.
    ------ Post added on Feb 6, 2025 at 8:52 PM
     
    Last edited:

    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    Cut n Polish කරද්දී Machine එකෙන් කරන එකද හොද නැත්තම් අතින් කරන එකද හොදට එන්නේ? ගොඩක් අය කියනව machine එකෙන් කරද්දී පාරවල් හිටිනව කියලා paint එකේ. දෙකම almost එකම ගනන් වගේ යන්නේ
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    /mkda original paint eka kapala neda ara wurth ewa dala aye polish karanne. ethkkota paint eke thickness eka bahinwa neda?/
    පේන්ට් එක නෙවෙයි කපන්නේ. ඊට උඩින් තියෙන clear coat එක. සාමාන්‍යයෙන් paint කරනකොට clear coat 3ක් විතර ගහනවා. cut & polish කරනකොට කරන්නේ මේ clear coat layers කපල polish කරන එක.

    /meka cut & polish karana eka hodada?/
    මේක වාහනේ බලන්නේ නැතුව කියන්න බැහැ. Cut කරන්න තරම් clear coat එකක් තියෙනවනම් හා තවත් සාධක මත cut & polish කරන එක තීරණය කරන්න පුලුවන්.

    /pearl white 2017 aluth ekak. dn itn poddak lawata kaha gahila thiynne./
    සුදු කියන්නේ සාමානයෙන් colour match කරන්න අමාරු පාටක්. එක panal එකක් polish කරොත් හෝ paint කරොත් අනික් පැනල් එක්ක පාට වෙනස් වෙන්න, කහ වෙන්න ඉඩ තියෙන පාටක්. ඉතින් ඉස්සෙල්ල workshop එකට ගිහින් වාහනේ පෙන්නලා බලන්න.

    ------ Post added on Feb 6, 2025 at 8:52 PM
    yanna workshop thama natte.
    mn wade karana dial ekata kiwwama kiwwa cut nokara ehnm wurth eka dala polish krnna pluwan gala. ehmath awlk na kiwwa. ane mnda mata therenne na.
    panel dekak withara paint parak kara ehe mehe gawila thibila. so e deka sudui anikwa tikak kaha gahila :lol:
    mn ekai cut & polish karanna bluwe
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Cut n Polish කරද්දී Machine එකෙන් කරන එකද හොද නැත්තම් අතින් කරන එකද හොදට එන්නේ? ගොඩක් අය කියනව machine එකෙන් කරද්දී පාරවල් හිටිනව කියලා paint එකේ. දෙකම almost එකම ගනන් වගේ යන්නේ
    ඔබ ගෙදර කරනවා නම් විතරක් අතින් ඕනෙනම් කරන්න (වාහන වලට ආදරේ අයෙක් නම් පමණක්-අතින් කරන එකත් experience එකක්).
    නමුත් අතින් කරන්න යන කාලය වැඩියි. වාහනයක් සම්පුර් ණයෙන්ම කරන්න දවස් 3 හෝ ඊට වඩා යයි. මේ නිසා professional workshop (bodyshop) එකක කවදාවත් අතින් කරන්නේ නැහැ. machine එකෙන් කරන්න සාමාන්‍යයෙන් එක දවසක් යයි. මීට වඩා කාලය වැඩිවෙන්නේ high-end auto detailing ම විතරක් කරන තැනක.
    ඔවු පාරවල් හිටින්න පුලුවන් මේ වගේ අවස්ථාවල. වාහනේ body condition අනුව cut & polish කරන්න බැරි වාහනයක් කරද්දී, යටින් clear coat එක මදි නම්, වැඩිපුර කැපිලා නම්, machine එක body එකේ වැරදිලා වැදුනම, compounding pad එක සුදුසු තත්වයේ නැතිනම්, සමහර compound හා wax නිසාත් මෙහෙම වෙන්න පුලූවන්, etc. නමුත් මේ වගේ ඒවා කරන්න කලින් බලන්න ඕනේ සහ වැරදුනා නම් නිවැරදි කරන්න ඕනේ. සමහර වෙලාවට මේවා workshop එකේ වැරදි නෙවේ. නමුත් customer ට ඒක අදාල නැහැ. එවැනි අවස්ථාවල ඒවා හරිගස්සගන්න ඕනේ.
    අතින් කරත් හීරෙන්න පුලුවන් - වැරදි cotton waste පාවිච්චි කලොත්, බිම වැටුණු එකක් භාවිත කොලොත් වැලි නිසා, experience මදිකම, etc.
     
    Last edited:
    • Like
    Reactions: Thilantdm

    Thank you bro comment එකට.

    Paint වැඩ කරන පොඩි තැනක කෙනෙක් තමා කිව්වේ එයාල අතින් කරනවා කියලා (Machines නැහැ එතන).

    Places දෙකෙන්ම (Machine & Hand) 12k ට කරලා දෙන්නම් කියලා තමා කිව්වේ.

    ඔයාලා recommend කරන place එකක් තියෙනවද cut n polish එක කරගන්න සාදාරන ගාණකට?
     
    12ක් කියන්නේ හොද ගාණක්. සාමාන්‍යයෙන් මාකට් රේට් 16-18 පටන් ගන්නේ.
     
    • Like
    Reactions: asheka