marth heuwa hamba unea nea patta pothak oka
ලෝකයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන්ගේ විශිෂ්ට කෙටි කතා' නම් ග්‍රන්ථ මාලාවේ පළමු වන්න වන 'එඩ්ගර් ඇලන් පෝ' ගේ 'රන් මකුණා හා වෙනත් කතා' කෘතිය.
නූතන කෙටිකතා සම්ප්‍රදායයේ ප්‍රමුඛයෙකු ලෙස සැලකෙන එඩ්ගර් ඇලන් පෝ ගේ විශිෂ්ඨ කෙටිකතා දොළොසක් මෙහි අන්තර්ගතය. කේ.ජී. කරුණාතිලක මහතා විසින් මේ අකාරයෙන් ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ඨ කෙටි කථා එලි දැක්වූයේ අදාල ලේඛකයා අනුවය. ඒ අනුව මෙම කෘති මාලාවේ කෘති තුනක් පමණක් එලි දැක්වීමට එතුමාට හැකියාව ලැබිනි. එනම් එඩ්ගා ඇලන් පෝගේ කෙටිකතා වලින් යුතු "රන් මකුණා", ගී ද මෝපසාංගේ කෙටිකතා වලින් යුතු "ඉටි බෝලය" හා ෆ්‍රාන්ස් කෆ්කා කෙටිකතා වලින් යුතු 'රූප විපර්යාසය' නම් කෘති තුනයි.
ඇලන් පෝ ගේ කතාවන්හි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි දක්නට ලැබෙන අද්භූත ජනක ද්විත්ව ස්වභාවයයි. මිනිසා පිළිබඳව ඔහු දෙන විනිශ්චයන්හි පෙනෙන පුළුල් ප්‍රතිවිරුද්ධත්වයට හේතුව වශයෙන් බොහෝ දෙනා පවසන්නේ ඔහු තුළ එක වර පුද්ගලයන් දෙදෙනෙකු ජිවත් වූ බවයි. පෝ ගේ හොඳම කෘතීන් බොහොමයක් භිෂණත්වය හා ශෝකය සමග සම්බන්ධ වී ඇත. ඔහු ලියූ කතාවන්හි ලෝකයේ සාමාන්‍ය අත්දැකීම් මග හරවාලීමට උපයෝගී කරගත්තේ භයංකාර කල්පනා, ප්‍රබල පෙළඹීම් හෝ භීතිය යනාදී ආවේගයන්ය.
මේ බිහිසුණු ආවේග වලින් ඔහු සිය මාරක කතා වන, ' අෂර් ගෙදර බිද වැටීම ' , ' රතු මරණයේ වෙස් වලාගත් බාල් නැටුම ' , ' පණ පිටින් වළ ලෑම ' , ' ඕවාල විද්ධ චිත්‍රය ' හා ' සෙවණැල්ල ' ආදී කෙටි කතා වලට සිත ත්‍රස්ත කරවා බිය ගන්වන සුලු වාතාවරණයක්ද,
' බෙරනිස් ' , ' කළු බළලා ' ( කතා මාලාවේ බිහිසුණුම කතාව ලෙස මට හැඟුනේ මෙම කතාවයි . කතාව අවසානයේ රචකයා විසින් පාඨකයාගේ මනස තුළ ඇති කරන ඇඟ කිලිපොළා යන ආකාරයේ චිත්‍රය රාත්‍රී නින්දේ දී භයානක සිහින පෙනීමටද හේතු විය හැකිය ) , ' විලියම් විල්සන් ' , ' ආමෝන්තිල්‍යාඩෝ ලේගරය ' හා ' ගතු කියූ හදවත ' ආදී කෙටිකතා වල කෘරත්වය, භිෂණය හා අපරාධය පිළිබද හැගීමද, ' ලිගියා ' , ' මොරෙල්ලා ' සහ ' රැගඩ් කඳුකරයේ කථාන්තරයක් ' ආදී කෙටි කතාවලට මරණින් මතු පැවැත්මක් පිලිබඳ අදහසක්ද, ' ඇසිග්නේෂන් ' සහ ' පිරිසේ මිනිසා ' ආදී කෙට් කතාවලට දයිවය නිසාවෙන් සිදුවූවක් ලෙසද පෙන්වීමට සමර්ථ වුයේය.
ඔහු සිය චරිත අබිරහස් ජනක බලවේග වලට ගොදුරු නොකරන අවස්ථාවලදීත් නැතහොත් මරණින් මතු රහස්‍යමය මාර්ග කරා ගෙන යන අවස්ථාවලදීත් මරණය ඉතාම ආසන්නය යන හැඟීම දීමෙන් පාඨකයා ගේ සිරුරු ගත ලෙය හිරි වට්ටා, ස්නායු කම්පා කරවා දමයි. ' The Pit and the Pendulum ' (ආවාටය සහ අවලම්බය ' ද එබඳු කතාවකි. ඔහුගේ විචිත්‍රවත් අද්භූත පරිකල්පනය මරණින් මතු අවස්තාවන් හා ද බැඳී පවතී.
පෝ ඉතා සියුම් විස්තර පවා සුක්ෂම ආකාරයෙන් නිරීක්ෂණය කරන්නෙකු වශයෙන් ප්‍රමුඛ ස්ථානයක් ගනී. මේ ලක්ෂණය ඔහුගේ දීර්ඝ කතාවන්හි මෙන්ම බොහෝ කෙටි කතාවල එන විචිත්‍ර විස්තරයන්හිද දැක ගත හැකිය. ස්වකීය තර්ක කිරීමේ ශක්තිය එකට කැටිකොට කතාව පුරා විකාශනය කිරීමට සමත් ඔහු රහස් පරීක්ෂක කතාවේ නිර්මාතෘ ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ඔහුගේ මෙම නිර්මාණාත්මක ශක්තිය ෂර්ලොක් හෝම්ස් කතා වලටත් බොහෝ පෙර ලියවුණු මෙම ' රන් මකුණා ' නැමති කෙටි කතාවෙන් මනාව පිළිබිඹු වෙයි.
උපුටා ගැනිම
Udara Gunawardana- පොත් කියවන අය | Srilankan Book Readers -facebook.com