රන් මකුණා

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම ඉස්සර සෑහෙන ආසාවෙන් කියවපු පොතක් තමයි කේ.ජී. කරුණාතිලක ශූරීන්ගේ රන් මකුණා කෙටි කතා පොත.

    Screenshot_2020-11-02 36176958_1653479304749601_8185945990998523904_o jpg (JPEG Image, 1662 × ...jpg


    මේ පොත තවදුරත් මුද්‍රණය නොවන බව දැන ගන්න ලැබුණා. ඒ නිසා මේ පොතේ සොෆ්ට් කොපි එකක් කාගේ හරි ලඟ තියෙනවා නම් ශෙයා කරන්න පුළුවන් ද ?

    තව දුරටත් මෙම පොත මිළදි ගැණිමට ආකාරයක් නොමැති බැවින් එය නීති විරෝධී නොවන බවයි මගේ අදහස.
     
    Last edited:

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    කරුණාතිලක ද කරුණාරත්න ද කරුණාපාල ද නැත්තං කරුණා අම්මාන් ද? :P නම පටල
     
    • Haha
    Reactions: vpsupun

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,239
    3,797
    113
    LONDON
    Ado mamath mara aaasai KG translate karapuwata. Issara isskole yanakota hama week ekema dayawansha ekata hari sooriya ekata hari gihin translation gannawa.

    Try bookrack.lk. Mama use kara service hondai.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    කෙටි කතා පොත? කෙටි කතා සංග්‍රහයක් ද ඔකේ තියෙන්නේ? කවර් පේජ් එකෙන් නම් පෙන්නේ නවකතාවක් වගේනේ.
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    කෙටි කතා පොත? කෙටි කතා සංග්‍රහයක් ද ඔකේ තියෙන්නේ? කවර් පේජ් එකෙන් නම් පෙන්නේ නවකතාවක් වගේනේ.
    Edgar Allen Poe ge short stories kihipayak.

    Me potha dan print eke naha. Aye re-print karanna bari casse ekak thiyenawa mokak hari buddimaya depala panathe seen ekak. Mamath sahenna hoyana pothak. Thama hiyaganna hambune na.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    ඔරිජිනල් එක හොයන් කියවපන්
    මාත් ඉස්සර හෙනට සිංහල පොත් කියෙවුවා, පස්සෙ ටික ටික kindle එකේ කියවන්න ගත්තා
    පස්සෙ audiobook අහන්න ගත්තා, ඒක මාරම ෆාස්ට් අයිඩියා එක හොඳට එනවත් එක්ක ඕනි වෙලාවක අහන්නත් පුලුවන්
    මම අහපු හැම එකේම වගේ ඔරිජිනල් english එක ට්‍රාන්ස්ලේශන් වලට වඩා පට්ටම සිරා
     
    • Like
    Reactions: Suitcase and SSR@

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඔරිජිනල් එක හොයන් කියවපන්
    මාත් ඉස්සර හෙනට සිංහල පොත් කියෙවුවා, පස්සෙ ටික ටික kindle එකේ කියවන්න ගත්තා
    පස්සෙ audiobook අහන්න ගත්තා, ඒක මාරම ෆාස්ට් අයිඩියා එක හොඳට එනවත් එක්ක ඕනි වෙලාවක අහන්නත් පුලුවන්
    මම අහපු හැම එකේම වගේ ඔරිජිනල් english එක ට්‍රාන්ස්ලේශන් වලට වඩා පට්ටම සිරා


    සිරා ම ඇත්ත
    සමහරවිට කතාව දිග්ගස්සෙන්න පුළුවන්
    ඒත් නියම රසය එන්නේ ඔරිගීනල් edition එක කියෙවම
     
    • Like
    Reactions: NEMISIS

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    සිරා ම ඇත්ත
    සමහරවිට කතාව දිග්ගස්සෙන්න පුළුවන්
    ඒත් නියම රසය එන්නේ ඔරිගීනල් edition එක කියෙවම

    මම කිව්ව නිසාම Black Cat එකේ English version එක කියෙව්වා. ඒත් අච්චර සෙට් උනේ නෑ. කොහෙමත් මම English කියවන්න ආස නෑ බං.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ඔරිජිනල් එක හොයන් කියවපන්
    මාත් ඉස්සර හෙනට සිංහල පොත් කියෙවුවා, පස්සෙ ටික ටික kindle එකේ කියවන්න ගත්තා
    පස්සෙ audiobook අහන්න ගත්තා, ඒක මාරම ෆාස්ට් අයිඩියා එක හොඳට එනවත් එක්ක ඕනි වෙලාවක අහන්නත් පුලුවන්
    මම අහපු හැම එකේම වගේ ඔරිජිනල් english එක ට්‍රාන්ස්ලේශන් වලට වඩා පට්ටම සිරා
    මාත් දැන් English ම තමා කියවන්නෙ. පොඩි කාලෙ නං Translation කියෙව්ව English හොදට දන්නෙ නැති නිසා. K G කරුණාතිලක මහතාගෙ පොත් නම් මාරම ගති. Translation එකක් උනත් ඇගට දැනෙන්න ලියල තියෙනව. ( Ex: බැස්කර්විල් දඩ බල්ලා is far superior than සුනක ශාපය )
     
    • Like
    Reactions: NEMISIS

    janaka3xx

    Well-known member
  • Jul 12, 2020
    301
    574
    93
    marth heuwa hamba unea nea patta pothak oka

    ලෝකයේ ශ්‍රේෂ්ඨ සාහිත්‍ය ධරයන්ගේ විශිෂ්ට කෙටි කතා' නම් ග්‍රන්ථ මාලාවේ පළමු වන්න වන 'එඩ්ගර් ඇලන් පෝ' ගේ 'රන් මකුණා හා වෙනත් කතා' කෘතිය.
    නූතන කෙටිකතා සම්ප්‍රදායයේ ප්‍රමුඛයෙකු ලෙස සැලකෙන එඩ්ගර් ඇලන් පෝ ගේ විශිෂ්ඨ කෙටිකතා දොළොසක් මෙහි අන්තර්ගතය. කේ.ජී. කරුණාතිලක මහතා විසින් මේ අකාරයෙන් ශ්‍රේෂ්ඨ ලේඛකයන්ගේ විශිෂ්ඨ කෙටි කථා එලි දැක්වූයේ අදාල ලේඛකයා අනුවය. ඒ අනුව මෙම කෘති මාලාවේ කෘති තුනක් පමණක් එලි දැක්වීමට එතුමාට හැකියාව ලැබිනි. එනම් එඩ්ගා ඇලන් පෝගේ කෙටිකතා වලින් යුතු "රන් මකුණා", ගී ද මෝපසාංගේ කෙටිකතා වලින් යුතු "ඉටි බෝලය" හා ෆ්‍රාන්ස් කෆ්කා කෙටිකතා වලින් යුතු 'රූප විපර්යාසය' නම් කෘති තුනයි.
    ඇලන් පෝ ගේ කතාවන්හි ප්‍රධාන ලක්ෂණයක් වන්නේ එහි දක්නට ලැබෙන අද්භූත ජනක ද්විත්ව ස්වභාවයයි. මිනිසා පිළිබඳව ඔහු දෙන විනිශ්චයන්හි පෙනෙන පුළුල් ප්‍රතිවිරුද්ධත්වයට හේතුව වශයෙන් බොහෝ දෙනා පවසන්නේ ඔහු තුළ එක වර පුද්ගලයන් දෙදෙනෙකු ජිවත් වූ බවයි. පෝ ගේ හොඳම කෘතීන් බොහොමයක් භිෂණත්වය හා ශෝකය සමග සම්බන්ධ වී ඇත. ඔහු ලියූ කතාවන්හි ලෝකයේ සාමාන්‍ය අත්දැකීම් මග හරවාලීමට උපයෝගී කරගත්තේ භයංකාර කල්පනා, ප්‍රබල පෙළඹීම් හෝ භීතිය යනාදී ආවේගයන්ය.
    මේ බිහිසුණු ආවේග වලින් ඔහු සිය මාරක කතා වන, ' අෂර් ගෙදර බිද වැටීම ' , ' රතු මරණයේ වෙස් වලාගත් බාල් නැටුම ' , ' පණ පිටින් වළ ලෑම ' , ' ඕවාල විද්ධ චිත්‍රය ' හා ' සෙවණැල්ල ' ආදී කෙටි කතා වලට සිත ත්‍රස්ත කරවා බිය ගන්වන සුලු වාතාවරණයක්ද,
    ' බෙරනිස් ' , ' කළු බළලා ' ( කතා මාලාවේ බිහිසුණුම කතාව ලෙස මට හැඟුනේ මෙම කතාවයි . කතාව අවසානයේ රචකයා විසින් පාඨකයාගේ මනස තුළ ඇති කරන ඇඟ කිලිපොළා යන ආකාරයේ චිත්‍රය රාත්‍රී නින්දේ දී භයානක සිහින පෙනීමටද හේතු විය හැකිය ) , ' විලියම් විල්සන් ' , ' ආමෝන්තිල්‍යාඩෝ ලේගරය ' හා ' ගතු කියූ හදවත ' ආදී කෙටිකතා වල කෘරත්වය, භිෂණය හා අපරාධය පිළිබද හැගීමද, ' ලිගියා ' , ' මොරෙල්ලා ' සහ ' රැගඩ් කඳුකරයේ කථාන්තරයක් ' ආදී කෙටි කතාවලට මරණින් මතු පැවැත්මක් පිලිබඳ අදහසක්ද, ' ඇසිග්නේෂන් ' සහ ' පිරිසේ මිනිසා ' ආදී කෙට් කතාවලට දයිවය නිසාවෙන් සිදුවූවක් ලෙසද පෙන්වීමට සමර්ථ වුයේය.
    ඔහු සිය චරිත අබිරහස් ජනක බලවේග වලට ගොදුරු නොකරන අවස්ථාවලදීත් නැතහොත් මරණින් මතු රහස්‍යමය මාර්ග කරා ගෙන යන අවස්ථාවලදීත් මරණය ඉතාම ආසන්නය යන හැඟීම දීමෙන් පාඨකයා ගේ සිරුරු ගත ලෙය හිරි වට්ටා, ස්නායු කම්පා කරවා දමයි. ' The Pit and the Pendulum ' (ආවාටය සහ අවලම්බය ' ද එබඳු කතාවකි. ඔහුගේ විචිත්‍රවත් අද්භූත පරිකල්පනය මරණින් මතු අවස්තාවන් හා ද බැඳී පවතී.
    පෝ ඉතා සියුම් විස්තර පවා සුක්ෂම ආකාරයෙන් නිරීක්ෂණය කරන්නෙකු වශයෙන් ප්‍රමුඛ ස්ථානයක් ගනී. මේ ලක්ෂණය ඔහුගේ දීර්ඝ කතාවන්හි මෙන්ම බොහෝ කෙටි කතාවල එන විචිත්‍ර විස්තරයන්හිද දැක ගත හැකිය. ස්වකීය තර්ක කිරීමේ ශක්තිය එකට කැටිකොට කතාව පුරා විකාශනය කිරීමට සමත් ඔහු රහස් පරීක්ෂක කතාවේ නිර්මාතෘ ලෙස බොහෝ දෙනාගේ පිළිගැනීමයි. ඔහුගේ මෙම නිර්මාණාත්මක ශක්තිය ෂර්ලොක් හෝම්ස් කතා වලටත් බොහෝ පෙර ලියවුණු මෙම ' රන් මකුණා ' නැමති කෙටි කතාවෙන් මනාව පිළිබිඹු වෙයි.

    උපුටා ගැනිම

    Udara Gunawardana- පොත් කියවන අය | Srilankan Book Readers -facebook.com
     
    • Like
    Reactions: vpsupun

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    කිව්වත් වගේ ඔය පොත බලලා ටික දවසක් හරියට නින්ද ගියෙත් නෑ.
     
    • Like
    Reactions: janaka3xx

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    මම කිව්ව නිසාම Black Cat එකේ English version එක කියෙව්වා. ඒත් අච්චර සෙට් උනේ නෑ. කොහෙමත් මම English කියවන්න ආස නෑ බං.

    මටත් කියවද්දි නම් සමහර වෙලාවට බෝරින් වෙනවා සිංහල තරම් එක දිගට කියවන් යන්න බැහැ
    හැබැයි audiobook අහද්දි නම් නතර කරන්න හිතෙන්නෙ නැහැ පට්ටෙට ආස හිතෙනවා,
    ලගදි ඇහුවා the martian (2015 ෆිල්ම එක ගහපු එකේ ඔරජිනල් පොත), ඒක පට්ටම සිරා ෆිල්ම එක මොකද්ද කියලා හිතෙනවා ඒක ඇහුවම
    classics එහෙම පට්ටම ආතල්, Moby dick එහෙම අහද්දි අහන ෆීලින්ග් එකක් නැහැ, කෙලින්ම අපි එතන ඉන්නවා වගේ දැනෙන්න.

    සල්ලි තියේ නම් Audible plus එක ගනින් පට්ටම කලෙක්ශන් එකක් එතන තියෙන්නෙ , Audio quality උනත් පට්ටම සිරා
    Edgar allan poe ගේ සේරම ටික audiobook තියනවා audible එකේ, වෙන තැන් වලත් සර්ච් කරොත් ඇති ෆ්‍රී බා ගන්න
     
    • Like
    Reactions: vpsupun

    deadpool84

    Active member
  • Jan 12, 2018
    242
    205
    43
    sl-unlimited kiyala site ekakin e dawas wala aran kiyewwa. okai wijayagrahi conan nohoth makarage horawa kiyana pothayi. dan e site eka wada na.. telegram group wala tama balanna wenne.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මම කිව්ව නිසාම Black Cat එකේ English version එක කියෙව්වා. ඒත් අච්චර සෙට් උනේ නෑ. කොහෙමත් මම English කියවන්න ආස නෑ බං.

    මන් ඔකේ සිංහල වර්ශන එක කියවල තියෙනව
    මම english එක කියවල නැහැ
    කථාව නම් සෙට් වුණා නියමෙට.

    උබලට සෙට් වෙන්නේ මොන type එකේ english ස්ටෝරි ද දන්නේ නැහැ
    මට sicence ෆික්ෂන් නම් එලටම සෙට් වෙනවා

    එඩ්ගාර් රයිස් බරෝස් ගේ පොත් සෙට් එකම වගේ මට සෙට් වුනා

    මේ ලගදි පීටර් ජැක්සන් හදපු ෆිල්ම් එකක් තිබ්බේ Mortal Engines කියල එකත් පට්ට
    GOT වුනත් පට්ට

    එක මෙහෙමයි ලේඛකයා මත තමා ඔක්කොම රැදෙන්නේ
     
    Last edited:

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මන් ඔකේ සිංහල වර්ශන එක කියවල තියෙනව
    මම english එක කියවල නැහැ
    කථාව නම් සෙට් වුණා නියමෙට.

    උබලට සෙට් වෙන්නේ මොන type එකේ english ස්ටෝරි ද දන්නේ නැහැ
    මට sicence ෆික්ෂන් නම් එලටම සෙට් වෙනවා

    එඩ්ගාර් රයිස් බරෝස් ගේ පොත් සෙට් එකම වගේ මට සෙට් වුනා

    මේ ලගදි පීටර් ජැක්සන් හදපු ෆිල්ම් එකක් තිබ්බේ Mortal Engines කියල එකත් පට්ට
    GOT වුනත් පට්ට

    එක මෙහෙමයි ලේඛකයා මත තමා ඔක්කොම රැදෙන්නේ
    DUNE kiyawapan bro kiyawala naththan, Kiyawanawa danenne ne. One of the best science fiction novels ever
     
    • Like
    Reactions: Suitcase