ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක් නොමිලයේ ලබා දීමට
ලෝක සෞඛ්‍ය සංවිධානය එක`ග වී සිටිය දී,
ටෙස්ට් කිට්ස් ලක්ෂයක් ගෙන්වීමට පෞද්ගලික සමාගමකට අවසර දුන්නේ ඇයි..? වෛද්‍ය හරිත අළුත්ගේ අසයි.
කොරෝනා පරීක්ෂාව සදහා භාවිතා කරන ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ලක්ෂ පහක්, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නොමිලයේ ලබා දීමට තීරණය කර තිබියදී, රජය, එම ටෙස්ට් කිට්ස් ලක්ෂයක් පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට තීරණය කිරීම සැක සහිත බව, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අල්ත්ගේ මහතා පවසා තිබේ.
ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ගෙන්වීම සදහා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගෙන හෝ නැති බව ද ඔහු පවසයි.
නිසි ටෙන්ඩර් පටිපාටියක් හෝ අනුගමනය කිරීමෙන් තොරව, මෙම ඇන්ටිජන් ටෙස්ට් කිට්ස් ගෙන්වීම සදහා පෞද්ගලික සමාගමකට අවසර ලබා දීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස, රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට නියමිත බවද වෛද්‍ය හරිත අලූත්ගේ මහතා පවසයි.
GMOA says otherwise. This is the true motive behind 20th amendment. From that they
Canceled the procurement commission, in order to treat the friends by granting lucrative tenders and getting a cut out of it. Well played ශෝඨාභය Sir. You are brilliant. Love you more than ever.....

