Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    පට්ට
    අපිට නං දම්රෝ ඉනොවෙක්ස් එක තමා ඉතිං


    ඔව් සර්විස් එක එක්ක අනිත් උන්ට හැරෙන බෑ. අනික මිල.. එත් උන් තාමත් පරණ මොඩල් තමා විකුනන්නේ. TV ගත්තත් එහෙමය්. අලුත් hisense / innovex design තියනවා පට්ට ලස්සනය්. වෙන උන් කරන්නේ. ඒවගේ වොරන්ටි නෑ. ඉක්මනට කැඩෙනවා...
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,136
    113
    ටොප් ලෝඩර් මැශිමක ස්පිනර් එක හරියට වැඩ කරනවට වඩා ඩක ඩක සවුන්ඩ් එකනෙ එන්නෙ. මේකට පිලියමක් කියපන්කො.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ටොප් ලෝඩර් මැශිමක ස්පිනර් එක හරියට වැඩ කරනවට වඩා ඩක ඩක සවුන්ඩ් එකනෙ එන්නෙ. මේකට පිලියමක් කියපන්කො.


    ඕනෑම වොෂින් මැෂිමක ස්පින් එක වැඩ කරනකොට ඩක ඩක සවුන්ඩ් එන්න හේතු කීපයක්ම තියනවා
    1) පොලවට හරියට සෙට් වෙලා නෑ/ ලෙවෙල් නෑ
    2) ඇතුලේ කැල්ලක් කැඩිලා
    3) ඇදුම් බැලන්ස් නෑ
    4) වේගය අදුය්



    1) ඕනෑම වොෂින් මැෂිමක් පොලවට ලෙවෙල් වෙන්න ඕන එකට වොෂින් මැෂිමේ කකුල් ඇන විදිහට එන්නේ එක කරකොල ලෙවල් කරන්න ඕන. හරියටම කරනවා නම් ලෙවල් එකක් (අර මේෂන් ලා ගාව තියෙන්නේ) දාල හරියට කරන්න වෙනවා
    අර සමහරු අට්ටාල වල / පැලට් වල තියන්නේ මීයෝ රින්ගනවට, වතුර යනවට . ඒවත් එපා කියල තමා නිෂ්පාදකයා කියල තියෙන්නේ. ස්ථීර පොලවට ලෙවල් කරන්න ඕන. නැතිනම් ඉක්මනට කැඩෙනවා. ෆ්රෝන්ට් ලෝඩ් නම් ආයු කාලය 1/2 විතරම අඩු වෙනවා



    2) ඇතුලේ වයි එක කියල එකක් තියනවා ෆ්රෝන්ට් ලෝඩ් වල. ටොප් ලෝඩ් වලත් ඒ වගේ එකක් තියනවා. එකන් තමා Drum එක වැටෙන්නේ නැතිව අල්ලාගෙන ඉන්නේ.. නැත්තන් පැද්දෙන්න එත් වැටෙන්නේ නැතිව තියන්න බෑ. මේක කැඩුනම (යන්තන් පොඩ්ඩක් වෙනස් උනාම) ඔය වගේ වෙනවා. හැබය් සද්දේ වැඩි වෙලා, අන්තිමට කැඩිලා drum එක වැටෙනවා/ පැත්තට ඇල වෙනවා
    ඇතුලේ ඇන බුරුල් වුනාමත් මේ වගේ දේවල් වෙනවා


    3) drum එකේ වටේට ඇදුම් සෙට් උනේ නැති උනාම drum එක කැරකෙනකොට බැලන්ස් නැති වෙනවා එක පැත්තකට බර වැඩි උනාම. එතකොට බදේ වදින එක. මේක සාමාන්‍ය උනාට මෙහෙම ඔපෙරේට් කරන්න හොද නෑ. උදා කොට්ටයක්/ ටෙදියෙක් හෝදනවා... කොට්ට /ටෙඩියෝ දෙකක් , තුනක් දාලා හෝදන්න. එතකොට බැලන්ස් වෙනවා


    4) ස්පින් ස්පීඩ් එක වැඩි කරලා බලන්න.... උදා 400, 800, 1000, 1200, 1400 වගේ වැඩි වෙන්න වෙන්න විබ්‍රට් වෙනවා අදුය්

     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,547
    1
    99,733
    113
    33
    Kalutara
    අපෙත් සෙමි ඔටෝ එකක් තියෙන්නේ ටොප් ලෝඩ්. හොඳ ඇඳුම් දාන්නෙම නෑ අනිත් ඇඳුම් එක්ක ඇඹරිලා ඇඹරිලා නූල් පවා ගැලවෙනවා,. කෙල වෙලා යනවා.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    අපෙත් සෙමි ඔටෝ එකක් තියෙන්නේ ටොප් ලෝඩ්. හොඳ ඇඳුම් දාන්නෙම නෑ අනිත් ඇඳුම් එක්ක ඇඹරිලා ඇඹරිලා නූල් පවා ගැලවෙනවා,. කෙල වෙලා යනවා.

    ඕකට කරන්න තියන සරලම දේ ඒවගේ ඇදුම් බෑග් වලට වෙනමම දාලා හෝදන්න මැෂිම ඇතුලට දාන එක
    ඕන නම් ගූගල් එකේ search කරලා බලන්න.
    ලංකාවේ නම් සල්ලි වලට ගන්න තියනවා දැකල නැහැ මම. ඉස්සර නම් ebay එකෙන් ගත්තා. පිටරට ගියවෙලෙක දැකල තමා මමත් දැනගත්තේ.
    බැරි නම් හදාගන්න හැටි මම කියලා දෙන්නම්
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඕකට කරන්න තියන සරලම දේ ඒවගේ ඇදුම් බෑග් වලට වෙනමම දාලා හෝදන්න මැෂිම ඇතුලට දාන එක
    ඕන නම් ගූගල් එකේ search කරලා බලන්න.
    ලංකාවේ නම් සල්ලි වලට ගන්න තියනවා දැකල නැහැ මම. ඉස්සර නම් ebay එකෙන් ගත්තා. පිටරට ගියවෙලෙක දැකල තමා මමත් දැනගත්තේ.
    බැරි නම් හදාගන්න හැටි මම කියලා දෙන්නම්
    ewata kiyana nama mokakda
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    ewata kiyana nama mokakda
    washing net bag කියලා search කරන්න

    https://www.ebay.co.uk/itm/Multi-Si...89fef26fb:g:PPMAAOSwyahfiVgm&var=473679298994
    https://www.amazon.com/Laundry-Hosiery-Stocking-Underwear-Lingerie/dp/B017NEYOQQ

    s-l1600.jpg


    මේක තමා බාන්ඩේ
    හීනි හිල් තියන ඒවා තියෙන්නේ පාට ඇදුම් (කළු වගේ) හොදනකොට සුදු පාට බැනියම් වගේ ඒවගේ බූල් මාරු වෙලා හිටින එක නවත්තන්න
    ලොකු හිල් දැල් තියෙන්නේ හොදනකොට ඉරෙන ඒවා වලක්කන්න
    මේවට දානකොට ඉස්කෝලේ බෑග් එකට පොත් දැම්මා වගේ කොටලා හරියන්නේ නැහැ. බෑග් එක බාගයක් තුනෙන් දෙකක් වගේ පිරෙන්න තමා දාන්නේ. එතකොට හොදට ඉඩ තියන නිසා හේදෙනවා
     

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    Washing Machine Selection / වොෂින් මැෂිමක් තෝරාගැනීම

    [FONT=&quot]මම washing මැෂින් එකක් ගන්න හොයනකොට විස්තර හෙව්වට හොයාගන්න ගොඩක් අමාරු උනා... ගොඩදෙනෙක් දන්නේ ටොප් ලෝඩින් වොශින්ග් මැෂින් ගැන විස්තරය්.... පස්සේ මම හොයල හොයල විස්තර හොයල ගත්තා... ඒ හොයාගත්ත විස්තර උබලටත් වැදගත් වෙය් කියල හිතුන නිසා තමය් මේ පොස්ට් එක දන්නා හිතුවේ.[/FONT]


    [FONT=&quot]මම front load මැෂින් දැන් අවුරුදු 20 කට වඩා පාවිච්චි කරනවා. Top load මැෂින් එකක් කුත් පාවිච්චි කරලා තියනවා. එත් අන්තිමට පාවිච්චි කරපු මැෂිම කැඩුනාම අලුත් එකක් ගන්න ගියහම ගාන වැඩි නිසා තමා අයෙ Top load ගැන බැලුවේ හොයල...

    [/FONT]
    [FONT=&quot]washing මැෂින් ජාති දෙකකට බෙදන්න පුළුවන්. top loading & Front Loading. (උඩින් ඇදුම් දාන, ඉස්සරහින් ඇදුම් දාන)..

    ලංකාවේ ජනප්‍රිය ම top loading ප්‍රධාන හේතු දෙකක් නිසා. එකක් මැෂිමේ මිල අඩුයි, දෙක සරල නිසා.[/FONT]
    [FONT=&quot]ටොප් ලෝඩින් වොෂින් මැෂින් සෙමි ඔටෝ, ෆුල් ඔටෝ විදිහට technology එක අනුව දෙකට බෙදුනට Front Loading එන්නේ full auto විතරය්... හැබය් දැන් ඇවිල්ල තියනවා Front Loading වලට fully Dryer (සම්පුර්ණයෙන් වේලාගැනීමේ) පහසුකම එක්ක.[/FONT]
    [FONT=&quot]washing මැෂිමේ මහලොකු technology එකක් නෑ... සරලව ගත්තොත් මෝටරයක් මගින් drum එක හෝ agitator කරකවනවා.. වෙලාවට වතුර ඇතුලට දානවා, එලියට දානවා. එලියට දාන්න තව මෝටරයක් තියනවා. timer එක කියන්නේ වෙසක් තෝරන් වල තියන flasher කොටේ වගේ එකක්. දැන් දැන් නම් electronic circuit වලින් තමා එන්නේ

    [/FONT]
    [FONT=&quot]දැන් බැලුවොත් top loading ද Front Loading ද හොඳ කියල[/FONT]

    [FONT=&quot]Front Loading වල රෙදි හෙදෙන්නේ drum එක කැරකිලා. ඒ නිසා රෙදි අපි අතේ හෝදනවා වගේ පැත්ත පැත්ත පෙරලන එකය්, උඩ ඉදන් පහලට වැටිලා තමා පොඩි වෙලා හෙදෙන්නේ. අපි ගලක් උඩ පොඩ්ඩ පොඩ්ඩ ගගහා හෝදනවා වගේ තමා හෙදෙන්නේ. [/FONT]
    [FONT=&quot]පහල තියෙන්නේ LG වල pattern ටික. අනිත් එව්වගේත් මේකේ වෙනසක් නෑ[/FONT]

    FC1408H3E_Washing_Machines_6Motion_D.jpg
    [FONT=&quot]https://www.lg.com/lk/images/WM/features/FC1408H3E_Washing_Machines_6Motion_D.jpg[/FONT]

    [FONT=&quot]එතකොට Top Loadingවල හෙදෙන්නේ drum එක කැරකිලා නෙමේ එක ඇතුලේ තියන පතුලේ තියන රෝදේ කරලිලා. එතකොට රෙදි කැරකුනාට අතේ හෝදනවා වගේ පොඩි වෙන්නේ නෑ. අර දිය සුලියට අහු උනා වගේ කැරකෙනවා. ඒ නිසා ගොඩක් රෙදි දම්මමත්, පොඩ්ඩක් දම්මමත් මේ ජාතියේ රෙදි හෙදෙනවා අදුය්... රෙදි ප්‍රමනෙකට තියෙන්නේ ඕනා...[/FONT]
    T2108VSPM-top-load-washing-machines-TurboDrum-14082019-D.jpg
    [FONT=&quot]https://www.lg.com/lk/images/WM/features/T2108VSPM-top-load-washing-machines-TurboDrum-14082019-D.jpg[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]රෙදි හෙදෙනකොට , එහෙමත් නැති නම් කැරකෙනකොට මාධ්‍ය ලක්ෂය හා මාධ්‍යයෙන් පිටිට යනකොට වේග හා දුර වෙනස් නිසා රෙදි හෙදිල්ලත් වෙනස් වෙනවා[/FONT]
    [FONT=&quot]ටොප් ලෝඩ් වල හොදද්දී shirt කොලර්, school uniform පොඩ්ඩක් පොඩි කරලා අතේ අතුල්ලලා හෝදන්න වෙන අවස්ථා බොහොමය්. නැතිව හෝදන අයත් නැතිවාම නෙමේ. එත් ෆ්රෝන්ට් ලෝඩ් වල ඊට වඩා වැඩි ප්‍රමාණයක් කුණු අයින් වෙනවා.. ඒ නිසා මාස කිපියකට සැරයක් උපරිම එක පාරක් අතින් කොලර් අතුල්ලුවත් ඇති. නැති උනත් අවුලක් නෑ. මම නම් මාස 6 කට විතර එක පාරක් තාමා එහෙම කරන්නේ. [/FONT]

    [FONT=&quot]Spin Dryer[/FONT][FONT=&quot]එක ගැන කතා කලොත් Top loading වල ස්පින් එක Front Loading වලට වඩා කාර්යක්ෂම වෙනවා.... Top loading මැෂින් වල rounds per min. (RPM) (මිනිත්තුවට බ්‍රමණ වාර) ගණන 400-800 ක් වගේ තමා එන්නේ. ඒ උනාට ගොඩක් වෙලාවට 300-450 වගේ වේගයක් තමාගොඩක් program වලට පාවිච්චි වෙන්නේ... RPM 1600 වෙනකන් මශිනුත් තියනවා. ඒවගේ මිල ගනනත් ඒ වගේ තමා... ගොඩක් පරණ Front Load වලත් spin speed එක අවේ මේ සමාන ගණන් ම තමා... ඒත් අලුත් Front Loading වල මේ වතුර අයින් වෙන ප්‍රමනේ වැඩි කරන්න ඕන නිසාම ඒවගේ RPM එක ගොඩක් වැඩි කරලා තියනවා... අලුත් ම Front Loading වල RPM 1600 වගේ වෙනකන් තියනවා... ඒ නිසා බොහොමයක් Top loading වලට වඩා වැඩි වතුර ප්‍රමාණයක් අයින් වෙනවා. RPM 1600 තියන CANDY මාදිලියේ මැෂින් වලා රෙදි කිලෝ 8 ක් හෙදුවාම වතුර කිලෝ 1 ඉතිරි වෙනවා කියල තියනවා ස්පින් එකෙන් පස්සේ. මගේ අත්දැකීම අනුව පරණ මැෂිමට වඩා අලුත් rpm 1600 front Load මැෂිම වතුර අයින් වෙනවා.. එක අලුත්ම Hayer Top Load එකටත් වඩා වැඩිය්... rpm 1000 ට වඩා වැඩි ගණනකට සෙට් කලාම vibration noise එක අදුය්... තවත් දෙයක් Front Loading ඉස්සර තිබ්බ මැෂින් වල බෙල්ට් එකක් මාර්ගයෙන් තමා drum එක කරකුවේ.. දැන් එන අලුත් ඒවගේ direct Drive කියල මොටරේ drum එකට fix කරලා නිසා ඒ කියලා තියන RPM එකම එනවා... ඉස්සර තිබ්බ ඒවගේ වේගය ලකුණු කරලා තිබ්බ ඒවාට වාඩා අඩු වෙනවා...

    [/FONT]
    [FONT=&quot]Fully Dryer[/FONT][FONT=&quot] දැනට[/FONT][FONT=&quot] ඇවිල්ලා තියෙන්නේ front load වල විතරය්.... මේකෙදි heater එකක් මගින් හුලන් රත් කරලා ඇදුම් වලට එවල වේලනවා. මෙහෙම වේලපු ඇදුම් ඒ වෙලාවේම අල්මාරිය / කබඩ් එකට දාන්නත් , ඇදගෙන යන්නත් පුළුවන්... රෙදි කිලෝ 8ක් හේදුවොත්, එලියට ගන්නකොට වතුර බරක් නෑ ඔක්කොම වාෂ්ප වෙලා යවල... මෙහෙම් වෙලන්න පුළුවන් මැෂින් වල හෝදන්න පුළුවන් කිලෝ ගානට වඩා කිලෝ 2ක් වත් අඩුවෙන් තමා Fully Dryer කරගන්න පුළුවන් වෙන්නේ’... ඉතිරි කිලෝ දෙක හෝ තුන සාමාන්‍ය විදිහට වේලාගන්න වෙනවා... මෙහෙම dryer එකේ වෙලන්න පැය 2-3 වගේ යනවා... රෙදි load එකක් හෝදලා වේලාගන්න රුපියල් 250-400 අතර ගානක් කරන්ට් එකට යනවා.... commercial මැෂින් වලා නම් රෙදි වෙලන්න යන්නේ පැයකට අඩු කාලයක් උනත් ගෙවල් වලට හදල තියන මේ compact මැෂින් වලට පැය 2-3 වගේ අඩුම යනවා. හෝදන්න එක්ක පැය 3-4 යනවා[/FONT]


    [FONT=&quot]විදුලිය පාවිච්චිය[/FONT][FONT=&quot]ගැන බැලුවොත් Top loading වල Front Loading වලට වඩා අඩුය්... එකට ප්‍රධාන හේතු දෙකක් වෙනවා. එකක් Top loading වල උණු වතුරින් හෝදන්න බෑ... උණු වතුරින් හොදපුවම කුණු හොදට යනවා... වතුර උණු කරන්න water Heater එකක් තියනවා front load 1500 W වගේ අසන්න අගයක එකක්... 20C – 90C වගේ වෙනකන් වතුර උණු කරලා හෝදන්න පුළුවන් ඒවගේ.

    දෙවැනි එක ස්පින් ස්පීඩ් එක. වැඩි වේගෙන් කරකවන්න වැඩි විදුලියක් යනවා. ඉතින් සාපේක්ෂව ගත්තොත් වැඩි විදුලියක් front load වලට යනවා. හැබැයි ඔය කියන උණු වතුරෙන් රෙදි නිතර හෝදන්නේ නැති නම්. ස්පින් ස්පීඩ් එක 800 කින් වගේ සැහීමකට පත් වන්න පුළුවන් නම් දෙකේ ලොකු අහසට පොලොව වගේ වෙනසක් නෑ... හැබැයි fully dryer පහසුකම තියන මැෂිමක් ගත්තොත් එක හෙදුමකට 6-7KWh (යුනිට් 6-7) වගේ යනවා කිලෝ 6-7ක් හෝදලා වේලාගන්න... මේක කිලෝ 9ක් උනත් ලොකුවෙන්සක් වෙන්නේ නෑ[/FONT]

    [FONT=&quot]නඩත්තුව top loading වල Front Loading සාපේක්ෂව අදුය්.[/FONT][FONT=&quot]. එක ලොකු technology එකක් නැති කම හා බහුලව තිබීම තමා හේතු... සරල පරිපත, සරල ක්‍රියාකාරිත්වය වගේ දේවල් නිසා ටොප් ලෝඩ් එකක් හදන්න ලේසිය්... රුපියල් 1000 ක් හෝ ඊට අඩුවෙන් උනත් ටොප් ලෝඩ් මැෂිමක් හදන්න පුළුවන් වෙන අවස්ථා බොහොමය්. එත් සංකීර්ණත්වය, පෙනුම, මැෂිමේ වටිනාකම අනුව හදන්න බාස් අය්යා කඩන ගාන Front Load වලට වැඩි වෙනවා.. හුගක් වෙලාවට 5000ක් නැතිව ගලවන්නේ නැති වේලාවන් බොහොමය්... front load වල දොර ඉදන් සෙන්සර් ගොඩක් තියන නිසා හදන වැඩේ සංකීර්ණ වෙන අවස්ථා වැඩිය්.[/FONT]


    [FONT=&quot]Fully Auto [/FONT][FONT=&quot]කිව්වට ටොප් ලෝඩ් වල fully auto නෑ... උදාහරණයක් ලෙස ගත්තොත් fabric conditioner (කොම්ෆෝර්ට් - common name) Front Load වල දාලා ලෝඩ් කරලා තියන්න පුළුවන් උනත් top load වල හේදිලා ඉවර වෙනකන් බලන් ඉදලා අතින් දාන්න ඕන... අමතක උනොත් අයෙ fabric conditioner දාල හෝදලා ඉවර වෙලා ස්පින් පාරක් දන්නා වෙනවා... ෆ්රෝන්ට් ලෝඩ් වල එහෙම නැ පටන් ගන්නකොට දාල ගෙදරින් යන්න උනත් පුළුවන්. මැෂිම අවශ්‍ය වෙලාවට දාගන්නවා ඒවා... තව බ්ලීචින් (bleaching) උනත් දාල , සබන් දාල , fabric conditioner දාල උනත් මැෂිම ක්‍රියා කරනවන්න පුළුවන් එකපාර. වරින් වර දන්නා වෙන්නේ නැහැ.. [/FONT]
    [FONT=&quot]අලුත් Candy, LG, Samsung front load දැන් ස්මාර්ට් ෆෝන් එකෙන් වැඩකරවන්න, නතර කරන්න, පාවිච්චි වෙන විදුලිය බලන්න වගේ දේවලුත් පුළුවන



    [/FONT]
    [FONT=&quot]මිල බැලුවොත් [/FONT][FONT=&quot]Front Load එකක් ගන්න කොට top load දෙකක් හෝ තුනක් ගන්න පුළුවන්. front load basic මැෂිමක් 60,000 ක් වගේ උනත් හොද බ්‍රෑන්ඩ් එකක් 70,000 පනිනවා, 100,000ක් වත් වෙනවා .. fully Dry තියන එකක් 125,000.00 පනිනවා. ටොප් ලෝඩ් මැෂිමක් 40,000 ක් වගේ මාධ්‍ය අගයක් වෙනවා දම්රෝ වගේ...[/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මගේ තේරීම් නම් front load හේදීම වැඩි වීම හා, පහසුව වැඩි වීම අනුව. කැඩුනම හදන්න ගියහම නම් එපා වෙනවා.. සල්ලි වැඩිපුර මැෂිමට වියදම් කරන එක නම් ඉවසන්න පුළුවන්. හදන්න යන ගණන් තමා ඉවසන්න බැරි. අනික හරියට හදන්න දන්නා බාස් කෙනෙක් හොයා ගන්න එක... දම්රෝ ගෙදරට ඇවිල්ල නිකන් වගේ හදල යන එක තාමා top load වල වාසිය.. අනික අමතර කොටස් ඇති තරම් තියන එක[/FONT]
    [FONT=&quot]ටොප් ලෝඩ් එකක ප්‍රොග්‍රම් unit එක කැඩුනොත් universal unit එකක් 5000-7000 කට වගේ දාගන්න පුළුවන්.... නැති උනොත් වර්තමාන මිල ගණන් අනුව 25,000-40,000k විතර යනවා...


    ප. ලි. පොඩි හිල් තියන බැනියන් වගේ එව්වා ඉකමනට හිල් ලොකු වෙනවා ටොප් ලෝඩ් වල. රෙදි අබරෙන නිසා... ෆ්රෝන්ට් ලෝඩ් වල එක අදුය්....

    වැදගත්ම දේ කියන්න අමතක උනා. front load එකකට tax එක 100% (108% @ VAT 15%). ඉතින් duty Free ගන්න පුළුවන් නම් මිලෙන් බාගෙට ගන්න පුළුවන්.. උදා LG 1208 Abans කඩේ 128000/- duty Free 380 USD (LKR 70,xxx/-)

    [/FONT]
    Machan dan kohomda washing machine eka repair ehema awada ?? Dan kochara kal use karanawada ??
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machan dan kohomda washing machine eka repair ehema awada ?? Dan kochara kal use karanawada ??
    uba ahanne aluthen gaththa LG eka da ? gaththe 2019 Dec.
    kiyanna waraddak naha...

    parana eka 1999 idan 2019 iwara wenakan pawichchi kalaa...
    eke nam cross eka, programmer eka, water pump (exhast) repair karanna una....
    topload ekakuth repair nathiwa 2 years use kala....
     

    Tharaka8999

    Active member
  • Apr 11, 2017
    208
    59
    28
    uba ahanne aluthen gaththa LG eka da ? gaththe 2019 Dec.
    kiyanna waraddak naha...

    parana kelvinator eka 1999 idan 2019 iwara wenakan pawichchi kalaa...
    eke nam cross eka, programmer eka, water pump (exhast) repair karanna una....
    topload ekakuth repair nathiwa 2 years use kala....
    Lg eka aragena kochara kal da ?? Mokada model eka ?? Mn ara samsun inverter eka ganna kiyala hithan innwa. Ara bubble seen ekak tyenne anna eka. Front load wala comments hari naa ne bn. Ekai me kalpana karanne ?? Door eken water leak wena seen ehema
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    Lg eka aragena kochara kal da ?? Mokada model eka ?? Mn ara samsun inverter eka ganna kiyala hithan innwa. Ara bubble seen ekak tyenne anna eka. Front load wala comments hari naa ne bn. Ekai me kalpana karanne ?? Door eken water leak wena seen ehema
    samasung wala oya compalin eka mamath dakka keepa thanakama.... experience nam naa.
    LG 10Kg Wash / 8 Kg Dry eka gaththe 2019 Dec
    front load wala comment hari naththe repair cost wadi nisa mama hithanne. eth hedille quality eka, pahasuwa balapuwama mata nam front load thama... repair cost eka nam patta wadiy thama... inverter eka giyoth 50k wath yanawa.....

    europian design poddak balapan. me dawas wala nam hoyana eka amaruyi. nowatina ganan. puluwan nam iwasan hitapan import restrictions ayin karanakan.... tax 108% mama balanakota....