ක්‍රෙඩිට් කාඩ් ගැටළුවක්

gayanaps

Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යාළුවනේ දන්න කට්ටියගෙන් පොඩි උදව්වක් ඔනේ මට මේක විසදගන්න

    අර ලංකාවේ තියෙන චාටර්ම බැංකුවේ ක්‍රෙඩිට් කාඩ් එකක් මම පාවිච්චි කලේ. කාඩ් එක දැන් අවුරුදු 15ක් විතර පරණයි. ණය සීමාවත් ලක්ෂ 2.75ක් තිබුණා කොවිඩ් කාලේ ජොබ් එකේ ගැටළු නිසා මම උන්ට කථා කරලා stop payment plan එකක් දාගෙන මාස තුනක් ගෙව්වේ නෑ. එහෙම ඉදලා මාස තුන පැනපු ගමන් මෙයාලා මට ලොකු ගානක් ගෙවන්න කීවා ආණ්ඩුවෙන් කියපු විදියට 18% ට පොලිය අඩු කලෙත් නෑ. පස්සේ මම උන්ට කථා කලාම එක එක section වලට මාරු කරනවා හරියට උත්තරයක් දුන්නේ නෑ.

    ඉතිං මම තව දුරටත් මෙහෙම පොලි ගෙවන එක තේරුමක් නැති නිසා මම පොඩි ණය හුවමාරුවක් කරගෙන කාඩ් එකේ අන්තිමට මට ගෙවන්න තිබ්බ බැලන්ස එකටත් වඩා තවත් රුපියල් අටක් වැඩිපුර හිටින විදියට ගෙවලා දැම්මා මේ තියෙන පලවෙනි එකේ තියෙන්නේ අන්තිමට මට ගෙවන්න තිබ්බ ගාන


    01.jpg


    මේ ඔක්කෝම ගෙවලා මම කාඩ් එක කැනසල් කරන්න බැංකුවට කථා කලාම මුන් මට කියනවා තව insurance එකක් තියෙනවා රුපියල් 400 ගානක ඒකත් ගෙවන්න ඕනේ කියාල මම ඉතිං දන්න සිංහලෙන් මුන්ට කියලා දුන්නා මම වැඩිපුරත් ගෙවලා තියෙන්නේ කියලා. මුන් එත් කියනවා තව 400 ගානක් ගෙවන්න තියෙනවා කියලා පස්සේ බැරිම තැන මම කීවා මගේ කාඩ් එකේ අද වෙනකම් මම බෝනස් පොයින්ට් යූස් කරලා නෑ එකෙන් ඕක අඩු කරගන්න කියලා. අන්තිමට කාථා කරපු එකා හරි හරි කියලා කීවා. මම ඉතිං හිතුවා දැන් අවුලක් නෑ කාඩ් එක කැන්සල් කරයි කියාලා. එත් කැන්සල් කරන පාටක් නෑ phone එකට massage එනවා අර 400 ගාන ගෙවන්න කියලා. දෙපාරක් විතර කථා කරලා මම බැන්න මුංට කැත වැඩ කරන්න එපා බොන්ස් පොයින්ට් වලින් එක අඩු කරගන්න කියලා. දැන් එකෙක් වත් ඒකට උත්තරයක් දෙන්නේ. අන්තිමට කථා කරපු කෙල්ල කියපි එහෙම කරන්න බෑ ඒ මුදල බොනස් පොයින්ට් වලින් අඩු කරන්න බෑ කියලා. මුංගේ කැත වැඩ කියන්නේ ඒ වෙනකම් කථා කරපු එකෙක් වත් මට ඕක කිවේ නෑ. පස්සේ මම අතඇරලා දැම්මා උබලා ඕන එකක් කරගනින් මම ගෙවන්නෑ නෑ කියලා

    මෙන්න යකෝ ඊලග මාසේ බිල එනවා costermer annual fee එකත් ඇඩ් කරලා. මට ඉතිං කියන්න වදන් නෑ මේ පහලින් තියෙන්නේ ඒක සහ මම සම්පූර්ණ මුදලටත් වඩා වැඩිපුර ගෙවපු බිල් එක
    02.jpg


    මුන් මේ මාසේත් මට බිල එවලා annual fee එකට පොලියත් හදලා එවලා

    මට තියෙන ගැටළුව මේක විසදගන්න විදියක් දන්න එකෙක් කියපල්ලකෝ. ලංකාවේ නැද්ද බන් මේ සම්බන්ධව පැමිණිල කරන්න තැනක්

    දන්න කියන කෙනෙක් මේකට කරන්න ඕන දේ පැහැදිලි කරලා දෙනවද
     

    Attachments

    • 01.jpg
      01.jpg
      252.3 KB · Views: 112
    • 02.jpg
      02.jpg
      247.9 KB · Views: 163

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Mamath SC use karanawa dan godak kal idala. Habai machan ehema issue ekak wela na.
    Uba kiyapu vidiyata ubath auduru 8kata wadi kalayak use karala thiyenawane.

    Gemata inna epa bn 400 gewala wade close karala dapan. naththam ubata call charges ma yavi 400ta wada.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    Pay all & cancel the card first. Then started the cost to bank.

    (Be careful from Crib )

    මම බැන්ක් අකවුන්ට් එකකුත් ඇරියා. උන් කියනවා bank balance අවම ගාස්තුව ටත් අඩුයි ලු. චාර්ජස් වලට ගෙවන්නලු. මම කිව්වා හෙට මිලියන 10ක් ඩිපොසිට් කරන්න ඉන්නේ.එපා ද? ඉතින් ඔන්න ටික දවසකින් ආයේ කැන්සල් කරන්න අහනවා. මම කිව්වා බොරු නමක් කියලා ඔයලගේ ලීගල් එකේ AM මගේ අන්කල් , ඔයා ගේ ස්ටාෆ් නොම්බරේ කියන්න කියලා. මම හිතන්නේ උන්ට එක මෙන්ටේන් කරන්න බර ගාණක් දැන් යවලා ඇති. තව අවුරුදු 20-30 ක් වත් ඕක කරන්න ඉන්නේ. බෑන්ක් ස්ටේට්මන්ට් එනවා රු. 100 ....උන්ට ඊමේල් වලට කොස්ට් වෙනවා ඇති ඊට වඩා. 😂🤣🤮
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    අපේ උන් card ගන්නවා , එකේ පොලී සහ අනික් ගාස්තු ගැන දැනුමක් නැතුව. ඊට පස්සේ ගෙවනවා ඉතින් ඉවරයක් නැතුව
     
    • Like
    Reactions: Voltage and wqe123

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    කියන ගානට රු 50 වැඩිපුර ගෙවල කාඩ් එක කැන්සල් කරන්න බාරගත්තට පස්සේ ඒ 50 ඉල්ලාපන් කරපු බලු වැඩේට.උබගේ තරහ යනකල් බැනපන් 50 ඉල්ලලා
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,003
    13,905
    113
    126
    Hogwarts
    කියන ගානට රු 50 වැඩිපුර ගෙවල කාඩ් එක කැන්සල් කරන්න බාරගත්තට පස්සේ ඒ 50 ඉල්ලාපන් කරපු බලු වැඩේට.උබගේ තරහ යනකල් බැනපන් 50 ඉල්ලලා
    Ado sirawata
    Mehema karapan
    Kelinma card center managerta benapan podi ewnta benala terumak ne:D:angry:
     
    • Like
    Reactions: gayanaps

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    කොමෙන්ට කරපු අයට ස්තුතියි
    සමහර අය මෙතන දාලා තියෙන් දේ කියවන්නේ නැතුව කොමන්ට දානවා
    බලපල්ලා ඔය උඩ මම දාලා තියෙන එක යකෝ මම මට ගෙවන්න තියෙන් ගානට වැඩිපුර ගෙවලත් කාඩ් එක කැන්සල් කරන්නේ නැති එකයි ගැටළුව
    නැත්නම් 179,150.00 ගෙවපු මට රුපියල් 400 ගෙවන්න බැරි කමක් නෑ..
    මුන් ඒක ඇඩ් කරලා තියෙන්නේ හොරට මම කථා කලේ අන්න ඒක ගැන
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උබ ඔය කියන ගානත් ගෙවලා පුළුවන් නම් උබ යවපු email , ෆෝන් calls ඔක්කොම record කරලා වැඩේ ලස්සනට පැහැදිලිව හදලා youtube එකකට upload කරපන්. ඊට පස්සේ https://www.facebook.com/StandardCharteredSL උන්ගේ FB google වල reviews වල චාර්ටර් කරපන් අර youtube එකේ ලින්ක් එකත් දාලා ,
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Rs 400 gewwanan iwaraine ban. Dqn balapan Rs400k hinda umbata wate yanna wela tiyena tharamak
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඉස්සරලම කියපන් උබ card එක cancel කරන්න කියලා ලියුමක් email එකක් යැව්වේ නැතිද? පලවෙනි පාර.
    නැති නම් සොරි. ඔය වගේ ඒවා එක්ක වැඩ කරද්දී ලිකිතව වැඩ කරන්න ඕන...
    ඕක delay වෙනකොට උබව crib එකටත් දානවා. ඒ නිසා ඉක්මනට කරෝගනින්... ගෙවන ගානක් ගෙවලා...
    නැති නම් ඊලග මාසේ delay charges කියලත් අරගෙන, උබෙන් පොලියත් අරගෙන, ඒ මාසෙටත් ඉන්සුවරන්ස් එකත් අරගෙන තමා උන් නතර වෙන්නේ...
     

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කොමෙන්ට කරපු අයට ස්තුතියි
    සමහර අය මෙතන දාලා තියෙන් දේ කියවන්නේ නැතුව කොමන්ට දානවා
    බලපල්ලා ඔය උඩ මම දාලා තියෙන එක යකෝ මම මට ගෙවන්න තියෙන් ගානට වැඩිපුර ගෙවලත් කාඩ් එක කැන්සල් කරන්නේ නැති එකයි ගැටළුව
    නැත්නම් 179,150.00 ගෙවපු මට රුපියල් 400 ගෙවන්න බැරි කමක් නෑ..
    මුන් ඒක ඇඩ් කරලා තියෙන්නේ හොරට මම කථා කලේ අන්න ඒක ගැන

    Machan me safetynet insurance eke mokadda?
    Ube medical cover ekak da? naththam card eke credit insurance ekak da?

    Ube medical plan ekak standing order ekak dila thibuna nam eka month ekata charge wela athi.
    ithin eka uba aniwa gewanna onene. mokada eka bank eken e adala insurance company ekata gewala iwaraine.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,955
    113
    ලංකාවේ.. ලංකාවේ
    Machan me safetynet insurance eke mokadda?
    Ube medical cover ekak da? naththam card eke credit insurance ekak da?

    Ube medical plan ekak standing order ekak dila thibuna nam eka month ekata charge wela athi.
    ithin eka uba aniwa gewanna onene. mokada eka bank eken e adala insurance company ekata gewala iwaraine.

    meka card ekata insurance ekak. mamath eka parak waliyak illuwa oka mata ona naa mase gaane magen ganna epa kiyala
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    * බැංකුවත් එක්ක ඔය වගේ දේවල් කෝල් දීල බේරගන්න යන්න එපා. ලිඛිතව භාරදෙන්න ඕනෙ. තමන්ගෙ කොපියක් උන්ට කියල අස්සන් ගන්න.

    * ඔක්කොටම ඉස්සරින් ක්‍රිබ් රිපෝට් එකක් අරගෙන බලන්න උන් උඹව රිපෝට් කරල තියෙන්නෙ කොහොමද කියල. අවුලක් තියෙනව නම් දැම්මම හදාගන්න. නැත්නම් ආයෙ උන්ගෙ පස්සෙන් යන්න වෙයි.

    * කාඩ් එක කැන්සල් කරන්න නම් කාඩ් එක දෙකට කපල ලියුමක් එක්ක බැංකුවට භාරදෙන්න. එහෙම භාරගත්ත කියල අස්සනක් අරගන්න.

    * දන්න තරමින් 18%ට පොලිය අඩු කරේ නෑ. ආණ්ඩුවෙ ලණු ගිලින්න එපා.

    * Safety net එක උන්ට කියල කැන්සල් කරගන්න තිබුන ඉස්සර. දැන් කරන්න දෙයක් නෑ 400 දීල දාන්න. මාසෙ බිල් ආවම බලන්නෙ නැද්ද මොනවද චාජස් කියල?

    * බෝන්ස් පො‍යින්ට් වලින් බිලට කපන්නෙ නෑ කියල උන් කියල තියෙනව. ඒ නිසා ඒ වගේ මෝඩ කතා කියන්න එපා උන්ට. එතකොට උන් උඹට හිනාවෙනව ඇති.

    *** බැංකු එක්ක ගණුදෙනු කරනකොට හැම වෙලේම ප්‍රොෆෙශනල් විදිහට හැසිරෙන්න. සර් කියල මූණට කතාකරාට ගියාට පස්සෙ උන් හිනාවෙනව.
     

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    bank ekata wada methana awula ubata card eka gana bank eka ganai wade wena hati awabodayak nathi eka. nikan anagena. card eke expire date eka baluwama uba dannawane ban annual fee eka enawa kiyala a maseta. eta kalin 400 gewala cancel karanda tibbe.
     
    • Like
    Reactions: RLT4U

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රු 400 දීල ඕක කැන්සල් කරන්න.බැංකුවෙන් ලිකිත document එකක් නැත්නම් ඔයා කියන කිසිම දෙයක් legal විදියට ගන්නේ නෑ.ඔය call SMS internet banking වගේ දේවල් extra servises විදියට ගන්නේ ඕකුන් .ඉස්සෙල්ලම branch එකකට ගිහින් ගෙවන්න ඕනේ ගාන උන්ටම කියල ලියාගෙන එක එතන දීම ගෙවල උන්ට slip එකදීල card එක cancel කරන්න බාරගත්තා කියල ලියුමක් ගන්න ඊටපස්සේ දාන බාල්දියක් හරි ගන්න තියෙන දේවල් ලිකිතව ඉල්ලන්න call දිදී ඉන්න එපා .නැත්නම් ඔයා තමයි අමාරුවේ වැටෙන්නේ
     
    • Like
    Reactions: wqe123

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    යැවුවා බන් රාජගිරිය branch එකට බාර දුන්නා.. බාර දීපු ලියුමට උන් සීල් එකකුත් ගහලා මට දුන්නා. එකත් මගේ ලග තියෙනවා
     
    • Like
    Reactions: sanjeewa.per85