රුපියල් 345 ට තිබ්බ උදු කිලෝ එක දැන් රුපියල් 1600 යි. පපඩම්-තෝසේ-වඩේ නිෂ්පාදකයෝ අමාරුවේ.
පසුගිය වසරේ රුපියල් 345 ට මිලදී ගැනීමට හැකි වූ උදු කිලෝ එකක් සදහා මේ වන විට රුපියල් 1600 ක් ගෙවීමට සිදුව ඇති බව, අරුණ පුවත්පත වාර්තා කර තිබේ.
උදු මිල මෙසේ ඉහළ යාමෙන්, පපඩම්, තෝසේ සහ වඩේ නිෂ්පාදකයන් මහත් අමාරුවක වැටී සිටින බව ද පුවත්පත පවසයි.
මේ හේතුව මත, උදු යොදා නිෂ්පාදනය කරන බොහෝ ආහාර ද්‍රව්‍ය පාන් පිටි යොදා නිෂ්පාදනය කිරීමට නිෂ්පාදකයන් කටයුතු කරන බවත්, ඒ හේතුවෙන් එම ආහාර ද්‍රව්‍ය වල ගුණාත්මක භාවය පහත වැටී ඇති බවත් පැවසේ.
ආනයන සීමා කිරීම යටතේ, උදු මෙරටට ගෙන්වීම නවතා ඇති නිසා, මේ තත්ත්වය උදා වී තිබේ.