PayPal ලංකාවට.?

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල නුදුරේ දී බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති, දේශමාන්‍ය මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන් ප්‍රකාශ කර සිටිනවා.

    “පෙර දැක්ම 2021“ ‘2021 සහ ඉදිරිය සඳහා මුදල් සහ මූල්‍ය අංශ ප්‍රතිපත්ති‘ ඉදිරිපත් කරමින් මහ බැංකු අධිපතිවරයා ඊයේ (04) මේ බව කියා සිටියා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති දේශමාන්‍ය, මහාචාර්ය ඩබ්. ඩී. ලක්ෂ්මන්,

    නව තාක්ෂණික ක්‍රමවේදයන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම තුළින් 2020 වසරේ දී ගෙවීම් හා පියවීම් අංශයෙහි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මත කිරීමට හැකිවුවා. නියාමන රාමුව ශක්තිමත් කිරීම, ගනුදෙනුකරුවන්ගේ අරමුදල් සහ තොරතුරුවල ආරක්ෂාව සහතික කිරීම සහ ගෙවීම් හි පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව සහතික කිරීම සහ ගෙවීම් හා පියවීම්වල පද්ධතීන්වල කාර්යක්ෂමතාව ඉහළ නැංවීම යනාදිය විශේෂ අවධානයක් යොමු වූ අංශ විය.

    ඒ අනුව නව ව්‍යාපෘති දියත් කිරීම් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය වේදිකාවක් සපයමින් මූල්‍ය තාක්ෂණ නියාමන පරීක්ෂණ අවකාශය (Fintech Regulatory Sandbox) ස්ථාපිත කරන ලදී. එසේම, බලපත්‍රලාභී වාණිජ බැංකු හා සහයෝගයෙන් යුතුව බ්ලොක්චේන් තාක්ෂණය (Blockchain Technology) පදනම් කරගත් ගනුදෙනුකරු හඳුනාගැනීමේ (Know-Your-Customer- KYC) ක්‍රියාවලිය ද ඒ සඳහා උනන්දුවක් දක්වන දායකයින් තිදෙනෙකු විසින් වැඩිදියුණු කරන ලද අතර, එය දැනට පරීක්ෂණ මට්ටමේ පවතිනවා.

    මීට අමතරව, ප්‍රාග්ධන ප්‍රවාහයන් ආකර්ෂණය කර ගැනීමට හා රටවල් අතර සිදුවන වෙළෙඳාමට පහසුකම් සැලසෙන පරිදි ඊ වාණිජ්‍ය සක්‍රීය කර ගැනීමට හැකිවන පරිදි වෙනත් ආකාර ගෙවීම් යාන්ත්‍රණයක් වැඩිදියුණු කිරීමට හා ප්‍රවර්ධන කිරීමට ඇති හැකියාව ද මහ බැංකුව ක්‍රියාකාරීව සොයා බලමින් සිටියි. ශ්‍රී ලංකාව තුළ විවෘත බැංකුකරණයක් ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳව විමර්ශනය කෙරෙමින් පවතී.

    ශ්‍රී ලාංකීය නේවාසිකයන් සඳහා සිදු කරන ගෙවීම් ලබා ගැනීමට පහසුකම් සැලසීමට මහ බැංකුව පේපෑල් යෙදවුම් (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල අපි නුදුරු අනාගතයේ දී බලාපොරොත්තු වෙමු. අනාගත ගෝලීය මූල්‍ය තාක්ෂණය අත්‍යවශයෙන්ම ඩිජිටල්කරණය වූවත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩිජිටල් මුදල් (Digital currencies) පිළිබඳ දේශීය හා විදේශීය පාර්ශවකරුවන් සමඟ තම විචාරණය, පිරිවැය ප්‍රතිලාභ විශ්ලේෂණය තුළින් සහ දීර්ඝ කාලීන දෘෂ්ටි කෝණයකින් තවදුරටත් සිදුකෙරෙනු ඇත.

    http://www.nethgossip.lk/article/37139
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,909
    67,169
    113
    file-20180703-116135-13dik4i.jpg
     
    • Like
    Reactions: Lahiru120

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    Paypal ගොඩක් Payments Sites වලින් අයින් කරනවා 2021 .
    ඒක තමයි දෙන්නේ, ඊළඟට එන එක ගන්න තව අවුරුදු 20ක් විතර පස්සෙන් යයි, ඒකත් දෙයි වෙන එකක් එද්දී.
     
    • Haha
    Reactions: Mr Dilshan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,501
    72,700
    113
    මාලඹේ
    ඒක තමයි දෙන්නේ, ඊළඟට එන එක ගන්න තව අවුරුදු 20ක් විතර පස්සෙන් යයි, ඒකත් දෙයි වෙන එකක් එද්දී.
    ගොඩක් Site උන්ගෙම Payment System එකකින් ගෙවන්න මාරු වෙනවා . මොකද Paypal කියන්නේ ලෝකේ ගොඩක් රටවල් වලට Suport නැති එකක් . E bay උණත් දැන් Paypal වලින් අයින් වෙන්නේ මේ නිසා . Google Bank ආවහම ගොඩක් website එකට මාරු වෙයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,951
    165,864
    113
    එකමත් එක රටක
    (PayPal) වැනි ජාත්‍යන්තර ගෙවීම් සේවා සපයන්නන් සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති අතර, ඒ සම්බන්ධව ධනාත්මක ප්‍රතිඵල අපි නුදුරු අනාගතයේ දී බලාපොරොත්තු වෙමු
    :baffled:
     

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    ඒක තමයි දෙන්නේ, ඊළඟට එන එක ගන්න තව අවුරුදු 20ක් විතර පස්සෙන් යයි, ඒකත් දෙයි වෙන එකක් එද්දී.

    ඊළඟ ඡන්ද ටිකත් ඒකෙන්ම ගොඩදාන්න පුළුවන්නේ. :cool:
     
    • Haha
    Reactions: Heshan Daminda

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Apitanam paypal/sl dan wadakuth naha

    Ph paypal yasa ageta wada karanawa. ( using for pay payments)

    Sallai ganan bankwire/payneer use karanawa.