ඉක්මනින් සහ ලේසියෙන් සල්ලි ගොඩක් හොයන ක්‍රමයක්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මට හරියටම මතක නැ බන් උබද කිව්වේ අර මාසෙකට ලක්ෂ 20 ක් විතර හොයනවා කියලා?
    මාසෙකට ලක්ෂ 20ක් හොයන්ඩ පුළුවන් නම් මහන්සි උනත් මොකද බන්
    වැරදීමක් නම් සොරි

    විස්සක් නෙමෙයි දහයක් මචන්. ඒ ගාන නම් දැන් ඇත්තටම මහන්සි නොවී හොයන්නෙ බං. මොකද මම දැන් වැඩ කරන්නෙ නෑ, ටීම් එක තමා වැඩ. :rolleyes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA
    විස්සක් නෙමෙයි දහයක් මචන්. ඒ ගාන නම් දැන් ඇත්තටම මහන්සි නොවී හොයන්නෙ බං. මොකද මම දැන් වැඩ කරන්නෙ නෑ, ටීම් එක තමා වැඩ. :rolleyes:
    එහෙනම් මොකටද බන් වෙන ක්‍රම?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    එහෙනම් මොකටද බන් වෙන ක්‍රම?

    මම දැන් කරන් යන දේ කොහොමත් කරන් යනවා බං. ඒත් මම අර කියපු විදිහට තව සල්ලි හම්බ කරන්න ලේසි සහ ඉක්මන් ක්‍රමයක් ඇතියි කියලා මගෙ හිත කියනවා. ඒකයි සීන් එක. :rolleyes:
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA
    මම දැන් කරන් යන දේ කොහොමත් කරන් යනවා බං. ඒත් මම අර කියපු විදිහට තව සල්ලි හම්බ කරන්න ලේසි සහ ඉක්මන් ක්‍රමයක් ඇතියි කියලා මගෙ හිත කියනවා. ඒකයි සීන් එක. :rolleyes:
    මම නම් දන්නා ලේසි ක්‍රම වලට තියෙන්නේ ඉතින් forex, cfd, stock තමා, හොදට බලලා ට්‍රේඩ් එකක් දාගත්තහම අය බලන්ඩ දෙයක් නැ හැබැයි ලෝන් ටර්ම් ට්‍රේඩ් කරන්ඩ ඕන නැත්තම් ස්ට්‍රෙස්.
     
    • Like
    Reactions: shenat and Kolama

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,792
    19,781
    113
    karana un kiyanne na bn...pissuwak nane
    කරන උන් කිව්වත් සිංහලයෙක් තවත් සිංහලයෙක්‍ට නම් කියන්නෙ නෑමයි. ඌ ගොඩ ගිහින් ඒ මෙතඩ් එක එක්ස්පය වෙලාත් අවෘරුද්දක් දෙකක් වගේ ගියාම ඌම ගුරුමුශ්ටිය තියාගෙන ඒක සල්ලි වලට උගන්නල ඒක ඉගෙනගත්ත උන් වෙන තැනක කියල දුන්නොත් තමයි ඒක වෙන උන් දැනගන්නෙ😂😅 දැන් පැහැදිලීනෙ වටේ කියෝ කියෝ යන මෙත්ඩ්ස් කියන්නෙම කරල හොරිකඩ උන ඒව කියල
     
    • Like
    Reactions: Kolama

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    හිතපන් ඉතින් Bitcoin එක $100ට තියෙන කාලෙ අපිට බිට්කොයින් 10ක් අරන් දාගන්න බැරි උනානෙ බන්

    මම ඉස්සර වැඩ කරපු ලංකාවෙ කොම්පැණියක් තිබ්බ, ඒකෙ ලොක්ක රු20 ගානෙ ශෙයා මාකට් එකේ ලක්ෂ 80 ක කොටස් අරන් තිබ්බ.

    පස්සෙ කාලෙක ඒ කොටසක් රු200ට කිට්ටු වෙන්න ගිහින් තියෙනව. ඒව තමයි මිනිස්සුන්ගෙ ටර්නින් පොයින්ට්ස්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මම නම් දන්නා ලේසි ක්‍රම වලට තියෙන්නේ ඉතින් forex, cfd, stock තමා, හොදට බලලා ට්‍රේඩ් එකක් දාගත්තහම අය බලන්ඩ දෙයක් නැ හැබැයි ලෝන් ටර්ම් ට්‍රේඩ් කරන්ඩ ඕන නැත්තම් ස්ට්‍රෙස්.

    තෑන්ක්ස් මචන්. ඒත් මට ඒවා සෙට් වෙන්නෙ නැහැ බං.

    ඇත්තට මේ ත්‍රෙඩ් එක දැම්මෙ එහෙම තව සල්ලි හම්බ කරන්න ක්‍රමයක් දැන ගන්න අරමුනෙන් නම් නෙමෙයි. මම කියලා තියෙන විදිහට හිතෙන එක ගැන ටිකක් කතා කරන්න. :rolleyes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,839
    3,862
    113
    USA
    තෑන්ක්ස් මචන්. ඒත් මට ඒවා සෙට් වෙන්නෙ නැහැ බං.

    ඇත්තට මේ ත්‍රෙඩ් එක දැම්මෙ එහෙම තව සල්ලි හම්බ කරන්න ක්‍රමයක් දැන ගන්න අරමුනෙන් නම් නෙමෙයි. මම කියලා තියෙන විදිහට හිතෙන එක ගැන ටිකක් කතා කරන්න. :rolleyes:
    එහෙම තමා ඉතින් මිනිස්සු කැමතියි වැඩක් අමාරුවෙන් කරන නැතුව ලේසියෙන් කරන්ඩ, ඊටත් වැඩිය කැමතියි ලේසියෙන් සල්ලි හොයන ක්‍රම අත්හදා බලන්ඩ, (කව්රු කොහොම කිව්වත් නිකන් ඉදලා සල්ලි හොයන්ඩ පුළුවන් නම් ගොඩාක් කැමතියි) සමහර අයගේ ඒ ක්‍රම හරියනවා එකම තව කෙනෙකුට හරියන් නැ.

    හැබැයි Reddit එකේ එහෙම ඔය ගැන කතා කරාට, එහෙම ලේසි ක්‍රමයක් දන්න එකෙක් කියලා දෙයි කියලා හිතන්ඩ බැ හේතු ගොඩාක් හින්දා,
    ගොඩාක් අය කරන්ඩ ගිහින් වැඩේ අල වෙලා ඔරිගිනල් කෙනාටත් කෙල වෙනඩ පුළුවන්
    ඔක්කොටම එක වගේ සල්ලි තිබ්බොත් එක සාමාන්‍ය වෙනවා නේ එකට මිනිස්සු කැමති නැ
    අනිත් කෙනෙක් දියුණු වෙන එකට තියන ඉරිසියාව.
    තමන් මහන්සියෙන් හොයා ගත්ත දෙයක් තව කෙනෙක් ලේසියෙන් කරනවා දකින්ඩ කැමති නැති එක.
    ඔය වගේ ගොඩාක් හේතු තියනවා

    ඔය ෆෝරම් වල ඩිස්කස් කරන්නේ, කියලා දෙන්නේ ගොඩාක් යල් පැනපු ඒවා,
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම නම් කියන්නෙ රිස්ක් එකක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ කියල. මම 2017 ෆුල් ටයිම් ක්‍රිප්ටො කරන්සි වලට බහින කොට කෙලින්ම අවුරුදු 12ක් කරපු ජොබ් එකෙන් අයින් වෙලා තමයි වැඩේට බැස්සෙ. මට ජොබ් එකෙන් මාසෙට $8000 කිට්ටුවෙන්න හම්බ උනා. නමුත් මම ක්‍රිප්ටො ට්‍රෙඩින් වලින් ඊටවඩා හොයන්න පුලුවන් කියල විස්වාස කරා. නමුත් මුල් අවුරුද්දෙ මාසෙට $2000 වත් හොයා ගන්න බැරිවුනා. දැන් ඉතින් තත්වෙ හුගක් වෙනස්. :love2::love2:

    මම කියන්නෙ රිස්ක් එකක් ගැනීමට තියෙන හැකියාව, ඉවසීම සහ තමන් කරන දේ හොද විස්වාසෙන් කරනවනම් අන්ලිමිටඩ් හොයන්න පුලුවන්.

    මට ක්‍රිප්ටො හරිගියාට උබලට වෙන දෙයක් හරියන්න පුලුවන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔව් එහෙම අවස්ථාවල් තියෙනවා

    මීට අවුරුදු කිහිපයකට කලින් අපේ නෑදා වෙන මල්ලි කෙනෙක් අපි කවදාවත් විකුනන්න පුළුවන් කියලා හිතනේ නැති දෙයක් USA වලට විකුනන්න අවස්ථාව උදාකරගත්තා (නීති විරෝධී නොවන දෙයක් උදාහරණයකට ගත්තොත් කොහු ලනු කියලා හිතමු ) , එයාගේ වැඩේ බොහොම හොඳට ගියා මාසේ ලාභය 1m වගේ තිබුනා

    business එකේ විශේෂත්වය උනේ customers ලාට බඩු යවන්න ඕන post එකේ

    මාස කීපයක් වැඩේ කරගෙන යනකොට SL POST එකෙ ඉහල නිලධාරී මාෆියාව මුට කෙලියා , පැමිණිලි කරන්න පුළුවන් හැමතැනටම ගියා , එත් වැඩක් උනේ නෑ , business එක නවත්වන්න උනා

    ඒ වෙනකොටත් මූ ළඟ 6 දෙනෙක් වැඩ කළා ,

    ඕන ඔහොමයි වැඩ

    මචන් ක්‍රිප්ටෝ arbitraging කරන එක රිස්ක් එක අඩුයි නේද?
     
    • Like
    Reactions: bestdivx and Kolama

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මචන් ක්‍රිප්ටෝ arbitraging කරන එක රිස්ක් එක අඩුයි නේද?
    ඔව් මචන්, රිස්ක් එක අඩුයි. නමුත් දැන් හරිම අමාරුයි ප්‍රොෆිට් හොයන්න. දැන් හැම එකාම වගේ Bot රන් කරනව. ඒක නිසා හරිම අමාරුයි.
     
    • Sad
    Reactions: hasithayad

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඔව් එහෙම අවස්ථාවල් තියෙනවා

    මීට අවුරුදු කිහිපයකට කලින් අපේ නෑදා වෙන මල්ලි කෙනෙක් අපි කවදාවත් විකුනන්න පුළුවන් කියලා හිතනේ නැති දෙයක් USA වලට විකුනන්න අවස්ථාව උදාකරගත්තා (නීති විරෝධී නොවන දෙයක් උදාහරණයකට ගත්තොත් කොහු ලනු කියලා හිතමු ) , එයාගේ වැඩේ බොහොම හොඳට ගියා මාසේ ලාභය 1m වගේ තිබුනා

    business එකේ විශේෂත්වය උනේ customers ලාට බඩු යවන්න ඕන post එකේ

    මාස කීපයක් වැඩේ කරගෙන යනකොට SL POST එකෙ ඉහල නිලධාරී මාෆියාව මුට කෙලියා , පැමිණිලි කරන්න පුළුවන් හැමතැනටම ගියා , එත් වැඩක් උනේ නෑ , business එක නවත්වන්න උනා

    ඒ වෙනකොටත් මූ ළඟ 6 දෙනෙක් වැඩ කළා ,

    ඕන ඔහොමයි වැඩ
    sl post එකේ උන් මොකද බන් කරේ? slpost නැතත් වෙන මෙතඩ් තියනවනේ බ්‍රෝ
     
    kumara94

    Member
    Jan 13, 2021
    6
    4
    3
    sites.google.com
    ow. puluwan. oya kamathinam. Api karana offer share karala mudal upayana ekata join wenna.

    අන්තර්ජාලයෙන් පහසුවෙන් $100/$200 (Rs20,000/30,000 ක්) උපයන්න

    ඔබේ දුරකථනයෙන් Facebook, Instagram share කරලා මුදල් උපයන්න පුළුවන්.

    ලොකු දැනුමක් නැතිව අප විසින් දෙන් Offer/Ad එකක් Share කිරීම තුලින් ඔයාට පහසුවෙන්ම මුදල් උපයන්න පුළුවන්. භාණ්ඩ අලේවි කිරීම තරම් අපහසු නැහැ. Offer එක මගින් ඉල්ලා ඇති Email Submit කිරීම, Signup වීම වගේ Action එහෙකට මුදල් ගෙවීම සිදුවන්නේ. එම නිසා පහසුවෙන් Social Media මගින් මුදල් උපයන්න පුළුවන්.

    මේ සදහා අවශ්‍ය සියළු විස්තර සහ මග පෙන්වීමේ සහය දවස පුරාම Skype මගින් ලබාදෙනවා.

    මාසේ අවසානයේ ඔයාගේ බැකු ගිණුමට මුදල් ලබාගන්න පුළුවන්.

    උත්සහ කරලා බලන්න

    https://sites.google.com/view/ambalaya-affiliate/home
     
    අයියෙ, ඔයාට පුලුවන්ද අන්තර්ජාලය මගෙ බැංකු ගිනුමට සෘජුව සම්බන්ධ කරන්න? :rolleyes:
     
    • Haha
    Reactions: BumbleB

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Team ekak hirekarala yourube channel tikak hada ganna. Script, wage okkoma dan out source karanna puluwanne.

    Oyata salli thiyena nisa lesiyi
     
    • Like
    Reactions: Kolama

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,676
    113
    Piliyandala
    උබ "ලොකු ගානක්" කියන්නෙ කීයක් විතරද බං? :rolleyes:
    machan mama kivve Fiverr wage site walin, den thiyena competition ekath ekka api balaporoththu wena financial freedom eka wage deyak ganna amarui neda ? New seller nam?

    wena platform gena mata idea ekak naha
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    machan mama kivve Fiverr wage site walin, den thiyena competition ekath ekka api balaporoththu wena financial freedom eka wage deyak ganna amarui neda ? New seller nam?

    wena platform gena mata idea ekak naha

    මගේ අත්දැකීම අනුව සහ සමස්ථයක් විදිහට ගත්තොත් Fiverr එකේ සේවාවක් ඩොලර් පහකට වැඩියෙන් විකුනන එක ටිකක් අමාරු වැඩක් මචන්. Top Rated Sellerලට නම් ගොඩක් දුරට අවුලක් නැතුව ඇති.

    ඒ අතින් බැලුවාම Upwork එකේ ගොඩක් ගෙවන්න කැමති ක්ලයන්ස්ලා හොයා ගන්න එක එච්චර අමාරු නැහැ.

    කොහොම වුනත් මොන ෆ්ලැට්ෆෝම් එකක ෆ්‍රීලෑන්ස් කලත්, ෆ්‍රීලෑන්ස් කර කර Financial Freedom එකකට යන්න බැහැ මචන්. ඒකට ටීම් එකක් හයර් කරලා තමන්ගෙම සේවා සපයන ආයතනයක් පටන් ගන්නම ඕන.
     
    • Like
    Reactions: shameera89