නාගානන්ද කොඩිතුවක්කුගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ.

    අදාළ පෙත්සම අද (19) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

    එහිදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අදාළ නොතිසී මෙතෙක් භාරදී නොමැති බව විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කරුට පෙන්වා දී තිබේ.

    එහිදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු කියා සිටියේ තමන් නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට අදාළ නොතිසි දැනටමත් භාර දී ඇති බවය.

    ඒ අනුව එම අවස්ථාවේ අධිකරණයේ සිටි රජයේ නීතිඥවරයෙකු වෙත එම නඩුකරයට අදාළ නොතිසි යළි භාරදෙන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු මහතාට දැනුම් දුන්නේය.

    අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ බව “අද දෙරණ“ අධිකරණ වාර්තාකරු පැවසුවේය.
     
    • Like
    Reactions: dilann

    Similar threads