Law of attaraction බොරුව?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේක බලපන් මිනිහෝ... ඔය බොරුව සරලව පැහැදිලිව පහදලා දෙනවා

    මම ඕක බැලුවා, ඔකේ තියෙන logic ඕනෙම දේකට දාන්න පුළුවන්, උදාහරනෙකට ඌ කියනවා oprah වගේ ප්‍රසිද්ද loa පාවිච්චි කරපු අය ගැන එහෙම කතා කරනවා 1%ක් සාර්ථකයි, ඉතුරු 99% ගැන කතා කරන්නේ නෑ ඒක නිසා ඒ survivaship bias එකලු. මෝඩ කතාවක්නේ. දැන් ලංකාවේ සාර්ථක businessmenලා කියන්න කිව්වොත් අපි කියනවද හන්දියේ කඩේ ගුණදාස මුදලලාලි, හාර්ඩ්වෙයා එකේ සෝමේ. එහෙම කියන්නේ නෑනේ. අපි කියන්නෙත් ඉෂාර නානායක්කාර, ධම්මික පෙරේරා වගේ උන් ගැනනේ. ඒකෙන් කියනවද ටවුන් එකේ හාර්ඩ්වෙයා එකක් දාගෙන ඉන්න මිනිහා බිස්නස් වලින් අසාර්ථකයි කියලා? අපි 1%ක් ගැන කතා කරන එකෙන් කියන්නේ නෑ ඉතුරු 99%ම ෆේල් කියලා.

    උඹ කොහොමද බන් ඕක practice කරන්නෙ?
    පලවෙනි දේ තමයි මචන් අපේ ජිවිතේ අපිට දැනට තියෙන දේවල් වලට ගරු කරපන්. නිකන් හිතපන් උදේ ඉඳන් රෑ වෙනකල් අපි දුවන්නේ අපිට නැති දේ පස්සේ. අපි මැරිලා නෑනේ බන් ජිවත් වෙන එකම මොන තරම් වාසනාවක්ද? අපි කැන්සර් හොස්පිටල් එකේ හරි, ලය රෝහලේ හරි නැතුව ගෙදර ඉඳන් කාලා බිලා ඉන්න එකටගරු කරපන්. අපේ අකවුන්ට් එකේ තියෙන රුපියලටත් ගරු කරපන්. නැතිදේ ගැන දුක්වෙන අපි තියෙනදෙවල් වලට ගරු කරන්න ගත්තම අපේ mind එක මාර විදියට වෙනස් වෙනවා. ඒක තමයි මම හිතන්නේ මූලිකම දේ.
    ------ Post added on Jan 26, 2021 at 2:35 PM
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274

    mchn kiyala dipanko..hoda book ekak hari kamak na..kohomada karanne?
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    මනුස්සයෙක්ට විශ්වාසක් ඕන වැඩක් කරන්න කලින්..හැබැයි එහෙම විශ්වාසය විතරක් මදි වැඩ කරන්නත් ඕන..

    Eg:- සඳ ගමන

    I
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කවුරු මොනවා කීවත් මට LOA වැඩ කරල තියෙනව අවුරුදු ගාණක ඉදලා සහ ඉදිරියටත් වැඩ කරනවා.. ඒක මට විශ්වාසයි :love:
    අත්දැකීම් තියෙනව ගොඩක්, ඒව මේකෙ කියන්න බෑ මචන්.

    අද මන් තැනක ඉන්නවනම් , දෙයක් ලැබුනනන් ඒ ගොඩක් දේවල් පිටිපස්සෙ LOA තියෙනව.
    කර්මයත් බලපානව ඇති, පෙර පින්..

    දැනට ලැබුන දේවල් කෙටියෙන් සරලව ප්‍රධාන කීපයක් කීවොත්,
    *එක්සෑම්ස් පාස් වෙන ඒවා
    *ජොබ්ස්
    *කෙල්ලෝ
    *වාහන, බඩු අනම් මනන්..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,111
    1
    100,809
    113
    34
    Kalutara
    law of attraction මම විස්වාස කරනවා. මට වැඩ කරලා තියෙනවා, මට මාර experience තියෙනවා ඕක එක්ක. මම අදටත් visualize කරනවා. ඔතන ප්‍රශ්නේ ඕක උගන්නන උන්ගේ මායාව. The secret කියන්නේ ඕකේ නිකන් over hype කරපු දෙයක්. නිකන් හිතපන්කෝ film එකක් බලද්දී උනත් ඒක නිකන් වැඩිපුර උලුප්පනවනේ. මෙයාලා ඒක නිකන් අමුතු තැනකට ගෙනිච්චා. law of attraction කියන්නේ tool එකක්. අපේ ජිවිතේ හොඳ දේවල් ආකර්ෂණය කරගන්න පුළුවන් එක ක්‍රමයක්. මුන් කරන්නේ law of attraction ඇරෙන්න ලෝකේ වෙන කිසිම දෙයක් නෑ වගේ මිනිස්සුන්ට පෙන්නන එක. law of attraction දැනගත්තා කියලා 100%ක් හැමදේම වෙන්නේ ඒකෙන්ම නෙවෙයි. අපේ කර්මය පින ඕවත් බලපානවා. හැබයි අපේ සිතුවිලි වලට පුළුවන් ඒ දේවල් අපේ වාසියට හරවලා දෙන්න.

    The secret film එක කියන්නේ නිකන් පැය දෙකක් දිග ඇඩ් එකක් වගේ කියලා හිතපන්කෝ. ඕක අපිව law of attraction වලට ඇදගන්න හොඳයි. එච්චරයි. ඔය law of attraction කියන වචනෙත් වෙනස් වෙන්න ඕනේ. ඕක power of attraction වෙන්න ඕනේ කියන එකයි මගේ පෞද්ගලික අදහස.
    එතකොට අපි දෙයක් කරන්න පටන් ගනිද්දී අපේ හිතට ඒ කරන දේ ගැන තියෙන්න ඕන positive vibes විතරමද? හදිසිස්ස්යේ හරි අපේ හිතට ආවොත් මේක කෙල වුනොත් මොකක්ද ඊළඟට කරන්නේ. මේක කෙල වුනොත් මොන වගේ විපාක ලැබෙයිද. ඒ වගේ දේවල් හිතුවොත් law of attraction කෙල වෙනවද. උඹ දෙයක් කරද්දී ඔය වගේ කෙල වුනොත් මොකද වෙන්නේ කියල හිතන්නේ බලන්නේ නතුවමද law of attraction එක වැඩ කලේ?

    කවුරු මොනවා කීවත් මට LOA වැඩ කරල තියෙනව අවුරුදු ගාණක ඉදලා සහ ඉදිරියටත් වැඩ කරනවා.. ඒක මට විශ්වාසයි :love:
    අත්දැකීම් තියෙනව ගොඩක්, ඒව මේකෙ කියන්න බෑ මචන්.

    අද මන් තැනක ඉන්නවනම් , දෙයක් ලැබුනනන් ඒ ගොඩක් දේවල් පිටිපස්සෙ LOA තියෙනව.
    කර්මයත් බලපානව ඇති, පෙර පින්..

    දැනට ලැබුන දේවල් කෙටියෙන් සරලව ප්‍රධාන කීපයක් කීවොත්,
    *එක්සෑම්ස් පාස් වෙන ඒවා
    *ජොබ්ස්
    *කෙල්ලෝ
    *වාහන, බඩු අනම් මනන්..
    උඩ අහපු දේ උඹෙනුත් අහනවා එහෙනම්
    ------ Post added on Jan 26, 2021 at 7:33 PM
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    එතකොට අපි දෙයක් කරන්න පටන් ගනිද්දී අපේ හිතට ඒ කරන දේ ගැන තියෙන්න ඕන positive vibes විතරමද? හදිසිස්ස්යේ හරි අපේ හිතට ආවොත් මේක කෙල වුනොත් මොකක්ද ඊළඟට කරන්නේ. මේක කෙල වුනොත් මොන වගේ විපාක ලැබෙයිද. ඒ වගේ දේවල් හිතුවොත් law of attraction කෙල වෙනවද. උඹ දෙයක් කරද්දී ඔය වගේ කෙල වුනොත් මොකද වෙන්නේ කියල හිතන්නේ බලන්නේ නතුවමද law of attraction එක වැඩ කලේ?

    උඩ අහපු දේ උඹෙනුත් අහනවා එහෙනම්
    ------ Post added on Jan 26, 2021 at 7:33 PM

    එහෙම නෑ මචන්. මෙහෙමයි, මන් දෙයක් ගැන visualize කරන්න ගත්තම ඒකට වෙලාවක් කලාවක් නෑ. හිතෙන , පුලුවන් හැම වෙලේම කරනවා.
    උබට Negative vibes එනව නම් ආව කියල ප්‍රශ්නයක් නෑ ඒක ඒ වෙලාවට අමතක කරල ආයෙ ටිකකින් visualize කරන්න ගන්න.

    මටත් උබට ඔය ආව ප්‍රශ්නම මුල් කාලෙ ආවා,දැනුත් එනවා..

    මෙහෙම හිතපන්කො, මන් වාහනයක් ගැන vusualize කරනව නම් ඒක මන් ළඟ තියෙනකොට හිතේ තියෙන සතුටම, මන් ගාව ඒක දැන් තියෙනව, ඒක පදිනව, යාලුවො දාන් යනව කියල මතක් වෙනකොට ඒ එන හැඟීමට negative vibes එන්නෙ නෑ.
    ඒ කියන්නෙ උබේ අරමුණ බොක්කටම වැදුනම ආයෙ negative vibes එන්න ඉඩක් නෑ.

    එහෙම ආව කියල ඒක ලොකූ අවුලක් වෙන්නෙත් නෑ, ටික ටික improve කරගනින් උබවම positive විදියට හිතන්න.

    මට පැහැදිලි කරන්න තේරෙන්නෙ නෑ ගොඩක්, තේරෙන්නෙ නැත්නම් අහපන්
     
    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    කවුරු මොනවා කීවත් මට LOA වැඩ කරල තියෙනව අවුරුදු ගාණක ඉදලා සහ ඉදිරියටත් වැඩ කරනවා.. ඒක මට විශ්වාසයි :love:
    අත්දැකීම් තියෙනව ගොඩක්, ඒව මේකෙ කියන්න බෑ මචන්.

    අද මන් තැනක ඉන්නවනම් , දෙයක් ලැබුනනන් ඒ ගොඩක් දේවල් පිටිපස්සෙ LOA තියෙනව.
    කර්මයත් බලපානව ඇති, පෙර පින්..

    දැනට ලැබුන දේවල් කෙටියෙන් සරලව ප්‍රධාන කීපයක් කීවොත්,
    *එක්සෑම්ස් පාස් වෙන ඒවා
    *ජොබ්ස්
    *කෙල්ලෝ
    *වාහන, බඩු අනම් මනන්..
    අපිටත් කියපන්කෝ හරියට ඕක කරන විදිය, දැන් උබට ඒවා ලැබුනා කිව්වනේ එකක් අරන් step by step හිතපු විදිය පුලුවන් නම් share කරපන්කෝ..මොකද සමහර අය කරනවා ඒත් හරියටම කරනවද දන්නේ නෑ නේ දැන් උබ හරියටම කරන නිසා නේ ඒවා හම්බුනේ ඒනිසා..
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    ඔය Law of Attraction එකට පදනම වෙන්නේ Think and Grow Rich කියන පොත. ඕක ලියපු නැපෝලියන් හිල් කියන පොර කරපු අනිත් හැමදෙයකින්ම අසාර්ථක වුනු හෙනම වංචාකාරයෙක්. මිනිහ එපොත ලියන්න interview කළා කියන අයව ජීවිතේට හම්බවෙලා වත් නැහැලු. පොතේ content එක තනිකරම හිතලුවක් විතරයි කියල තමයි මිනිහ ගැන පස්සේ හොයපු අය කියන්නේ.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,111
    1
    100,809
    113
    34
    Kalutara
    ඔය Law of Attraction එකට පදනම වෙන්නේ Think and Grow Rich කියන පොත. ඕක ලියපු නැපෝලියන් හිල් කියන පොර කරපු අනිත් හැමදෙයකින්ම අසාර්ථක වුනු හෙනම වංචාකාරයෙක්. මිනිහ එපොත ලියන්න interview කළා කියන අයව ජීවිතේට හම්බවෙලා වත් නැහැලු. පොතේ content එක තනිකරම හිතලුවක් විතරයි කියල තමයි මිනිහ ගැන පස්සේ හොයපු අය කියන්නේ.
    tell me more... 😖
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය Law of Attraction එකට පදනම වෙන්නේ Think and Grow Rich කියන පොත. ඕක ලියපු නැපෝලියන් හිල් කියන පොර කරපු අනිත් හැමදෙයකින්ම අසාර්ථක වුනු හෙනම වංචාකාරයෙක්. මිනිහ එපොත ලියන්න interview කළා කියන අයව ජීවිතේට හම්බවෙලා වත් නැහැලු. පොතේ content එක තනිකරම හිතලුවක් විතරයි කියල තමයි මිනිහ ගැන පස්සේ හොයපු අය කියන්නේ.
    ඇත්ත, හැබැයි law of attraction මිනිහා හොයාගත්ත දෙයක් නෙවෙයි. මිනිහා කරේ law of attraction commercialized කරපු එක. මිනිහා dale carnagie හම්බ උනා වගේ බොරු කියලා ජිවත් උන මිනිහෙක්. මිනිහා තමයි අලුත් කාලෙට ඔය අදහස ගෙනත් ඕක නිකන් ව්‍යාපාරයක් කරේ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එතකොට අපි දෙයක් කරන්න පටන් ගනිද්දී අපේ හිතට ඒ කරන දේ ගැන තියෙන්න ඕන positive vibes විතරමද? හදිසිස්ස්යේ හරි අපේ හිතට ආවොත් මේක කෙල වුනොත් මොකක්ද ඊළඟට කරන්නේ. මේක කෙල වුනොත් මොන වගේ විපාක ලැබෙයිද. ඒ වගේ දේවල් හිතුවොත් law of attraction කෙල වෙනවද. උඹ දෙයක් කරද්දී ඔය වගේ කෙල වුනොත් මොකද වෙන්නේ කියල හිතන්නේ බලන්නේ නතුවමද law of attraction එක වැඩ කලේ?

    ඔන්න ඕක තමයි මට The secret එකේ අල්ලන්නේ නැති කතාව, මිනිස්සුන්ව බය කරනවා. ඔයා negative දේවල් හිතුවොත් ඔයාට කෙලවෙයි කියලා. නිකන් හිතපන් උඹට positive හිතන්න ගද්දි negative දේවල් හිතෙන්නේ නැද්ද? උඹට ආදරයක් ඕනේ කියලා හිතෙද්දි ආදරයක් නොලැබුනොත් කියලා හිතෙන්නේ නැද්ද? එහෙම හිතෙනවා බන්. අපි සාමාන්‍ය මිනිස්සුනේ.

    මුන් කියනවා වගේ බලෙන් ඕවා නවත්තන්න බෑ. උඹට උඹ දුප්පත් කියලා හිතන්න එපා කිව්වොත් උඹට ඉස්සෙල්ලම මතක් වෙන්නේ මොකක්ද? උඹ දුප්පත් කියලා. අර inception ෆිල්ම් එකෙත් කියන්නේ. හොඳම දේ, එහෙම හිතුනම. "මම දන්නවා මම දුප්පත් කියලා, හැබැයි ඒක වෙනස් වෙනවා" කියල හිතන එක. ඒ මම දුප්පත් කියන සිතුවිල්ල එක්ක "නෑ නෑ එහෙම නෑ මම දුප්පත් නෑ" කියල රවට්ටගන්න එක මෝඩකමක්.