මේක බලපන් මිනිහෝ... ඔය බොරුව සරලව පැහැදිලිව පහදලා දෙනවා
මම ඕක බැලුවා, ඔකේ තියෙන logic ඕනෙම දේකට දාන්න පුළුවන්, උදාහරනෙකට ඌ කියනවා oprah වගේ ප්‍රසිද්ද loa පාවිච්චි කරපු අය ගැන එහෙම කතා කරනවා 1%ක් සාර්ථකයි, ඉතුරු 99% ගැන කතා කරන්නේ නෑ ඒක නිසා ඒ survivaship bias එකලු. මෝඩ කතාවක්නේ. දැන් ලංකාවේ සාර්ථක businessmenලා කියන්න කිව්වොත් අපි කියනවද හන්දියේ කඩේ ගුණදාස මුදලලාලි, හාර්ඩ්වෙයා එකේ සෝමේ. එහෙම කියන්නේ නෑනේ. අපි කියන්නෙත් ඉෂාර නානායක්කාර, ධම්මික පෙරේරා වගේ උන් ගැනනේ. ඒකෙන් කියනවද ටවුන් එකේ හාර්ඩ්වෙයා එකක් දාගෙන ඉන්න මිනිහා බිස්නස් වලින් අසාර්ථකයි කියලා? අපි 1%ක් ගැන කතා කරන එකෙන් කියන්නේ නෑ ඉතුරු 99%ම ෆේල් කියලා.
පලවෙනි දේ තමයි මචන් අපේ ජිවිතේ අපිට දැනට තියෙන දේවල් වලට ගරු කරපන්. නිකන් හිතපන් උදේ ඉඳන් රෑ වෙනකල් අපි දුවන්නේ අපිට නැති දේ පස්සේ. අපි මැරිලා නෑනේ බන් ජිවත් වෙන එකම මොන තරම් වාසනාවක්ද? අපි කැන්සර් හොස්පිටල් එකේ හරි, ලය රෝහලේ හරි නැතුව ගෙදර ඉඳන් කාලා බිලා ඉන්න එකටගරු කරපන්. අපේ අකවුන්ට් එකේ තියෙන රුපියලටත් ගරු කරපන්. නැතිදේ ගැන දුක්වෙන අපි තියෙනදෙවල් වලට ගරු කරන්න ගත්තම අපේ mind එක මාර විදියට වෙනස් වෙනවා. ඒක තමයි මම හිතන්නේ මූලිකම දේ.උඹ කොහොමද බන් ඕක practice කරන්නෙ?
------ Post added on Jan 26, 2021 at 2:35 PM

