ගෝඨා සහ දේශපාලනය

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    ලංකාවේ දේශපාලනය වුර්තියක් විදිහට ආරම්භ වෙන්නේ 1935 දී විතර.
    ලෙස්ලි ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂය කියල තමයි පටන්ගන්නේ.

    දේශපාලනය මුදල් හම්බකරන තත්වෙට එන්නේ 1977 ට පස්සේ තමයි.

    දැන් වර්තමානයේ සල්ලි ආයෝජනය කරලා පාර්ලිමේන්තුවට හෝ වෙන මන්ත්‍රී කමක් ගන්න තියෙන්නේ පුදුම තරඟයක්.

    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
    1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.

    2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.

    ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?

    මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.

    නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.

    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    ගහනවා පම්කක්.ගෝඨා මෛත්‍රීටත් වඩා අසාර්ථකයි.මගෙ ජීවිතේ දැකපු සාර්ථකම ජනාධිපති මහින්ද
    මහින්ද කියන්නේ දේශපාලන කප්පිත්තෙක් ඒ වුනත් දැන් පරණ වැඩියි නේ

    මම කියන්නේ එක නෙමේ, කොරෝන හින්ද තමයි වැඩිය දෙයක් පේන්නේ නැත්තේ.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,860
    3,237
    113
    Malabe
    ලංකාවේ දේශපාලනය වුර්තියක් විදිහට ආරම්භ වෙන්නේ 1935 දී විතර.
    ලෙස්ලි ගුණවර්ධන, ලංකා සම සමාජ පක්ෂය කියල තමයි පටන්ගන්නේ.

    දේශපාලනය මුදල් හම්බකරන තත්වෙට එන්නේ 1977 ට පස්සේ තමයි.

    දැන් වර්තමානයේ සල්ලි ආයෝජනය කරලා පාර්ලිමේන්තුවට හෝ වෙන මන්ත්‍රී කමක් ගන්න තියෙන්නේ පුදුම තරඟයක්.

    රජයේ ආයතනයක වැඩකළ පුද්ගලයෙක් වශයෙන් මුලින්ම ලංකාවේ ජනාධිපතිවරයෙක් වෙන්නේ ගෝඨාභය රාජපක්ෂ.
    ඔහු මුලින්ම හමුදා නිලධාරියෙක්.
    1972 වියවස්තා සංශෝධනයෙන් පසු, විධායක ජනාධිපතිවරයෙකු වෙන්නේ ජේ ආර්. නමුත් මේ සියල්ලෝම කෙලින්ම දේශපාලනයට එන්නේ වෙනත් වුර්තියවෙදින් ලෙස.

    2015 ට ප්‍රථම ආරක්ෂක ලේකම් ලෙස ගෝඨා හිටියේ. මිනිස්සු කොළඹ කරපු වැඩ හින්ද ඔහුව චන්දෙට ඉල්ලලා 2019 දී ජනාධිපති කරා.

    ඔහුගේ දැක්ම දේශපාලන දැක්මක් නොවේ. එය පැහැදිලි වෙන්නේ, ඔහු කිසිම දේශපාලන මතයකට ප්‍රති උත්තර දෙන්න ඉදිරිපත්වෙලා නැති නිසා ද?

    මුහුණු පොතේ දේශපාලන මඩ විවිධ අයුරින් ඔහුට පහර දෙනවා, මමත් එහෙම කරලා තියෙනවා මල උපරිමේට ආපු නිසා.

    නමුත් ඔහුගේ දැක්ම වෙනස් කියල තමයි ගොඩක් අය කියන්නේ.

    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    මම හිතන්නේ මේ කොරෝන අවුල තිබ්බේ නැත්නම් දැනටම ලොකු වෙනසක් පෙන්න තියෙනවා.

    ගොඩක් අය හිතයි කඩේ යනවා කියල නමුත් මැද ඉඳල බැලුවම පෙන්නේ ඔහු නිහඬව ගේමක් ගහනවා.
    Barapathala ganaye nadu thiyana, minimaru chodana thiyana, naduvalata muhunadennevath nathi kisima kenekta chandeyak illanna ayithiyak na. Eeta eha kiyanna anavashyai.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,945
    113
    මෙන්න මේක කරුණු ඇතුව පැහැදිලි කරපන්.
    ඇයි බං කරුණු ඇතිව පැහැදිලි වෙලානෙ දැන් තියෙන්නේ.දැන් ගෝඨාභය කරන්නේ කියන්නේ සාර්ථක ජනාධිපති කෙනෙක් කරන කියන දේවල්ද?කලින් ආණ්ඩුවෙ උන් කරපු වැරදි වැඩ ඊටත් වඩා වැඩියෙන් කරනවනෙ.
    පරිසරය විනාශ කරනවා
    ජාතික සම්පත් විකුණනවා
    යාලුවන්ට ගසා කන්න රටේ නීති වෙනස් කරනවා
    එහෙම කරලා මහ විශාල ගණන් විනාශ කරනවා
    සීනි වලින් එක සමාගමක් ගහපු ගැහිල්ල සමානයි මහ බැංකු වංචාවෙන් ගහපු ගැහිල්ලට.ඒකෙන් රටේම මිනිස්සුන්ට වැක්සින් එක දෙන්න තිබ්බා.
    නිකමට සෞභාග්‍යය දැක්ම පොත අරන් බලපන් ඒකෙ ගහල තියෙන බයිල වලින් සීයට එකක් කරල නෑ මේ වෙද්දි.හරි නම් සීයට විස්සක් කරල තියෙන්න ඕන.කොරෝන හින්ද අමාරු නම් සීයට දහයක් කරපන් ඒත් නෑ.ප්‍රාදේශීය සභා පලාත් සභා රාජ්‍ය නිලධාරීන් ඔක්කොම ඉද්දි ගම්වල ඇවිද ඇවිද කම්පියුටර් ෆොටෝකොපි මැෂින් බෙදන්න නෙවේ ජනාධිපති ඉන්නේ.ඒ ඔක්කොම ඉද්දි ජනාධිපතිටම ගමට යන්න වෙනව නම් ඒකෙනුත් කියන්නෙ එයාගෙ අසාර්ථක කම තමා.
    රටේ එකම ප්‍රශ්නෙකට වත් හරි උත්තර නෑ ගෝඨාභයට.
    අඩුම ගනන් අඩුවට කන්න දෙන්නවත් පුලුවන්ද?බෑනෙ
    මෛත්‍රීගෙ කාලෙ මෙහෙම රටේ තියෙන එක ප්‍රශ්නෙකට වත් උත්තර නැති උනේ නෑ පොරට.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,725
    12,752
    113
    ඔහු සැම සෙනසුරාදාම ගමක් තෝරාගෙන ගිහින්, රාජ්‍ය නිලධාරීන් එක්ක අඩුගානේ පාසලකට පිට්ටනියක්වත් හදනවා.
    ගමෙන් චන්දෙ ඉල්ලගෙන එන දේශපාලුවෝ ඕන එපාකම් හොයන්නේ නැති තැන උන්ට කියනවට වඩා තමන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව ඒ වැඩේ කරනවා.

    අපරාදෙ නේ ජනාධිපති උනේ

    මට නම් පෙන්නේ මේකත් කැලේ කපන්න ගහන ගෙමක්.

    කොලබින් ගිය ගොඩක් එවුන් තමය් ඔවයේ වවනව කියන්නෙ
    ගමේ උන් දන්නෙත් නල්ලු
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වංචා දූෂන කරන නිලධාරියො, දේශපාලකයො අපුල්ලලා අරන් රට හදයි කියන බලාපොරොත්තුවෙන් ගෝටට චන්දෙ දුන්නෙ.
    ඌ දැන් ප්‍රාදේශිය සභා මන්ත්‍රී කෙනෙක්ගෙ රාජකාරිය කරන්නෙ .
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    ඇයි බං කරුණු ඇතිව පැහැදිලි වෙලානෙ දැන් තියෙන්නේ.දැන් ගෝඨාභය කරන්නේ කියන්නේ සාර්ථක ජනාධිපති කෙනෙක් කරන කියන දේවල්ද?කලින් ආණ්ඩුවෙ උන් කරපු වැරදි වැඩ ඊටත් වඩා වැඩියෙන් කරනවනෙ.
    පරිසරය විනාශ කරනවා
    ජාතික සම්පත් විකුණනවා
    යාලුවන්ට ගසා කන්න රටේ නීති වෙනස් කරනවා
    එහෙම කරලා මහ විශාල ගණන් විනාශ කරනවා
    සීනි වලින් එක සමාගමක් ගහපු ගැහිල්ල සමානයි මහ බැංකු වංචාවෙන් ගහපු ගැහිල්ලට.ඒකෙන් රටේම මිනිස්සුන්ට වැක්සින් එක දෙන්න තිබ්බා.
    නිකමට සෞභාග්‍යය දැක්ම පොත අරන් බලපන් ඒකෙ ගහල තියෙන බයිල වලින් සීයට එකක් කරල නෑ මේ වෙද්දි.හරි නම් සීයට විස්සක් කරල තියෙන්න ඕන.කොරෝන හින්ද අමාරු නම් සීයට දහයක් කරපන් ඒත් නෑ.ප්‍රාදේශීය සභා පලාත් සභා රාජ්‍ය නිලධාරීන් ඔක්කොම ඉද්දි ගම්වල ඇවිද ඇවිද කම්පියුටර් ෆොටෝකොපි මැෂින් බෙදන්න නෙවේ ජනාධිපති ඉන්නේ.ඒ ඔක්කොම ඉද්දි ජනාධිපතිටම ගමට යන්න වෙනව නම් ඒකෙනුත් කියන්නෙ එයාගෙ අසාර්ථක කම තමා.
    රටේ එකම ප්‍රශ්නෙකට වත් හරි උත්තර නෑ ගෝඨාභයට.
    අඩුම ගනන් අඩුවට කන්න දෙන්නවත් පුලුවන්ද?බෑනෙ
    මෛත්‍රීගෙ කාලෙ මෙහෙම රටේ තියෙන එක ප්‍රශ්නෙකට වත් උත්තර නැති උනේ නෑ පොරට.
    මේකයි, රටේ ජනාධිපති ට්‍රම්ප් වුනත්, ජෝ බිඩෙන් වුනත් බරක් ඔබාමා වුනත් ලංකාවේ මිනිස්සු හැමදාම ගොබ්බයි.

    එකට හේතුවක් කියන්නම්.

    තමන්ගේ නිවස බලන්න, තමන් දියුණුවෙන්න තමන් උත්සහ කරන්න ඕන.
    ගෙදරට වෙලා අරය දෙයි මෙයා දෙයි කියල හිටියට වැඩක් නැහැ නේ.
    තමන්ගේ නිවස දියුණුවෙන්නේ තමන්ගේ මහන්සියෙන්.
    ලොකු ටීවී එකක්, සෝපාවක්, වගේ දේවල් එන්නේ තමන් හම්බකරගෙන මහන්සියෙන්.
    අන්න එකයි දියුණුව කියන්නේ.

    සිංගප්පුරුවේ හිටියත් වැඩක් නැහැ, තමන් ඉන්නේ අනුන් දෙන දේ බලාගෙන නම්.

    තමන්ගේ නිවස දියුණුවෙන්න ඕන ඔකොටෝම කලින්.

    මෙහෙම ඔක්කොම හිතුවොත් මිනිස්සු මහන්සිවෙලා හම්බකරන්න පුරුදු වෙනවා. සමුර්ධි ඕන නැහැ.
    මුහුද අද්දර ලෑලි ගෙයක් අටවාගෙන, ආණ්ඩුව කඩනකල් එතන ඉඳල ආණ්ඩුවට බැනල වැඩක් නැහැ.

    ගමෙන් පටන්ගන්නේ ගෝඨා අන්න එකයි.
    තමන්ගේ මන්ත්රිලා යන්නේ නැත්නම් තමන්ගේ ඉල්ලක්කේ ගන්න බැහැ, තමන් වැඩට බහින්නේ ඒ නිසා.

    අපේ ගෙදර ලැට් වල උතුරන්න වුනොත් කාවවත් හොයාගන්න බැරි වුනොත් මොකෝ කරන්න වෙන්නේ?
    ගේ අතහැරලා යනවද? තමන් මොකක් හරි කරලා වැඩේ කරගන්නවද?

    බලමු තව අවුරුදු 4ක් විතර තියෙනවා නේ.

    රටේ පක්ෂ තියෙනකල් කිසිම දියුණුවක් රටේ එන්නෙත් නැහැ.

    මොකද වැරද්දක් හොයාගෙන එතනින් ලකුණක් දාගන්න මාධ්‍ය ඉස්සරහ ගේම් ගහන්න තමයි ගොඩක් පක්ෂ දක්ෂ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පරිසරය විනාශ කරනවා
    ජාතික සම්පත් විකුණනවා
    යාලුවන්ට ගසා කන්න රටේ නීති වෙනස් කරනවා
    එහෙම කරලා මහ විශාල ගණන් විනාශ කරනවා
    සීනි වලින් එක සමාගමක් ගහපු ගැහිල්ල සමානයි මහ බැංකු වංචාවෙන් ගහපු ගැහිල්ලට.ඒකෙන් රටේම මිනිස්සුන්ට වැක්සින් එක දෙන්න තිබ්බා.
    මේවට ශාක්කි ඉදිරිපත් කරපන් බලන්ඩ..
     
    • Like
    Reactions: NiyamaSinhalaya

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් යන්නේ තනිකර බොරුව

    අනාථ වුනු සමහරක් දේශපාලුවෝ බලන්නේ බොරුවක් කරලා හරි උඩට එන්න
    :yes: :yes: :yes: අර 2015 කියපුවම ආයෙ උස්සගෙන ඇවිත් තියෙන්නෙ, කිසිම පදනමක් නැතුව කටට එන එන බෝරුව ලියන එකයි විපක්ශෙ මෝඩයො කරන්නෙ , උන් හිතාගෙන ඉන්නෙ රටේ උන් ආයෙ ඇදග්නි කියල ලොල්..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,945
    113
    මේකයි, රටේ ජනාධිපති ට්‍රම්ප් වුනත්, ජෝ බිඩෙන් වුනත් බරක් ඔබාමා වුනත් ලංකාවේ මිනිස්සු හැමදාම ගොබ්බයි.

    එකට හේතුවක් කියන්නම්.

    තමන්ගේ නිවස බලන්න, තමන් දියුණුවෙන්න තමන් උත්සහ කරන්න ඕන.
    ගෙදරට වෙලා අරය දෙයි මෙයා දෙයි කියල හිටියට වැඩක් නැහැ නේ.
    තමන්ගේ නිවස දියුණුවෙන්නේ තමන්ගේ මහන්සියෙන්.
    ලොකු ටීවී එකක්, සෝපාවක්, වගේ දේවල් එන්නේ තමන් හම්බකරගෙන මහන්සියෙන්.
    අන්න එකයි දියුණුව කියන්නේ.

    සිංගප්පුරුවේ හිටියත් වැඩක් නැහැ, තමන් ඉන්නේ අනුන් දෙන දේ බලාගෙන නම්.

    තමන්ගේ නිවස දියුණුවෙන්න ඕන ඔකොටෝම කලින්.

    මෙහෙම ඔක්කොම හිතුවොත් මිනිස්සු මහන්සිවෙලා හම්බකරන්න පුරුදු වෙනවා. සමුර්ධි ඕන නැහැ.
    මුහුද අද්දර ලෑලි ගෙයක් අටවාගෙන, ආණ්ඩුව කඩනකල් එතන ඉඳල ආණ්ඩුවට බැනල වැඩක් නැහැ.

    ගමෙන් පටන්ගන්නේ ගෝඨා අන්න එකයි.
    තමන්ගේ මන්ත්රිලා යන්නේ නැත්නම් තමන්ගේ ඉල්ලක්කේ ගන්න බැහැ, තමන් වැඩට බහින්නේ ඒ නිසා.

    අපේ ගෙදර ලැට් වල උතුරන්න වුනොත් කාවවත් හොයාගන්න බැරි වුනොත් මොකෝ කරන්න වෙන්නේ?
    ගේ අතහැරලා යනවද? තමන් මොකක් හරි කරලා වැඩේ කරගන්නවද?

    බලමු තව අවුරුදු 4ක් විතර තියෙනවා නේ.

    රටේ පක්ෂ තියෙනකල් කිසිම දියුණුවක් රටේ එන්නෙත් නැහැ.

    මොකද වැරද්දක් හොයාගෙන එතනින් ලකුණක් දාගන්න මාධ්‍ය ඉස්සරහ ගේම් ගහන්න තමයි ගොඩක් පක්ෂ දක්ෂ.
    එහෙම තනි තනියම දියුණු වෙන්න නම් රටකට රජයක් ඕනෙත් නෑනේ.මොකටද කෝටි ගණන් වියදම් කරලා ඡන්ද තියලා නායකයො ටිකකුයි රජයකුයි පත් කරගන්නේ.අනික නිකම් දෙන්නේ නෑ මොනවත්. හැමෝම බදු ගෙවනවා. තමුන්ගෙ රටේ මිනිස්සු බලාගන්න එක රජයේ වගකීම.මිනිස්සු හිඟන්නො නම් ඒකත් රජයෙ වැරැද්ද.ඔන්න මිනිස්සුයි පාලකයොයි දෙගොල්ලොම හිඟන්නො නම් හිතන්න පුලුවන් එහෙම නෑ කියලා.ඒත් පාලකයො ධන කුවේරයෝ.මිනිස්සු විතරයි දුප්පත්.ඉතින් හරි පැහැදිලි වැරැද්ද පාලකයින්ගෙ.උන් මිනිස්සු වෙනුවෙන් වැඩ කරන්න බලය අරන් මිනිස්සු අමතක කරලා.ඒක පරම්පරා තුනක් විතර එක දිගට වෙලා තමයි අද තියෙන තැනට ඇවිල්ල තියෙන්නේ.ඒකෙ වැරැද්ද මිනිස්සුන්ගේ නෙවෙයි.මිනිස්සු හැමදාම බදු ගෙව්වා කැපකිරීම් කරා.පාලකයො ඒ සල්ලි හරි විදියට වියදම් නොකර පිස්සු කෙලපු නිසා තමා අද
    මිනිස්සු හිඟන්නො වෙලා තියෙන්නේ.අනිත් එක ගමෙන් පටන් ගන්නවා කියලා ජනාධිපති කරන්න ඕන ගමට ගිහින් ආමි එක ලව්වා පිට්ටනියක් හදල දෙන එක නෙවෙයි.ගම සම්බන්ධ දේශපාලන අධිකාරිය,නිලධාරි පන්තිය සුද්ධ කරන එක.ඒක කාර්යක්ෂම කරන එක.අඩු පාඩු හදන එක. අන්න ඒකයි ජනාධිපතිගෙ වැඩේ.ඒකටයි එයාව පත් කරන්නේ.ගමේ විතරක් නෙවෙයි ඕනම පද්ධතියක් දිහා බලලා ඒකෙ අඩුපාඩු හදන්න නිවැරදි කරන්නයි ජනාධිපති පත් කරන්නේ.නැතුව ආ උඹලා ඕන එකක් කරගනිල්ලා මම ගිහින් ෆොටෝ කොපි මැෂිමක් දුන්නම් ඔක්කොම හරි කියල හිතන්න නෙවෙයි.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    කලින් සිරිසේන පඹය. දැන් නන්දරෙත් පඹය. නමට ජනාධිපති වෙලා ඉඳල බැරි හින්ද මොනවහරි කරනව කියල පෙන්නන්න ගමින් ගමට ගිහින් ගොං කතාවක් දෙකක් කියනව. එච්චරයි
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,747
    1
    8,945
    113
    මේවට ශාක්කි ඉදිරිපත් කරපන් බලන්ඩ..
    1.සිංහරාජෙ මැද්දෙන් පාරක් කැපුවා ඇවිල්ල මාස දෙකක් යන්න කලින්
    2.ජලගැලුම් නිම්නය කපනවා
    3.ලංකාවෙ ලොකුම අලි මංකඩ දහයියාගල කපන්න ගමෙත් නොවන පිටස්තරයන්ට අවසර දුන්නා තනමල්විල ගිහින්
    4.ඊයේ නිව්ස් වලට කීවා මුතුරාජවෙලත් වනසන්න සමාගමකට දෙන්න හදනවා කියලා.
    5.සීනි වලින් බිලියන දහයක් විල්මට අරන් දුන්නා ගැසට් රිවස් එකක් කරලා.
    6.පොල්තෙල් වලිනුත් ඒකම කරා.
    පහුගිය ටිකේ අයවැය විවාදයේ පරිසර අමාත්‍යාංශයෙයි වෙලඳ අමාත්‍යාංශයෙයි වැය ශීර්ෂ විවාද ඇහුව නම් ගනන් මිනුම් එක්කම සාක්ෂි අහගන්න පුලුවන්.හැන්සාඩ් එක කියෙව්වත් හරි.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    රටක ජනාධිපති කෙනෙක් කියන්නෙ micro management කරන කෙනෙක් නෙවේ. එයාගෙ යුතුකම මුළු රටම දියුනු කරන්න තීන්දු තීරන ගන්න එක. එහෙම නැතුව සතියෙන් සතිය ගම් ගානෙ ගිහිල්ලා පැයක් දෙකක් ඉදල බොරැ show දාන එක නෙවේ. Micro management කරන්න ඕනෙ ඒ ඒ පැති වල ඉන්න ප්‍රාදේශීය දේශපාලකයො.
    අනිත් එක තමය්, එක සැරයක් හරි මහජන/රජයේ මුදල් හොරකම් කරපු මිනිහෙක් ගෙන් රටක් හදන්න බලාපොරොත්තු වෙන එක මෝඩ වැඩක්.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Agreed.
    නමුත් මහින්ද වටේ හිටපු කම්බා හොරු රැල ගෝටා වටේ ඉන්නවා. ඒ වගේම කටු ලෙව කකා තමන් හම්බ කරගන්න පිරිසක් ඉන්නවා. මම දන්න දෙයක් මේ. රාජ්‍ය ආයතන බහුතරයකට හිතවත්තු පත් කරගෙන තියෙන්නේ. සුදුසුකම - පොහොට්ටුවේ වීම.
    ගෝටා සාර්ථකද නැද්ද කියන එක තව අවුරුදු කීපෙකින් තමා බලන්න වෙන්නේ.
     
    Last edited: