ආත්ම විශ්වාසය නැති එකට බෙහෙත්

rithik_putha

Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    ආත්ම විශ්වාසය නැති එක බෙහෙත් වලින් සුවයක් ගන්න පුලුවන් වෙයිද?

    හීනමානය කියන එකේ ලක්ෂණ තියෙනවා. පසුතැවීම දැනෙනවා ගොඩක්, මම හිතන්නේ ආත්ම විශ්වාසය නැති නිසා වෙන්න ඇති. ජීවිතය තේරුමක් නෑ වගේ.

    බෙහෙත් අරන් සුවයක් ගන්න පුලුවන් වෙයි ද
     
    HmNRazor

    Well-known member
  • ආත්ම විශ්වාසය නැති එක බෙහෙත් වලින් සුවයක් ගන්න පුලුවන් වෙයිද?

    හීනමානය කියන එකේ ලක්ෂණ තියෙනවා. පසුතැවීම දැනෙනවා ගොඩක්, මම හිතන්නේ ආත්ම විශ්වාසය නැති නිසා වෙන්න ඇති. ජීවිතය තේරුමක් නෑ වගේ.

    බෙහෙත් අරන් සුවයක් ගන්න පුලුවන් වෙයි ද
    පුංචි කාලේ මගේ කොන්ඩේ තිබුනා නිකන් "සායි බාබා" ගේ වගේ, තුන වසරේ ඉස්කෝලේ නිවාඩුවකට සම්පූර්ණ මගේ කොන්ඩේ තට්ටය ගාවලා අම්මාටයි තාත්තාටයි ආපු මොකද්දෝ ආතල් එකකට, එදා ඉඳන් අද වෙන තුරු මගේ කොන්ඩේ වැවෙන්නේ හිඩස් එක්ක, ඒ කියන්නේ ඒකාකාර විදියට දුරින් දුරින්. ඉතින් මගේ කොන්ඩේ වැවුනාම පට්ට කැතයි නිකන් 60 පැනපු නාකි අංකල් කෙනෙක් ගේ වගේ, අනික කොන්ඩේ පට්ට සිනිදු උනා, 8 වසරේදී වගේ අපේ නැන්ඳා බැදපු අංකල් කාරයා මාව දොස්තර කෙනෙක් ලඟට එක්ක ගියා. ඒ කරපු බෙහත් වලට මගේ පිටේ, උරහිසේ, බඩේ, මවිල් වැවෙන්න ගත්තා කොන්ඩේට කිසි වෙනසක් උනේ නෑ. ඕ-ලවෙල් ඒ-ලෙවල් කාලේ තමා කතාව පටන් ගන්නේ, ඔන්න ඉතින් මගේ පෙනුමට මට නම් වැටෙන්න ගත්තා, "උස අංකල්, ලොකුමාමා, වලස් මාමා" අඳුරන උන් අඳුරනේ නැති උන් ඔක්කොගේම පොදු බයිට මම වෙන්න පටන් ගත්තා, නිකන් ආතල් එකට කියපු කතා වෙන්න පුලුවන්, ඒ ඒ වෙලාවට හිනා වෙලා අමතක කරන්න කියපු කතා වෙන්න පුලුවන්, නමුත් එකම දේ පරණ ටේප් එක වගේ පටන් අරන් ඉවර වෙන්නේ මගේ කොන්ඩෙන්. "ආ අන්න අක්කරේට පොල් ගස් දහය එනවා" "ඒ ඒ මාමා වලස් මාමා" (ඉස්සර ගිය කාටුන් සිංදුවක්) ඔය වගේ කතා අහලා අහලාම පට්ටම දුකෙන් මම ඒ දවස් වල හිටියේ, ෆේස්බූක් එකේ ෆොටෝ වලට එහෙමත් ඔය වගේ එක එක කමෙන්ට් වැටෙනවා, මම ඉස්කෝලේ ගියේ කොළඹ 7 ඉස්කෝලේකට, ඒ කාලේ අමතර පන්ති ගියේ මායා avenue එකේ තිබුන "සිග්මා institute" එකට, අනන්තවත් මට අැහිලා තියනවා වෙන ඉස්කෝල වල කොල්ලෝ,කෙල්ලෝ පවා මට අපේ ඉස්කෝලේ උන් කියන නම් වලින් කතා කරනවා, කොල්ලො නම් වුලක් නෑ කියමු? කෙල්ලෝ බයිට් කරන්න ගත්තාම කොහොමද? (මගේ ජීවිතේ එක කතාවක් විතරයි මේක)

    තමන් ගේ ජීවිතේ තමන්ට ඔනි විදියට ජීවත් වෙයන්, අනිත් උන්ට හුකලා ගියත් ඒක උබට අදාල කර ගන්න එපා. මමත්වය පොඩ්ඩක් පුරුදු වෙයන්(ආත්මාර්ථ වෙනවා කියන්නේ), වගකීමෙන් කියනවා මම මේ ලෝකේ දියුණු උන ගොඩාක් චරිත මමත්වය පුරුදු කරපු අය. මුලින්ම තමන්ට පස්සේ අනිත් අයට. සරලම උදාහරණය අපේ බුදුහාමුදුරුවන් ගේ "බුද්ධ චරිතය" (බුදුහාමුදුරුවෝ ආත්මාර්ථ කියලා නෙමෙයි මම කියනේ) මුලින්ම තමන් බුදුබව ලඟා කරගෙන තමයි අනිත් අය ගැන බැලුවේ.

    එහෙන් මෙහෙන් අහපු ජන කතාවක් තියනවා. පවුලක් අශ්වයෙක් මිලට ගත්ත කතාව. එක පාරක් ගෑනීව අශ්වයාගේ පිටේ නග්ගලා මිනිහා පයින් යනවා;මිනිස්සු කියනවා මෝඩ මිනිහා පයින් යනවා කියලා, තවපාරක් මිනිහා අශ්වයාගේ පිටේ නැගලා ගෑනිව පයින් එක්ක යනවා; මිනිස්සු කියනවාමේ මිනිහා ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නෑ කියනවා, පස්සේ දෙන්නම අශ්වයාගේ පිටේ නැගලා යනවා: මිනිස්සු කියනවා මුන් දෙන්නා සත්ව හිංසනය කරනවා කියනවා, බැරිම තැන දෙන්නම බැහැලා අශ්වයාව නිකන් එක්කන් යනවා; මිනිස්සු කියනවා මුන් දෙන්නටම පිස්සු අශ්වයාගෙන් ප්‍රයෝජනයක් ගන්නේ නෑ කියනවා. මේ ලෝකේ මොනදේ කලත් කවුරු හරි මොනා හරි කියනවා තමයි. ඒක හැටියක්!

    මම නම් කියන්නේ පොඩ්ඩක් "ආත්මාර්ථකාමී" වෙලා බලපන්, "ආත්ම විශ්වාසය" කියන එක ඉබේම හැදෙනවා. වැඩිය නෙමේ පොඩ්ඩක් අෑ....... මොකද ඔක්කොම මැරෙන මිනිස්සු නේ? අනිත් උන් ගැනත් බලන්න ඔනි නේ ඉතින්, සරලව මම 70%ක් ආත්මාර්ථකාමී සහ 30% පරාර්ථකාමී එකෙක්.
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    මෙතන එක එකා කියන බයිල අහන්නේ නැතිව Psychiatrists Doc කෙනෙක් channel කරන්න ..
    අනිව male doc කෙනෙක් channel කරන්න .. ඔයාගේ ගොඩක් දේවල් වෙනස් වේවි.. 👌 :yes::yes:

    ඔය Psychiatrists Doc ගොඩක් අය පට්ට හොදයි , බය නැතිව ගිහින් කතාකරන්න. pm if need more details
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,772
    9,135
    113
    මෙතන එක එකා කියන බයිල අහන්නේ නැතිව Psychiatrists Doc කෙනෙක් channel කරන්න ..
    අනිව male doc කෙනෙක් channel කරන්න .. ඔයාගේ ගොඩක් දේවල් වෙනස් වේවි.. 👌 :yes::yes:

    ඔය Psychiatrists Doc ගොඩක් අය පට්ට හොදයි , බය නැතිව ගිහින් කතාකරන්න. pm if need more details
    ෆීමෙල් උන්ගෙ අවුල මොකක්ද? නෑ සිරාවට අහන්නෙ.
     
    • Like
    Reactions: rithik_putha

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,404
    113
    Colombo, Sri Lanka
    මචන් ඔය හොද විද්‍යවරයෙක් හම්බුවෙන්න. ඔයාගේ ප්‍රශ්නය කියල සාකච්චා කරලා ගොඩ එන්න බලන්න. මතක තියාගන්න එක පාරටම බෙහෙත් වලට යන්න එපා. බෙහෙත් වලට යන්න එපා කියන එක මගේ පව්ද්ගලික උපදෙසක් විතරයි. පස්සේ ඔයාටම පුළුවන් ඔය ප්‍රශ්න මගහැරගන්න ඔයාගෙම සිතුම්, හැසිරීම් වල සුළු වෙනස්කම් වලින්. අනිත් අය ඔයාගේ වැරදි අඩුපාඩු කියනකොට එව්වා ගැන ආයේ දෙපාරක් හිතලා බලන්න. එක පාරටම ඒ කියන දේ බාරගන්න එපා
     
    ගොඩක් ස්තුතියි අයියේ. මම පූළුවන් තරම් උත්සහ කරන්නම්. ඒත් සමහර නොහිතන තැන් වලදි මාව අවුල් වෙනවා.

    මෙතන එක එකා කියන බයිල අහන්නේ නැතිව Psychiatrists Doc කෙනෙක් channel කරන්න ..
    අනිව male doc කෙනෙක් channel කරන්න .. ඔයාගේ ගොඩක් දේවල් වෙනස් වේවි.. 👌 :yes::yes:

    ඔය Psychiatrists Doc ගොඩක් අය පට්ට හොදයි , බය නැතිව ගිහින් කතාකරන්න. pm if need more details
    මට පුලුවන් නම් හොද ඩොක්ට කෙනෙක් කියන්න පුලුවන් ද
    ------ Post added on Feb 28, 2021 at 6:51 PM

    1. porn බලනව නම් නවත්තන්න
    2. MARTIAL ART එකක් කරන්න (මේක ගොඩක් වැදගත්)

    මේ චැනල් එකේ videos මට ගොඩක් ප්‍රයෝජනවත් උනා.කැමතිනම් බලන්න
    Porn නම් බලන්නෙ නෑ මචන්. මට දැන් ජීවත් වෙන එකත් දුකක් වගේ එපා උන ගතියක් තියෙන්නේ. ස්තූතියි රිප්ලයි එකට
    ------ Post added on Feb 28, 2021 at 6:53 PM

    මචන් ඔය හොද විද්‍යවරයෙක් හම්බුවෙන්න. ඔයාගේ ප්‍රශ්නය කියල සාකච්චා කරලා ගොඩ එන්න බලන්න. මතක තියාගන්න එක පාරටම බෙහෙත් වලට යන්න එපා. බෙහෙත් වලට යන්න එපා කියන එක මගේ පව්ද්ගලික උපදෙසක් විතරයි. පස්සේ ඔයාටම පුළුවන් ඔය ප්‍රශ්න මගහැරගන්න ඔයාගෙම සිතුම්, හැසිරීම් වල සුළු වෙනස්කම් වලින්. අනිත් අය ඔයාගේ වැරදි අඩුපාඩු කියනකොට එව්වා ගැන ආයේ දෙපාරක් හිතලා බලන්න. එක පාරටම ඒ කියන දේ බාරගන්න එපා
    මම පුලුවන් තරම් උත්සහ කලා තනියම වෙනස් වෙන්න, ඒත් මට අමාරුයි. නොහිතන වෙලාවට වෙන දේවල් එක්ක මාව කඩන් වැටෙනවා. මට මම ගැනම ලැජ්ජයි වෙලාවකට. මට තාම රස්සාවක් නෑ. ලොකුවට හරියට ඉගෙනගන්න බැරි උනා. කාලකන්නි ජීවිතයක. මට මාවම එපා වෙලා. මගේ පවුල දුප්පත් නෑ. මටම දුකයි එයාල ගැන. මම මෙහෙම කාලකන්නි වෙලා තියෙන එක එයාලටත් ලැජ්ජාවක්
    ------ Post added on Feb 28, 2021 at 6:56 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    ආත්ම විශ්වාසය නැති එක බෙහෙත් වලින් සුවයක් ගන්න පුලුවන් වෙයිද?

    හීනමානය කියන එකේ ලක්ෂණ තියෙනවා. පසුතැවීම දැනෙනවා ගොඩක්, මම හිතන්නේ ආත්ම විශ්වාසය නැති නිසා වෙන්න ඇති. ජීවිතය තේරුමක් නෑ වගේ.

    බෙහෙත් අරන් සුවයක් ගන්න පුලුවන් වෙයි ද
    රිතික පුතේ. ගෙදරින් වෙන් වෙලා වෙනම බෝඩින් වෙලා ජීවිතේ පටන් ගනින්. මටත් දැන් හිතිල තියෙන්නෙ ගෙදරින් යන්න. මම නම් ගියොත් ගියාමයි. ආයෙ හැරිල බැලිලි නෑ.
     
    rithik_putha

    Well-known member
  • Aug 12, 2017
    165
    329
    63
    කොළොම් තොටේ
    රිතික පුතේ. ගෙදරින් වෙන් වෙලා වෙනම බෝඩින් වෙලා ජීවිතේ පටන් ගනින්. මටත් දැන් හිතිල තියෙන්නෙ ගෙදරින් යන්න. මම නම් ගියොත් ගියාමයි. ආයෙ හැරිල බැලිලි නෑ.
    ඔයාටත් ගෙදර නිසා ආත්මවිශ්වාසය නැති වෙලා වගේද අයියේ .
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,404
    113
    Colombo, Sri Lanka
    මම පුලුවන් තරම් උත්සහ කලා තනියම වෙනස් වෙන්න, ඒත් මට අමාරුයි. නොහිතන වෙලාවට වෙන දේවල් එක්ක මාව කඩන් වැටෙනවා. මට මම ගැනම ලැජ්ජයි වෙලාවකට. මට තාම රස්සාවක් නෑ. ලොකුවට හරියට ඉගෙනගන්න බැරි උනා. කාලකන්නි ජීවිතයක. මට මාවම එපා වෙලා. මගේ පවුල දුප්පත් නෑ. මටම දුකයි එයාල ගැන. මම මෙහෙම කාලකන්නි වෙලා තියෙන එක එයාලටත් ලැජ්ජාවක්
    ------ Post added on Feb 28, 2021 at 6:56 PM
    මචන් මෙතනම තියෙනවා ඔයාගේ ප්‍රශ්නයට හේතුවත්. ඔයා ඔයාවම කලින්ම පහත කරගෙන තියෙන්නේ. අනික හොදට ඉගෙන ගත්තා විතරක් කියලා කවුරුත් ජීවිතේ සම්පුර්ණයෙන්ම ජය අරගෙන නෑ. ඉගෙනගෙනත් අසාර්ථක ජීවිත ගෙවන අය ඕන තරම් ඉන්නවා. ඉගෙන ගන්න එක වැදගත් නෑ කියලා නෙවෙයි මම කියන්නේ. ඉගෙන ගත්තා කියලා ජීවිතේ ජයගන්නවා කියලා හරියටම කියන්න බෑ.
    ඔයා අනිත් අයත් එක්ක ඔයාව සංසන්දනය කරන එක නවත්තන්න. අනික අනික් අය ඔයා ගැන හිතන්නේ කොහොමද කියන එක කල්පනා නොකර ඉන්න. ඔයා ඔයා ගැන විශ්වාසයක් ඇතිකරගන්න. ඔයා වටිනා පුද්ගලයෙක් කියලා හිතට ගන්න. ඒ වටිනාකම වැඩිවෙන විදිහට වැඩ කරන්න.
    මට දැන් අරක නෑ මේක නෑ කියලා හිතන එක නවත්තන්න. මම මෙව්වා කොහොම හරි ලබා ගන්නවා කියලා අදිෂ්ටාන කරගන්න. මේකෙන් ඔයාට ගොඩයන්න පුළුවන් මේ විදිහෙන් තමයි. නැතුව තව තව එක එක්කෙනා හිතන එක ගැන ඔයා දුක්වෙනේ එකෙන් නෙවෙයි.
    ඔබට සතුට සාමය ලැබේවා .....!!
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ආත්ම විශ්වාසය නැති එක බෙහෙත් වලින් සුවයක් ගන්න පුලුවන් වෙයිද?

    හීනමානය කියන එකේ ලක්ෂණ තියෙනවා. පසුතැවීම දැනෙනවා ගොඩක්, මම හිතන්නේ ආත්ම විශ්වාසය නැති නිසා වෙන්න ඇති. ජීවිතය තේරුමක් නෑ වගේ.

    බෙහෙත් අරන් සුවයක් ගන්න පුලුවන් වෙයි ද
    Nawaloke Hospital ekata gihilla, Psychologist kenek gen CBT Therapy ganna. (cognitive behavioral Therapy)

    bari unithin witharak psycatrist beheth ganna.. beheth wala side effects godak wadi.

    beheth nithawama 2nd option.

    - mama pera psychology student kenek