පුංචි කාලේ මගේ කොන්ඩේ තිබුනා නිකන් "සායි බාබා" ගේ වගේ, තුන වසරේ ඉස්කෝලේ නිවාඩුවකට සම්පූර්ණ මගේ කොන්ඩේ තට්ටය ගාවලා අම්මාටයි තාත්තාටයි ආපු මොකද්දෝ ආතල් එකකට, එදා ඉඳන් අද වෙන තුරු මගේ කොන්ඩේ වැවෙන්නේ හිඩස් එක්ක, ඒ කියන්නේ ඒකාකාර විදියට දුරින් දුරින්. ඉතින් මගේ කොන්ඩේ වැවුනාම පට්ට කැතයි නිකන් 60 පැනපු නාකි අංකල් කෙනෙක් ගේ වගේ, අනික කොන්ඩේ පට්ට සිනිදු උනා, 8 වසරේදී වගේ අපේ නැන්ඳා බැදපු අංකල් කාරයා මාව දොස්තර කෙනෙක් ලඟට එක්ක ගියා. ඒ කරපු බෙහත් වලට මගේ පිටේ, උරහිසේ, බඩේ, මවිල් වැවෙන්න ගත්තා කොන්ඩේට කිසි වෙනසක් උනේ නෑ. ඕ-ලවෙල් ඒ-ලෙවල් කාලේ තමා කතාව පටන් ගන්නේ, ඔන්න ඉතින් මගේ පෙනුමට මට නම් වැටෙන්න ගත්තා, "උස අංකල්, ලොකුමාමා, වලස් මාමා" අඳුරන උන් අඳුරනේ නැති උන් ඔක්කොගේම පොදු බයිට මම වෙන්න පටන් ගත්තා, නිකන් ආතල් එකට කියපු කතා වෙන්න පුලුවන්, ඒ ඒ වෙලාවට හිනා වෙලා අමතක කරන්න කියපු කතා වෙන්න පුලුවන්, නමුත් එකම දේ පරණ ටේප් එක වගේ පටන් අරන් ඉවර වෙන්නේ මගේ කොන්ඩෙන්. "ආ අන්න අක්කරේට පොල් ගස් දහය එනවා" "ඒ ඒ මාමා වලස් මාමා" (ඉස්සර ගිය කාටුන් සිංදුවක්) ඔය වගේ කතා අහලා අහලාම පට්ටම දුකෙන් මම ඒ දවස් වල හිටියේ, ෆේස්බූක් එකේ ෆොටෝ වලට එහෙමත් ඔය වගේ එක එක කමෙන්ට් වැටෙනවා, මම ඉස්කෝලේ ගියේ කොළඹ 7 ඉස්කෝලේකට, ඒ කාලේ අමතර පන්ති ගියේ මායා avenue එකේ තිබුන "සිග්මා institute" එකට, අනන්තවත් මට අැහිලා තියනවා වෙන ඉස්කෝල වල කොල්ලෝ,කෙල්ලෝ පවා මට අපේ ඉස්කෝලේ උන් කියන නම් වලින් කතා කරනවා, කොල්ලො නම් වුලක් නෑ කියමු? කෙල්ලෝ බයිට් කරන්න ගත්තාම කොහොමද? (මගේ ජීවිතේ එක කතාවක් විතරයි මේක)
තමන් ගේ ජීවිතේ තමන්ට ඔනි විදියට ජීවත් වෙයන්, අනිත් උන්ට හුකලා ගියත් ඒක උබට අදාල කර ගන්න එපා. මමත්වය පොඩ්ඩක් පුරුදු වෙයන්(ආත්මාර්ථ වෙනවා කියන්නේ), වගකීමෙන් කියනවා මම මේ ලෝකේ දියුණු උන ගොඩාක් චරිත මමත්වය පුරුදු කරපු අය. මුලින්ම තමන්ට පස්සේ අනිත් අයට. සරලම උදාහරණය අපේ බුදුහාමුදුරුවන් ගේ "බුද්ධ චරිතය" (බුදුහාමුදුරුවෝ ආත්මාර්ථ කියලා නෙමෙයි මම කියනේ) මුලින්ම තමන් බුදුබව ලඟා කරගෙන තමයි අනිත් අය ගැන බැලුවේ.
එහෙන් මෙහෙන් අහපු ජන කතාවක් තියනවා. පවුලක් අශ්වයෙක් මිලට ගත්ත කතාව. එක පාරක් ගෑනීව අශ්වයාගේ පිටේ නග්ගලා මිනිහා පයින් යනවා;මිනිස්සු කියනවා මෝඩ මිනිහා පයින් යනවා කියලා, තවපාරක් මිනිහා අශ්වයාගේ පිටේ නැගලා ගෑනිව පයින් එක්ක යනවා; මිනිස්සු කියනවාමේ මිනිහා ගෑනුන්ට ගරු කරන්න දන්නෙ නෑ කියනවා, පස්සේ දෙන්නම අශ්වයාගේ පිටේ නැගලා යනවා: මිනිස්සු කියනවා මුන් දෙන්නා සත්ව හිංසනය කරනවා කියනවා, බැරිම තැන දෙන්නම බැහැලා අශ්වයාව නිකන් එක්කන් යනවා; මිනිස්සු කියනවා මුන් දෙන්නටම පිස්සු අශ්වයාගෙන් ප්රයෝජනයක් ගන්නේ නෑ කියනවා. මේ ලෝකේ මොනදේ කලත් කවුරු හරි මොනා හරි කියනවා තමයි. ඒක හැටියක්!
මම නම් කියන්නේ පොඩ්ඩක් "ආත්මාර්ථකාමී" වෙලා බලපන්, "ආත්ම විශ්වාසය" කියන එක ඉබේම හැදෙනවා. වැඩිය නෙමේ පොඩ්ඩක් අෑ....... මොකද ඔක්කොම මැරෙන මිනිස්සු නේ? අනිත් උන් ගැනත් බලන්න ඔනි නේ ඉතින්, සරලව මම 70%ක් ආත්මාර්ථකාමී සහ 30% පරාර්ථකාමී එකෙක්.